Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
හම්බන්තොට නව ඛනිජ තෙල් පිරිපහදුව සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට අදාළව චීනයේ සිනෝපෙක් සමාගමට කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඊයේ (27) පස්වරුවේ පැවසීය. එම ආයෝජනයට අදාළ ගිවිසුමට එළඹීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමමිවූ බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශය ගැනීම ඊයේ (27) අවසන් කළ බව ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකය පැවසීය. කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිටිහි ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකයේ ඊයේ (27) පස්වරු 2.00 ට පමණ පැමිණි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගෙන් පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගත් බවත් ඔහු නැවත එම ඒකකය වෙත කැඳවීමට මෙතෙක් තීරණය කර නොමැති බවත් එම ඒකකයේ උසස් නිලධාරියෙක් පැවැසීය. දින දෙකකදී ඒ මහතාගෙන් ලබාගත් ප්‍රකාශය පිළිබඳ අධ්‍යයනය කර නැවත ඔහු කැදවන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණය කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල ලැබූ දැවැන්ත කඩා වැටීම පිටුපස…
ආණ්ඩුවේ ඉන්න බැරි ඕන කෙනෙක් යන්නැයි රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ආණ්ඩුවේ කැබිනට් ඇමතිකම් ඇමතිකම් ගන්න පෝලිමක් ඉන්න බව කී රාජ්‍ය අමාත්‍යවරයා එහා පැත්තෙ ඕනතරම් සීට් තියන බව කීය. චාමර සම්පත් දසනායක මහතා මෙසේද පැවසීය. මාසයක් තිස්සේ මේ රටේ ක්‍රිකට් කියමින් ආණ්ඩුව අපහසුතාවයට පත්කරන ක්‍රියාවලියක් සිදු වුණා. මේ ආණ්ඩුව හැදුණේ කවුරුත් එකතුවෙලා .ආණ්ඩුව පණ ගහලා යන්න තියෙන වෙලාවේ ආණ්ඩුව කඩලා දාන්න වැඩපිළිවෙළක් තියෙනවා. තමන්ට ඇමතිකම දුන්න නම් ඒකෙ කොන්ද පණ ඇතිව වැඩ කරන්න ඇමතිට පුළුවන්කම තියෙන්න ඕන. ජනාධිපති ගැන සැකයක් තිබෙනවා නම් එක කැබිනට් එකේ ඉන්න බෑ.එක ගෙදර ගෑනිටයි මිනිහටයි විශ්වාසයක් නැතිනම් ඉවත් වෙන්න ඕන.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු දිවුරුම් දුන්නේය. පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වාරිමාර්ග අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නාය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දීම සිදු කෙරිණි. රොෂාන් රණසිංහ මහතා අමාත්‍ය ධුර වලින් ඉවත් කිරීමෙන් පසු අදාල අමාත්‍යංශ පුරප්පාඩු විය.
ලෝක වෙළෙඳපොළේ රන් මිල දැන් නැවතත් අමෙරිකානු ඩොලර් 2,000 සීමාව ඉක්මවා ඉහළ ගොස් තිබේ. රන් අවුන්සයක මිල අද ඩොලර් 2015.09ක් ලෙස සටහන් වූ අතර, එය පසුගිය සති අන්තයට සාපේක්ෂව ඩොලර් 11ක පමණ වැඩිවීමකි. පසුගිය මාස 06ක කාලය සැලකූ විට එය ඩොලර් 60ක පමණ වැඩිවීමක් මෙන්ම වසරක් තුළ ඩොලර් 261ක නැත්නම් 15%ක පමණ වැඩිවීමක් ලෙස සැලකිය හැකියි.
සපත්තු වවුචර් බෙදාදීම 4 වැනිදා පටන් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද( 27) පැවසීය. වවුචර පත් බෙදාදීම 27 වැනිදා අවසන් කරන බවද ඔහු සඳහන් කළේය. දරුවන් හත් ලක්ෂ හතළිස් දහසකට වවුචර පත් බෙදා හරින බව පැවසූ අමාත්‍යවරයා දුෂ්කර අති දුෂ්කර සහ හුදෙකලා පාසල් මේ සඳහා තෝරාගෙන ඇතැයිද ප්‍රකාශ කළේය.
බැඳ සිටින අත් ඔරලෝසුව තුළ මත්කුඩු පැකට් සඟවා රැගෙන ගිය පුද්ගලයෙක් අත්අංගුවට ගත් බව මොරගහහේන පොලීසිය කියයි. ඔලුබොඩුව ප්‍රදේශයේ දී සැකකරු සැකපිට අත්අඩංගුවට සිදු කළ පරික්ෂාවේදී මත් කුඩු පැකට් ප්‍රවාහනය කරන ක්‍රමය අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය සදහන් කරයි . සැකකරු හොරයින් මත්කුඩු පැකට් ප්‍රවාහනය කරන බවට මොරගහහේන පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන දැඩි පරීක්ෂාවට ලක් කළත් මත් කුඩු පැකට් සොයා ගැනීමට නොහැකි වූ බැවින් ඇති වූ සැකයක් මත පැළඳ සිටි අත් ඔරලෝසුවේ පිටුපස කවරය ගලවා සිදුකළ පරික්ෂාවේදී ඒ තුළ මත්කුඩු පැකට් තුනක් ඉතා සූක්ෂම ලෙස අසුරා තිබියදී සොයා ගැනිමට හැකි වු බව පොලිසිය කියයි…
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඉකුත් 24 වැනිදා එම ධුරයෙන් විශ්‍රාම ගිය අතර ඒ අනුව ඔහුට ලබා දී තිබූ දින 21ක තුන්වන සේවා දිගුව ද මේ වනවිට අවසන් වී ඇත. කෙසේ වෙතත් නව පොලිස්පති ධුරය සඳහා ජනාධිපතිවරයා ඊයේ හවස වනතුරුත් කිසි ම නිලධාරියකුගේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලබා දී නැත. පොලිස්පති වික්‍රමරත්න ඉකුත් මාර්තු මස 26 වන දා විශ්‍රාම යාමට නියමිතව සිටි අතර ඔහුට මාස 3ක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණි. එම සේවා දිගුව පසුගිය ජූනි 26 වන දා අවසන් වූ අතර ඉන්පසුව තවත් මාස 3ක සේවා දිගුවක් ජනාධිපතිවරයා විසින් ඔහුට යළි ලබා දෙන ලදී. ඔක්තෝබර් මස 13 වන…
ආර්ථිකය ගැන දින හතක විවාදයකට එන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුවේ දී අභියෝගයක් කළේ ය. සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නොව දෙමළ භාෂාවෙන් ද ඒ විවාදයට තමා සූදානම් යැයි විපක්ෂ නායක වරයා කීය. මෙහිදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කීවේ තම මව දස මසක් කුසේ තබාගෙන කිරි දුන් සිංහල භාෂාවෙන් දින හතක් නොව පැය තුනක් විවාදයට ප්‍රමාණවත් බවයි. රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සමග අදාල විවාදයට සූදානම් බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කීය.
දරුකමට හදාගැනීම සඳහා විදේශීය පුද්ගලයන්ට ශ්‍රී ලාංකික බිළිඳුන් අළෙවි කිරීමේ සංවිධානාත්මක කල්ලියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාට ඊයේ (24) කරුණු වාර්තා කර ඇත. මෙම මහා පරිමාණ මිනිස් ඡාවාරම සිදුකරන සංවිධානාත්ම කල්ලිය මහනුවර ප්‍රදේශයේ සිට ක්‍රියාත්මක වන බවත් ඒ සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කළ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙදාම් හා ඡාවාරම්කිරීමේ ඒකකය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත නෝර්වේජියානු තරුණීයක වන කේ. ප්‍රියංගිකා සමන්ති නමැත්තිය විසිනි. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කර…
