Author: LANKA24X7

චන්ද්‍රයාන් 3 යානය ඉතා සාර්ථක ලෙස චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයේ ගොඩබෑමෙන් ඉන්දියාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියානු රජය වෙත සිය සුබපැතුම් පිරිනමා තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඉන්දියාව ලැබූ මෙම ඓතිහාසික සහ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳ ශ්‍රී ලංකාව ආඩම්බර වන බවයි. මෙය විද්‍යාත්මක හා තාක්‍ෂණික අංශයන් හී අඛණ්ඩ ප්‍රගතියක් අත්කර ගැනීම

Read More

අද (24) උදෑසන කාලයේ අඩම්පන් පොලිස් වසමේ, මුල්ලිකණ්ඩල් ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ. යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකුට මෙසේ වෙඩි තබා ඇති අතර, සිද්ධියෙන් 46 හ 53 යන වයස්වල පසුවන පල්ලිමඩු හා උලියන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි. මෘත ශරීර, සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇති අතර, ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අඩම්පන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read More

මගී ජනතාවට බාධාවක් නොවන පරිදි අද (24) දිනයේ දී දුම්රිය ධාවනයට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය නියාමකවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දුම්රිය විදුලි කාර්මිකයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් විදුලි කාර්මිකයින් පිරිසක් ඊයේ (23) පස්වරුවේ හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණි. මේ හේතුවෙන් සියලු දුම්රිය මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් ඊයේ රාත්‍රියේ සිදුවූ අතර එහිදී මගීන් දැඩි දුෂ්කරතාවට පත්වු බව අද දෙරණ වාර්තාකරුවන් පැවසීය. කෙසේවෙතත් දුම්රිය බලධාරීන් මැදිහත් වී දුම්රිය ධාවනය යථාතත්ත්වයට පත් කිරීමට කටයුතු කිරීමත් සමග දුම්රිය ධාවනය යළි ආරම්භ කෙරුණි. මේ අතර අද දිනයේ හැකි උපරිම ආකාරයෙන් දුම්රිය ධාවනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන්…

Read More

මෙනින්ගොකොකල් – මෙනින්ග්ජයර්ටීස් නමැති රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගතයුතු නැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසුවේ, සෑම වසරකම මෙවැනි රෝගීන් කිහිපදෙනෙකු වාර්තා වන බවය. ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් හදිසියේ අසනීප තත්ත්වයට පත්වු අතර ඔවුන්ට මෙම මෙනින්ගොකොකල් – මෙනින්ග්ජයර්ටීස් නමැති රෝගී තත්ත්වය වැළදී ඇති බවට අනාවරණය වී තිබුණි. ඒ අනුව මෙම රෝගී තත්ත්වය පැතිර යාම සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කළේය. “මෙම රෝගී තත්ත්වය යටතේ සෑම වසරකම රෝගීන් කිහිපදෙනෙකු වාර්තා වෙනවා. මේක හඳුනා නොගත් රෝගී තත්ත්වයක් නෙමෙයි. මේක ආශ්‍රිතයින් මාර්ගයෙන්…

Read More

“අපි ගිනි කන්දක් උඩ තාච්චියක් තියාගෙන සොසේජස් බැදගෙන කන ජාතියක් යැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. කාගේ ආණ්ඩු තිබුනත් එදිනෙදා වියදම් පවා පියවා ගන්න ප්‍රමාණවත් ආදායමක් ලංකා ආණ්ඩුවට තිබුණේ නැතැයි කී අමාත්‍යවරයා මුළු ආදායම ප්‍රමාණවත් වී තිබෙන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විශ්‍රාම වැටුප් ,සමෘද්ධි ආධාර මෙන්ම රාජ්‍ය ණය පොලී ගෙවන්න පමණක් බව පැවසීය. ණය ගෙවුවේ නැතොත් ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමය සම්බන්ධ ආයතන විසින් රට පහත හෙලා කිසිම දෙයක් ගෙවන්න බැරි රටක් නම් කරනු ඇතැයි ද එවිට මහ රජ්ජුරුවෝ ලංකාවේ ජනාධිපති වුණත් ජාත්‍යන්තරය ණයවර ලිපි පිළිගන්නේ නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.එවිට හිතවත්කමට වාහන රෝද කැරකෙන්නේ නැතැයි ද…

Read More

වකුගඩු රෝගි, ආබාධිත සහ අඩු ආදායම්ලාභි වැඩිහිටි දීමනා ගෙවීමට රුපියල් කෝටි 268 කට අධික මුදලක් (මිලියන 2,684) මුදලක් සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත භාණ්ඩාගාරය යොමුකර ඇති බවත් එම මුදලින් ජුලි මාසයේ අදාල ගෙවීම් කළ යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. වැඩිහිටි දීමනාව තැපැල් කාර්යාල හරහා ද, ආබාධිත සහ වකුගඩු දීමනාව ප්‍රාදේශීය ලේකම් කාර්යල හරහා ද ජනතාවට එළඹෙන සිකුරාදා සිට ගතහැකි බව ද අමාත්‍යවරයා කීය.

Read More

නීති විද්‍යාලයට ප්‍රවේශවීමේ විභාග ගාස්තු සියයට 257කින් ඉහළ දැමීම හේතුවෙන් එම සිසුන් මවුපියන් දැඩි දුෂ්කරතාවයට සහ අසහනයට පත්ව සිටින හෙයින් විභාග ගාස්තු සහ ලියාපදිංචි ගාස්තු වහාම අත්හිටුවා දරාගත හැකි ගාස්තු අය කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන්න බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23)පැවසීය. ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි. මෙවැනි අසීමිත ගාස්තු අය කළේ කුමන පදනමකින් දැයි ඔහු ප්‍රශ්න කළේය. සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය. නීති විද්‍යාලයට ප්‍රවේශවීමේ විභාග ගාස්තු සියයට 257 කින් වැඩි කරල තියනවා. පළමු වසරේ සිසුන්ට 67500ක් ගෙවන්න තියෙනවා. මේක බරපතළ ප්‍රශ්නයක්. මේක ගෙවන්න බැරුව බැරුව වාරික දෙකකට කඩලා තියෙනවා. 40,000, 27500 විදිහට. ඒ…

Read More

රෝගීන්ට ශල්‍යකර්ම සිදුකිරීමට පෙර නිර්වින්දනය කිරීම‌ට භාවිතා කරන නිර්වින්දන වායු ඔෟෂධ රටපුරා රෝහල්වල හිඟයක් පවතින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවසීය. නිර්වින්දන වායු ඖෂධ හිඟවීම නිසා නුවරඑළිය රෝහලේ ශල්‍යකර්ම දින දෙකක් තිස්සේ සීමාකර තිබෙන බවද වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා කීය. නුවරඑළිය රෝහලේ ඉකුත් දින දෙකේදී සිදුකළේ හදිසි ශල්‍යකර්ම පමණක් බවද කොළඹදී ඊයේ (23) පැවති ප්‍රවෘත්ති සාකඡ්චාවකදී ජයන්ත බණ්ඩාර මහතා කීය.

Read More

දරු පල නොමැති තම බාල සොහොයුරියට බද්ධ කිරීම සඳහා වැඩිමහල් සොයුරිය ඇයගේ ගර්භාෂය පරිත්‍යාග කළ පුවතක් එක්සත් රාජධානියෙන් වාර්තා වී තිබේ. දරුවන් දෙදෙනකුගේ මවක් වීමට වාසනාව ලද 40 වියැති වැඩිමහල් සොයුරිය දරුවන් නොමැති තම 34 හැවිරිදි බල සොයුරියට මවක් වීම සඳහා අවස්ථා ලබා දීමට ඇයගේ ගර්භාෂය බාල සොයුරියට පරිත්‍යාග කර ඇත. සොයුරියන් දෙදෙනාම විවාහකයන් වුවත් බාල සොයුරියගේ ගර්භාෂය දරු කළලයක්‌ දරා ගැනීමට අවශ්‍ය අයුරින් වර්ධනය නොවීම හේතුවෙන් ඇයට මවක් වීමට හැකියාව ලැබී නොමැත. ඒ හේතුවෙන් වැඩිමහල් සොයුරිය පරිත්‍යාග කළ ගර්භාෂය පැය 9 විනාඩි 20 ක ශල්‍ය කර්මයකින් පසුව බාල සොයුරියට සාර්ථකව බද්ධ කිරීමට ඔක්ස්ෆර්ඩ් හි චර්චිල් රෝහලේ වෛද්‍යවරුන් සමත්ව ඇත.…

Read More

ඉන්දියාවේ ඉදිවෙමින් පවතින දුම්රිය පාලමක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ. ඉන්දියාවේ මිසොරාම් ප්‍රන්තයේ අගනගරය වූ අයිසොල් සිට කිලෝ මීටර 12 ක් පමණ දුරින් මෙම සිදුවීම සිදු වී ඇත. දුම්රිය පාලම කඩා අවස්ථාවේ 40 ක පමණ කම්කරුවන් පිරිසක් එහි සේවය කර තිබේ.මියගිය 17 දෙනා පාලමේ ඉදිකිරීම් කටයුතු වල නිරත වූ සේවකයන් බවත් සුන්බුන් වලට යටවූ සේවකයන් සිටී දැයි සොයා බැලීම සඳහා මුදා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කර ඇත. අනතුරෙන් මියගිය පුද්ගලයන්ගේ ළඟම ඥාතියාට ඉන්දීය රුපියල් ලක්ෂ දෙකක මුදලක් සහ තුවාල ලැබූ පුද්ගලයන්ට ඉන්දීය රුපියල් 50000 ක මුදලක් ලබා දෙන බව එරට අගමැති…

Read More