Author: LANKA24X7

කල්කුඩා පොලිස් වසමේ පාසිකුඩා මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු රළ පහරකට හසු වී අතුරුදන් වී ඇති බවට කල්කුඩා පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. මෙලෙස අතුරුදන් වූ පුද්ගලයා වයස අවුරුදු 39 ක් වූ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ. පොලිස් ජිවිතාරක්ෂක නිලධාරීන්, නාවික හමුදා ජීවිතාරක්ෂක නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ මෙහෙයුම්වල නිරතව සිටී. කල්කුඩා පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

මාදම්පිටිය, මිහිජය සෙවණ ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01කට අධික තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මාදම්පිටිය පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි මිලිග්‍රෑම් 310ක් සමග එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය. සැකකරු 28 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

මහනුවර, පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් කඳු කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තිබේ. සිව්දෙනෙකු මේ වනවිට රෝහල් ගත කර ඇත. ගනේතැන්න ප්‍රදේශයේ නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය අසල පිහිටි වෙළඳසැලක් මතට අද (22) උදෑසන මෙම පස් කඳු කඩා වැටීම සිදුව තිබුණි. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා වී තිබේ. මෙම අනතුරින් එම වෙළඳසැලෙහි සිටි කිහිප දෙනෙකු සුන්බුන් තුළ සිරවී සිටින බවට වාර්තා වෙයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඔවුන් මුදා ගැනීම සඳහා මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර ඇති බවය. සුන් බුන් අතර සිරවී සිටි පුද්ගලයින් තිදෙනෙකු මුදාගෙන මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ…

Read More

නුගේගොඩ දී අද(21) පැවැත්වෙන මහජන රැළියේදී අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට බාධාවක් ඇති නොවන ලෙසට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරන්නැයි පොලිසිය අදාළ සංවිධායකයින්ට දැනුම් දී තිබෙනවා.. නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ දී පැවැත්වීමට නියමිත මහජන රැළියක් සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම සඳහා පොලිසියෙන් අවසර ඉල්ලා තිබෙනවා. අද(21) පෙරවරු 8.30 සිට උදෑසන 10.40 දක්වාත් / පස්වරු 2.00 සිට පස්වරු 5.00 දක්වාත් අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් එහිදී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයේ දී පවතින නීතිවලට අනුව කටයුතු කරන ලෙසයි පොලිසිය දැනුම් දෙන්නේ. එමෙන්ම සිසුන්ට බාධාවකින් තොරව විභාග මධ්‍යස්ථානවලට පැමිණීමට මෙන්ම විභාග කටයුතු අවසන් වීමෙන් පසු යළි පිටවයාමට…

Read More

දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීමේ මෙහෙයුම් අඛණ්ඩවම ක්‍රියාත්මකයි. ඊයේ(19) දිනයේ පමණක් සිදුකළ මත්ද්‍රව්‍ය මෙහෙයුම්වලින් 1065 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ දිනය තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් 1087ක් සිදුකර තිබෙනවා. එහිදී හෙරොයින් ග්‍රෑම් 404ක් සහ අයිස් ග්‍රෑම් 872ක් සිය භාරයට ගත් බවයි පොලිසිය පවසන්නේ. ඊයේ දිනයේ දී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 1065 දෙනාගෙන් 28 දෙනෙකු රදවාගෙන ප්‍රශ්න කිරීමට රැදවුම් නියෝග ලබාගෙන තිබෙනවා. පුනරුත්ථාපනයට යොමුකළ සංඛ්යානව 34ක්. මේ අතර පොලිස් විශේෂ මෙහෙයුම යටතේ ඊයේ දිනයේ දී පුද්ගලයින් 31,557 දෙනෙකු පරීක්ෂා කර තිබෙනවා. සැකපිට අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 692ක්. අපරාධ සම්බන්ධයෙන් 17 දෙදෙනෙකු සෘජුව හදුනාගෙන තිබෙනවා. වරෙන්තුකරුවන් 311 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 156…

Read More

කොටහේන ප්‍රදේශයේ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය නොවැම්බර් මස 7 වන දින කොටහේන පොලිස් වසමේදී කාර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් ගිනිඅවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමයි මොහුට එරෙහි චෝදනාව. කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත ඊයේ (19) හසලක, කොලොන්ගොඩ ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී වෙඩික්කරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී වෙඩික්කරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 300ක් සොයා ගෙන ඇති අතර, මොහු වයස අවුරුදු 39ක් වන කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ 2009 වසරේ දී නීති විද්‍යාලයට ඇතුලත් වුවද ඔහු ඒ සඳහා සුදුසුකම් සපුරා නොමැති බව සහ නීති විද්‍යාලයයේ ඔහුගේ ලිපි ගොනුවේ ඔහුගේ උපාදි සහතිකය නොමැති බවට අනාවරණය වී ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරනවා . ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (19) පර්ලිමේන්තුවෙදී අදහස් දක්වමින් . නාමල් රාජපක්ෂ මහතා නීති විද්‍යාලයට ඇතුලත් වීමේ ක්‍රියාවලිය සැක සහිත බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ . එමෙන්ම 2006 සිට 2009 දක්වා ලන්ඩනයේ city විශ්වවිද්‍යාලයෙන් ඉගෙනුම ලබා උපාධිය සම්පුර්ණ කර ඇති පදනම මත 2009 වසරේ දී ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුලත් වී තිබෙනවා. නාමල්…

Read More

බගවන්තලාව මහඑළිය රක්ෂිතයට ඊයේ (18) දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂෘවත් සමග කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔය පිටාර ගැලීමෙන් බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් රැසක් ජලයෙන් යට වී ඇති බව අප වාර්තාකරු පවසනවා. පහත් බිම් රැසක් ජලයෙන් යට වීම නිසා බගවන්තලාව ප්‍රදේශයේ වතු යායන් ගණනාවකට පිවිසීමට තිබූ මාර්ග රැසක්ද ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර, මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාව සහ තද සුළං තත්වය හේතුවෙන් නල්ලතන්නිය මරේ වතුයායේ සිට නල්ලතන්නිය දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් මතටඊයේ (18) දින පස්වරු 5:00ට පමණ ගසක් කඩා වැටීමෙන් එමත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදු වී…

Read More

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් රියදුරු (විවෘත) තනතුරු 36 සඳහා පත්වීම් ලිපි ප්‍රදානය ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්නගේ සහ තැපැල්පති රුවන් සත්කුමාරගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා. ප්‍රාථමික ශිල්පීය නිලධර ගණයේ III වන ශ්‍රේණියේ තැපැල් රියදුරු (විවෘත) තනතුරු 40 සම්පූර්ණ කිරීම සඳහා පසුගිය ජුනි මාසයේ නිකුත්කරන ලද ගැසට් පත්‍රයට අනුව අයදුම්පත් 1500කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවට ලැබී තිබුණු අතර එම අයදුම්කරුවන් ප්‍රායෝගික පරීක්ෂණයකට සහ සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයකට යොමු කර ඊට අඳාළ සුදුසුකම් නිසි අයුරින් සම්පූර්ණ කල 36 දෙනෙකු සඳහා මෙම පත්වීම් ලිපි ලබා දීම සිදු වුණා. මෙම නවක තැපැල් රියදුරන්ට ඊයේ (18) සිට…

Read More

රන්මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය සැලසුම් කිරීම, ගොඩනැගීම, මූල්‍යනය, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම (DBFOM) ආකෘතිය යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා 2024-07-22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා. එමෙන්ම, රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචනය සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතිත්වයෙන් යුතු නිලධාරි කමිටුව විසින් ද එම සිනමා උද්‍යානයේ උපයෝගිතාව වැඩි කිරීම සහ ආදායම ඉහළ නැංවීම සඳහා සුදුසු වාණිජමය ආකෘතියකට අනුගතව එය ක්‍රියාත්මක කිරීම සඳහා දේශීය හා විදේශීය ආයෝජකයන්ගෙන් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවන ලෙස නිර්දේශ කර තිබෙනවා. ඒ අනුව, රන්මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය වසර 30ක කාලයක් සඳහා සැලසුම් කිරීම, ගොඩනැගීම, මූල්‍යනය, ක්‍රියාත්මක කිරීම…

Read More