Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
දිවයින පුරා තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 349 දෙනෙකුගේ ලැයිස්තුවක් පොලීසිය යුක්ති ලේඛණයට ඇතුළත් කර තිබේ. 2023.12.17 වනදා ආරම්භ කළ යුක්ති මෙහෙයුම යටතේ දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ කටයුතු තවදුරටත් අඛණ්ඩව සිදුකෙරේ. ඒ අනුව, දිවයින පුරා අලුතින් හඳුනාගත් ජාවාරම්කරුවන් 296 දෙනෙකුගේ ලැයිස්තුවක් සහ දැනට මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගත් ජාවාරම්කරුවන්ගේ අනුගාමිකයින් වශයෙන් හඳුනාගත් තවත් ජාවාරම්කරුවන් 53 දෙනෙකු ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 349 දෙනෙකුගේ ලැයිස්තුවක් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි මෙලෙස නිකුත් කර තිබේ. එම ලැයිස්තුව දිවයිනේ සියලුම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වෙත යොමුකර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට හෙට (10) පස්වරු 05 සිට ඉරිදා පෙරවරු 08 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.
පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් එක් පුද්ගලයකුට ඊයේ (8) සවස ආනමඩුව තත්තෑව ප්‍රදේශයේදී වෙඩි තබා පලා ගොස් ඇතැයි ආනමඩුව පොලිසිය පවසයි. වෙඩි වදුනු පුද්ගලයා තුවාල ලබා ආනමඩුව රෝහලට අතුලත් කිරේමෙන් අනතුරුව පුත්තලම රෝහලට මාරු කර යවා තිබේ.
ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා රජයෙන් සහන නොලැබීමෙන් ව්‍යාපාර රැසක් වැසී යාමට පටන් ගෙන ඇතැයි ශ්‍රී ලංකා ශුද්‍ර,කුඩා හා මධ්‍ය ව්‍යවසායක මණ්ඩලය මාධ්‍ය හමුවකදී පැවසීය. ලාංකීය එක්සත් ව්‍යවසායක සංගමයේ සභාපතිනී ටානියා අබේසුන්දර මහත්මිය එහිදී පැවසූයේ ඇඟලුම් ක්ෂේත්‍රයේ ව්‍යාපාර වලින් සියයට 59ක් බිඳ වැටී ඇති බවයි. වෙළෙඳ සැල් වල බඩු තිබුණත් ඒවා මිලදී ගන්නට කිසිවකුත් නැතැයිද අබේසුන්දර මහත්මිය කීවාය. ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන කවුන්සිලයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පැවසූයේ ශ්‍රී ලංකාවේ ජලාශ පිරී ඉතිරී ගියත් ආසියාවේ වැඩිම විදුලි බිලක් ගෙවන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙන බවයි. සියයට හාරසීයකින් වැඩි කරන ලද විදුලි බිල තවම අඩු කරන්නට නොහැකි වී තිබෙන බවද ලියන…
අරණායක දිසා රෝහලේ සේවය කරන අවිවාහක වෛද්‍යවරියකට ලිංගික අතවරයක් සිදු කළැයි කියන එස රෝහලේ වෛද්‍යවරයා ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාවනැල්ල මහේස්ත්‍රාත් අනුරාධ වීරක්කොඩි මහතා වෙත ඊයේ නියෝග කළේය. රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති වෛද්‍යවරයා අරණායක රෝහලේ සේවය කරන බවත් ඉකුත් 06 වැනිදා අරණායක දිසා රෝහලේ සේවය කරමින් සිටියදී 28 හැවිරිදි අවිවාහක වෛද්‍යවරියකගේ රහස් ප්‍රදේශය කාමරයක් තුළ දී ස්පර්ශ කර ලිංගික අතරවයක් සිදු කර බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කෙරිණ. පසුව වෛද්‍යවරිය පියාට දැනුම් දීමෙන් පසු පියා කෑගල්ලට කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයට කළ පැමිණිල්ලකට අනුව සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගත්තේය.
රැඳවුම් නියෝග මත ආදුරුප්පුවීදිය පොලිසියේ රඳවා සිටියදී උග්‍ර වස වර්ගයක් මිශ්‍රකර කිරි තේ ලබාදුන් බව කියන ආගන්තුකයා ආරක්ෂක කැමරා මගින් නිශ්චිතව හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි. ආදුරුප්පුවීදිය ජින්තුපිටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකට සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන පොලිසියේ සිර මැදිරියේ රඳවා සිටි බව පොලිසිය පවසයි. ආගන්තුකයා ලබා දුන් කිරි පැකට් පානය කිරීමෙන් අනතුරුව රෝගී වී ඇති අතර ඒ සමග ඔවුන් රෝහල් ගත කිරීමට පොලිසිය කටයුතු කළේය. එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන විශේෂ පොලිස් කණ්ඩායමක් සි සි ටි වි දර්ශනවල සිටින පුද්ගලයා සහ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ගේ ඡායාරූප එකිනෙක සැසඳීමෙන් අනතුරුව එම සැකකරුව හඳුනාගෙන තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. මේ වන විට…
මිත්තණියගේ රුපියල් ලක්ෂ 15ක මුදල් සොරකම් කළ 14 හැවිරිදි මුනුබුරාව දොඩංගොඩ පොලීසිය විසින් අද (08) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන පාසල් සිසුවෙකි. පසුගිය 31 වනදා දහවල් කාලයේ දොඩංගොඩ පොලිස් වසමේ මිනුවන්දෙනිය නිවසක කාන්තාවකගේ රුපියල් ලක්ෂ 15ක මුදලක් කිසියම් පුද්ගලයෙකු සොරකම් කර ඇති බවට දොඩංගොඩ පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි. මිත්තණිය දහවල් කාලයේ නිවසින් බැහැරව ගොස් සිටියදී හොර රහසේ ඉනිමඟක් ආධාරයෙන් වහලයෙන් නිවසට ඇතුළුවී සොරකම සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය විය. සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අනුව 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අදාළ සිසුවාව සැකපිට අත්අඩංගුවට ගැනුණි. මෙම සොරකම සම්බන්ධයෙන් ප්‍රදේශයේ විවිධ පුද්ගලයන්ගෙන් සැකපිට ප්‍රශ්න…
වර්තමාන ආණ්ඩුවේ වැඩපිළිවෙළ ඉදිරියටගෙන යෑමෙන් රටේ හෙට දවසට යපතක් නොවන්නාක් මෙන්ම එම වැඩපිළිවෙළින් රට අර්බුදයේ අගාදයට ගමන් කරන බවත් ඒ හේතුවෙන් ආණ්ඩුවේ දේශපාලන වැඩපිළිවෙළට එකතු වීමට සිහිනෙන්වත් අදහසක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (8) පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නාවල පිහිටි නිදහස ජනතා සභා ප්‍රධාන කාර්යාලයේදී අද (8) පැවැති මාධ්‍ය හමුවෙව්දී එසේ පැවසීය. ආණ්ඩුවේ වැඩපිළිවෙලට විකල්පයක් වන වැඩපිළිවෙළක් වෙනුවෙන් පමණක් නිදහස ජනතා සභා එකතු වන බව ද ඒ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය පොල්හේන්ගොඩ කදවුරේ ටි 56 ගිනි අවියකට අයත් උණ්ඩ 30 ක් පුරවන ලද මැගසිනයක් අස්ථානගතව ඇති බවට කිරුළපන පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. ඉකුත් 4 වෙනි දින සහ 7 වෙනි දිනයන් අතරතුරදී මෙය අස්ථානගතව ඇති බවට අණ දෙන නිලධාරීවරයකු ලෙස කටයුතු කරන මේජර්වරයෙකු පැමිණිලි කර ඇත. කඳවුරේ මුරකුටි සඳහා එක් නිලධාරියකු වෙත ටී 56 ගිනි අවියක් ,උන්ඩ 120 ක් අඩංගු මැගසින් 4 ක් මෙන්ම පුචස් 1 ලබාදීම සිදුකරන බවත් ඉකුත් දින කීපය තුළ එයාකාරයෙන් නිලධාරීන් වෙත ලබා දී ඇතැයි පොලිසිය කියයි.
රජයේ විශ්‍රාම වැටුප් හිමියන් ලක්‍ෂ හතකට අධික සංඛ්‍යාවක් විශේෂ දීමනාව නොලැබීමෙන් සහ විශ්‍රාම වැටුප සකස් කිරීම ප්‍රමාද වීමෙන් අපහසුතාවට පත්ව සිටින බව විශ්‍රාම වැටුප් හිමියෝ පවසති. ඇතැම් රාජ්‍ය සේවකයන් විශ්‍රාම ලබා වසරකට වැඩි කාලයක් ගතවී තිබුණ ද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව එය සකස් කිරීම දිගින් දිගටම ප්‍රමාද කරන බවත් 2016 වසරෙන් පසුව විශ්‍රාම ලැබූවන්ට දෙන්නේ යැයි ප්‍රකාශ කළ විශේෂ දීමනාව මේ දක්වා නොලැබුණු බවත් විශ්‍රාමිකයෝ කියති. මෙම වසරේ පෙබරවාරි මස විශ්‍රාම වැටුප් දීමනාව අද (8) නිකුත් කළ ද එම විශේෂ දීමනාව මේ දක්වා ඇතුළත් කර නොමැති බව ද විශ්‍රාම වැටුප් හිමියෝ සඳහන් කරති. විශ්‍රාමිකයන්ගේ චෝදනාව සම්බන්ධයෙන් විමසීමට කොමසාරිස් ජනරාල් ජගත් ඩී.…
