Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පාරිහෝගිකයා ආරක්ෂා කිරීම සඳහා වත්මන් පාරිහෝගික අධිකාරී පනත සංශෝධනය කළ යුතු බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඔහු චෝදනා කරන්නේ, පාරිභෝගික අධිකාරියේ ඇතැම් නිලධාරීන් දූෂිත බවය. වැඩිදුරටත් අදහස් දැක්වූ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා, “සමාගම් 4ක තේ පැකට් මිලදීගෙන ඩයි දාලා කියලා පාරිභෝගික අධිකාරියට කිව්වා. ඒක දීලා එළියට එන්න කලින් සමාගම් 2ක නීතිඥයින් මට කතා කළා. මගේ පැමිණිල්ල ගැන කවුද කිව්වේ ?. අධිකාරිය හැර වෙන කෙනෙක් දන්නෙ නැහැ. නිලධාරීන්ට සමාගම් ගෙවීමක් කරනවා ඇති. නීතියේ ආධිපත්‍යය නොසලකා හැරිය නිසයි රට කඩන් වැටුණේ. පාරිභෝගික අධිකාරී පනත ප්‍රමාණවත් නැහැ. අලුත් පනතක අවශ්‍යතාව අවධාරණය කරනවා.”…
පිළිස්සුම් තුවාල ලබා මාතර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි විදේශ ජාතිකයකු මියගොස් තිබේ. එසේ මියගොස් ඇත්තේ, ඊජිප්තු ජාතිකයෙකි. ඔහු වැලිගම ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක නේවාසික ව සිට ඇති අතර, එම ලැගුම්හලේ හිමිකරු සමඟ ආරවුලක් ඇති කරගෙන ඇත. ඒ හේතුවෙන් විදේශ ජාතිකයා ලැගුම්හලට ගිනි තබා ගින්නට පැන ඇති බව වාර්තා වේ. එහි දී පිළිස්සුම් තුවාල ලැබූ විදෙස් ජාතිකයා මාතර බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් ඇත. මියගිය විදෙස් ජාතිකයාගේ මෘතදේහය මාතර රොහලේ තැන්පත් කර ඇත. ඔහුගේ ඥාතින් පැමිණිමෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට නියමිත ව තිබේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (17) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත්, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. පුත්තලම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් බවට සැකකරන විකෘති වූ හිස කොටසක් ගමන් මල්ලක තිබී සොයාගෙන තිබේ. එසේම ඇගේ වම් අත ද ඒ ආසන්නයේම තිබී සොයා ගෙන ඇත. ඊයේ (16) එම ශරීර කොටස් සොයාගෙන ඇති බව පොලිසිය පැවසීය. එසේ මියගිය කාන්තව වයස අවුරුදු 76ක් වූ රුක්වුඩ් වත්ත, හේවාහැට ප්‍රදේශයේ පදිංචිකාරියක බව සොයාගෙන තිබේ. පසුගිය 02 වැනිදා හඟුරන්කෙත පොලිස් වසමේ රුක්වුඩ් වත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් නිවසින් පිට ව ගොස් නැවත නිවසට නොපැමිණීමක් සම්බන්ධයෙන් පසුගිය 06 වැනිදා එම කාන්තාවගේ පුතා විසින් හඟුරන්කෙත පොලිසියට පැමිණිල්ලක් දමා තිබිණි. පසු ව පැමිණිලිකරු වන පුතා තම මව පිළිබඳ ප්‍රදේශවාසීන් සමඟ සොයා බැලීමේ දී පසුගිය 09 වැනිදා…
කියුබාවේ පැවති ‘ජී 77 සහ චීනය’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ළඟා වී තිබේ. ඇමරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා නිව්යෝර්ක් නුවරට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ‘ජී 77 සහ චීනය’ රාජ්‍ය නායක සමුළුව පෙරේදා (15) දිනයේ ඇමතූ අතර, එහි දී ඔහු ප්‍රකාශ කළේ, ගෝලීය සංවර්ධන අභියෝගයන්ට මුහුණ දීමේ දී විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන අංශයට තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ හැකි බවයි. සිය කියුබානු සංචාරය තුළ දී ජනාධිපතිවරයා සහ කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් කැනෙල් බර්මියුඩෙස් මහතා අතර විශේෂ සාකච්ඡාවක් ද පවත්වනු…
කොළඹ කොටුවේ සිට රඹුක්කන දක්වා ඊයේ (12) පස්වරුවේ ධාවනය කෙරුණු දුම්රියකින් බුළුගහගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී මගියෙකු ඇදවැටී තුවාල ලබා තිබේ. දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්. ජේ. ඉඳිපොලගේ මහතා පැවසුවේ තදබදය හේතුවෙන් දුම්රිය මගීන් පාපුවරුව මත ගමන් කිරීම නිසා මෙම අනතුර සිදුවී ඇති බවය. දුම්රියෙන් වැටී තුවාල ලැබූ මගියා රෝහල්ගත කර තිබේ. ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය දියත් කළ දුම්රිය වැඩවර්ජනයෙන් මොරටුව කටුබැද්ද කර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට ද අද ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවුණි. ඔහු මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දෙන්නේ දුම්රිය තුළ ඇතිවූ දැඩි මගී තදබදය හේතුවෙන් දුම්රිය වහලය මත ගමන් කිරීමේදීය. එලෙස මහනුවර සිට කොළඹ බලා පැමිණි සීඝ්‍රගාමී දුම්රියේ…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියුබාවේ සහ අමෙරිකානු සංචාරයක් සඳහා අද (13) අලුයම දිවයිනෙන් පිටව ගොස් තිබේ. ජනාධිපතිවරයා කියුබාවේ හවානා නුවර ලබන 15 වනදා සිට 16 වනදා දක්වා පැවැත්වෙන ජී. 77 රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට නියමිතය. අනතුරුව ලබන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 19 සිට 21 වනදා දක්වා අමෙරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන වාර්ෂික සැසි වාරයේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට ද නියමිතව තිබේ. “අද දෙරණ” ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ, ජනාධිපතිවරයා ඇතුළු දුතපිරිස අද අලුයම 03.15ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ- 649 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බවය. ඩුබායි සිට ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස…
අද (13) උදෑසන කාර්යාල දුම්රිය ගමන් වාර 40ක් පමණ ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. කොළඹ කොටුව දක්වා උදෑසන දුම්රිය ගමන් වාර 15ක් සහ පුත්තලම් මාර්ගයේ සිට කොළඹ දක්වා උදෑසන දුම්රිය ගමන්වාර 04ක් ද ධාවනය කිරීමට නියමිතය. කැලණිවැලි මාර්ගයේ සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ගමන් වාර 4ක් සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 17ක් ධාවන කෙරෙනු ඇත. දුර පළාත්වල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ද සහිතව කාර්‍යාලය සේවය සඳහා ගමන් ගන්නා මගීන් වෙත ගමන් වාර යෙදවීමට ද සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එම්.ජේ. ඉඳිපොලගේ…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය. ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
මෙරට මුහුදු සීමාවට පැමිණෙන නෞකාවලින් තෙල් කාන්දුවීම් සිදුවන්නේ දැයි චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ. ප්‍රංශ රජය සහ ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අතර එම ගිවිසුමට අත්සන් තබා ඇති බව වාර්තා වෙයි. මෙරට මුහුදු තීරයට පැමිණෙන නෞකාවලින් තෙල් කාන්දුවීමේ සිදුවීම් පසුගිය සමයේ වාර්තා වූ අතර ඉන් මෙරට සමුද්‍ර ජීවින්ට සහ සමුද්‍ර පරිසර පද්ධතියට දැඩි බලපෑම් එල්ල වුණි. ඒ හේතුවෙන් මෙම තත්ත්වයන් නිරික්ෂණය කිරීමට අවධානය යොමුව ඇති අතර ඊට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද දිනයේ සිදුකෙරුණි.
