Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පාන් ඇතුලු බේකරි නිෂ්පාදන, සිමෙන්ති සහ කිරිපිටි මිල තීරණය කිරීම සඳහා ඉදිරියේ දී පාරිභෝගික අධිකාරියට මැදිහත්වීමට සිදුවනු ඇතැයි එහි සභාපති නීතීඥ ශාන්ත නිරිඇල්ල පවසනවා. කර්මාන්තකරුවන් මේ අවස්ථාවේ ඒවායේ මිල අඩු නොකිරීම ඊට හේතුව බවයි හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු කියා සිටියේ. එසේම රසායනාගාර පරීක්ෂණ සහ ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ අලෙවි කිරීම දිරිමත් කිරීමට ඉදිරියේ දී නව රෙගුලාසි හඳුන්වාදෙන බවද පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා කියා සිටියා.
12 වන ජාත්‍යන්තර T-20 අර්ධ ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් සමත් වී තිබෙනවා. ඒ, මේ වන විට පැවැත්වෙන තුන්වන T-20 තරගයේ දීයි. පන්දු 37ක් තුළ රැස් කළ මෙම අර්ධ ශතකයට හයේ පහර 4ක් සහ හතරේ පහර 4ක් ඇතුළත්.
“අපේ රට බංකොළොත් කළ හොරාකාපු දුෂිත මේ ආණ්ඩුවට සමගි ජන බලවේගයේ කිසිම මන්ත්‍රිවරයෙක් යන්නේ නෑ, යන්න අනුමැතියත් අවසරයත් මම දෙන්නේ නෑ.ර ජය කරන හොද වැඩ අපි විවේචනය කරන්නේ නෑ. අද ආණ්ඩුවේ ඉන්න මහින්දානන්ද ඇතුළු හිටපු ඇමතිවරුන්ට මේ ආණ්ඩුවේ ඇමතිකම් නොළබීම ගැන මම දකින්නේ දිට්ඨදම්ම කර්මය පටිසන් දුන්නා කියලයි.දැන් ජන්දයක් තියලා ජනතාවට කැමති රජයක් පත්කරගන්න ඉඩ දෙන්න” යැයි සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බංඩාර මහතා මාධ්‍ය හමුවක් පවත්වා බිබිලේදි පැවැත්විය, බිබිල මැදගම පිහිටි රංජිත් මද්දුම බංඩාර මහතාගේ නිවසේදි මාධ්‍ය හමුවක් පවත්වමින් ලේකම්වරයා එසේ පැවසීය එහිදි තවදුරටත් අදහස් දැක්වු රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙසේද පැවසීය. “අද ආණ්ඩුවට බාලගිරි දෝෂය වගේ…
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ බීමත්ව රිය පදවන්නන් නීතියේ රැහැනට කොටුකරගැනීමට රට පුරා පොලිස් ස්ථානවලට බීමත් රියදුරන් පරීක්‍ෂා කිරීමේ පරීක්‍ෂණ කට්ටල 170,000 කට ආසන්න සංඛ්‍යාවක් බෙදීම ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය පවසයි. එම පරීක්‍ෂණ කට්ටල 70,000 කට අධික ප්‍රමානයක් මේ වන විටත් පොලිස් ස්ථානවලට ලැබී ඇති බවත් ඉදිරි ප්‍රමාණය ඉදිරි දින දෙකේදී පොලිස් ස්ථානවලට යොමු කරන බවත් පොලිස් මූලස්ථානය වැඩි දුරටත් කියයි.
රාජ්‍ය සේවක වැටුප ලබන සඳුදා ලබා දීමට තීරණය කර තිබෙනවා. රජයේ ආරංචි මාර්ග පැවසුවේ විශ්‍රාම වැටුප සහ සමෘද්ධි දීමනාද එදිනම ලබා දෙන බවයි. ආසන්න කාලයකදී මාර්තු සහ අප්‍රේල් යන මාස දෙකේම වැටුප් සහ දීමනා ගෙවීම ගැටලුවක්ව තිබූ බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මීට පෙර ප්‍රකාශ කළේ. මේ අතර 2023 පළාත් පාලන මැතිවරණය සදහා නාම යෝජනා භාරදුන් රාජ්‍ය නිලධාරීන් සදහා වැටුප් ගෙවීමට අදාළ චක්‍රලේඛය ඊයේ නිකුත් කළා. පසුගිය තුන්වනදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ඊට අනුමැතිය හිමි වුනා. ඒ අනුව මාර්තු 09 සිට අප්‍රේල් 25 දක්වා එම නිලධාරීන්ට හිමි මූලික වැටුප ලබාදෙනු ඇති.
ටයිම් සඟරාවේ 2023 වසරේ ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනා අතර පෙරමුණ ගැනීමට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සමත්ව තිබෙනවා. මෙම බලගතුම පුද්ගලයින් තෝරා ඇත්තේ ටයිම් සඟරාවේ පාඨක ඡන්දයෙන්. ටයිම් සඟරාව සෑම වසරකම ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනා මෙලෙස නම් කරනු ලබනවා. ටයිම් සඟරාවේ පාඨකයන් මිලියන 1යි දශම 2කට වඩා වැඩි ප්‍රමාණයක් මේ සඳහා ඡන්දය ප්‍රකාශ කර තිබුණා. ඉන් සියයට හතරක ඡන්ද ප්‍රතිශතයක් හිමිව ඇත්තේ ෂාරුක් ඛාන්ටයි. පාඨක ඡන්ද වලින් සියයට තුනක ඡන්ද ප්‍රතිශතයක් ලබා දෙවන ස්ථානයට පත්ව ඇත්තේ නිදහස වෙනුවෙන් සටන් වදින ඉරාන ජාතික කාන්තාවක්. තුන්වෙනි සහ හතරවෙනි ස්ථානය දිනාගැනීමට හැරී කුමරු සහ මේගන් කුමරිය සමත්ව තිබෙනවා. 5වන ස්ථානය හිමිවුණේ…
සිය පෙරපාසල වෙත ගමන්කරමින් සිටි තරුණ පෙරපාසල් ගුරුවරියක්ව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි. පේරාදෙණිය, කොබ්බෑකඩුව, ගිනිහේන ප්‍රදේශයේ මාර්ගයකදී එම 25 හැවිරිදි ගුරුවරිය ඝාතනය කර ඇති බ පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය. අංජලී චාපා නමැති ඇය මුරුතලාව ප්‍රදේශයේ පදිංචිකාරියකි. වැඩිදුර තොරතුරු අනාවරණය වී ඇත්තේ ඇය එම පෙරපාසලේ සංවිධානය කර තිබූ අවුරුදු උත්සවයක් වෙත සහභාගී වීමට යමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවය. සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු හෙළිවී නොමැත. මෘත ශරීරය ඉලුක්තැන්න රෝහලේ තැන්පත් කර ඇති බව වාර්තා වෙයි.
උත්සව සමය වෙනුවෙන් මහජනතාවට අවහිරයක් නොවන ලෙස භාණ්ඩ අලෙවි කිරීම සඳහා පදික වෙළෙඳුන්ට අවස්ථාව ලබා දී තිබේ. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පදික වෙළෙඳ සංගම් නියෝජිතයින් සමග ඊයේ (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි. ඒ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ අතර එහිදී පදික වෙළෙඳුන් සඳහා විශේෂ හැඳුනුම්පතක් නිකුත් කිරීම සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමුව තිබේ. එහිදී ඔහු පවසා ඇත්තේ උත්සව සමයේදී ජනතාවට බාධාවක් නොවන අයුරින් පදික වෙළෙඳුන්ට තම වෙළෙඳාම් කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන බවය.
මිරිහාන ප්‍රදේශයේ ආපන ශාලාවක් මුවාවෙන් පවත්වාගෙන ගිය තැබෑරුමක් වැටලීමට පොලීසිය සමත්ව ඇත. පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් මෙම වැටලීම සිදුකර ඇත. එහිදී තැබෑරුම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එහි හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර වැටලීමේදී ඉහළ මිල ගණන්වල, විවිධ මත්පැන් බෝතල් 57 ක් බියර් ටින් 119 ක් මෙන්ම නීතිවිරෝධී මත්පැන් හා දුම්වැටි 620 ක තොගයක් පොලිස් භාරයට ගෙන ඇත. පොලීසිය පවසන්නේ එහිදී සොයාගෙන ඇති මත්පැන්වල වටිනාකම රුපියල් ලක්ෂ 10කට අධික බවය. මේ අතර නීතිවිරෝධී මත්පැන් කලවම් කර අලෙවි කරන ජාවාරමක් ද මෙම ස්ථානයේ සිදුව ඇති බවට එහි තිබූ මත්පැන් බෝතල්වලින් පැහැදිළි වූ බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ මහෙස්ත්‍රාත්…
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 3 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. එම භාණ්ඩ අඩු කළ මිලට අද (7) සිට ලංකා සතොස අළෙවිසැල්වලින් මිලදී ගත හැකි බව ද සතොස පවසයි. ලොකු ලූණු කිලෝවක් රුපියල් 22 කින්, පාන් පිටි කිලෝවක් රුපියල් 10 කින් සහ ටින් මාළු (ග්‍රෑම් 425) ටින් එකක් රුපියල් 30 කින් අඩු කළ බව ද සතොස කීය. ඒ අනුව ලොකු ලූණු කිලෝවක් රුපියල් 97 කට, පාන් පිටි කිලෝවක් රුපියල් 225 කට සහ ටින් මාළු (ග්‍රෑම් 425) ටින් එකක් රුපියල් 490 කට මිලදී ගත හැකි බව ද සතොස සදඟන් කරයි.