Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
බුදුන් වහන්සේට ප්‍රකාශනයට එහා ගිය විඥානයක් ඇති බවත් බදුන් වහන්සේගේ ඉගැන්වීම් වර්තමානයට මනාව ගැලපෙන බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය. ගෝලීය බෞද්ධ සමුළුවට විවිධ ප්‍රදේශවලින් විශාල පිරිසක් පැමිණ සිටීම මනුෂ්‍යත්වය එකම නූලකින් බැඳ තබන බුදුන් වහන්සේගේ ධර්මය නියෝජනය කරන බව ද කී අග්‍රාමාත්‍යවරයා නූතන යුගයේ ගැටලුවලට බුදුන් වහන්සේගේ පැරණි ඉගැන්වීම් හරහා විසඳුම් දෙන බව ද සඳහන් කළේය. බුදු රජාණන් වහන්සේගේ ධර්මය ප්‍රචාරය කිරීම සඳහා ඉන්දියාව කැපවීමෙන් කටයුතු කර ඇති බව කී අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ සහ නේපාලයේ බෞද්ධ පරිසරය සංවර්ධනය කිරීම, සාරානාත් සහ කුෂිනගර් ප්‍රතිසංස්කරණය කිරීම, කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ ලුම්බිණියේ ඉන්දියානු ජාත්‍යන්තර බෞද්ධ උරුමයන් සහ සංස්කෘතික මධ්‍යස්ථාන ඇති කළ බව…
සියලුම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාසල් පෙළ පොත් සහ පාසල් නිල ඇඳුම් මැයි මස 15 වැනිදා වන විට බෙදා අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. පාසල් නිල ඇඳුම්වලින් සියයට 85 ක් සහ පෙළ පොත්වලින් සියයට 80 ක් මේ වන විට බෙදා අවසන් බව ද සඳහන් කළේය. පෙළ පොත් සහ නිල ඇඳුම් බෙදාහැරීමේ ප්‍රමාදයක් ඇති බවට මේ වන විට විවේචන එල්ල වී තිබේ.
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මස ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 49.2 ක් බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පෙන්වා දී ඇත. පෙබරවාරි මසට සාපේක්ෂව මාර්තු මස මෙරට උද්ධමනය සියයට 4.4 කින් පහල ගොස් තිබේ. එසේම ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මස ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 42.3 ක් ලෙස සඳහන් වේ. එය පෙබරවාරි මසට සාපේක්ෂව සියයට 6.7 ක පහළ යාමකි. මාර්තු මස ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 54.9 ක් ලෙස සටහන් වන අතර පෙබරවාරි මසට සාපේක්ෂව මාර්තු මස ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 2.5 කින් පහළ ගොස් ඇත. මාර්තු මස සියයට 49.2 ක් වූ උද්ධමනයට ආහාර කාණ්ඩයෙන්…
මෙරට මුහුදු සීමාවේ දී ගිනි ගැනීමට ලක් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සම්බන්ධයයෙන් වන්දි ඉල්ලා සිංගප්පුරුව අධිකරණයෙ එම නඩුව විභාග කිරීම සම්බන්ධයෙන් යු ටියුබ් නාලිකාවක් හරහා අතිරේක සොලිසිට ජනරාල් විකුම් ඩී ආබෲ සහ රජයේ නීතිඥ නයෝමි කහවිට යන මහත්ම මහත්මීට අපහාස කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරයකු වන දර්ශන හදුන්ගොඩ එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත. අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ඩී ආබෲ සහ රජයේ නීතිඥ නයෝමි කහවිට යන මහත් මහත්මීන් ඊයේ (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවකට මේ සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පරිසර සිදු වු හානියට වන්දි ඉල්ලා ශ්‍රි ලංකවේ…
පාස්කු ප්‍රහාර විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාට ලබන (24) සදුදා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි. ප්‍රකාශ ලබා ගැනීම සඳහා නීතිපතිවරයා දින දෙකකදී ඉකුත් (19) දින සහ ඊයේ (21) ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය හමුවට කැඳවා තිබුණද එ් මහතා නීතිඥවරයෙකු මාර්ගයෙන් කරුණු දක්වා එහි පැමිණ තිබුණේ නැත. මේ සම්බන්ධයෙන් තෙවන වතාවටත් ත්‍රස්තවාදය විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසට හිටපු නීතිපතිවරයාට දැනුම් දෙන බවත් එම දැනුම්දීම අනුව එ් මහතා පෙනී නොසිටින්නේ නම් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බව පොලිස් ආරංචි ආරංචි මාර්ග සඳහන් කරයි.
යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව පැහැදිලි කරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ. එම පනතේ ඇතැම් වගන්තිවලින් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංගයක් වන රටවැසියා සතු ස්වාධීන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ සාමකාමීව විරෝධතා දැක්වීමේ අයිතිය අහෝසිවීම හේතුවෙන් ඒ පිළිබඳව දැඩි විරෝධයක් ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ ඇති වී තිබෙන බවත් ඒ හේතුවෙන් විශේෂඥ මණ්ඩලයක් හරහා මෙම පනත් කෙටුම්පතෙහි නුසුදුසු වගන්ති ඉවත් කිරීම සුදුසු බවත් එහි සඳහන් වේ. ත්‍රෛනිකායික මහනාහිමිවරු යොමු කළ ලිපිය පහත දැක්වේ.
නුවරඑළිය, ලිදුල වෝල්ට්‍රිම් වත්තේ නිවසක පදිංචිව සිටි හැට නම හැවිරිදි කාන්තාවක් ඊයේ කිසිවකු ඝාතනය කර ඇය පැලඳ සිටි රන් මාලය හා කරාබු ජෝඩුව පැහැරගෙන පලාගොස් ඇති බව ලිඳුල පොලිසිය පවසයි. මෙසේ ඝාතනය කර ඇත්තේ වෙන්ගඩසලන් සත්‍යබාමා නැමැති කාන්තාවකි. කාන්තාව ඝාතනය කර ඇය පැළඳ සිටි රන් ආභරණ පැහැරගත් පුද්ගලයා ගැන තවම කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
මෙරට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවකු සමග ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට පත්වූ අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ ප්‍රබල නායකයකු සමීප සම්බන්ධතා පවත්වා ඇතැයි එරටින් තොරතුරු දැනුම් දුන් බව ත්‍රස්ත මර්දන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා ඉදිරියේ ඊයේ (21) කරුණු වාර්තා කරමින් සදහන් කළේය. ඕස්ට්‍රේලියාවේදි අත්අඩංගුවට පත්වූ අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයා මාලදිවයින් ජාතිකයකු වන අතර, එරට ආරක්ෂක අංශ ඔහුගෙන් කරනු ලැබූ ප්‍රශ්න කිරීමේදී මෙරට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවකු වන ‘මොහොමඩ් ඊබ්‍රහීම් සාදික් අබ්දුල්ලා හක්’ නමැත්තා සම්බන්ධයෙන් එලෙස කරුණු අනාවරණය වූ බව ත්‍රස්ත මර්දන හා විමර්ශන අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා ලබන…
මව්බිම සමෘද්ධිය කරා ගෙන යන අතර නිදහස, සමානාත්මතාවය සහ මානව ගරුත්වය රජයන සමාජයක් ගොඩනගන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. ජාති, ආගම් භේදයකින් තොරව එකම ශ්‍රී ලාංකික ජනතාවක් ලෙස එක්සත්ව අප මව්බිම සමෘද්ධිය කරා ගෙන යා යුතුව තිබෙන බවද ජනාධිපතිවරයා කීය. සාමයෙන් සහ සහෝදරත්වයෙන් සපිරි දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට තබන පියවරේ දී සමාජ ධර්මතා මනා පරමාදර්ශයක් වන අතර එමගින් ලබාදෙන පණිවිඩය සමාජයීය යහපැවැත්ම උදෙසා යෙදවීමට සියලුදෙනා අදිටන් කරගත යුතුයැයි ද ජනාධිපතිවරයා කීය. රාමසාන් දිනය නිමිත්තෙන් ජනපති මෙම ප්‍රකාශය කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෙට පවත්වන මහ සභා රැස්වීම කැඳවූයේ පක්ෂ ව්‍යවස්ථාව අනුව නොව පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව බව එම පක්ෂ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මෙම මහ සභා රැස්වීම නීත්‍යානුකූල නොවන බව සඳහන් කරමින් නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්. හෙට (22) පෙරවරු 10ට බත්තරමුල්ල නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2023 වසර සඳහා වන මහ සභා රැස්වීම පත්වන බවට දැනුම් දෙමින් ඒ සඳහා යෝජනා ඇත්නම් දින 5 ක් තුළ තමන් වෙත ලැබීමට සළස්වන ලෙස පක්ෂ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම්, මහාචාර්ය ජී.එල්. පීරිස් වෙත පසුගිය 11 වනදා…