Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
කුච්චවේලි මදුරන්කුඩා කලපු ප්‍රදේශයේදී දියේ ගිලී තරුණයෙකු මියගොස් තිබේ. ඊයේ (19) දහවල් කුච්චවේලි පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. මියගොස් ඇත්තේ අවුරුදු 19ක් වූ මදුරන්කුඩා ,සෙන්දූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මදුරන්කුඩා කලපු ප්‍රදේශයේ මසුන් ඇල්ලීම සඳහා ගොස් සිටියදී ඔරුව පෙරළීම හේතුවෙන් මරණය සිදුව ඇති බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධව කුච්චවේලි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
වේල්සයේ කුමරිය ඩයනාට අයත් ව තිබූ, බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ රසිකයින් අතර සුප්‍රසිද්ධ සුදු පැහැ බැටළුවන් සිටින රතු පැහැ කබාය ඩොලර් මිලියන 1.1ක මුදලකට වෙන්දේසි වී තිබේ. එය වෙන්දේසි කෙරුණේ සොතබීස් වෙන්දේසි සමාගමේ නිව්යෝර්ක් ප්‍රදර්ශනාගාරයේ දී ය. මෙලෙස වෙන්දේසි කෙරුණේ ඩයනා කුමරියට අයත් ව තිබූ බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ රසිකයින් අතර සුප්‍රසිද්ධ කබායකි. සොතබීස් සමාගම අපේක්ෂා කළේ එය ඩොලර් 50,000ත් 80,000ත් අතර මුදලකට අලෙවි වනු ඇති බවය. මෙම කබාය මසා නිම කර ඇත්තේ රතු පැහැ කබාය මත සුදු බැහැ බැටළුවන් සිටින අයුරු දිස් වන ආකාරය ට ය. එහි එක් තැනක කළු පැහැ බැටළුවෙක් ද දැක ගත හැකිවේ. ඒ අනුව මෙම කබාය ප්‍රසිද්ධව…
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිණුම් තහවුරු කරගත් පුද්ගලයින් 113,713ක් සඳහා ජූලි මාසයට අදාළ රුපියල් මිලියන 709.5ක මුදල මේ වනවිට බැංකු වෙත බැර කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, ඒ අනුව බැංකු මඟින් ප්‍රතිලාභීන්ට එම මුදල් බැර කිරීමට කටයුතු කරමින් සිටින බවය. ඒ අනුව ප්‍රතිලාභි පවුල් 1,162,245කට අදාළ රු. මි 7,278ක මුදලක් ජූලි මාසයට අදාළව මේ වනවිටත් ගෙවා අවසන් කර ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ. එමෙන්ම අභියාචනා හා විරෝධතා සම්බන්ධ සමීක්ෂණ කටයුතු අවසන් වූ පසු සියලු ප්‍රතිලාභීන්ට ගෙවීම් සිදුකරන බව ද ෂෙහාන් සේමසිංහ මහතා එම නිවේදනයේ වැඩිදුරටත්…
ලෝකයේ හැම තැනක්ම ප්‍රශ්න වලින් පිරී ඇතැයි ද ප්‍රශ්න නැති එකම තැන අඟහරු ලෝකය පමණක් යැයි ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 2015 ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණකාරී බලවේගම ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් පහ කිරීම සඳහා ක්‍රියාත්මක වු බව තමා සිතන්නේ යයිද රංජිත් බණ්ඩාර මහතා කීය. මහ හඬින් කතා කරන අය බත්තරමුල්ලේ ගම් සභාව දිනලා පෙන්නන්නැයි අභියෝග කරන බව කී බණ්ඩාර මහතා ඒ අය මිනිස්සුන්ගේ පපුවේ ඉන්නේ කථිකයන් විදියට විතරක් යැයිද ඔවුන් වැඩකාරයන් විදිහට ජනතාවගේ පපුවේ නැතැයි ද පැවසීය.
මෙරට වගා නොකළ ඉඩම් සඳහා මෙවර අය වැයෙන් බද්දක් පනවන බව සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. එම බද්දෙන් උපයා ගන්නා මුදල් සමෘද්ධි පවුල්වල වගා කටයුතු දියුණු කරන්නට යොදා ගන්නැයි තමන් යෝජනා කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය. වවන්නේ නැති ඉඩම්වලින් ජපානය පවා බදු අයකර ගන්නා බව අනූප පැස්කුවල් මහතා සඳහන් කළේය. රාජ්‍ය මෙන්ම පෞද්ගලික ඉඩම් නොයෙක් හේතු මත වගා නොකර අතහැර දමා ඇතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය වැවිලි සංස්ථාවේ ද වගා නොකළ ඉඩම් අක්කර සිය ගණනක් තිබෙන බවද ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු යැයිද කීය.
අසභ්‍ය වෙබ් අඩෙවිවලින් දෙස් විදෙස් කුඩා දැරියන්ගේ නිරුවත් ඡායාරූප හා ඔවුන් වැඩිහිටියන් සමග සිදුකරන ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝපට ලබාගෙන ඒවා සමාජ මාධ්‍ය හරහා මුදලට අලෙවි කිරීමේ නිරතව සිටි රාගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන 19 හැවිරිදි සිවුරු දරාගත් පුද්ගලයෙක් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. මාස 7 සිට අවුරුදු 18 දක්වා දැරියන්ගේ නිරුවත් ඡායාරූප හා දර්ශන සැකකරු සතුව තිබී ඇති අතර ඒ අතරින් සියයට 80ක් පමණ වයස අවුරුදු 10ට අඩු දැරියන්ගේ බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුගේ පරිගණක තුනක සමග ඒවායේ තිබී ඇති අතර කුඩා දරුවන්ගෙ නිරුවත් වීඩියෝ දර්ශන සහ ඡායාරූප 1500 කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන…
හතරලියද්ද ග්‍රාමීය රෝහලේ රාජකාරි කළ හෙද නිලධාරිනියක රාජකාරි නිවාඩු හෝ කිසිදු දැනුම් දීමකින් තොරව විදේශ ගතවීමෙන් පසුත් මාස තුනක කාලයක් ඇයගේ මාසික වැටුප් ගිණුම් ගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ . මෙම හෙද නිලධාරිනිය තෙල්දෙණිය රෝහලේ සිට අනුයුක්තියක් යටතේ හතරලියද්ද ග්‍රාමීය රෝහලට මාරුකර යවා ඇති අතර ඇය එහි සේවය කරන අතරතුර රැකියාවක් සඳහා සිංගප්පූරුවට ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ . ඇය එසේ ඉකුත් මාර්තු මාසයේදී සේවය අතහැර විදේශගත වී ඇති අතර ඇය එසේ විදේශගත වන බවට රෝහල් පරිපාලනයට හෝ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය ට කිසිදු දැනුම්දීමක් සිදු…
2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. මෙම ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව තීරණාත්මක අවසන් පූර්ව තරගයකදී පාකිස්තානය පරාජය කර අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා. මේ තත්ත්වය තුළ මෙම අවසන් පූර්ව තරගයෙන් පසුව පාකිස්තාන කණ්ඩායමේ නායක බාබර් අසාම් සහ එම කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ෂහීන් ෂා අෆ්රිඩි අතර බහින් බස් වීමක් ඇති වූ බවට වාර්තා පළ වී තිබෙනවා. කෙසේ වෙතත් පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු පැවසුවේ මෙම තොරතුරු අසත්‍ය බවත් මේ සියල්ල කටකතා බවත්ය. මේ සම්බන්ධයෙන් ඔහු පැවසුවේ, “කණ්ඩායමේ අවධානය ක්‍රිකට් ක්‍රීඩාවට පමණයි. අපිට විවේචනවලින් වැඩක් නැහැ. තරගයක් පැරදුනොත් විචාරකයන්ට අදහස් කියන්න අවස්ථාව ලැබෙනවා. කණ්ඩායම් රැස්වීමේදී හැමෝම…
අද (20) (දිවයිනේ) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ද බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේ සහ මහනුවර, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වන බවත් එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන්. අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සාමාන්‍ය ජනතාවගෙන්…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිව්යෝර්කහි මෙටා සමාගමේ සම්බන්ධිකරණ අංශයේ සභාපති ශ්‍රීමත් නික් ක්ලෙග් හමු වී තිබෙනවා. ඔවුන්ගේ මෙහිදී AI සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ සැලසුම් පිළිබඳව අවධානය යොමු කළ බවයි වාර්තා වන්නේ. එසේම අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ 78 වන සැසිවාරය සඳහාද ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතයි.
