Author: LANKA24X7

ලොව මෙතෙක් බිහිවූ සුපිරිතම දඟ පන්දුයවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන්ගේ ජීවන කතාව සහිත චිත්‍රපටයේ පෝස්ටරය අද (17) නිකුත්කර තිබේ. එම චිත්‍රපටයේ මුරලිදරන්ගේ චරිතය රඟපානු ලබන්නේ ප්‍රකට ඉන්දීය නළුවෙක් වන මධුර් මිත්තාල් විසිනි. මෙම චිත්‍රපටය ද්‍රවිඩ භාෂාවෙන් නිපදවෙන අතර එය හින්දි සහ තෙළිඟු භාෂාවලින්ද නිකුත් කිරීමට සැලසුම්කර තිබේ.

Read More

දිවංගත අගමැතිනි සිරිමාවේ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රතිපත්ති පිළිගත්තේ නම් රට බංකොළොත් නොවනු ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසන්නීය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 107 වන ජන්ම දිනය වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඇති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වමින් හිටපු ජනාධිපතිනිය මේ බව කියා සිටියාය. “ප්‍රතිපත්ති පිළිගත්තා නම් පළමු වතාවට රට බංකොළොත් වෙන්නේ නෑනේ. මොකද ආණ්ඩුවට හොරකන් කරන්න බෑ මැතිනිගේ ප්‍රතිපත්ති අනුව. ඒ නිසා තිබුණා නම් රට හැදෙනවා. හැදෙනවා කියන්නේ රට ඉස්සරහට යනවා. දැන් ආපස්සට ගිහින් නේ ගව් ගාණක්.”

Read More

ගතවූ පැය 48ක කාලය තුළ අධිවේගී මාර්ගවලින් ලද ආදායම රුපියල් කෝටි 7 ඉක්මවන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. එම කාලය තුළ වාහන 256,225ක් අධිවේගී මාර්ගවල ධාවනය වී ඇති බවද වාර්තා වෙයි.

Read More

sinhala.adaderana.lk Logo ENGLISH தமிழ் සම්භාහන මධ්‍යස්ථානයට ගිය ප්‍රංශ යුවතියට සිදුවු අකරතැබ්බය April 17, 2023 10:05 am සම්භාහන සේවාවක් ලබාගැනීමට ගිය ප්‍රංශ ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව පැවසෙන අයෙකුව සහ ඊට අනුබල දුන් බව කියන ව්‍යාපාරිකයෙකුව තොඩුවාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රංශ ජාතික කාන්තාව විසින් තොඩුවාව පොලීසියට කර ඇති පැමිණිල්ලකට අනුව එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාරවිල – තල්විල ප්‍රදේශයේ සම්භාහන ආයතනයක් පවත්වා ගෙන ගිය පුද්ගලයෙක්ව සහ එහි සේවය කළ අයෙකුවය. සැකකරුවන් විසින් පවත්වා ගෙන ගිය සම්භාහන ආයතනය බලපත්‍ර ලබා නොගන පවත්වා ගෙන ගිය එකක් බවටද පොලීසිය විසින් සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය…

Read More

සිංහල අලුත් අවුරුදු දිනයේ බීමත්ව නිවෙසට පැමිණ පියාට පහර දී නිවසේ තිබූ දේපොළවලට පහරදී අලාභානි සිදු කළ බව කියන කුරුණෑගල ,අලව්ව පොලිසියේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙක් වලස්මුල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. එම පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ පෙරේදා 15 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බව පොලිසිය කියයි. කුරුණෑගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් පිට මූලික විමර්ශනයක් පවත්වා මෙම පොලිස් කොස්තාපල්වරයාගේ වැඩතහනම් කර ඇත. අලව්ව පොලිසියෙන් රාජකාරී නිවාඩු ලබා‍ෙ සිංහල අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් වලස්මුල්ල කිරම ප්‍රදේශයේ පිහිටි නිවසටමෙම කොස්තාපල්වරයා පැමිණ දාහතර වෙනිදා රාත්‍රියේ ප්‍රදේශයේ පැවති සංගීත සන්දර්ශනයක් නැරඹීමට ගොස් ඇතැයි පොලිසිය කියයි.

Read More

ත්‍රිකුණාමල පුල්මුඩේ ප්‍රදේශයේ ස්ථාන තුනක සිදුවු වන විනාශය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකළ ගෝමරන්කඩවල අඩවි කාර්යාලයේ බීට්ටු වන නිලධාරියාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටටු බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. පුල්මුඩේ වෙරියපුලත්තු රජයේ කැලෑව ඩෝසර් කිරිම,පන්කුලම පුල්මුඩේ රජයේ කැලෑවේ ගස් කැපිම හා පුල්මුඩේ සුන්තනේරු කුලම් කැලෑවේ ගස් කැපීම පිළිබදව නිසි ලෙස රාජකාරි සිදු නොකිරිම ඒ පිළිබද උසස් නිලධාරින් දැනුවත් නොකිරිම පිළිබදව පරික්ෂණයකින් පසු මෙසේ බීට්ටු වන නිලධාරියාගේ සේවය අත්හිටුවිමට ක්‍රියාකර තිබේ. මේ සම්බන්ධයෙන් නිලධාරින්ගේ කටයුතු නිසි අධික්ෂණයකින් තොරව කටයුතු කළ බවත් උසස් නිලධාරින් කිහිපදෙනකු පිළිබද මූලික විමර්ශනයක් සිදුකරගෙන යන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ඩෙල්ෆ්ට් දූපතට බටහිර දෙසින් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 62කට අධික තොගයක් සොයාගෙන තිබේ. එම මත්ද්‍රව්‍ය තොගය රැගත් ඉන්දීය ඩව් යාත්‍රාවක් සමඟ සැකකරුවන් තිදෙනෙකු ද නාවික හමුදා භාරයට ගෙන ඇත. අදාළ යාත්‍රාවේ උර දෙකක් තුළ පාර්සල් 23 අසුරා තිබු කේරළ ගංජා කිලෝ 65යි ග්‍රෑම් 400ක පමණ තොගයක් සොයා ගෙන තිබුණි. එම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 20කට අධික වෙතැයි විශ්වාස කෙරේ. නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, ගංජා තොගය සහ ඉන්දීය ඩව් යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට් පොලීසිය වෙත…

Read More

උත්සව සමය වෙනුවෙන් ඉහළ නැංවු ඉන්ධන කෝටාව එලෙසම පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අද (17) දිනයේ දී තීරණය කරන බව බලශක්ති අමාත්‍යංශය පවසයි. පසුගිය 04 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබුණි. එය හෙට (18) සිට යළි පැවැති ආකාරයටම ක්‍රියාත්මක කිරීමට මීට පෙර තීරණය කර තිබු බව සඳහන්ය. ත්‍රිරෝද රථ සඳහා වු ලීටර් 5ක කෝටාව ලීටර් 8ක් දක්වාත් යතුරු පැදි සඳහා ලීටර් 4ක ඉන්ධන කෝටාව ලීටර් 7ක් දක්වාත් ඉහළ නැංවීමට පසුගිය දා පියවර ගත්තේය. බස්රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 40 සිට ලීටර් 60 දක්වාත් මෝටර්රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 20 සිට ලීටර් 30 දක්වාත්…

Read More

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක කුඩයක් යටට ගෙන ඒමට උත්සාහ කළ නමුත් සජබ නායකත්වයෙන් ඊට ප්‍රතිචාරයක් නොදැක්වූ නිසා උත්සාහය අත්හළ බව සජබ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසීය. තමන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා එක්ව මේ උත්සාහය ගත් බවද මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් “අගමැතිකම” පිළිබඳව එහිදී කිසිවක් සාකච්ඡා නොවූ බවද මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.

Read More

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලාගිය ජනතාවට යළි පැමිණීම සඳහා විශේෂ ප්‍රවාහන සේවා අද (17) දිනයේ ක්‍රියාත්මක ජාතික ගමනාගමන කොමිසම පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරෙන්ඩා මහතා පැවසුවේ, ඊයේ(16) දිනයේ ද ජනතාවට ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා අවශ්‍ය පියවර ගත් බවය. මේ අතර ඊයේ දිනයේ දුම්රිය ගමන්වාර 30ක පමණ සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුවු බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. නිවාඩු ලබා ගිය දුම්රිය රියදුරන් පිරිසක් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් ප්‍රාදේශීය දුම්රිය ගමන්වාර කිහිපයක් මෙලෙස අවලංගු කිරීමට සිදුවු බව එම දෙපාර්තමේන්තුව පැවසුවේය. කෙසේවෙතත් අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී වී.එස් පොල්වත්තගේ මහතා පැවසුවේ මේ හේතුවෙන් මගී ජනතාවට විශාල බලපෑමක් සිදුනොවු බවය. “අපේ දෛනික කාලසටහනේ, දුරගමන්…

Read More