Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
සහතික මිලට වී මිලදී ගැනීමට රජය කටයුතු කලයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කලේ පොලොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ගොවිමහතුන් හමුවීමෙන් පසුවයි. මේ වනවිට වී කිලෝවක් සදහා රුපියල් 100ක සහතික මිලක් ගොවීන්ට ලබා දෙනවා යැයි රජය පැවසුවත් එය බෝඩ් එකකට පමණක් සීමාවී ඇති බව මෙහිදී ගොවිමහතුන් විසින් මන්ත්‍රීවරයාට පෙන්වා දී තිබෙනවා. සහතික මිල ලෙස රුපියල් 100ක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත්, වී කිලෝවක් සදහා රුපියල් 150ක් වත් ලබා දියයුතු බවත් අවම වශයෙන් වී කිලෝවකට රුපියල් 130ක් වත් ලබා දෙනවානම් තම වියදම හෝ පියවා ගැනීමට හැකිබවත් ගොවි මහතුන් විසින් එහිදී අමාත්‍යවරයාට පවසා තිබෙනවා. මහින්ද…
අද (26) දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවයි. වයඹ පළාතේ ද වැසි වාර කිහිපයක් ඇති වන බව සඳහන්. ඌව පළාතේ සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් බස්නාහිර සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම, ගාල්ල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර්…
පල්ලෙකලේ – තැන්නේකුඹුර පාලම අසල මහවැලි ගඟේ ඥාතීන් සමග දිය නාමින් සිටි වයස අවුරුදු 15ක් වූ දරුවන් දෙදෙනෙකු දියේ ගිලී මහනුවර රෝහලට ඇතුලත් කොට ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා. එක් දරුවෙකු පසුගිය 24 වැනි දා ජීවිතක්ෂයට පත් වූ අතර අනෙකුත් දරුවා මහනුවර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(25) දින මියගිය බවයි පොලිසිය පවසන්නේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 15ක් වූ පල්ලේගම, අම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකුයි. මෘත දේහය සම්බන්ධයෙන් මහනුවර රෝහලේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මෙම මරණයට හේතුව දියේ ගිලී සිදුවූ මරණයක් බවට අධිකරණ වෛද්‍යවරයා විසින් තීන්දු කර තිබෙනවා. එමෙන්ම ඊයේ දිනයේදී ම උදෑසන වාලච්චේන, වඩමුණ වැවේ…
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව ඖෂධ වර්ග 60 ක මිල අද(26) සිට 16%කින් අඩු කිරීමට නියමිතයි. පසුගිය 15වැනි දා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වනුයේ අද සිටයි. නව මිල සංශෝධනයට අනුව 16%ක මිල අඩුවීමක් සිදු වී ඇති අතර ඩොලරයේ අගය පහළයාම හේතුවෙන් ආනයනික ඖෂධ මිල මෙලෙස පහත දමා ඇති බව සඳහන්. නව ගැසට් නිවේදනයට අනුව පැරසිටමෝල් මිලිග්‍රෑම් 500යේ පෙත්තක මිල රුපියල් තුනයි ශත 49ක් ලෙස ගණනය කර ඇති අතර, ඉන්සියුලින් මිලිග්‍රෑම් 10යේ කුප්පියක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල දක්වා ඇත්තේ රුපියල් 2270යි ශත දෙකක් ලෙසයි. ඇමොක්සිලින් ක්ලැවුලිනික් ඇසිඩ් මිලිග්‍රෑම් 375ක උපරිම සිල්ලර මිල…
පානදුර බොල්ගොඩ ගඟේ බෝට්ටු පදිමින් සිටිය දී සිදුවු අනතුරකින් පසුව අතුරුදන්ව සිටි පුද්ගලයාගේ සිරුර සොයාගෙන තිබේ. අප වාර්තාකරු පැවසුවේ එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, පානදුර දිග්ගල ශ්‍රීයා මාවතේ පදිංචිව සිටී එෂාන් විතාන නමැති 42 හැවිරිදි අවිවාහක ව්‍යාපාරිකයෙකි. එම පුද්ගලයා පුරුද්දක් ලෙස රස්කින් දූපත ආසන්නයේ බොල්ගොඩ ජලාශයේ විනෝදාංශයට ජෙට් ස්කි පදිමින් සිටින අයෙකු බව වාර්තා වේ. ඔහු අද දිනයේද ජෙට් ස්කි පදිමින් විනෝද වෙමින් සිටියදී පෙරවරු 10.05ට පමණ ගඟ හරහා දිවෙන පාළම් පාරුවේ ගැටගසා තිබූ කඹයේ ගැටී සිදුවු අනතුරෙන් පසුව දියේ ගිලී තිබුණි. ධීවර යාත්‍රා සහ ජෙට් ස්කි මඟින් අතුරුදන් පුද්ගලයා සොයා මෙහෙයුම් දියත් කළ අතර, පැය දෙකකට පමණ පසුව ඔවුන් විසින්…
ඉදිරි සති අන්තයේ කොළඹ මහනගර සභා බලප්‍රදේශය තුළ ඩෙංගු මර්දනය සඳහා විශේෂ පවිත්‍රතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ සභාපති, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පැවසුවේ ඒ සඳහා නිවසේ රැඳීසිටිමින් අවශ්‍ය සහාය ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවය. එම වැඩසටහනෙන් අනතුරුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සතියක් පුරා කීට පරීක්ෂාවන් සිදුකරන බවද රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවාය. ඩෙංගු ව්‍යාප්තිය පාලනය පිළිබඳව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (25) පැවති මාධ්‍ය හමුවේදී ඇය මේ බව කියා සිටියාය. ජනවාරි මස සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 47,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර ඉන් 50%ක් වාර්තා වන්නේ…
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සඳහා විශේෂ මහජන උපදේශන සැසියක් පැවැත්වීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. ඒ අනුව ලබන අඟහරුවාදා දිනයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී එම මහජන උපදේශන සැසිය පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. විදුලි ගාස්තු වැඩිවීම හෝ අඩුවීම සම්බන්ධයෙන් එහිදී මහජනතාවට අදහස් ඉදිරිපත් කිරීමට හැකියාව පවතී. වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සාමාජිකයින් ඇතුළු ඕනෑම අයෙකුට මේ සඳහා අදහස් ලබාදීමට හැකියාව පවතින බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය. විදුලි ගාස්තු සහ ඒ ආශ්‍රිත තවත් සෙසු කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කොමිසමේ සෙසු සාමාජිකයින් අතර සාකච්ඡාවක් මෙම මස අවසානයට පෙර පැවැත්වීමට නියමිත බව ද මහජන උපයෝගිතා කොමිසමේ නව සභාපති මහාචාර්ය…
පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්කර ඇති නාමයෝජනා අහෝසි කිරීමේ යෝජනාව පිළිබඳව සාකච්ඡා ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ. ඉදිරි සති කිහිපය තුළ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේය. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ උපදේශන කාරක සභාවේදී පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති නාමයෝජනා අහෝසි කිරීම පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. අදාළ යෝජනාව සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කිරීමට ද නියමිතය. මැතිවරණය කල්යාම තුළින් නාමයෝජනා බාරදී ඇති රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් විවිධ ගැටලු නිර්මාණය වී ඇති අතර මේ…
අස්වැසුම සමාජ සුබසාධන වැඩසටහන යටතේ දැනට ප්‍රසිද්ධ ඇත්තේ ප්‍රතිලාභින්ගේ අවසාන නාම ලේඛනය නොවන බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අභියාචනා සහ විරෝධතා ගොනු කිරීමට ලබා දී ඇති දින 10ක කාලයෙන් පසු සිදු කරන සොයා බැලිමෙන් අනතුරුව අවසන් නාම ලේඛනය ප්‍රකාශයට පත් කරන බවයි. එම කාලයෙන් පසුව වුවද කිසියම් පවුල් ඒකකයක් තමාට අසාධාරණයක් සිදු වූ බවට අභියාචනා ඉදිරිපත් කළ හොත් එය සලකා බැලීමට ද සුබ සාධන ප්‍රතිලාභ මණ්ඩලය සූදානම් බව ද අමාත්‍යවරයා අවධාරණය කරනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (24) අනුරාධපුරයේ පැවැති මාධ්‍ය හමුවකදී ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සේම ලෝක බැංකුවේ පවා අදහස වී ඇත්තේ සමාජ…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක් වී පොදු දේශපාලන බලවේගයක් ආරම්භ කළ යුතු බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවිනුවර ආසන බල මණ්ඩල රැස්වීම අමතමින්.