Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
විශ්වයේ ඈත පාවෙන ‘බෙන්නු’ නමැති ග්‍රහකයට ගොස්, එම ග්‍රහකය සූරා එහි පස් සාම්පල ලබා ගත් ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ඔසයිරස් රෙක්ස්’ රොබෝ යානය, අද (24) දිනයේ එම පස් සාම්පල පෘථිවියට ලැබීමට සැලස්වනු ඇත. ‘ඔසයිරස් රෙක්ස්’ යානය ‘බෙන්නු’ ග්‍රහකය බලා ගියේ 2016 වසරේදීය. යානය, ග්‍රහකයට ළං වූයේ වසර දෙකකිනි. ඉන්පසු තවත් වසර දෙකක් දුර සිට ග්‍රහකය සිතියම්ගත කළේය. එම සිතියම්ගත කිරීම අවසානයේ, 2020 දී යානය ‘බෙන්නු’ ග්‍රහකයට ළං වූ අතර, එය ග්‍රහකයට සමාන වේගයකින් එය අසලින් ගමන් කිරීම ඇරැඹුවේය. යානයේ රොබෝ අතක් ඇති අතර, එම රොබෝ අත යොදා ගනිමින් ග්‍රහකයේ මතුපිට සූරා පස් ලබා ගැනීම කළේ ඉන්පසුවය. ලබා ගත් එම පස් සාම්පල…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
මත් පෙති 20,7000 ක තොගයක් සමග මන්නාරම තාරාපුරන් ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව මන්නාරම කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි. මෙම සැකකරුමත් පෙති කිහිපයක් සමග මුලින්ම සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. පසුව සැකකාර තරුණයා ගෙන් වැඩිදුර ප්‍රශ්න කර හෙළි කර ගත් තොරතුරු මතතල්පාඩු ප්‍රදේශයේ පාලු ඉඩමක සුරක්ෂිත ලෙස වළ දමා තිබූ මෙම මත්පෙති තොගය සොයා ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයටපැවසීය. මෙම සැකකරු අත්අඩංගුවට ගෙනමත් පෙති තොගය සොයාගෙන ඇත්තේ මන්නාරම කොට්ඨාස දූෂණ මර්දන අංශයේ පොලිස් සැරයන් ගුණසිරි (74927) මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි. සැකකරුට මෙම මත් පෙති තොගය ගෙනැවිත් භාරදුන් පුද්ගලයා ගැන තොරතුරු හෙළි කර ගෙන…
මෙම මාසයේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගේ සංඛ්‍යාව 2,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. පසුගිය දිනවල පැවති වර්ෂාපතනයත් සමඟ ඩෙංගු රෝගීන් ගේ ඉහළ යෑමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඒ අනුව, එම මාසයේ ගත වූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 2,003 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය. පසුගිය මාසවලට සාපේක්ෂ ව එම මාසය තුළ ඩෙංගු රෝගීන් ගේ පහළ යෑමක් පෙන්නුම් කරනු ඇති බව සෞඛ්‍ය අංශ මීට පෙර පුරෝකථනය කර තිබිණි. එහෙත් එම මස තුන් වැනි සතිය වනවිට ඩෙංගු රෝගීන් ගේ ඉහළ යෑමක් පෙන්නුම් කරන බව සඳහන්ය. ඒ අනුව,…
වත්මන් ගැටලු පිළිබඳ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ පැවති සාකච්ඡාවක දී එකඟතාවකට පැමිණි බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය නිවේදනය කර තිබේ. දුම්රිය රියදුරන්ගේ උසස් වීම් ගැටලුවට අදාළ යෝජනා රාජ්‍ය සේවා කොමිශන් සභාව වෙත ලබන සඳුදා දින යොමු කිරීමට එහි දී සාකච්ඡා වූ බව සඳහන්ය. දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ සභාපති චන්දන වියන්දූව මහතා පැවසුවේ, කඩිනමින් මෙම ගැටලුව සඳහා විසඳුම් ලබා දෙනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.
මෙම වසර තුළ පමණක් වෛද්‍යවරුන් දහසකට ආසන්න පිරිසක් සේවයෙන් ඉවත් වී ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය වී තිබේ. වසර 05ක නිවාඩු ලබා විදෙස්ගත වීම, සේවයෙන් ඉල්ලා අස්වීම, දැනුම් දීමකින් තොර ව සේවයෙන් ඉවත් වීම හා නියමිත සේවා කාලය සම්පුර්ණ විමෙන් පසු විශ්‍රාම ගැනීම යන කරුණු හේතුවෙන් මේ වසර තුළ සෞඛ්‍ය සේවාවට වෛද්‍යවරුන් 957 දෙනෙකු අහිමි වී ඇති බව කමිටුව හමුවේ පෙනී සිටි වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසුරිය මහතා පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ විගණකාධිපති වාර්තා සම්බන්ධයෙන් ලබාදුන් නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය හා වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට කෝපා කමිටුව රැස් වූ…
ජලභීතිකාව වැලඳීමෙන් මේ වසරේ මේ වන විට රෝගීන් 12 දෙනෙකු මිය ගොස් තිබෙන බව වාර්තා වෙනවා. මෙලෙස ජලභීතිකාව වැලඳී 8 දෙනෙකුම මිය ගොස් ඇත්තේ නිවෙස්වල ඇති කරන සුනඛයින් සපා කෑමෙන්. බවයි වාර්තා වන්නේ. මෙරට තුළ වර්ෂයකට ජලභීතිකාවෙන් මිය යන රෝගීන් සංඛ්‍යාව 25 දක්වා අඩු වී තිබුණ ද, අඩු ආදායම්ලාභී සාමාන්‍ය පවුල්වල පුද්ගලයන් සුනඛයින් සපා කෑමෙන් පසු ප්‍රතිකාර ගැනීමට රෝහල් වෙත නොයෑම නිසා මෙම මරණ සංඛ්‍යාව අවම කර ගැනීමට අපොහොසත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යශය පවසනවා. ජලභීතිකාව සඳහා වන එන්නත් නොගැනීමෙන් 100%ක් මාරාන්තික වන ජලභීතිකාව සියලු ක්ෂීරපායී සතුන්ගෙන් වැලඳිය හැකි බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. මෙරට තුළ වර්ෂයකට 250,000ත්-300,000ත් අතර…
කුරුවිට, කොකෝවිට ප්‍රදේශයේ පුද්ගලයකු පැහැරගෙන ගොස් යකඩ මුගුරකින් පහර දී ඝාතනය කර තිබෙනවා. ඝාතනයට ලක් වූ පුද්ගලයා සහ පහර දුන් පුද්ගලයා මිතුරන් දෙදෙනකු වන අතර ඔවුන් දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වූවන් බවයි පොලිසිය සඳහන් කළේ. පහරදීම සිදු කළ පුද්ගලයා තම මිතුරාගේ බිරිය සමඟ සම්බන්ධතාවක් පවත්වා ඇති අතර සැමියා විසින් ඔහු පිළිබඳ කළ ප්‍රකාශයක් අදාළ කාන්තාව ඝාතනය සිදු කළ මිතුරාට පවසා තිබෙනවා. ඒ අනුව කෝපයට පත් ඔහු මිය ගිය පුද්ගලයාගේ නිවසට පැමිණ ඔහුට පහර දී තම නිවෙසට පැහැර ගෙන ගොස් මුගුරකින් පහර දී තිබුණා. එම ශබ්දය ඇසී ප්‍රදේශවාසීන් පොලිසිය දැනුවත් කර තිබුණත් සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් 32 හැවිරිදි එම…
දහනව දහසක පමණ දුම්රිය සේවකයන් පිරිසකට වැටුප් හා දීමනා ගෙවීමට දුම්රිය දෙපාර්තමේන්තුව මාසිකව ලබන ආදායම ප්‍රමාණවත් නොවීමත් ඒ සඳහා මුදල් වෙන් කිරීම අසීරු බවත්, මහා භාණ්ඩාගාරය දැනුම් දීමත් සමඟ දුම්රිය ගාස්තු ඉහළ දැමීමට සිදුවන පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කිරීමෙන් අනතුරුව සියලුම දුම්රිය ගාස්තු වැඩිවීමක් සහ සියලුම වාර ප්‍රවේශපත්‍ර අත්හිටුවීමක් සිදු කිරීමටයි ප්‍රවාහන අමාත්‍යාංශය අවධානය යොමුකොට ඇත්තේ. රුපියල් විස්සක්ව පවතින අවම ගාස්තුවේ සිට සියලුම දුම්රිය ගාස්තු බස් ගාස්තුව හා සමානව හෝ ආසන්න ප්‍රතිශතයකින් වැඩි කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේදී දුම්රිය ප්‍රධානීන්, දුම්රිය වෘත්තිය සමිති හා පැවැති සාකච්ඡාවකදී අමාත්‍යාංශ බලධාරීන් යෝජනා කොට ඇති බවත් වාර්තා වෙනවා. දුම්රිය අධිකාරියක්…
කොළඹ – මහනුවර මාර්ගයේ දී අනතුරක් සිදුව තිබෙනවා. බැලුම්මහර වර්ණ සංඥා අසලදී බස් රථයක් සහ කන්ටේනර් රථයක් ගැනීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. මෙම අනතුරුන් බස්රථයෙහි සිටි 13 දෙනකු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වෙන්නේ. ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන්.
