Author: LANKA24X7

ගූගල් සමාගමට එහි ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය විකිණීමට සිදු නොවන නමුත් තරගකරුවන් සමඟ තොරතුරු බෙදා ගත යුතු බව එක්සත් ජනපද ෆෙඩරල් විනිසුරුවරයෙකු නියෝග කර තිබේ. මාර්ගගත සෙවුමේ ගූගල් ආධිපත්‍යය සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා පැවති අධිකරණ නඩු විභායකින් පසුව, දිස්ත්‍රික් විනිසුරු අමිත් මේතා විසින් තීරණය කරන ලදි. මෙම නඩුව කේන්ද්‍රගත වූයේ ඇන්ඩ්‍රොයිඩ් සහ ක්‍රෝම් වැනි තමන්ගේම නිෂ්පාදන පරාසයක මෙන්ම ඇපල් වැනි සමාගම් විසින් නිෂ්පාදනය කරන ලද අනෙකුත් නිෂ්පාදනවල පෙරනිමි සෙවුම් යන්ත්‍රය ලෙස ගූගල්ගේ ස්ථානය වටා ය. එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව ගූගල් ක්‍රෝම් විකුණන ලෙස ඉල්ලා තිබුණි. ඊයේ ලබාදුන් නඩු තීන්දුවේ තීරණයෙන් අදහස් වන්නේ තාක්ෂණික දැවැන්තයාට එය තබා ගත හැකි නමුත් එයට සුවිශේෂී…

Read More

සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කාර්යසාධක බළකායක් ස්ථාපිත කිරීමට රජයේ අවධානය යොමු කර ඇත. සංචාරක කර්මාන්තය නඟාසිටුවීමත්, මෙරට ආර්ථිකයට ඍජු ආදායම් වර්ධනයක් අත්පත් කර ගැනීමත් අරමුණු කර ගනිමින් මෙම කාර්යසාධක බලකාය පිහිටුවීමට තීරණය කළ බවත්, මෙම බලකාය මගින් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට අදාළ තීන්දුතීරණ ගැනීමට හැකි බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේය. සංචාරක ප්‍රවර්ධන කාර්යසාධක බලකායේ පළමු සැසිය ජනාධිපති කාර්යාලයේදී ඊයේ (02) ආරම්භ වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීම, ඒ සඳහා අවශ්‍ය තීන්දු ගැනීමට රාජ්‍ය ආයතන ඒකාබද්ධ රාමුවක් යටතේ ක්‍රියාත්මක කිරීම, සංචාරකයන් මුහුණ දෙන ගැටලු,…

Read More

තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ රන්න නගරයට ආසන්නව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් ලොරි රථයේ රියදුරු මියගොස් තිබූ බව හුංගම පොලිසිය පවසයි. බුත්තල සිට මාතර දක්වා වැලි ප්‍රවාහනය කරමින් තිබූ මෙම ලොරි රථය අද අළුයම අනතුරට ලක්ව ඇතැයිද පොලිසිය කියයි. දීර්ඝ වේලාවක් තිස්සේ ලොරිය ධාවනය කිරීම නිසා රියදුරට නින්ද යන්නට ඇතැයි ද එම නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි ද පොලිසිය සැක කරයි. අනතුරෙන් මියගොස් ඇත්තේ අකුරුගොඩ සුල්තානාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ 43 වැනි වියේ පසු මහගමගේ ඉන්දික යන අයයි.

Read More

අක්මිමන කුරුදුවත්තේ පිහිටි රුහුණ ජාතික අධ්‍යාපන විද්‍යාපිඨය තුළ ස්ථාපිත කොට ඇති සි.සි.ටි.වි කැමරා පද්ධතියෙහි කැමරා 24න් 15ක් අක්‍රියව පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ. එමෙන්ම විද්‍යා පිඨය සදහා ලැබි තිබු අත්ට්‍රැක්ටරය වසර 10ක පමණ කාලය සිට කිසිදු ප්‍ර යෝජනයකට නොගෙන නිෂ්කාර්යව පවතින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. මේ පිළිබද රුහුණ ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයේ පිඨාධිපති ආචාර්ය, එස්.එන්.කේ. නානායක්කාර මහත්මියගෙන් අප කළ විමසුමකදි මෙසේ කිවාය. විද්‍යා පිඨය ආරම්භ කරණ විට තමයි මෙම සි.සි.ටි.වි කැමරා පද්ධතිය සවිකරලා තියෙන්නේ. ගොඩක් පරණ කැමරා තමයි තියෙන්නේ .මේ වනවිට කැමරා 11ක් පමණ ක්‍රියාකාරි තත්ත්වයේ තියෙනවා. ඉතිරි කැමරා අලුත්වැඩියා කිරිමට…

Read More

උතුරට යළි ජීවය කැටුව එමින් ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා දීමේ වගකීම ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පුදුකුඩුඉරුප්පුවේදී ඊයේ (2)පැවැසීය. ජනාධිපතිවරණයේදී ජනතාව වත්මන් රජය කෙරෙහි විශ්වාස තබමින් පියවරක් ඉදිරියට තැබූ බව කී ජනාධිපතිවරයා ඔවුන් ජයග්‍රහණය කරා ඉදිරියට ගෙන යන අතර උතුරට නව ආර්ථික අවස්ථා උදා කර දීම වෙනුවෙන් කර්මාන්ත කලාප ඇතුළු සංවර්ධන වැඩසටහන් රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ, ලෝක පොල් දින සැමරුමට සමගාමීව “රටම සරු කරයි නිරතුරු – කප්තුරු සවිය” තේමාව යටතේ පුදුකුඩුඉරිප්පු නගරයේදී පැවති උතුරු පොල් ත්‍රිකෝණය දියත් කිරීමේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි. උතුරේ ජනතාවගේ ඉඩම්…

Read More

මෙරට බලපා ඇති උණුසුම් කාලගුණ තත්වය හමුවේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත් සහ මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ජනතාව විමසිලිමත්වියයුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම නිවේදනය අද සිට දින තුනකට බලපැවැත්වෙන බව කියන එම දෙපාර්තමේන්තුව උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමු කළයුතු’ මට්ටමක පැවතිය හැකි බව ද සඳහන් කරයි.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම මදුරුපිටිය ප්‍රදේශයේදී අද(03) අලුයම කිරි බවුසරයක් හා ලොරියක් එකට ගැටී සිදු අනතුරකින් පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. අනතුරට ලක්වූ වාහන දෙකම අධිවේගී මාර්ගයෙන් පිටත වෙල්යයට ඇද වැටී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි

Read More

රත්නපුර ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරියක පෞද්ගලික මගි ප්‍රවාහන සේවා බස් රථයක දොරටුවෙන් ඇද වැටී රත්නපුර ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම අනතුර සිදුවී දින 14 කටපසු පෙරේදා(1) මියගිය බව පැල්මඩුල්ල පොලිසිය සඳහන් කරයි. මෙසේ මියගොස් ඇත්තේ රත්නපුර මොර ගහ යට ලේන් කැටිය පාරේ පදිංචිව සිටි පී. මදාරා මධුභාෂිනි නැමති තිස් දෙහැවිරිදි එක්දරු මවක වූ වෛද්‍යවරියකි. මෙම වෛද්‍යවරියගේ මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය රත්නපුර ශික්ෂණ රෝහලේ දී පෙරේදා පවත්වනු ලැබුවේ එම රෝහලේ හදිසි මරණ පරීක්ෂක p .m .හරීන්ද්‍ර ලක්මිණ තෙන්නකෝන් මහතා විසිනි. මෙම වෛද්‍යවරිය සේවය නිමකර පෞද්ගලික මගී බස් රථයකින් නිවෙස් බලා යමින් සිටි අතරවාරයේ මඩ කලපුව කොළඹ…

Read More

කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරතිබූ බිළිදු මළ සිරුරක් අස්ථානගතව ඇතැයි මරදාන පොලිසිය කියයි. ඉකුත් අගෝස්තු මස 01 දෙමටගොඩ පොලිස් වසමේ මාලිගාවත්ත දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රියක වැසිකළියක් තුළ තිබි මෙම බිලිදු මළ සිරුර හමුවී තිබිණි. ඒ සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසිය මගින් විමර්ශන සිදුකර මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ බිලිදු මළ සිරුර තැන්පත් කර තිබිණි. එම දේහය සම්බන්ධයෙන් ඉකුත් මස 29 හා 31 වෙනි දිනයන් හි පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා දෙමටගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයට පැමිණ ළමා මෘත දේහය සම්බන්ධයෙන් විමසා ඇතිමුත් එම දේහය සොයාගැනීමට නොහැකි වී ඇත.

Read More

ප්‍රකට සංවිධානත්මක අපරාධ කල්ලි නායකයින් ලබා දුන් රුපියල් කෝටි එකහමාරකට අධික මුදල් බැංකු ගිණුම් තුනකට බැර කරවා ගත්තේ යැයි බන්ධනාගාරගත ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාසයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සිය දියණියගේ සහ බිරිඳගේ බැංකු ගිණුම් වලට අල්ලස් ලෙස ලබා ගත් මුදල් බැර කර ඇද්ද ? යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම ඊයේ (02) පැවසීය. මාස අටක් වැනි කෙටි කාලයක් තුළදී ප්‍රකට සංවිධානත්මක අපරාධ කල්ලි නායකයින්ගෙන්,මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන්,පොලිසියට සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින්ගෙන් හා වෙනත් ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් ලක්ෂ එකසිය හතලිහක මුදලක් බැංකු ගිණුම් තුනක බැර කරවා ගත්තේ යැයි රක්ෂිත…

Read More