Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියැදුරකු ගේ හිසට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය ඩුබායි රටේ සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බ්ලූමැන්ඩල් රවී නැමැත්තා විසින් මෙහෙය වූ එකක් බවට අනාවරණය වූ බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි . එම ඝාතනයට ආධාර අනුබලදීම සහ කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් බ්ලූමැන්ඩල් රවී නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ මුදල් පරිපාලක ලෙස කටයුතු කරන කොටහේන, කොටහේන වීදිය ප්‍රදේශයේ පුද්ගලයකු හා එම ජාවාරමට සහ ඝාතන සිද්ධියට සෘජුව සහාය ලබා දුන් කාන්තාවක් ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරු සන්තකයේ තිබී එම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බව කියන රුපියල් 17 ලක්ෂ 59000 ක මුදලක් අලුත්ම…
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පවරන ලද නඩුවකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන රැදී සිටි නිල නිවසෙන් ඉවත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීන්දුව යළි සලකා බලන මෙන් ඔහුගේ නීතිඥවරු මෝසමක් මගින් කරුණු දක්වා තිබෙනවා. එම අවස්ථාවේදී නඩුව සැප්තැම්බර් 19 දින යළි කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. මානව හිමිකම් කොමිසම විසින් ලබාදුන් තීන්දුවකට අනුව මන්ත්‍රීවරයා අදාළ නිල නිවසේ රැඳී සිටි අතර නීත්‍යානුකූල නොවන ආකාරයෙන් රැදී නොසිටි බවයි නිතිඥවරුන් පෙන්වා දුන්නේ. ඒ අනුව අධිකරණය කරුණු සලකා බැලීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට නොතීසි නිකුත් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන දැනට රැදී සිටින නිවස සඳහා අදාළ බදු කුලියද නිසි…
ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 5 ක විශිෂ්ට ජයක් හිමිවුණා. ආසියානු කුසලාන තරගාවලියේ B කාණ්ඩය යටතේ පැවැත්වෙන පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ (31) මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. අද පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණු අතර බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ඔවුන් පන්දු වාර 42 යි පන්දු 4 දී බංග්ලාදේශ කණ්ඩායම සියළු දෙනාම දැවී ලකුණු 164 ක් ලබා ගත්තා. බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Najmul Hossain Shanto ලකුණු 89 , Towhid Hridoy ලකුණු 20 ක් ද ලබා…
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමේ පියවර තවදුරටත් ඉදිරියට ගෙන යමින් ‘The Colours Of Jaffna’ නමින් සුවිශේෂි වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මෙම වැඩසටහනේ අරමුණ වනුයේ උතුරු පළාතට අවේණික වූ සුපශාස්ත්‍ර හා ගෘහ නිර්මාණ ලක්ෂණ ඇතුළුව සංස්කෘතික හා සමාජීය සුවිශේෂිත්වය ලොවට පෙන්වා දීමයි. මෙම ක්‍රියාවලිය ආරම්භ කිරීමට නිමිත්තෙන් යාපනය නල්ලුර් කන්දසාමි කොවිලේ වාර්ෂික උත්සවයක් ආරම්භ කර තිබෙනවා. වැඩසටහනේ පළමු අදියර වශයෙන් යාපනය ප්‍රදේශයට ආවේණිකත්ව සහිත වීඩියෝවක් එළි දැක් වූ අතර තවත් වැඩසටහන් මාලාවක් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. යාපනය ප්‍රදේශයේ සුවිශේෂී බව වඩාත් පහසුවෙන් අත්විදිමට හැකි වන ආකාරයට සංචාරකයන්ට හෝටල් පැකේජ් කිහිපයක්ද හදුන්වා දී තිබෙන බවයි සඳහන් වන්නේ.
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කොට සිටිනවා. බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 100 ට වැඩි තද වැසිද ඇති විය හැකි බවයි වාර්තා වෙන්නේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, වවුනියා සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය යැකි බවද එම නිවේදනයේ සඳහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු…
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව (Ceypetco) සහ IOC සමාගම සතු ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13 කින් වැඩි වී ඇති අතර එහි නව මිල රුපියල් 361 ක් වෙනවා. එමෙන්ම, ඔක්ටේන් 95 පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 42 කින් වැඩිවී ඇති අතර එහි නව මිල රුපියල් 417 ක්. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 35 කින් ද වැඩිවී ඇති අතර එහි නව මිල රුපියල් 341 ක් සහ ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 01 කින් ද වැඩි වී තිබෙන අතර, එහි නව මිල රුපියල් 359 ක් ලෙස…
අනාගත පරපුර නවීන තාක්ෂණයෙන් මෙන්ම මූල්‍ය සාක්ෂරතාවයෙන් ද සවිබල ගන්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නව ආර්ථික ක්‍රමවේද සමග 2048 වනවිට දියුණු ශ්‍රී ලංකාවක් කරා යන ගමනේදී එය අත්‍යවශ්‍ය කරුණක් බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි. එසේම ලබන වසරේ සිට මහ බැංකු වර්තාව පාසල්වල සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා ගුරුවරුන්ට හා ශිෂ්‍ය නායකයින්ට අවශ්‍ය පුහුණුව ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (31) පෙරවරුවේ මහනුවර නුගවෙල මධ්‍ය විද්‍යාලයේ පැවති තෝරාගත් පාසල් 100ක ‘ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගම්’ පිහිටුවීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි. පාසල් සිසුන් අතර…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය සියයට 4ක් දක්වා පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ ජුලි මාසයේදී එය සියයට 6.3ක් ලෙසට වාර්තා වූ බවය. එසේම අගෝස්තු මාසයේදී ආහාර උද්ධමනය සියයට -4.8ක් දක්වා පහළගොස් ඇති අතර එය ජුලි මාසයේදී වාර්තා වුයේ සියයට -1.4ක් ලෙසටය.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. දිවයින හරහා නිරිතදිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් නිරත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට (01) දිනයේ බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු පළාත්වල සහ මහනුවර, නුරඑළිය දිස්ත්‍රික්කවල තද වැසි ඇති විය හැකි බවත් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසත් දන්වා ඇත. එම ප්‍රදේශවලට මි.මී 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
පතොරම් සන්තකයේ තබාගැනීම හා ප්‍රවාහනය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ(30) දහවල් කාලයේ ත්‍රීරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට පාර්සලයක් ලබාදෙන අවස්ථාවේ එ් සම්බන්ධව ඇති වූ සැකය මත අලවතුගොඩ පොලිස් වසමේ අකුරණ නගරයේ අපරාධ නිවාරණ රාජකාරීයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් අදාළ පාර්සලය පරීක්ෂාකර ඇත. එහිදී එම පාර්සලය තුළ SG වර්ගයේ සජීව පතොරොම් 07ක්, T 56 වර්ගයේ සජීව පතොරොම් 03ක් සහ හිස් කොපු 05ක්, 84 වර්ගයේ සජීව පතොරොම් 01ක් තිබී හමුව ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 39,45 සහ 48 වයස්වල පසුවන අකුරණ, රම්බොඩ සහ අටබාගේ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. ත්‍රීරෝද රථයකින් පැමිණි සැකකරුවන් දෙදෙනා ආරක්ෂ අංශ සෙබළුන් බව පොලීසීය සඳහන් කරයි.…
