Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මේ දිනවල වෙළඳපොළ තුළ ලොකු ළූන මිල ඉතා සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව පාරිභෝගිකයෝ පවසති. ඒ අනුව තොග වෙළඳපොළේ ලොකු ලූනු කිලෝවක් රුපියල් 600කටත්, සිල්ලර මිල රුපියල් 700කටත් අලෙවි වන බව ඔවුහු සඳහන් කරති. මේ අතර වෙළඳපොලේ ලොකු ලූණු වල හිඟයක් පවතින බවත් පාරිභෝගිකයෝ පවසති. පකිස්ථානය සිය අපනයනය සීමා දැඩි කිරීම හේතුවෙන් ලූනු ආනයනය ඇනහිටීම ලොකු ලූනු මිල හිටි හැටියේ සීඝ්‍රයෙන් ඉහළයාමට හේතු වී ඇතැයි වෙළඳපළ ආරංචි මාර්ග සඳහන් කරයි. රජය මැදිහත් වී ලොකු ලූනු අනයනයට ඉන්දියාවෙන් රාජතාන්ත්‍රික ඉල්ලීමක් නොකළහොත් ඉදිරියේදී රුපියල් 1,000ක් වැනි මිලකට ලොකු ලූනූ මිල ඉහළ යනු ඇතැයිද ලොකු ලූනු අනයනකරුවන් පවසති.
ඇමරිකානු ඩොලරයේ ගැණුම් මිල ඊයේ (11) දිනයේ රුපියල් 302.6227 ක් දක්වා පහත වැටී ඇතැයි වාණිජ බැංකු ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. මෙරට වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල අද දිනයේ රුපියල් 311.9825 ක් බවට පත්ව ඇති බව ද මහ බැංකුව කීය.
ඉන්දීය කර්මාන්තකරුවන්ගේ සංගමයට අනුබද්ධ පුනර්ජනනීය බලශක්ති සමාගම්වල නියෝජිතයන්ගෙන් සමන්විත විශේෂ ඉන්දියානු දූත කණ්ඩායම සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අතර විශේෂ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී ඊයේ (11) පැවැත්විණි. ඉන්දියානු පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සහ ඉන්දීය කර්මාන්තකරුවන්ගේ සංගමය දෙරට අතර පුනර්ජනනීය බලශක්ති සහයෝගිතාවය වර්ධනය කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව සංවිධානය කර ඇති අතර දූත පිරිස දින තුනක් මෙරට රැදී සිටිති. මෙරට පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය, දැනට ක්‍රියාත්මක වන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති, විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන, ආයෝජන අවස්ථා, නීතිමය රාමුව, අක් වෙරළ බලශක්ති ව්‍යාපෘති සංවර්ධනය, හරිත හයිඩ්‍රජන් මාර්ග සිතියම සහ ඉන්දු ලංකා විදුලිබල පද්ධති ඒකාබද්ධ කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් මෙම…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා වලදී සියලුම පාර්ශ්වයන් එකඟ වන තීරණවලට එළැඹීම වෙනුවෙන් රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා තිබු විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව කීය. ජනාධිපති කාර්යාලයේදී ඊයේ මෙම හමුව පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා සහභාගී විය. පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා මෙහිදී සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදු කර ඇති විශ්ලේෂණාත්මක දත්ත සහිත වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, මුදල්…
සෞදි අරාබි රාජ්‍යයෙන් මෙරටට පරිත්‍යාගය කළ රට ඉඳි මෙරට මුස්ලිම් පල්ලි වෙත සංකේතවත් ලෙස ලබා දීම බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් බුද්ධශාසන අමාත්‍යංශයේ දී සිදු කෙරිණි. මෙරට ලියාපදිංචි මුස්ලිම් පල්ලි 2500 ක් තිබෙන බැවින් එක් පල්ලියක් සඳහා රට ඉඳි කිලෝ විස්සක් ලබා දීමට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ ඉසෙඩ්.ඒ.එම් ෆයිසාල් මහතා සහ දෙපාර්තමේන්තු නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අම්බලන්ගොඩ ගලගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළදී මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය පවසයි. වෙඩිතැබීම හේතුවෙන් තිදෙනෙකු තුවාල ලබා තිබේ. තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇත.
කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසළ අද දහවල් උණුසුම් තත්ත්වයක් ඇතිවිය. කොම්පඤ්ඤවීදිය දුම්රිය මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් සහ කොම්පඤ්ඤවීදිය ලේක් සයිඩ් මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් අතර තාප්පයක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය. එහිදී එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. මෙහිදී කොම්පඤ්ඤවීදිය ලේක් සයිඩ් මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් විසින් ඔවුන්ගේ ප්‍රවේශ මාර්ගය හරස්කොට ඉදිකර ඇති බව පවසමින් තාප්පය කඩා ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි. ඒ සමගම එයට විරෝධය පළකරමින් කොම්පඤ්ඤවීදිය දුම්රිය මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් විසින් දුම්රිය මාර්ගය හරස් කරමින් විරෝධතාවයක් ආරම්භ කළේය. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට ද සුළු වේලාවක් බාධා එල්ලවිය. කෙසේ වෙතත් එම ස්ථානයට…
මිල සූත්‍රය ගැන පාර්ශ්ව කරුවන් කැඳවා විමසීම් කර ඉන්ධන මිල තවදුරටත් අඩු කිරීමට සූදානම් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය . විදුලි බල මණ්ඩල නව සංශෝධිත පනත් කෙටුම්පත අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා බවද ඔහු සඳහන් කළේය
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිටි සෙල්ලපෙරුමගේ සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් පානදුර සලිඳු නැමැත්තා ලබන මාර්තු 25 දින තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා අද නියෝග කලේය. සැකකරු ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පවත්වමින්, ගිනි අවි එක්රැස් කරමින්, එම ගිනි අවි විවිධ පුද්ගලයින් වෙත ලබා දෙමින් ඔවුන්ව වෙඩික්කරුවන් ලෙස යොදවා දිවයින තුල මනුෂ්‍ය ඝාතන ඇතුළු සංවිධානාත්මකව අපරාධ සිදුකිරීම යටතේ රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. සැකකරු මැඩගස්කර රාජ්‍යයේදී 2023 මාර්තු 13 දා අත්අඩංගුවට ගෙන ජාත්‍යන්තර පොලිසියෙන් රතු වරෙන්තුවක් ලබාගෙන…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මෙරට නියෝජිතයින් අතර එම අරමුදලේ යෝජනා පිළිබඳව සාකච්ඡාවක් අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත් වේ. මෙම සාකච්ඡාව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් සහභාගී වීමට නියමිතය. මේ අතර අදාළ සාකච්ඡාවට සහභාගී වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක, දෙමළ ජාතික සන්ධානයේ නායක සිවඥානම් ශ්‍රීධරන් යන මහත්වරුන්ට ආරාධනා කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කළේය. කෙසේවෙතත් දෙමළ ජාතික සන්ධානය පමණක්…
