Author: LANKA24X7

තියුණු ආයුධවලින් සිදු කළ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලීසිය පැවසුවේ අද (30) පෙරවරුවේ හික්කඩුව – වෑවල ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැළකට කඩාවැදුණු පුද්ගලයින් දෙදෙනෙකු මියගිය පුද්ගලයාට සහ ඔහුගේ බිරිඳට තියුණු ආයුධවලින් පහරදී ඇති බවය. සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර අදාළ සිද්ධියෙන් මියගොස් ඇත්තේ 29 හැවිරිදි පුද්ගලයෙකි. මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ ප්‍රහාරය එල්ලකර පළාගොස් තිබේ.

Read More

2021 වර්ෂය අවසාන වනවිට චීන ණයහිමියන්ට ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 7.4ක් ණය බව අද නිකුත් කළ අලුත්ම වර්තාවක සඳහන් වෙයි. China Africa Research Initiative මගින් නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වන්නේ එම මුදල ශ්‍රී ලංකාවේ භාහිර ණයවලින් සියයට 20ක් පමණ වන බවය.

Read More

අනෙකුත් රාජ්‍ය සේවකයින් මෙන් ගුරුවරුන් ද මාරු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැහැදිලි කිරීමක් සිදුකළේය. එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පොදුවේ රාජ්‍ය සේවකයන් මාරු කරන ක්‍රමවේදයට අනුව ගුරුවරුන් මාරු කළහොත් දරුවන්ට විෂය ආවරණය කිරීමේ ගැටලු මතුවන බවය. ඒ හේතුවෙන් සිසු අවශ්‍යතා කේන්ද්‍ර කරගනිමින් ගුරුවරුන් උචිත පරිදි ස්ථානගත කරන බව අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, ස්ථානගත කිරීම්, ගුරු සංගම් හා මාරු මණ්ඩල ගැටුම් ආදි පරිපාලනමය ගැටලු බොහෝමයක් ම උද්ගත වී තිබෙන්නේ පරිපාලනය සඳහා තාක්ෂණය නිසි ලෙස භාවිත නොකිරීම නිසා බවය. සියලු ආධ්‍යාපනික පරිවර්තනවල පදනම රඳා පවතින්නේ තාක්ෂණික පරිපාලන ක්‍රමවේදය මත නිසා වහාම විප්ලවීය තාක්ෂණික…

Read More

පවතින ආර්ථික අර්බුදය හමුවේ දේශීය කාර්මාන්ත දිරිගැන්වීමට ආණ්ඩුව කටයුතු නොකරන බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසයි. ඔහු පවසන්නේ, ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් ඇතැම් කර්මාන්ත ශාලා ද වැසියාමේ අවදානමක් මතුව ඇති බවය. ගාල්ල ප්‍රදේශයේ පැවැති උත්තර ලංකා සභාගයේ රැස්වීමකට එක්වෙමින් විමල් වීරවංශ මන්ත්‍රිවරයා මේ බව කියාසිටියේය. “මේ වෙලාවේ මේ ආර්ථික අර්බුදය ඇතුළේ මේ රටේ දේශීය කර්මාන්තකරුවා හතර ගාතෙන් වටට්න විදිහ තීරණ ක්‍රියාත්මක කරන්නේ. මේ වැටිච්ච වෙලාවෙවත් බලන්නේ නැහැ දේශීය කර්මාන්තකරුවාව ආරක්ෂා කරන්නේ කොහොමද කියලා. දේශීය කර්මාන්තකරුවා අද බෙල්ල මුලින් හිරකරගෙන ඉන්නේ. වැටිච්ච වෙලාවේ, නැගිට්ටුවන්න ඕනෙ වෙලාවේ. ඒ නිසා ඔබතුමාලාට පේනවා වැරදි ආර්ථික මොඩලය කරගහගෙන ඒ මේ ප්‍රතිවිපාකයට තමයි අද අපි මේ මුහුණදීලා ඉන්නේ.…

Read More

මත්ද්‍රව්‍ය පානය කරන රියදුරන් පරීක්ෂා කිරීම ලබන වසරේ මුල සිට ආරම්භ කරන බව ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඒ සඳහා අවශ්‍ය උපකරණ 5,000ක් මේ වන විට පොලීසිය වෙත ලබාදී ඇති බව ඔහු සඳහන් කළේය. කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියේය. “බස්නාහිර පළාත තුළ ලබන වසරේ මුල් භාගයේ දී වාහනවල ගමන් ගන්නා රියදුරන් කොකේන්, හෙරොයින් වැනි අනෙක් මත්ද්‍රව්‍ය භාවිත කරමින් ඉන්නවා නම්, ඒවත් පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කරනවා. ඒක කළ යුතුයි. අද විශේෂයෙන්ම අපි පිළිගත යුතුයි මත්ද්‍රව්‍ය පිළිබඳ දැවැන්ත අභියෝගයකට අපි මුහුණදීලා තියෙනවා. ඒක රියදුරන්ටත් බලපානවා. විශේෂයෙන්ම මම ඒ අංශ කියන්නේ නෑ. ඒ අංශවල අය අද…

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම වෛද්‍යවරයෙකුට හමුවට යෑම හා සමාන බව හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. ඔහු පවසන්නේ එමගින් ලබා දෙන විසඳුම් ඇතැම් විට අප්‍රසන්න විය හැකි බවය. කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රිජිත් කුමාරස්වාමි මහතා මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මහ බැංකු අධිපතිවරයා පැවසුවේ, රාජ්‍ය මූල්‍ය එකඟතාවය පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් වන අතර ඒ සඳහා ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ආදී නීතිමය සාධක මඟින් මූල්‍ය කළමනාකරණයට සහාය විය යුතු බව ද ඔහු පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුව සංවර්ධන බැංකුවක් ලෙස නොසැලකිය යුතු අතර එහි ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට වගබලා ගත…

Read More

මසක් තුළ දී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 50000 සීමාව පසුකර ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. නොවැම්බර් 01දා සිට 27දා දක්වා කාලය තුළ සංචාරකයන් 51865 ක් පැමිණ තිබේ. පසුගිය අප්‍රේල් මස ශ්‍රී ලංකාවට සංචාරකයන් 62980 ක් පැමිණීමෙන් පසු 50000 සීමාව පසුකළ පළමු අවස්ථාව මෙය වේ. සංචාරක කර්මාන්තයේ යළි පිබිදීමක් පෙන්නුම් කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.

Read More

පුරාණ වෙස්ට්මිනිස්ටර් ශාලාවේ බිම් මහලට සැලකිය යුතු හානියක් සිදුව ඇති අතර, මිලියන හතරකට අධික ජනතාවක් දෙවැනි එලිසබෙත් රැජින වෙත අවසන් ගෞරව දැක්වීමට පැමිණීම මෙයට හේතු වී තිබේ. “වෙස්ට්මිනිස්ටර් ශාලාව හරහා විශාල පිරිසක් අඛණ්ඩව පැමිණීමේ ප්‍රතිවිපාකයක් ලෙස, යෝර්ක්ස්ටන් තට්ටුවට යම් විනාශයක් සිදුවී තිබෙනවා” ප්‍රකාශකයා බ්‍රිතාන්‍ය මාධ්‍ය වෙත පැවසුවේ හානිය “ව්‍යුහාත්මක අවදානමක් ඉදිරිපත් නොකළ” බවයි. පසුගිය සැප්තැම්බර් 8 වැනිදා අභාවප්‍රාප්ත වූ දෙවැනි එලිසබෙත් රැජින, වසර 70කට වැඩි කාලයක් සිංහාසනය දැරූ දීර්ඝතම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයා විය. රැජිනගේ දේහය රැගත් මංජුසාව දින පහක් පමණ වෙස්ට්මිනිස්ටර් ශාලාවේ ප්‍රදර්ශනයට තබා තිබූ අතර, දිවංගත රැජිනයට අවසන් ගෞරව දැක්වීම සඳහා 250,000කට අධික පිරිසක් පැරණි ගොඩනැගිල්ලට පැමිණ සිටියහ.

Read More

ශ්‍රි ලංකාවේ ගැටලු විසඳීම සඳහා දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමය ඇති කළ යුතු බවට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ යෝජනාවට ජනපති රනිල් වික්‍රමසිංහ එකඟ විය. ඒ අනුව ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවත් ඒ හරහා ඉදිරියට යාමට සූදානම් බවත් ජනපතිවරයා සඳහන් කළේය. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පූර්ණ සහාය ලබා දෙන බවද ජාතික ප්‍රශ්නය ඇතුළු ගැටලු රාශියක් විසඳා ගත හැකි බවද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කර නව දේශපාලන සංස්කෘතියක් ඇති කර රට ගොඩ ගැනීමට කටයුතු කරමු යැයිද හිටපු ජනපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

Read More

රෝහල්වල රෝගීන්ට ආහාර ලබාදීමේදී ඒ වෙනුවෙන් භාවිත කරන තලපත් මාලු යොදා ගැනීම සම්බන්ධයෙන් ධීවර සංස්ථාව කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී අවධානය යොමුවිය. මෙහිදී හෙළි වූයේ රෝහල්වල රෝගීන්ට අවශ්‍ය තලපත් මාලු ලබාදීමේදී ඒවා විදේශයන්ගෙන් ආනයනය කර ලබා දෙන බවයි. මෙහිදී කෝප් කමිටුවට එක්ව සිටි මන්ත්‍රීවරුන් ප්‍රශ්න කළේ ඒ සඳහා තලපත් මාලුම ලබාදීම අවශ්‍යදැයි යන්නයි. ඒ අනුව මේ සම්බන්ධයෙන් සති දෙකක් තුළ වාර්තාවක් කෝප් කමිටුවට ලබාදෙන ලෙස කෝප් කමිටුව නිර්දේශ කළේය.

Read More