Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
කතරගම කඳසුරිදු ගම ප්‍රදේශයේ පිහිටි නිවසක් ඉදිරිපිට රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකු ඉලක්ක කර අද සවස 4.00 පමණ වෙඩි ප්‍රහාරයක් එල්ල කළේ යැයි කියන ඇමති ආරක්ෂක අංශයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු වෙඩි තැබීමට යොදා ගත් බව කියන ටී 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවිය ද සමඟ සැකපිට අත්අඩංගුවට ගත් බව කතරගම පොලිසිය පවසයි. මෙම ගිනි අවියට අමතරව එම ගිනි අවියේ මැගසින් හතරක් සහ ජීව උණ්ඩ 128 ද සැකකාර පොලිස් කොස්තාපල්වරයා ළඟ තිබී පොලිස් භාරයට ගෙන ඇත. වෙඩි ප්‍රහාරය එල්ල වනවා සමගම නිවස ඉදිරිපිට රැඳී සිටි පුද්ගලයන් දෙදෙනා පලා ගොස් නූලෙන් දිවි බේරාගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි. පුද්ගලික අමනාපයක් මත මෙම වෙඩි…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් ප්‍රමුඛ අනුනායක හිමිවරුන් මහනුවර දී ඊයේ (29) පස්වරුවේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. පළමුව මල්වතු මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමි බැහැදැක සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත වූ අතර මහ නාහිමියෝ සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද කළහ. අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම මල්වතු අනුනා හිමි බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය. අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වරකාගොඩ ශ්‍රී ඥාණරතන අස්ගිරි මහා නාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.ඓතිහාසික මුතියංගන රාජමහා විහාර භාරකාර, ආචාර්ය මුරුද්දෙණියේ ශ්‍රී ධම්මරතන නා හිමි ද එම…
බදුරලිය ප්‍රදේශයේ කණිෂ්ඨ විදුහලක කාර්යාල කාමරයේ ජනේලයක් කඩා ඇතුල්වී එහි තිබූ අගල් 40 ක රූපවාහිනී යන්ත්‍රයක්, ඈම්ප් එකක් සහ මල්ටි මීඩියා ප්‍රොජෙක්ටරයක් සොරකම් කල බවට සැකපිට එම විද්‍යාලයේම ගුරුවරයකු අත්අඩංගුවට ගත්බව බදුරලිය පොලිසිය පවසයි ඉකුත් ජුනි 12 දා බදුරලිය කෙලින්කන්ද කණිෂ්ඨ විදුහලේ සොරකම සිදුකර ඇති බවත් දීර්ඝ විමර්ශන වලින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය කීය. බුලත්සිංහල , පාඩගලකන්ද අමරගෙදර ප්‍රදේශයේ පදිංචි 37 හැව්රිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.
නියඟය හේතුවෙන් විනාශයට පත්වූ වී, බඩඉරිඟු, මිරිස්, අර්තාපල්, ලොකු ලූනු සහ සෝයා බෝංචි යන වගාවන් සඳහා පමණක් වන්දි ගෙවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (29) පැවසීය. සෙසු වගා වගා හානි සඳහා සහනයක් සැලසීමට හැකියාවක් ඇත්නම් ඒ පිළිබඳව කටයුතු කිරීමට සූදානම් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේ දී ද බලා පොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සමබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත්,ගාල්ල,මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75 පමණ තරමක වැසි ඇති විය හැකියි. නැගෙනහිර හා ඌව පළාත්වලත් මුලතිව් දිස්ත්‍රිකයේත් තැනින් තැනට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝසතු මස 28 වන් දින් සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්නයේ අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතී. අද දින් (30) දහවල් 12:11 මන්නාරම, වවුනියා ත්‍රිකුණාමල සහ මුලතිව් දිස්තික්කවලට හිරු මුදුන්ව…
වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මරණයට පත්වූ බව කියන රාජන් රාජකුමාරි ගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් වැලිකඩ පොලීසියේ සේවය කළ උප-පොලිස් පරීක්ෂකවරයෙකු ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවට පමුණුවනු ලැබීය. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අධිකරණය හමුවේ කරුණු දක්වමින් විමර්ශනවලදී අනාවරණය වූ සාක්ෂි පදනම් කරගෙන මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව සඳහන් කළේය. මියගිය තැනැත්තිය අත්අඩංගුවට පත් අවස්ථාවේ සිට මිය යන තෙක්ම මෙම සැකකරු භාරයේ සිටි බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති…
පොහොය දිනයක් වන හෙට (30) දිනයේ රජයේ බැංකු වන ලංකා බැංකුව සහ මහජන බැංකුව විවෘතව තැබෙන බව රජය දැනුම්දෙයි. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව පැවසීය. අස්වැසුම ප්‍රතිලාභීන්ට ගෙවීම් ලබාගැනීම වෙනුවෙන් එලෙස රාජ්‍ය බැංකු දෙකක් විවෘතව තැබෙනු ඇත.
2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සඳහා වන සංශෝධන සම්බන්ධයෙන් ඊයේ (28) පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතියන් ලැබී තිබේ. ඒ අනුව එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට ය. ඉන් අනතුරුව එය අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබුණි. 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා 2024.01.01 දින සිට ක්‍රියාත්ම වන පරිදි සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය අහෝසි කිරීම සඳහා 2023.06.05 දින පැවැති ආමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදෙන…
ඉදිරි මාස 03 තුළ ඉන්දියාවෙන් බිත්තර මිලියන 92.1ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඊයේ (28) පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතියන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබුණි. දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායිකරණය කිරීමේ අරමුණින් රාජයේ වාණීජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් බිත්තර ආනයනය කර දේශීය වෙළෙඳපොළ වෙත නිකුත් කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්මේන්තුව විසින් නිර්දේශිත ඉන්දියාවේ සමාගම් 03කින් මිල ගණන් කැඳවා ඇත.
2017 වසරේ ස්ථාපිත කළ දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධතිවලින් වැඩි සංඛ්‍යාවක් දරුණු රිය අනතුරු සහ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් අක්‍රීය වී ඇති බව දුම්රිය මාර්ග හා සංඥා උප දෙපාර්තමේන්තුව පවසයි. එහි ප්‍රධාන ඉංජිනේරු චින්තක ජයසේකර මහතා සඳහන් කළේ, මේ වන විට අක්‍රීය වූ දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති බොහෝ සංඛ්‍යාවක් යළි අලුත්වැඩියා කර ඇති බවය. “හරස් මාර්ග ආරක්ෂණ පද්ධති කියල කියන පද්ධතිවල දෙසීයකින් 94ක් ක්‍රියාවිරහිතයි කියන වාර්තාවක් තිබුණා. ඒකෙන් රුපියල් මිලියන පන්සියයක අලාභයක් වෙලා තියෙනවා කියලා. මේ පද්ධතිය සවිකරේ ඇත්තටම 2017 දී. මේක අවුරුදු දෙකක් හෝ දෙකට වැඩි ගාණක් තුළ සවිකරපු පද්ධති ප්‍රමාණයක්. හැබැයි ඊට පස්සේ තත්ත්වය මීට වඩා ගොඩක් වෙනස්.…
