Author: LANKA24X7

උතුරු කොරියාව විසින් අද (08) උදෑසන එරට නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයට බැලැස්ටික් මිසයිල කිහිපයක් එල්ල කර ඇති බව දකුණු කොරියානු හමුදාව උපුටා දක්වමින් විදසේ මාධ්‍ය වාර්තා කරයි. දකුණු කොරියානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කාර්යාලය (JCS) අනුව, මෙම මිසයිල වොන්සාන් ප්‍රදේශයෙන් උදෑසන 8:50 ට පමණ දියත් කර ඇති අතර, ඒවා කිලෝමීටර් 240ක පමණ දුරක් පියාසර කර ඇති බව වාර්තා වෙයි. ඊයේ දිනයේද පියොන්ග්යැන්ග් නගරය අසලින් දියත් කළ මිසයිලයක් පියාසරයේ මුල් අවධියේදී අසාමාන්‍යතාවයක් පෙන්නුම් කරමින් අසාර්ථක වී ඇති බව වාර්තා වේ. අදාළ සිදුවීම් පිළිබඳ ප්‍රතිචාර ලෙස, දකුණු කොරියානු ජනාධිපති මන්දිරය වන Blue House හදිසි ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමක් කැඳවා ඇත. මෙම…

Read More

ලක්විජය බලාගාරය සඳහා ලංකා ගල්අඟුරු සමාගම විසින් ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය සහ 2025/2026 වාරය සඳහා ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව එළිදක්වා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට ගල්අඟුරු සැපයීමේදී ප්‍රශ්නගත ට්‍රයිඩන්ට් සමාගම විසින් පැටවුම් වරායේ වාර්තා ලබාගත් පරීක්ෂණාගාරය බලපත්‍ර අහෝසි වූ එකක් බව විගණකාධිපතිවරයා විසින් මෙම විශේෂ විගණන වාර්තාවෙන් අනාවරණ කර තිබේ. විගණකාධිපතිවරයා මෙම වාර්තාව ලබාදුන්නේ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පසුගියදා ජාතික විගණන කාර්යාලයට කළ දැනුම්දීමකට අනුවය. වාර්තාවෙන් වැඩිදුරටත් අනාවරණ වන්නේ ලංසු කැඳවීම සඳහා දැන්වීම් පළ කළ දිනය වනවිට, ටෙන්ඩරය හිමිවූ ට්‍රයිඩන්ඩ් සමාගම සිය ලියාපදිංචිය හෝ සම්පූර්ණ කර නොතිබූ බවයි. 2025 / 2026 වාරය සඳහා නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට…

Read More

ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථාන මඟින් ජලය සපයනු ලබන ප්‍රදේශ කිහිපයක් සඳහා පැය 12 බැගින් අවස්ථා දෙකකදී ජල සැපයුම සීමා කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය පැවසුවේ අද (08)උදෑසන 8 සිට රාත්‍රී 8.00 දක්වා ගලගෙදර, ඉරිදා පොළ, පින්නවල, වේවැල්පනාව, පිටුම්පෙ, මීපේ, මාවතගම, පාදුක්ක, උඩුමුල්ල, අරුක්වත්ත, වේරගල, බෝපේ, මලගල, කහවල, මිල්ලව, කොටියන්ගොඩ, පෝරෙගෙදර, අංගම්පිටිය, අංගම්මන, මීරියගල්ල සහ යටවතුර ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවය. ඊයේ (07) රාත්‍රී 8 සිට අද (08) උදෑසන 8 දක්වා කාලය තුළ පැලැන්වත්ත, සිද්ධමුල්ල, ඇරැව්වල, නිවන්තිඩිය, බෝකුන්දර පාර, රත්මල්දෙණිය, මහරගම – පිළියන්දල පාර, මොරකැටිය පාර, හිරිපිටිය, ගොරකපිටිය පාර, නියඳගල පාර, දොලේකඩේ හංදිය,…

Read More

ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය තුළ මේ වන විට අමෙරිකානු ගුවන් හමුදාවට අයත් යානා අවම වශයෙන් 9ක් විනාශ වී ඇති බව විදෙස් වාර්තා පවසයි. ඉරානයේ දුරස්ථ කඳවුරක සිරවී සිටි F-15E යානයක කාර්ය මණ්ඩලය මුදාගැනීමේ මෙහෙයුමකට සහාය වීමට ගිය ප්‍රවාහන යානා දෙකක් තාක්ෂණික දෝෂ හේතුවෙන් ගුවන්ගත වීමට නොහැකි වී තිබණි. පසුගිය 5වනදා වාර්තා වුයේ එම යානා සතුරා අතට පත්වීම වැළැක්වීම සඳහා අමෙරිකානු හමුදාව විසින්ම ඒවා විනාශ කර ඇති බවය. එමෙන්ම මධ්‍යම ඉරානයේ ගිනිගෙන විනාශ වූ යානාවල සුන්බුන් සහිත ඡායාරූප මේ වන විට එය තහවුරු කර ඇත. පසුගිය 3වනදා මධ්‍යම ඉරානයට ඉහළින් පියාසර කරමින් තිබූ F-15E Strike Eagle වර්ගයේ ප්‍රහාරක යානයක් වෙඩි…

Read More

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ අද (07) කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවනු බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව පැලැන්වත්ත, සිද්ධමුල්ල, ඇරැවවල, නිවන්තිඩිය, බෝකුන්දර පාර, රත්මල්දෙණිය, මහරගම පිළියන්දල පාර, මොරකැටිය පාර, හිරිපිටිය, ගොරක පිටිය පාර, නියදගල පාර, දොලේකඩේ හන්දිය, කුඩමාදුව 255 බස් මාර්ගයේ වෙල දක්වා, පුබුදු මාවත 255 බස් මාර්ගයේ වෙල දක්වා ප්‍රදේශ වලට අද (07) ප.ව. 8.00 සිට හෙට (08) පෙ.ව. 8.00 දක්වා ජල සැපයුම අත්හිටවනු ඇත. පෝෂක ජලාශ මගින් ක්‍රියාත්මක ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල පමණක් ජලාශවල ජල මට්ටම සීග්‍රයෙන් පහළ යන බැවින් නිෂ්පාදනය සීමාකර ඇති අතර එම ජල පිරිපහදු මධ්‍යස්ථාන මගින් ජලය…

Read More

සිංහල සහ දමිළ අලුත් අවුරුදු සමය සමග සමාජ මාධ්‍ය වේදිකා හරහා සිදුවන මාර්ගගත වංචා සහ මුදල් වංචා ඉහළ යා හැකි බැවින්, ඒ පිළිබදව අවධානයෙන් සහ සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවගෙන් ඉල්ලා සිටී. මෙම උත්සව සමය තුළදී සයිබර් අපරාධකරුවන් මහජන විශ්වාසය පළදු කරමින් විවිධ වංචනික ක්‍රමෝපායයන් ක්‍රියාත්මක කරන බව නිරීක්ෂණය වී ඇති බව එම සංසදය පවසයි. විශේෂයෙන්ම, රාජ්‍ය සේවා සපයන ආයතන දෙපාර්තමේන්තු, ප්‍රසිද්ධ වෙළෙඳසැල් සහ ව්‍යාපාරික ආයතන ලෙස ව්‍යාජව පෙනී සිටිමින් මහජනතාව නොමඟ යැවීමේ සිද්ධීන් පිළිබඳව සැලකිය යුතු තොරතුරු වාර්තා වී ඇති බව සඳහන් වේ. මෙම වංචනිකයන් ව්‍යාජ දීමනා, විශේෂ වට්ටම්, මුදල් ත්‍යාග සහ තෑගි…

Read More

පසුගිය පොදුපෙරමුණ පාලන සමයේ උතුරු මැද පළාතේ වැව් සංවර්ධනය කළ බව පවසමින් උතුරු මැද පළාත් සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ ඒජන්සිය තුළ රුපියල් කෝටි ගණනක වංචාක් සිදුකර ඇති බව කියැවෙන සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකොට එකී විමර්ශනවල ප්‍රගති වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සියපත් සසිදු වික්‍රමරත්න මහතා මෙසේ නියෝග කළේ උතුරු මැද පළාත් සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ ඒජන්සිය තුළ සිදුව ඇති බව කියන මෙම මහපරිමාණ මුල්‍ය වංචාව සම්බන්ධයෙන් බී වාර්තාවක් මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි. ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…

Read More

ධීවර බෝට්ටු සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. කුඩා බෝට්ටු සඳහා ලීටරයකට රුපියල් 50ක් සහ බහුදින ධීවර බෝට්ටු සඳහා එක් සංචාරයකට රුපියල් 150,000ක් වනු ඇත. ධීවර අමාත්‍යාංශය දන්වා සිටින්නේ අප්‍රේල් 20 වන දින සිට මෙය ක්‍රියාත්මක වන බවය. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාවය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සහ ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ, මෙරට ධීවර ක්ෂේත්‍රය මුහුණ දී ඇති බරපතළ ගැටලු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයේ (06) පැවැත්විණි. ඒ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. ධිවර කර්මාන්තය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම…

Read More

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන සංවිධානාත්මක අපරාධකරුවන් 23දෙනෙකු හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙම සියලු ජාවාරම්කරුවන් මේ වන විට විදෙස් රටවල සැඟව සිටින බවය. ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය නිරන්තරයෙන් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම මෙම සංවිධානාත්මක අපරාධකරුවන්ට දේශපාලනඥයින් විසින් දිගින් දිගටම දායකත්ව ලබා දුන් අතර එය සියල්ලන්ම දන්නා ප්‍රසිද්ධ රහසක් වන බවද මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය. එහිදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා, ”අපි වැටලීම් දිගින් දිගටම කරනවා… සංවිධානාත්මක අපරාධකරුවන්ට දිගින් දිගටම දායකත්වය ලබා දුන්නේ දේශපාලනඥයින්.. ඒක ප්‍රසිද්ධ රහසක් ඒක කවුරුත් දන්නවා..මත්ද්‍රව්‍ය ජාවාරමේ…

Read More

අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණය කර තිබේ. ලබන 9 වන දින සිට එම බස් සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතය. දුර පළාත් සඳහා දෛනිකව අමතර බස් රථ 250ක් පමණ ධාවනයට එක්කිරීමට සැලසුම් කර ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කළේය. ඊට අමතරව මගී අව්‍යශ්‍යතාවය අනුව තවත් බස් රථ ධාවනයේ යෙදවීම සඳහා සූදානම් කර ඇති බව සඳහන්ය. අප්‍රේල් මස 9 වන දින සිට 13 වන දින දක්වා මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක කරන අතර ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අප්‍රේල් මස 17 වනදා…

Read More