Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැල් පාලමෙන් රටේ ජනතාව එගොඩ කළ බවට ප්‍රකාශ කළත් ජනාධිපතිවරයාගේ වැල් පාලමෙන් එගොඩ වූයේ රටේ ජනතාව නොව රට විනාශ කළ රාජපක්ෂවරුන් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. මුළු රටම යථා තත්ත්වයට පැමිණි බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළත් රටේ විදුලි බිල 500%-600%ක වැඩි වීම, ජල බිල වැඩි වීම, ජීවන බර වැඩි වීම, රැකියා අහිමි වීම, කර්මාන්තශාලා වැසී යාම, තරුනයන් මහ පාරට බැසීම තුළ කොවිඩ් සමයේ මෙන් රට තුළ අර්බුදයක් ඇතිව තිබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසී. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නව සාමාන්‍යකරනය යනු ජන දුක නිර්මාණය කිරීමේ සාමාන්‍ය තත්ත්වය බවත් යාපහුව ප්‍රදේශයේ පැවැති සමගි ජන බලවේග ජනපවුර වැඩසටහන…
මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ යුක්තිය මෙහෙයුමට අද (11) සිට යුද හමුදා නිලධාරීන්ගේ සහාය ද ලබාගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවැසීය. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවලදී යුද හමුදා සහාය ලබාගැනීමට පියවර ගන්නා ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උපදෙස් ලබාදී ඇති බව ද තල්දූව මහතා කීය.
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බිත්තර කෝටි 4 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට තීරණය කළ බව වෙළෙඳ අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. දේශීය වෙළෙඳපොලේ බිත්තරවල අධික මිල පිළිබඳව අවදානය යොමු කරමින් මෙම තීරණයට එළෙඹි බවත් ලබන අප්‍රේල් මස මුල සිට එම බිත්තර වෙළෙඳපොලට යොමු කිරීමට බලාපොරොත්තු වන බවත් එම නිලධාරියා කීය. වර්තමානය වන විට මෙරට වෙළෙඳපොලේ බිත්තරයක මිල රුපියල් 50 සිට 70 දක්වා මිලක පවතින බවත් ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තරයක් රුපියල් 45 කට අළෙවි කරන බවත් එම නිලධාරියා වැඩඩි දුරටත් සඳහන් කළේය.
අගලවත්ත නගරයේ සිංහල බෙහෙත් අලෙව්සලක තිබු රුපියල් හාරලක්ෂ අසු දහසක් පමණ වටිනා මත්ගුලි පැකට් දෙදහස් හාරසීයක් සමග වෙළෙඳසල් හිමිහිමිකාරියවූ (55) හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය සඳහන් කරයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අගලවත්ත නගරයේ සිංහල ආආයුර්වේද ඖෂධ හලක් පවත්වාගෙන යනු ලබන ඕමත්ත ප්‍රදේශයේ කාන්තාවක් බව පොලිසිය සඳහන් කරයි. පාසල් ළමුන් මත් උවදුරින් බේරාගැනීම වෙනුවෙන් ආරම්භ කරන ලද යුත්තිය මෙහෙවුමේ පවුර සංකල්පයට අනුව මීට ඉහතදී අගලවත්ත නගරයේ සියලුම ආයුර්වේද ඖෂධ ශාලා හිමියන් අගලවත්ත පොලිසිය වෙත කැඳවා මෙවැනි මත්ගුලි වෛද්‍ය නිර්දේශයක් නොමැතිව පාසල් දරුවන් ඇතුළු කිසිදු පුද්ගලයෙකුට අළෙවි නොකරන ලෙස පෞද්ගලිකවම අවවාද කර තිබේ.
හමාස් සමඟ පවතින යුද්ධය මධ්‍යයේ ගාසා තීරයේ සිවිල් වැසියන්ට සිදුවන හානිය නොසලකා හැරීමෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායලයට යහපතට වඩා හානියක් සිදු කරන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේය. නමුත් ඇමෙරිකාව ඊශ්‍රායලයට ලබා දෙන සහාය නවත්වන බව ඉන් අදහස් නොවන බව ඇමෙරිකානු ජනාධිපතිවරයා පැවැසුවේය.මේ දක්වා ඊශ්‍රායල හමුදා ප්‍රහාර හමුවේ පලස්තීන වැසියන් 30,960 මියගොස් තවත් 72,524 තුවාල ලබා ඇතැයි පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේය. ගාසා වැසියන්ට අවශ්‍ය ආධාර සෘජුව කඩිනමින් ලබා දීමට ගාසා තීරයේ තාවකාලික වරායක් ඉදි කිරීම සඳහා ජනරාල් ෆ්‍රෑන්ක් එස් බේසන් නෞකාව වර්ජිනියා වරායෙන් පිටත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.ගාසා තීරයට අවශ්‍ය ආධාර සෘජුව කඩිනමින් ලබා දීම සඳහා…
ගම්මිරිස්, ඉඟුරු සහ කහ ඇතුළු කුළුබඩු ආනයනය කර ප්‍රතිඅපනයනය කිරීමට අවසර දෙමින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම ගැසට් නිවේදනයට අනුව ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කරදමුංගු, ඉඟුරු සහ කහ ඇතුළු සෙසු කුළු බඩු ආනයනය හා අපනයන පාලක ජනරාල්වරයාගේ අනුමැතියට යටත්ව ආනයනය කළ හැකි අතර ඒවාට දේශීයව සියයට 35 ක අවම අගයක් එකතු කර ප්‍රතිඅපනයනය කිරීමේ අවස්ථාව හිමිව තිබේ.
“අද වන විට ජනතාවගේ සියලු අයිතීන් නැතිවෙලා. මේ රටේ ජනතාවට මීට වඩා හොඳ තත්වයක් ඇති කළ යුතු බව කියන සත් චේතනාවෙන් තමයි අපි හැමෝම එකතු වෙලා ඉන්නේ. මෙතන ඉන්න හැම දෙනා අපි අතරේම වෙනස්කම් ඇති. නමුත් පොදු අරමුණක් වෙනුවෙන් අපි එකතුවෙලා ඉන්නවා. ඒ නිසා හැමෝම හිතාගන්න අපි දේශපාලන බලය අත්කර ගන්නවා යනු අවසානය නොවේ මේ රට ගොඩනැගීමේ ආරම්භයයි. යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (10) දින හෝමාගමදී පැවසීය. ගැහැණු අපි එක මිටට වැඩසටහන් මාලාවේ කොළඹ දිස්ත්‍රික් සමුළුව හෝමාගම දී පැවැති අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඒ මහතා එලෙස පැවසීය. හෝමාගම ප්‍රධාන බස් නැවතුම්පොළ අසලදී මෙම සමුළුව…
ජනතා සහන දීමේ විප්ලවයක් අප ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කුලියාපිටියේ දී අද (10) පැවසීය. බින්දුවට වැටුණු රට ගොඩ නැගීමට සහය දුන් එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම පොහොට්ටුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,සමගි ජන බලවෙිගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලුම පාක්ෂික ජනතාවට ස්තුති කරන බව කී ජනාධිපතිවරයා තමා කිසි විටෙක පටු දේශපාලනයට හිර නොවන බව අවධාරණය කළේය. “සැබෑව” යන තේමාවෙන් සංවිධාන කෙරුණු මැතිවරණ සටන ඇරැඹීමේ මෙම ප්‍රථම මහජන රැළිය කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගනයේදී අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. කුලියාපිටිය ප්‍රමුඛ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දහස් සංඛ්‍යාත ජනකායක් නගර සභා ක්‍රීඩාංගණයට රැස්ව සිටියහ. එක්සත් ජාතික පක්ෂයේ උපනායක හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල…
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් අනිද්දා (10 වැනිදා) දක්වා ක්‍රියාත්මක වීම නිසා එම මාර්ගයේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වැල්ලවත්ත දුම්රිය ස්ථානය දක්වා වන කොටසේ එක මාර්ගයක පමණක් දුම්රිය ධාවනය කිරීම නිසා දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර පාලමක නඩත්තු කටයුත්තක් සහ ජල සම්පාදන මණ්ඩලයේ නළ එලීම සඳහා කාණු කැපීම යන කටයුතු හේතුවෙන් මෙම තත්වය ඇති වන බව ද එම දෙපාර්තමේන්තුව කියයි.
චෙක් ජනරජය නියෝජනය කළ සුරූපිනී, ක්‍රිස්ට්යානා සිස්කෝවා, 2024 ලෝක රූ රුජින ලෙස කිරුළු පැලඳියාය. ඒ, රටවල් රැසක තරගකාරිනියන් 111 ක් අභිබවා යමිනි. මෙවර ලෝක රූ රුජින ජාත්‍යන්තර තරගාවලිය අතිඋත්කර්ශවත් අන්දමින් පැවැත්වූයේ ඉන්දියාවේ මුම්බායි වෙළෙඳ අගනගරය කේන්ද්‍රකොට ගනිමිනි. 23 හැවිරිදි ක්‍රිස්ට්යානා සිස්කෝවා නිරූපිකාවකි. ඇය නීතිය පිළිබඳවත්, ව්‍යාපාර පරිපාලනය පිළිබඳවත් වෙන වෙනම උපාධි හදාරමින් සිටී. මීට පෙර චෙක් ජනරජ සුරූපිනියක ලෝක රූ රැජින කිරුළ දිනුවේ 2006 වසරේදීය. ක්‍රිස්ට්යානා සිස්කෝවා ට කිරුළ පැලදීම සිදු කරනු ලැබුවේ, පසුගිය 2023 ලෝක රූ රුජින කිරැළ දිනා සිටි පෝලන්ත සුරූපිනිය කැරොලිනා බියෙලාව්ස්කා විසිනි. මෙවර තරගාවලියේ දී දෙවැනි ස්ථානය දිනුවේ, ලෙබනනය නියෝජනය කළ සුරූපිනී යැස්මින් මයිටෝන්ය. තෙවැනි ස්ථානය…
