Author: LANKA24X7

ජපානයේ සාත්තු සේවක රැකියා, එංගලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල හෝටල් ක්ෂේත්‍රෙය් රැකියා අවස්ථා, යුරෝපානු රටවලට සාත්තු සේවක රැකියා අවස්ථා, සෞදි අරාබියේ ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් රැකියා අවස්ථා දැවැන්ත වශයෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විවෘත වී ඇති බවත්, මෙම රැකියා ඉල්ලුමට සරිලන පුහුණු ශ්‍රමිකයින් සපයාගැනීමට නොහැකිවී ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා. මෙම රැකියා අවස්ථා සම්පූර්ණ කරගැනීම සදහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයින් බිහි කරගත යුතු බවත්, විදේශ රැකියා ඉලක්ක කරගත් වෘත්තීය පුහුණුව ලබාදීම සදහා වෘත්තීය පුහුණු අධිකාරිය සමග ගිවිසුම් ගත වන බවත් අමාත්‍යවරයා පැවසුවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ වෘත්තීය පුහුණු අධිකාරිය අතර අද (18)…

Read More

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියමට සහ යෝජිත කාල රාමුවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊයේ ලැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (18) පැවසීය. ඒ අනුව මැයි මස අවසන් වන විට නව විදුලිබල පනත පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා කීවේය. ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධීකරණයට කාර්යාංශයක් පිහිටුවීමටත්, සවර්ධන නියෝජිත ආයතන වන ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ආදී ජාත්‍යන්තර ආයතනවල සහය එම ක්‍රියාවලියට සහ ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙලට ලබා ගැනීමටත්, මුල්‍ය සහ මානව සම්පත් විගණනයන් අවසන් කිරීමටත් සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ සම්පුර්ණ ක්‍රියාවලිය 2023 වර්ෂයේ ඔක්තෝබර් මස අවසන් වන විට සම්පුර්ණ කිරීමටත් අනුමැතිය ලැබුණු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

වෙන්නප්පුව ප්‍රදේශයේ නිවෙස්වලින් පළාගිය බාල වයස්කරුවන් තිදෙනා ගාල්ල ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ. වයස අවුරුදු 14ත් 15ත් වයස් කාණ්ඩවල පසුවන දරුවන් තිදෙනෙකු එසේ සිය නිවෙස්වලින් පළාගොස් සිටි බව පොලීසිය සඳහන් කළේය. සංගීත සංදර්ශනයක් නැරඹීමට ගොස් යළි නිවෙස් වෙත පැමිණි අවස්ථාවේදී එක් දරුවෙකුගේ මිත්තනිය විසින් ඔවුන්ට බැනවැදීමේ සිද්ධියක් මුල්කර ගනිමින් දරුවන් තිදෙනාම නිවෙස්වලින් පළාගොස් තිබූ බව වාර්තා වේ. මොවුන් තිදෙනා පසුගිය 14 වනදා නිවෙස්වලින් පළාගොස් ඇති අතර පසුව ගාල්ල ප්‍රදේශයේ රැඳී සිට ඇත. සිද්ධිය පිළිබඳව විමර්ශන ආරම්භ කළ වෙන්නප්පුව පොලිස් නිලධාරීන් ඊයේ මෙම සිසුන් තිදෙනා සොයාගෙන තිබේ. ඒ අනුව පොලිස් නිලධාරින් කණ්ඩායමක් ගාල්ලට ගොස් දරුවන් රැගෙන ඒමට නියමිත බව වාර්තා විය. අද දිනයේ…

Read More

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සිවින් අනුමත කළ විස්තීර්ණ අරමුදල් පහසුකමේ සැකසුමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත්කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. අද (18) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඒ බව පැවසීය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් 2023 මාර්තු 22 වනදා මාස 48ක කාලයක් සඳහා ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකමක් ශ්‍රී ලංකාව සඳහා අනුමත කළේය. එහි පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 333ක් අනතුරුව නිදහස් කෙරිණි. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය විසින් අදාළ මූල්‍ය පහසුකම සඳහා පොරොන්දු පත්‍රය ද නිකුත් කළේය. එම අරමුදල් පහසුකම සහ අනෙකුත් අදාළ ලේඛන ද 2023 මාර්තු 22…

Read More

දෙමළ ජාතික සන්ධානය හා තවත් ස්වේච්ඡා සංවිධාන කීපයක් විසින් අප්‍රේල් (25) වෙනිදා උතුරු නැගෙනහිර පළාත් වල පූර්ණ හර්තාලයක් පවත්වන ලෙස දැනුම් දී තිබෙනවා. යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයෙකු කියා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් උතුරු නැගෙනහිර පළාත් වල ඉඩම් අයිතිය වෙනත් පාර්ශ්ව වලට ලබා දීම, ආගමික ස්ථාන පිළිබදව ගැටලුව,පුරා විද්‍යා නටබුන් ලෙස සලකා දෙමළ ජාතිකයින්ගේ ඉඩම් කොල්ල කෑම යනාදී හේතූන් කීපයකට විරෝධය පල කිරීම සදහා මෙම හර්තාලය ක්‍රියාත්මක කරන බවයි. උතුරු නැගෙනහිර පළාත් වල පූර්ණ හර්තාලයක් දියත් වන දිනයේ දී සියලුම වෙළඳසැල් වසා දමන ලෙසත් ගමනාගමන කටයුතු පවත්වා ගෙන යාම අත්හිටුවන ලෙසත් ඉල්ලා ඇති සංවිධායකයෝ…

Read More

කොළඹ ගෝල්ෆේස්හි මින් ඉදිරියට සංගීත සංදර්ශන සහ දේශපාලන රැස්වීම් පැවැත්වීමට අවසර නොදීමට කැබිනට් මණ්ඩලය අද(18) තීරණය කළා. ආගමික උත්සව පැවැත්වීම සදහා පමණක් අවසර දෙන බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේ. මේ අනුව ජනතාවට නිදහසේ කාලය ගත කිරීම සදහා පමණක් ගෝල්ෆේස් බිම වෙන් කරන්නටයි රජය තීරණය කර ඇත්තේ

Read More

පාර්ලිමේන්තු කටයුත්තක් පිළිබඳව තමා කළ ප්‍රකාශය ගැන වැරැදි මතයක් අධිකරණය තුළත් සමස්ත සමාජය තුළත් ඇති කිරීමට උත්සාහ දරමින් සහ පහත් ලෙස අපහාස කරමින් තමාගේ පාර්ලිමේන්තු කටයුතුවලට බාධා කිරීම සම්බන්ධයෙන් කතානායක මාධ්‍ය ලේකම්ට එරෙහිව වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් යොමු කරමින් ඊයේ (17) ඉල්ලීමක් කළේය. පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතින් තමාට හිමිවී ඇති වරප්‍රසාද ඔහුගේ එම ක්‍රියා කලාපයෙන් උල්ලංඝනය වන බවද ගම්මන්පිල මහතා ඒ ලිපියෙන් දැනුම් දුන්නේය. මහබැංකු පනත් කෙටුම්පතේ කිසිම වගන්තියක් ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට කතානායකවරයා කළ ප්‍රකාශය වහාම නිවැරදි…

Read More

අලුත් අවුරුදු සමය වෙනුවෙන් වැඩිකරන ලද ඉන්ධන කෝටාව අද සිට අලුත් වන මීළඟ සතියේදීත් එලෙසෙම ලබාදීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ ඉන්ධන කෝටාව වැඩි කළ දිනවල පරිභෝජනය ඇතුලු සංඛ්‍යා දත්ත විශ්ලේෂණය කර එම වැඩිකළ ඉන්ධන කෝටාව අඛණ්ඩව ලබාදෙන්නේද, නැත්ද යන්න ඉදිරියේදී තීරණය කරන බවයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඇතුළත් කර නව අමාත්‍ය මණ්ඩලයක් පත් කරනු ඇතැයි’ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු මෙම අදහස් පළ කර තිබුණේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට තවත් අමාත්‍ය ධූර ලබා දෙන ලෙස එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවට පුවත්පතකට කළ ප්‍රකාශය අනාවරණය වීමෙන් පසුවයි. එම ඉල්ලීම සම්බන්ධයෙන් කළ විමසීමකදී සාගර කාරියවසම් පවසා සිටියේ, “ජනාධිපතිවරයාගේ පත්වීමෙන් පසු නව අමාත්‍ය මණ්ඩලයක් පත් කරන ලෙස අපි ඉල්ලීමක් කළා. කෙසේ වෙතත්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද කැබිනට් මණ්ඩලය සමඟ…

Read More

අද(18) දිනයේ දී සබරගමුව, බස්නාහිර, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එමෙන්ම සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවද එම නිවේදනයේ සඳහන්.

Read More