Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පවතින අධික වැසි සමඟ නායයාමේ අවදානම නිසාවෙන් පස්සර ,හපුතලේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පවුල් 111ක සාමාජිකයන් 301 ක් ඊයේ (26) පස්වරුවේ මීට සුලු මොහොතකට පෙර නිවෙස්වලින් ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි . පස්සර කණවැරැල්ල වත්තේ පවුල් 69ක සාමාජිකයන් 197ක් මෙසේ සිය නිවාස වලින් ඉවත් කර පස්සර කණවැරැල්ල දිවා සුරකුම් මධ්‍යස්ථානයේ සහ කණවැරැල්ල අංක 3 දෙමල විදුහලේ නවතා තබා ඇති අතර , හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශයේ පදිංචි පවුල් 32 සාමාජිකයන් 72ක්ද, දියතලාව ගල්කන්ද මුතුවාන කොටසෙ පදිංචි පවුල් 8ක සාමාජිකයන් 21ක් හපුතලේ කෝවිල අසල පදිංචි පවුල් 2ක සාමාජිකයන් 11ක් මෙසේ…
විශාල ගල් කිහිපයක් ප්‍රධාන මාර්ගයට පෙරලීමේ අවදානමක් හේතුවෙන් නුවරඑලිය ගම්පොළ ප්‍රධාන මාර්ගය ඊයේ (26) පස්වරුවේ සිට තාවකාලිකව වසා දැමූ බව කොත්මලේ පොලිසිය පවසයි. කොත්මලේ ගැරඩි ඇල්ල ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ගැරඩි ඇල්ල ප්‍රදේශයේ තේ වත්තේ විශාල ගල් කිහිපයක් ගැලවී පහළට පෙරලී තේ වත්තේ රැදී තිබෙන බවත්, එම ගල් ප්‍රධාන මාර්ගයට පෙරලීමෙ අවදානමක් පවතින නිසා මාර්ගයේ රථවාහන ගමනා ගමනය තාවකාලිකව නවතා දැමූ බව කොත්මලේ පොලිසිය කියා සිටියේය. වසා දමා ඇති එම මාර්ගය යලි විවෘත කරන තෙක් එම මාර්ගයෙ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරන ලෙස කොත්මලේ පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
නැවත දැනුම් දෙනතුරු කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය ඊයේ (26) රාත්‍රී 10 සිට යළිත් වසාතැබීමට තීරණය කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. නායයෑමක් හේතුවෙන් දින කිහිපයක් තිස්සේ වසා දමා තිබූ කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය ඊයේ පසුවරුවේ සිට යළි විවෘත කරනු ලැබූවත් එම ප්‍රදේශයට තද වැසි ඇදහැලීම හේතුවෙන් මෙම පියවර ගත් බවත් එම මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව මීට පෙර මාර්ගය වසා තැබූ ගනේතැන්න ප්‍රදේශයෙන් යළි මාර්ගය වසා තැබෙන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. මාර්ගය වසා තැබීම හේතුවෙන් පෙර පරිදි විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් එම මධ්‍යස්ථානය උපදෙස් ලබා දී ඇත.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අපොස උසස් පෙළ විභාගය අද 27 සහ හෙට 28 දෙදින තුළ නොපැවැත්වෙන බව විභාග කොමසාරිස් ජෙනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නිවේදනය කරයි. එම දින දෙකට අදාල විෂයන් පැවැත්වෙන දිනයන් පසුව දැනුම් දෙනු ලබන බවත් විභාග කොමසාරිස් ජෙනරාල්වරිය නිවේදනය කර තිබේ.
උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල දියතලාව අතර දුම්රිය මාර්ගයට විශාල පස්කන්දක් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි . වර්ශාවත් සමග දුම්රිය මාර්ගයට විශාල ගල්පර්වත ය සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1015 උඩරට මැණිකේ දුම්රිය ළඟාවෙමින් තිබු අතර,දුම්රිය රියැදුරු කල්වේලා ඇතිව දුම්රිය මාර්ගයට වැට් තිබු පස්කන්ද දැක දුම්රිය නවතා ගැනිම නිසාවෙන් විශාල අනතුරක් වැලකී ගියබව දුම්රිය බලධාරින් සදහන් කළේය .
ශ්‍රි ලංකාවට ගිනිකොණ දෙසින් පැවැති අඩු පීඩන කලාපය මේ වන විට අවපාතයක් දක්වා මඩකළපුව සිට කිලෝමීටර් 210ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.9°N සහ දේශාංශ 82.6°E ආසන්නයේ කේන්ද්‍රගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. එය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට බොහෝ දුරට ඉඩ ඇත මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ පවතින තද වැසි සහ තද සුළං තත්වය තවදුරටත් බලාපොරොත්තුවේ වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටියි දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත…
බදුල්ල දිස්ත්‍රික්කය පුරා දින කිහිපයක සිට දිවා රාත්‍රී අකණ්ඩව පවතින තද වැසි හේතුවෙන් ඉතා දරුණු ආපදා රැසක් මේ 27 උදෑසන වන විට වාර්තා වී ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේය. මේ වන විට ජීවිත හානි කීපයක්ම සිදුවී ඇති බවද ආපදා සහන කණ්ඩායම් පැවසූහ. අයහපත් කාලගුණය මධ්‍යයේ මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. වැලිමඩ කැප්පෙටිපොළ නිවාස තුනක් නායාමට ලක්වීමෙන් පසුව මුදාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. පස්සර වෙලන්ගස්තැන්න පියා සහ 15 හැවිරිදි දියණිය නිවස තුළ සිටියදී පස් කන්දට යට වී ඇති බවත් යුද හමුදා බට පිරිස් මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවත් සඳහන්වේ. මඩොල්සිම වැරැල්ල…
නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපයය ඊයේ (25) මධ්‍යම රාත්‍රී පමණ වන විට ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පැවතුණි. එය ඉදිරි පැය 30 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමුකරන ලෙස ද ඉල්ලා සිටී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම්…
මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා නාමපුවරු ගැලවීමේ සිද්ධියට සම්බන්ධ වාලච්චේන කෝරලේපත්තු ප්‍රාදේශීය සභාවේ සභාපති, උප සභාපති ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ. ඒ එම ප්‍රාදේශීය සභාවේ සභාපති, උප සභාපති ඇතුළු සිව්දෙනෙකු අද (25 වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ භාර වීමෙන් අනතුරුවය. එහිදී වාලච්චේන මහේස්ත්‍රාත් එම්. අයි. අහමඩ් රතිප් මහතා නියෝග කළේ සැකකරුවන් එක් අයෙකු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමටය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද පැමිණිල්ලක් මත මඩකලපුව, වාලච්චේන කිරාන් පුරාවිද්‍යා කාර්යාලය මගින් පවත්වාගෙන යන පුරාවිද්‍යා ස්ථානවලට ගමන් කරන දිශා පුවරු ගලවා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපති…
වවුනියාව හොරොව්පතාන මාර්ගයේ අසළ පිහිටි වෙළෙඳසැළක ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා වවුනියාව මහ නගර සභා ගිනි නිවීමේ ඒකකය ගිනි නිවීමේ රථ මේ වන විට යොමු කර ඇතැයිද සඳහන් වේ.
