Author: LANKA24X7

වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව (Disturbance, Availability and Transport allowance – DAT) රුපියල් 35,000 සිට රුපියල් 70,000ක් දක්වා වැඩිකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනාව 25%කින් ඉහළ දමා ජනවාරි වැටුප සමග ලබාදීමටත් කැබිනට් මණ්ඩලයේදී තීරණය කෙරිණි. ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවටද කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

Read More

නිදහස ජනතා සභාව පසුගිය මාස අටක කාලය පුරාවට සියලු විපක්‍ෂ බලවේග සමඟ සාකච්ඡා කරමින් විපක්‍ෂයේ පාලමක් හදන්න උත්සා කළ ද එය අසාර්ථක වූ බව නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (8) පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නාවල පිහිටි නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේදී අද පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය. එම උත්සහය බලාපොරොත්තුවලට සාපේක්‍ෂව ආසාර්ථක වූවද එම උත්සහය අත්හැර නොමැති බව වගකීමෙන් ප්‍රකාශ කරන බව ද අලහප්පෙරුම මහතා කීය. මැතිවරණයක් ළං වන විට හයිජම්ප්වලට, ලෝන්ජම්ප් එකට පුහුණු වී ජයග්‍රහකයා වෙන්න ගොඩක් උත්සහ ඇති බව කී ඒ මහතා නිදහස ජනතා සභාවේ ජනාධිපති අපේක්‍ෂකයා ද සජිත් ප්‍රේමදාස මහතා…

Read More

ඊශ්‍රායල හමුදා ඩ්‍රෝන ප්‍රහාරයකින් හිස්බුල්ලා නායකයකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මියගොස් ඇත්තේ හිස්බුල්ලා සංවිධානයේ සන්නද්ධ අංශය යටතේ පවතින, රඩ්වාන් බලඇණියේ අණ දෙන නිලධාරී වසීම් අල් තවීල් ය. වසීම් අල් තවීල් මියගියේ තමන්ගේ ඩ්‍රෝන ප්‍රහාරයකින් යැයි ඊශ්‍රායලය පවසා නැත. හිස්බුල්ලා සංවිධානය ක්‍රියාත්මක වන්නේ ලෙබනනයේය. ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී ඇත්තේ දකුණු දිග ලෙබනනයේ මජ්දාල් සෙලාම් නමැති ගම්මානයටය. හිස්බුල්ලා සංවිධානය ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට සහාය දක්වයි.

Read More

ආදායම් බදු ගෙවිය හැකි පුද්ගලයන් ලක්ෂ 10 සිටියත් බදු ගෙවීම සිදු කරන්නේ ලක්ෂ පහක් බැවින් ඔවුන් බදු දැලට හසු කරගත යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. වක්‍ර බදු අඩුකර සෘජු බදු අනුපාතය ඉහල නංවා ගැනීමට නම් මේ ක්‍රියාව කළ යුතු බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීය. බදු ගෙවන්නෙකු යනු රටක ස්ථාවරත්වයකට පත්වූ ශක්තිමත් පුරවැසියකුය යන්න දියුණු රටවල පිළිගැනීම බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා මෙරට ජනතාවද එවැනි ආකල්පමය වෙනසක් ඇති කර ගැනීම රටේ සංවර්ධනය සඳහා ඉවහල් වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන්…

Read More

රට තුළ පවතින කීරි සම්බා සහ සම්බා සහල් හිඟය ලබන පෙබරවාරි මස 15 වැනිදා වන විට අවසන් වන බවත් එම සහල් වර්ග දෙකේ හිඟය පියවීමට සහල් ආනයනය කිරීම තවත් ගටලු රැසක් ඇති කරන බවත් රත්න සහල් සමාගමේ සභාපති මිත්‍රපාල ලංකේෂ්වර මහතා ඊයේ (8) මාධ්‍යට පැවසීය. මෙම මස 15 වැනිදා ගොයන් කැපී ආරම්භ වූ පසුව කීරි සහ සම්බා වී ලැබීමෙන් පසුව සහල් වැඩි ප්‍රමාණයක් වෙළෙඳපොලට සැපයිය හැකි බව කී ඒ මහතා ගොයන් කැපීම ආසන්නයේ තිබියදී රටින් සහල් ආයන කිරීමෙන් ගොවීන් නැවතත් වීවල වැඩි මිලක් ඉල්ලා පාරට බැසීමට ඉඩ ඇති බව ද කීය. එම සහල් වර්ග දෙකේ හිඟයට හේතුවෙන් සහල් සමාගම් සහල්…

Read More

වැට් බද්ද ඉහළ දැමීමත් සමඟ බොහෝ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ දමා ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති. ඒ අනුව පරිප්පු, සීනි, අල, ලූණු, කරවල, ආනයනික තිරිඟු පිටි, ටින් මාළු සහ කිරී සම්බා සහ සම්බා සහල් මිල තව දුරටත් ඉහළ ගොස් ඇති බවත් ව්‍යාපාරිකයන් හිතුමතේ භාණ්ඩවල මිල ඉහළ දමන බවත් පාරිභෝගිකයෝ කියති. වැට් බද්ද ඉහළ දැමීමට පෙර රුපියල් 300 ක සිල්ලර මිලක පැවැති පරිප්පු කිලෝවක මිල මේ වන විට රුපියල් 350 ත් 400 ත් අතර මුදකට අළෙවි කරන බවත් රුපියල් 290 කක්ව පැවැති සුදු සීනි කිලෝවක මිල රුපියල් 325 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද පාරිභෝගිකයෝ පවසති. රුපියල් 260 ක සහ…

Read More

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යහපාලන ආණ්ඩුය හරහා රට භාරගන්නා විට 2020 වසරේ රට ණය බරින් නිදහස් කරනවා කිව්වට නැවත වතාවක් බලයට ඇවිත් ණය ප්‍රතිව්‍යුහගතකරණය කරමින් සිටින බවත් සෑම දේශපාලඥායෙක්ටම සුරංගනා කථා මවා කියන්න පුළුවන් වුවත් එය බිම් මට්ටමේ ක්‍රියාත්මක කරපු පක්‍ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ඊයේ (8) පැවසීය. බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී මාධ්‍යයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා එසේ පැවසීය. තරුණයෙක්ට දේශපාලන වශයෙන් ශක්තිමත් වීමට හොඳම අවස්ථාව මෙය යැයි තමන් විශ්වාස කරන බව කී නාමල් රාජපක්‍ෂ මහතා පක්‍ෂය සහ රට ගොඩනැගීමේ අභියෝගය…

Read More

ජනපතිගේ දැක්ම අනුව වැඩ කළොත් රටට කිසි දිනක වරදින්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. ජනාධිපති ගෙනයන ආර්ථික, දේශපාලන, සමාජීය හා සංස්කෘතික යන සෑම ක්ෂේත්‍රයකම නව වකවානුවක් උදාකිරීමේ අභියෝගාත්මක වැඩපිළිවෙලට සියලු දෙනා එකාවන්ව කැපවීමෙන් කටයුතු කළ බවද ජනාධිපතිවරයා කීය. 2024 නව වසරේ පක්ෂයේ වැඩකටයුතු බියගම දී නිල වශයෙන් අරඹමින් රුවන් විජයවර්ධන මහතා මේ බව පැවසීය.

Read More

වසර පහකට ආසන්න කාලයක් කල්මරමින් සිටින ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය සහ නිලධාරීන්ගේ වැටුප් විධිමත්ව සංශෝධනය කිරීමට කඩිනම්ව මැදිහත් වන්නයි සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරයි. මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග නොගන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට යොමුවන බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා ප්‍රකාශ කරයි. 2018 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංගම කාර්ය මණ්ඩලයේ සහ නිලධාරීන්ගේ වැටුප් සංශෝධනය සිදු කර නොමැති බවත් මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී විෂය භාර අමාත්‍යවරුන් සහ බලධාරීන් දැනුවත් කළත් කිසිදු පලක් නොවූ බවත් ඔහු පැවසීය. වසර පහක් තිස්සේ මෙම කල්මැරීම ශ්‍රී ලංගම සේවකයන්ට තවදුරටත් ඉවසිය නොහැකි බවත් මෙම ගැටලුව…

Read More

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය, සාමකාමීබව සහ එදිනෙදා ජන ජීවිතය පිළිබඳව අතිශයින් සතුටු වන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසන්නීය. අධිකරණ, අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සමග අද (08) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවති හමුවකදී ජුලි චන්ග් මහත්මිය මේ බව සඳහන් කර තිබේ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත, ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාල පනත් පිළිබඳව අධිකරණ අමාත්‍යවරයා සහ තානාපතිනිය අතර අදහස් හුවමාරු කර ඇති බව වාර්තා වේ. ජල ශාස්ත්‍රීය සේවය පිහිටුවීම, ජල ශාස්ත්‍රීය මැනුම් විධිමත් කිරීම, නාවික සිතියම් නිර්මාණය කිරීම ආදී නාවික හා සමුද්‍රීය කටයුතු සම්බන්ධයෙන් කෙටුම්පත් කරන ලද නව ජල ශාස්ත්‍රීය පනත් කෙටුම්පත පිළිබඳව…

Read More