Author: LANKA24X7

නයිජීරියාවේ නයිජර් ඩෙල්ටාවෙන් බොරතෙල් නීතිවිරෝධීව ලබාගැනීමට පැමිණි බවට “හෙරොයික් ඉදුන්” නම් නෞකාවේ සේවය කළ ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙකු ඇතුළු 27 දෙනෙක් එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර එරට අධිකරණයක් නියෝග කර ඇත්තේ එම 27 දෙනා ලබන ජනවාරි මස 10 වනදා දක්වා නයිජීරියානු නාවික හමුදා රැකවල් යටතේ රඳවාතැබීමටය. එම සැකකරුවන් අතර සිටින ඉන්දීය සහ පෝලන්ත ජාතිකයින් ගැන සොයා බැලීමට අදාළ රටවල තානාපති අංශ වලින් අවසර ඉල්ලා ඇති බව නයිජීරියාවේ මාධ්‍ය වාර්තා කළේය.

Read More

කෙටි සංචාරයක් සඳහා දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමපෝසා මහතා දිවයිනට පැමිණ තිබේ. ඉන්දුනීසියාවේ පැවති G20 සමුළුවට සහභාගී වී නැවත සියරට බලා යන අතරතුරදී ඒ මහතා මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ ඇත. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දකුණු අප්‍රිකා ජනාධිපතිවරයා අතර අදහස් හුවමාරුවක් ද සිදුව තිබේ.

Read More

සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි නොමැති කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ මිහිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණිවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

අද දින මහජන උපයෝගිතා කොමිසම සමඟ සාකච්ඡාවක් පැවැත්වූ මහජන සභාවේ සභාපති පූජනීය ඕමල්පේ සෝභිත නාහිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වන ලදී. මෙවර අය වැය පෙර මෙම ආණ්ඩුව වැඩි කරන්න ඕනැ හැම දෙයක්ම වැඩි කරන ලදි. එහි එක ප්‍රතිපලක් වශයෙන් සියලුම ආගමික ස්ථානවලට සියය 550 කින් වැඩි කරන ලදි. ඒ අනුව ආගමික ස්ථානවලට විදුලි බිල රුපියල් 5000ක් වැනි මුදල, මෙම වැඩි කිරිමත් සමග එය රුපියල් 250000 දක්වා වැඩි විය. මේ සමබන්ධයෙන් මහජන සභාව විදියට ගරු ජනාධිපති තුමා. විදුලි බල අමාත්‍යවරයා දැනුවත් කිරිමෙන් පසුව මහජන උපයෝගිතා කොමිසම් සභාව හමු විය. එතුමා මේ පිළිබද සහනු කම්පිකව බලා ඒකකයට 32…

Read More

මේ වනවිට රැඳවුම් නියෝග යටතේ රඳවා සිටින වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කොමිපඤ්ඤවීදිය පොලීසිය කළ ඉල්ලීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (16) අවසර ලබාදුන්නේය. 2022 අගෝස්තු මස 19 වනදා පැවති උද්ඝෝෂණයේදී අධිකරණ නියෝග නොතකා කටයුතු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ලෙස ඔවුන් නම්කිරීමට අවසර ඉල්ලා සිටි පොලීසිය ඔවුන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය. කැලණිය විශ්ව විද්‍යාලයේ සිට කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණි උද්ඝෝෂණ පාගමනේ සැකකරුවන් 16 දෙනෙක් ඇප මත මුදාහැර සිටී. තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ඔවුන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලබාගැනීමට මෙහිදී පොලීසිය අවසර ඉල්ලා සිටියේය.

Read More

මූල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින තිළිණි ප්‍රියමාලි ඇතුළු සිව්දෙනෙකු යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකිරීමට අධිකරණය අද නියෝග කළේය. ඒ අනුව අධිකරණය නියෝග කළේ එම සැකකරුවන් නොවැම්බර් මස 30 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකරන ලෙසටය. තිළිණි ප්‍රියමාලි, ජානකී සිරිවර්ධන, පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි සහ ඉසුරු බණ්ඩාර නමැති සැකකරුවන් මෙලෙස බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇත.

Read More

කොළඹ ප්‍රසිද්ධ පාසලක 06 වසරේ ඉගෙනුම ලබන 11 හැවිරිදි සිසුවකුට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ගුරුවරයෙකු ඇපමත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. බම්බලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය හමුවට පමුණුවන ලැබුවා. සැකකාර ගුරුවරයා විසින් සිදුකළ අමානුෂික පහරදීම හේතුවෙන් තම දරුවා වමනය කිරීමට පටන් ගත් බවත් ඉන් අනතුරුව රෝහල් ගත කර නේවාසිකව ප්‍රතිකාර ගත් බවත් එම දරුවාගේ දෙමව්පියන් විසින් පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් කර තිබුණා. එම පහරදීම් හේතුවෙන් දරුවාට අභ්‍යන්තර තුවාල සිදුවී ඇති බවට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර ඇතැයි ද දරුවාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ…

Read More

නවගත්තේගම, කිරිමැටියාව ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටියදී අකුණු සැර වැදී බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී තිබේ. එසේ මියගොස් ඇත්තේ, නවගත්තේගම, කිරිමැටියාව ප්‍රදේශයේම පදිංචි ජේ. එම්. සුමිත්‍රා අතපත්තු නමැති 38 හැවිරිදි කාන්තාවකි. නවගත්තේගම පොලිස් වසමේ කිරිමැටියාව ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකුට පසුගිය 13වනදා අකුණු සැර වැදී තිබුණි. ඉන් එක් පුද්ගලයෙකු ගල්ගමුව රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්විය. එසේ ජීවිත්කෂයට පත්වී තිබුණේ මෙම කාන්තාවගේ ස්වාමිපුරුෂයා වන වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හලාවත ඒකකයේ සේවය කළ කිරිමාටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි ඩබ්. එම් සුජිත් කුමාර නමැති එක්දරු පියෙකි. පසුගිය 13 වනදා සවස් කාලයේ කුඹුරේ බිම් සකස් කරමින් සිටිය දී…

Read More

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් දඩ පොත උදුරාගෙන ඉරා දැමු විදෙස් ජාතිකයෙකු කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. . මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙරට ජාත්‍යන්තර පාසළක ඉංග්‍රීසි භාෂාව උගන්වනු ලබන 40 හැවිරිදි චීන ජාතිකයෙකු බවයි වාර්තා වෙන්නේ. එම චීන ජාතිකයා තමාට අයත් මෝටර් රථයකින් මංතීරු නීති කඩමින් රියපැදවූ බවට රථවාහන අංශයේ ආරක්ෂක කැමරා පාලන ඒකකය වෙත නිරීක්ෂණය වී ඇති අතර පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් විසින් වහනය නවත්වා සැකකරුගෙන් රියැදුරු බලපත්‍රය ඉල්ලා තිබෙනවා. එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් දඩ පොත උදුරාගෙන එය ඉරා දමා ඇති අතර එම අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

Read More

සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීමේ විශේෂ නියමු වැඩසටහනක් අද (16) ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා විය. ඒ, පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීම වෙනුවෙනි. ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය වසර 40ක පමණ සිට කරන ලද එම ඉල්ලීමට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි විය. මෙම නියමු වැඩසටහනේ ප්‍රගතිය අනුව ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනයේ සාමාජිකත්වය දරන දිවයින පුරා සිටින ලක්ෂ 3කට ආසන්න පිරිසට ඉදිරියේ දී රියදුරු බලපත්‍ර ලබාගැනීමේ හැකියාව හිමි වනු ඇති.

Read More