Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් පවත්වා තිබේ. පැයක පමණ කාලයක් දෙපාර්ශවය අතර මෙම සාකච්ඡා පැවති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමකට කැබිනට් අමාත්‍යධුර ලබා දෙන ලෙස සිදුකරන ලද ඉල්ලීමකට ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් සාධනීය ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෑත කාලීනව ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡා පැවතියේ නැත. කෙසේ වෙතත් ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ දී ඉදිරි අයවැය සම්බන්ධයෙන් සාකච්ඡාවකට ලක් ව ඇති අතර සහන ලබාදීම පිළිබඳව ද දීර්ඝ වශයෙන් දෙපාර්ශවය අතර සාකච්ඡා කර තිබේ. එමෙන් ම ඉදිරි දේශපාලනික කටයතු සම්බන්ධයෙන් ද සාකච්ඡා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග…
ව්‍යාජ ජාතික හැඳුනුම්පත් දෙකක් සන්තකයේ තබාගැනීමට එරෙහිව ශෂී වීරවංශ මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව ඔක්තෝබර් මස 31 වනදා යළි කැඳවන ලෙස අධිකරණය නියම කළේය. පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීමට අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටි හිටපු ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා මහතා ඇතුළු සාක්ෂිකරුවන් දෙදෙනාට එදින අධිකරණය හමුවේ පෙනීසිටින ලෙසට දැනුම්දුනි. එදින නඩුවට අදාළ මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට ද විත්තියට ඉඩ ලබාදුනි. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේදී මෙලෙස ව්‍යාජ ජාතික හැඳුනුම්පත් දෙකක් භාවිත කළේ යැයි ඔහුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට චෝදනා ඉල්ලවී තිබේ. කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හමුවේ අද (12) නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාරිය වෙනුවෙන් පෙනී…
ශක්තිමත් බදු ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කරන තෙක් සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය (SVAT) ඉවත් කිරීම අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බවට පෙනී ගොස් තිබේ. ඒ අනුව එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය ඉවත් කිරීමට අදාළ විධිවිධාන ක්‍රියාත්මක වන දිනය 2025.04.01 ලෙස සංශෝධනය කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
දේශීය වශයෙන් විදුලි වාහන නිෂ්පාදනය සහ එකලස් කිරීම දිරිගැන්වීම වෙනුවෙන් ඊයේ (11) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණ කිහිපයක් ගෙන තිබේ. ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 50ක අවම ආයෝජනයක් විදුලි වාහන සහ ප්ලග්-ඉන් දෙමුහුන් විද්‍යුත් වාහන එකලස් කිරීමේ කර්මාන්තය සඳහා යොදවනු ලබන ආයෝජකයින්ට බදු සහන සැපයීමට නියමිතය. 500kw දක්වා බල ශ්‍රේණිගත කිරීමක් සහිත විදුලි වාහන, විදුලි ද්වි රෝද රථ සහ 3000cc දක්වා එන්ජින් ධාරිතාව සහිත ප්ලග්-ඉන් දෙමුහුන් විද්‍යුත් වාහන එකලස් කිරීම සඳහා නවීන අර්ධ වශයෙන් එකට එකතු කරන ලද (Semi-Knockde – Down/SKD) කට්ටල ආනයනය කිරීමේදී CIF අගය මත ශුන්‍ය තීරුබදු (0%) ගාස්තුවක් පැනවීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.…
සිනමා ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. එහි සභාපති චාලක ගජබාහු මහතා සඳහන් කළේ, ඉන්දියානු සිනමාව මෙරට තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති චාලක ගජබාහු මහතා එම අදහස් පළ කළේය. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති චාලක ගජබාහු මහතා, “ඉන්දීය සිනමාව කියන්නේ ලෝකයේ තියෙන ලොකුම සිනමා ව්‍යාපෘතිය. අපේ ඇත්තටම ඕනේකම තියෙන්නේ ඉන්දියන් සිනමා කර්මාන්තය අවුරුද්දකට 2,000ට වැඩිය ටීවි ශෝස් හදනවා දැන් ඕටීටී ප්ලැට්ෆෝම්වල, නෙට්ෆිලික් ද ප්‍රයිම ද, ඩිස්නිවල ද ඔක්කොම දැන් ඉන්දියන් ටීවි…
රට තුළ ආර්ථික වශයෙන් යම් ස්ථීරභාවයක් ඇති වුව ද ඵලදායී ආර්ථික වර්ධනයක් පෙන්නුම් නොකරන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්‍ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, බැංකු පොලී අනුපාතය සැලකිය යුතු මට්ටමින් පහත දැමීමක් මෙතෙක් සිදු කර නොමැති බවයි. මේ පිළිබඳ වැඩිදුර අදහස් දැක්වූ ආචාර්‍ය ප්‍රියංග දුනුසිංහ, “අපිට දකින්න නැහැ තාම වෙළෙඳපොළ පොලී අනුපාතයන් පහළට ඇවිල්ලා ණය ගලාගෙන යාමක් අපිට පෙනෙන්ට නැහැ. බැංකු අංශ තාමත් පොලී අනුපාත ඉහළ මට්ටමක පවත්වාගෙන යන තත්ත්වයක් තමයි පවතින්නේ. ඒ නිසා එලදායි විදිහට ප්‍රත්පත්ති කරන හරහා ආර්ථික වර්ධනය ඇති කරන්න තාමත් අපි අසමත් වෙලා පවතිනවා. ඇත්තටම ප්‍රතිපත්තිකරණය හරහා ආර්ථිකය තුළ…
සුරාබදු පනත සංශෝධනය කිරීමට කඩිනමින් පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, මේ වනවිට සුරාබදු පනතේ බොහෝ අඩුපාඩු පවතින බවයි. එම අඩුපාඩු සංශෝධනය කරමින්, ඊට කඩිනමින් සංශෝධන ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය. “සුරාබදු ආඥා පනත අපේ රටේ තියෙන ඉතාම පැරණි ආඥා පනතක් අවුරුදු 100කටත් වැඩියි. මේක වරින් වර ඒ යුගයේ අවශ්‍යතා මත සුරාබදු නිවේදන 1,000කට වැඩි ප්‍රමාණයකින් යාවත්කාලීන කරගත්ත පනතක්. ඉතින් ඒ නිසා මේකට විශාල පැලැස්තර ප්‍රමාණයක් අලවාගත්ත රෝගියෙකු වගේ. පනතෙන් ආවරණය කරපු ආවරණයන් අද ප්‍රමාණවත් නැහැ. කෙළවරක් නැති සිදුරු නිර්මාණය වෙලා තියෙනවා. මෙන්න මේ සිදුරු සියල්ල වසලා…
කුලවද්දාගත් දරුවකු හදාවඩා ගැනීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට නිවාඩු ලබාදීම සඳහා විශේෂ චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ. දරුවෙකු හදාවඩා ගැනීම විශේෂ අවස්ථාවක් සේ සලකා උපරිම මාස 04ක කාලයක් සඳහා අඛණ්ඩව රාජ්‍ය නිලධාරිනියකට නිවාඩු ලබාදීමට අදාළ චක්‍රලේඛයෙන් දැනුම් දී ඇති බව සඳහන්ය. එම නිවාඩුව සඳහා ඉල්ලුම් කිරීමට හදා වඩා ගැනීම සඳහා ලබාගන්නා දරුවාගේ වයස මාස 10කට අඩුවිය යුතු අතර, එම දරුවාගේ උප්පැන්න සහතිකයේ සත්‍ය පිටපතක් ඉදිරිපත් කළයුතු බව එම චක්‍රලේඛයේ සඳහන් වෙයි. ඒ අනුව, වැටුප් සහිත නිවාඩු, අඩ වැටුප් සහිත නිවාඩු සහ වැටුප් රහිත නිවාඩු වශයෙන් උපරිමය මාස 04ක කාලයක් සඳහා කුලවද්දාගත් දරුවෙකු හදා වඩාගැනීම වෙනුවෙන්…
පළාත් පාලන ආයතනවල අනියම් ආදේශක සහ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන කම්කරුවන් සියලු දෙනා ස්ථීර කිරීමට පියවර ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, මේ වනවිට දිවයින පුරා පළාත් පාලන ආයතනවල එවැනි කම්කරුවන් 8,000ක් පමණ සිටින බවයි. එම කම්කරුවන් ස්ථීර කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබේ. අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබීමෙන් අනතුරුව පළාත් පාලන ආයතනවල සේවය කරන අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන කම්කරුවන් ස්ථීර කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේය. මේ අතර,…
ඊයේ (09) දහවල් කාලයේ පිටිගල පොලිස් වසමට අයත් තොටුපොළ පාර, බෙන්තර ගං ඉවුරේ තිබී පිරිමි මළසිරුරක් හමු වී තිබේ. මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැති බව වාර්තා වේ. කෙසේ වෙතත්, මළසිරුර වයස අවුරුදු 40ත් 50ත් අතර වයසේ පසු වන තැනැත්තකුගේ බවට අනුමාන කළ හැකි බව පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ, උස අඩි 05යි අඟල් 04ක පමණ පුද්ගලයකු වන අතර, නිල් පාට ඉරි සහිත අත් කොට කමිසයක් හැඳ, යටිකය නිරුවත් ව සිට ඇත. මළසිරුර ඇල්පිටිය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පිටිගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
