Author: LANKA24X7

ඇති වූ ආපදා තත්ත්ව­යෙන් පසුව බස් රථ 4,000කට ආසන්න සංඛ්‍යා­වක් ධාව­න­යට එක් කිරී­මට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩ­ලය පිය­වර ගෙන තිබේ. ඉන් 2,500කට ආසන්න බස් රථ ප්‍රමා­ණ­යක් දුර ගමන් ධාව­නය සඳහා සැල­සුම් කර ඇති බවත් පැවැති ආපදා තත්ත්වය හේතු­වෙන් අඩාළ වූ දුම්රිය ධාව­නය වෙනු­වෙන්ද විශේෂ බස් රථ සේවා­වක් ආරම්භ කළ බව ද එහි සභා­පති සජීව කන­ක­රත්න මහතා පැවැ­සීය. එමෙන්ම ‘දිට්වා’ සුළි කුණා­ටු­වෙන් ඇති වූ ව්‍යස­න­කාරී තත්ත්වය හමුවේ මාර්ග අව­හිර වීමෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩ­ලයේ බස් ගම­න්වාර 1,500ක් පමණ අව­ලංගු වූ බවද හෙතෙම පැවැ­සීය. එසේම ලංගම ආසන වෙන්කි­රීමේ සේවාව සිදු­ක­රන හෑන්ස් ග්ලෝබල් හෝල්ඩින්ස් කලින් ආසන වෙන්ක­ර­ගත් මගීන් 15,000ක් සිටින බවත්…

Read More

ආසියානු සංවර්ධන බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 3ක හදිසි මානුෂීය ආධාර ප්‍රධානයක් සිදුකිරීමට තීරණය කර තිබේ. ආපදාවෙන් විපතට පත් ජීවිත බේරාගැනීම සහ ජනජීවිතය යථා තත්ත්වයට පත්කිරීමේ අරමුණින් මෙම ප්‍රධානය සිදුකරන බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්දා මහතා ප්‍රකාශ කර ඇත. පසුගිය දා සිදුවු ආපදා හේතුවෙන් හානියට පත් ශ්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල් 3 සදහා ක්ෂණික ප්‍රධානයන් සිදුකිරීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 3ක්, තායිලන්තයට සහ වියට්නාමයට අමෙරිකානු ඩොලර් මිලියන 2 බැගින් ලබා දීමට නියමිත බව වාර්තා වේ. මේ අතර දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වු ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා හදිසි ජීවිතාරක්ෂක…

Read More

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් රථ වාහන ගමනාගමනය සඳහා මේ වනවිට යළි විවෘත කිරීමට පියවර ගෙන තිබේ. මාවනැල්ල පොලීසිය මේ බව සඳහන් කළේය.

Read More

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 708 දක්වා ඉහළ ගොස් ඇති බව එරට ආපදා ඒජන්සිය පැවසීය. අයහපත් කාලගුණ හේතුවෙන් සහන කණ්ඩායම්වලට පසුගිය දින කිහිපයේ එම ප්‍රදේශයට ළඟවීමට නොහැකිව තිබුණි. ඒ අනුව අදාළ කණ්ඩායම් ඊයේ (2) බලපෑමට ලක් වූ ප්‍රදේශවලට පැමිණ මියගිය පිරිස් පිළිබඳ තොරතුරු යාවත්කාලීන කිරිමත් සමග මෙලෙස මරණ සංඛ්‍යාව ඉහළගොස් ඇත. ඉන්දුනීසියාවට අමතරව අග්නිදිග ආසියාවම මාස ගණනාවක් තිස්සේ පැවති අයහපත් කාලගුණයෙන් මාරාන්තික ලෙස බැට කමින් සිටී. මේ වනවිට සිදුව ඇති ගංවතුර සහ නායයෑම් හේතුවෙන් එම කාලපය තුළ පමණක් දහසකට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්ව ඇත.

Read More

අද (04) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකිය. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වලත් කුරුණෑගල සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලීමක් ද කරයි.

Read More

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ උදුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට (04) යෙදී තිබේ. සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීයේ දක්ෂිණ ශාඛාවක් රැගෙන දඹකොළ පටුනට වැඩම කරවීම සිදුවූයේ අද වැනි පොහොය දිනයක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. සංඝමිත්තා තෙරණින් වහන්සේ සමග තවත් භික්ෂූණීන් 11 නමක් එදින ලංකාවට වැඩම කළ අතර මෙරට මෙහෙණි සසුන පිහිටුවීම ද උඳුවප් පුරපසළොස්වක පොහොය දිනයේ දී සිදුව තිබේ.

Read More

මෙරට ජනතාව මුහුණ දී සිටින ආපදා තත්ත්වයෙන් පසු අඛණ්ඩව සිදුවන ප්‍රතිසාධන කටයුතු වෙනුවෙන් බංග්ලාදේශ රජයෙන් මානුෂීය සහන තොගයක් රැගත් යානයක් අද (3) දහවල් මෙරටට ළඟාවිය. එරට ගුවන් හමුදාවට අයත් ‘C-130’ ගුවන් යානයක් මෙලෙස පැමිණි අතර, එහි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ තොගයක් ඇතුළත්ය. ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියාස් විසින් සහනාධාර තොගය විධිමත් ලෙස භාර දෙන ලද අතර, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මයුරි පෙරේරා මහත්මිය එම භාණ්ඩ තොගය භාර ගන්නා ලදී.

Read More

අපරාධයකින් උපයාගත් බවට සැළකෙන විදේශිය රටවල පවතින වත්කම් නැවත පවරාගැනීම සඳහා වු ක්‍රියාදාමයකට අවශ්‍ය තාක්ෂණික සහ විශේෂඥ සහයෝගය ලබාදීමට ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ කාර්යාලය යටතේ පවතින ස්ටාර් ආයතනයේ උසස් නිලධාරීන් (StAR inititive) එකඟත්වය පළ කර තිබේ. ඒ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පස්වරුවේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී පැවැත්වා තිබුණි. ඒ අනුව අපරාධයකින් උත්පාදිත දේ නැවත පවරා ගැනීමේ පනත යටතේ දුෂණයෙන් උපයාගත් බවට සැළකෙන විදේශීය රටවල පවතින වත්කම් නැවත පවරා ගැනීම සඳහා කටයුතු කිරීම වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහ විශේෂඥ සහයෝගය ලබා ගැනීමට නියමිතව තිබේ. අපරාධයකින් උත්පාදිත…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ආපදා ආධාර රැගත් තවත් ගුවන් යානා 02ක් අද (3) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය. එරට ගුවන් හමුදාවට අයත් විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් වන C-17 වර්ගයේ යානා අබුඩාබි නුවර සිට මෙරටට ළඟා විය. ආපදා සහන මෙහෙයුම් සඳහා යොදාගන්නා වාහන සහ ආහාර මෙම භාණ්ඩ තොගය අතර වේ. මෙම ආධාර තොගය භාරගැනීම සඳහා මෙරට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාර්යාලයේ නිලධාරීන්, ආරක්ෂක අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් ද ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

Read More

ඇති වී තිබෙන තත්ත්වය හමුවේ උපායශීලීවීමටත්, අයවැය තුළ යම් යම් ගැළපීම් සිදුකරමින් ආයෝජන පසුබිම සහ පරිසරය නිවැරදිව සකස් කර ගත යුතුව ඇති බවත්, නිවැරදි ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කළ යුතුව ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. කොළඹ සැංග්‍රිලා හෝටලයේ පැවැත්වෙන, (SRI LANKA ECONOMIC AND INVESTMENT SUMMIT 2025) ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය. සමාගම් 500කට වැඩි සංඛ්‍යාවක් නියෝජිතයින් රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ලොව පුරා ආයෝජකයින් 100කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් (SRI LANKA ECONOMIC AND INVESTMENT SUMMIT 2025) ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව පවත්වා තිබුණි. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, “ශ්‍රී ලංකාව වෙනුවෙන් සිදුකර ඇති පුරෝකථනයන් සමඟ…

Read More