Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් දුම්රිය මාසිකවාර ප්‍රවේශ පත්‍රයෙන් මෙලෙස ලංගම බස් රථවල ගමන්කිරීමට අවස්ථාව සලසා දුන් බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසීය. ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමණ්ඩලයේ අධි සුඛෝපභෝගී බස්රථ හැර අනෙකුත් සාමාන්‍ය බස්රථවල දුම්රිය මාසික ප්‍රවේශ පත්‍රය භාවිතයෙන් ප්‍රවාහන පහසුකම් ලබාගත හැකිය. මේ සම්බන්ධයෙන් බස්රථ සේවකයින් සහ කණ්ඩායම් දැනුවත් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.
ව්‍යාජ හැඳුනුම්පත් ඇතුළු ව්‍යාජ ලේඛන සකස් කළ පානදුර ප්‍රදේශයේ පුද්ගලයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකට අදාළව මෙම පුද්ගලයාව 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනතේ 124 වගන්තිය උල්ලංඝනය කරමින් කටයුතු කිරීම හේතුවෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත්ව ඇත්තේ පානදුර, ගොරකපොළ ප්‍රදේශයේ පුද්ගලයෙකි. අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය නිල්වලා ගඟ ආශ්‍රිතව අකුරැස්ස ප්‍රදේශයට ඇදහැලී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමණාකරණ) ඉන්ජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා පැවසීය. අද (5) පෙරවරුවේ නිවේදනයක් නිකුත්කරමින් ඔහු පවසා සිටියේ, මී.මී. 125කට ආසන්න වැස්සක් එම ප්‍රදේශයට ඇදහැලී ඇති බවය. කෙසේ නමුත් අනෙකුත් බොහෝ ප්‍රදේශවලට සාමාන්‍ය වර්ෂාපතනයක් ඇදහැළුණු බවත්, ගංගාවල ජල මට්ටමේද ලොකු වැඩිවීමක් නොපෙන්වන බවත් හෙතෙම පැවසීය. එමෙන්ම ඒ අනුව අනෙක් ප්‍රදේශවලට වර්ෂාව නොමැතිවීම තුළ ගංගාවල ජල මට්ටම් වැඩිවීමක් නොමැති බවත් පෙන්වා දුන්නේය. මේ අතර වැව් පද්ධතියේ අනතුරුදායක වාන් දමන තත්ත්වයක් නොමැති බවත්, බොහෝ වැව් වාන් මට්ටමේ හෝ සාමාන්‍ය ප්‍රමාණයකින් වාන් දමමින් තිබෙව බව…
රට පුරා ජීවිත බිලිගෙන, දහස් ගණනක් අවතැන් කළ විනාශකාරී සුළි කුණාටුව සහ ගංවතුර තත්ත්වයෙන් මෙරට ආර්ථිකයට වූ හානිය අවම කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සූදානමින් පසුවේ. මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් IMFහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් මේ බව පැවසීය. ව්‍යසනයේ මානුෂීය, සමාජීය සහ ආර්ථික බලපෑම ඇගයීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන්, සංවර්ධන හවුල්කරුවන් සහ අනෙකුත් සගයන් සමග සමීපව කටයුතු කරන බවත් ඇය මෙහිදී ප්‍රකාශ කළාය. “සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ පීඩාවට පත්ව තිබේ. එම පදනම මත මිනිස් ජීවිත හානිවලට අමතරව ආර්ථික ක්‍රියාකාරකම්වලටත් අහිතකර ලෙස බලපානු ඇතැයි අපි අපේක්ෂා කරනවා” ලෙසින් එහිදී ඇය සඳහන් කළාය. ශ්‍රී ලංකාව දැනට එහි හවුල්කරුවන් සමග…
‘Rebuilding Sri Lanka’අරමුදලට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රුපියල් මිලියන 635කට ආසන්න මුදලක් මේ වනවිට ලැබී ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පවසා සිටියේ, ලංකා බැංකුව යටතේ ක්‍රියාත්මක ගිණුම හරහා තැන්පතු (transaction) 30,470කට අධික ප්‍රමාණයක් මේ වනවිට සිදුව ඇති බවය. එමෙන්න ශ්‍රී ලංකා මහ බැංකුව තුළ ක්‍රියාත්මක විදෙස් මුදලින් තැන්පත් කළ හැකි ගිණුම් හරහා මෙම අරමුදලට රුපියල් මිලියන 61කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවත් ඔහු පැවසීය. රටවල් 33කින් අදාළ ගිණුම්වලට මෙම මුදල් ලැබී තිබේ. ඒ අනුව ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 700කට ආසන්න බව ලැබී ඇති බව…
දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (05) අලුයම නිකුත් කළ නවතම කාලගුණ නිවේදනයේ දැක්වෙයි. ඒ අනුව අද දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වෙයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින්…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (4) ප.ව. 4.00 ට නිකුත් කළ ඉදිරි පැය 36 සඳහා වන කාලගුණ අනාවැකිය අනුව උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය. එමෙන්ම බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වලත් කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ…
චීනයේ ෂිජියැං ප්‍රදේශයට භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබේ. රිච්ටර් මාපකයේ ඒකක 5.8ක ප්‍රබලත්වයෙන් යුතුව භූ කම්පන තත්ත්වය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෙසේවෙතත් භූ කම්පනයේ බලපෑමෙන් කිසිදු ජීවිත හෝ දේපල හානි පිළිබඳ වාර්තා වී නොමැති බව සඳහන් වේ.
ඉන්දීය ආපදා ආධාර රැගත් 08වන යානයත් අද (04) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ. එම ගුවන් යානය තුළ මෙට්‍රික් ටොන් 53 බරැති අඩි 110ක් දිගැති මංතීරු දෙකකින් යුතු යකඩ බේලි පාලමක් රැගෙන විත් තිබූ අතර, එය ඉන්දීය රජය විසින් මෙරටට පරිත්‍යාග කිරීමට නියමිත පාලම් 10න් 02වැනි පාලම වේ. මෙම පාලම ඇතුළු ඉන්දීය ගුවන් යානය මගින් රැගෙන විත් තිබූ භාණ්ඩ තොගය ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු බළකායේ නිලධාරීන් පිරිසක් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි. මෙම පාලම ඉන්දීය හමුදා ඉංජිනේරුවරුන් සහ ශ්‍රී ලංකා යුධ හමුදා ඉංජිනේරු බළකායේ නිලධාරීන් විසින් එක්ව නුවරඑළිය ප්‍රදේශයේ ස්‍ථාපිත කිරීමට නියමිතය. මීට අමතරව බෝට්ටු, සීනි සහ…
ලොව ඉහළම සංචාරක ආකර්ෂණයක් සහිත රටක් බවට යළිත් වරක් පත්කරමින් මේ වසරේ මේ දක්වා කාලය තුළ ලක්ෂ 21කට වැඩි විදෙස් සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඒ අනුව නොවැම්බර් මාසයේ අවසානය වන විට විදෙස් සංචාරකයන් 2,103,593 දෙනකු මෙරටට පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වාදෙයි.
