Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (07) අලුයම නිකුත් කළ නවතම කාලගුණ නිවේදනයේ දැක්වෙයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග…
ඉන්දියාව විසින් නම් කර ඇති “සාගර් බන්ධු” මෙහෙයුම යටතේ ශ්‍රී ලංකාව වෙත ලබා දෙන ආපදා ආධාර රැගත් 09 වන ඉන්දීය ගුවන් යානයත් අද (06) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ. මෙම ගුවන් යානය තුළ අඩි 110ක් දිගැති, මෙට්‍රික් ටොන් 65ක් බරැති බේලි පාළමක්, ජේ.සී.බී.බැකෝ යන්ත්‍රයක් ද ඒ අතර වේ. එමෙන්ම ඉන්දීය යුධ හමුදාවේ ඉංජිනේරු බළකායේ ඉංජිනේරුවරුන් 13දෙනෙකු ද සහාය දැක්වීම සඳහා මෙහි පැමිණ සිටී. මෙම භාණ්ඩ තොගය භාර ගැනීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදා ඉංජිනේරු බළකායේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
නායයෑම් අනතුරු ඇඟවීම් යාවාත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. මෙමගින් දිස්ත්‍රික්ක 05 ක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් යාවාත්කාලීන කිරීමට එම සංවිධානය පියවර ගෙන ඇත. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද 4.00 සිට හෙට පස්වරු 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වන බවය. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර, කුන්ඩසාලේ, පාතහේවාහැට, පානවිල, මැදදුම්බර, දොළුව, තුම්පනේ, උඩුනුවර, දෙල්තොට, ගඟඉහළ කොරලය, පස්බාගේ කොරළය, යටිනුවර, හතරලියද්ද, උඩුදුම්බර, මිනිපේ, උඩපළාත, ගඟවට කෝරළය, අකුරණ, පූජාපිටිය, හාරිස්පත්තුව, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, මාවනැල්ල, දෙහිඕවිට, බුලත්කොහුපිටිය, රඹුක්කන, යටියන්තොට, වරකාපොල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව, රිදීගම, පොල්ගහවෙල, මල්ලවපිටිය, මාවතගම, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, නෙළුව, යටියන්තොට, ලග්ගල,…
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු විසින් නිකුත් කර තිබේ. එම නිවේදනය අද (06) රාත්‍රී 11.00 දක්වා වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ජනතාවගෙන් ඉල්ලා සිටී. අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල පහත ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට අවවාද…
ස්විට්සර්ලන්තයේ සිට ආපදා ආධාර තොගයක් රැගත් ගුවන් යානයක් අද (6) පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය. ජල පිරිසිදුකරණයන් සහ ඒවායේ ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය තවත් උපකරණ රැසක් මෙම ආධාර තොගයේ අඩංගුය. මෙට්‍රික් ටොන් 2.6ක් බරැති මෙම ආධාර තොගය ඇසුරුම් 17කින් සමන්විතය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත නියෝජ්‍ය තානාපති ඔලිවියර් ප්‍රාස්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක්ද ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.
ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන් සිය ආදායම් බදු වාර්තා නොවැම්බර් 30 වනදා හෝ එදිනට පෙර භාර නොදුන්නහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිදුකළ දැනුම්දීම සංශෝධනය කර තිබේ. ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් එම දෙපාර්තමේතුව සඳහන් කර සිටියේ, අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවය. එම දෙපාර්තමේන්තුව පසුගියදා දන්වා සිටියේ, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ විධිවිධානවලට අනුව සියලුම තැනැත්තන් 2024/2025 තක්සේරු වර්ෂය සඳහා වන ඔවුන්ගේ ආදායම් වාර්තා 2025 නොවැම්බර් 30 වනදා හෝ ඊට පෙර ගොනු කළ යුතු බවය. කෙසේ වෙනත් ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම සහ ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට බලපාන ලද අයහපත් කාලගුණික…
ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන පහසුකම (Rapid Financing Instrument -RFI) යටතේ එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක මූල්‍ය පහසුකමක් ඉල්ලා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම ඉල්ලීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියට යටත්ව මේ වන විට සමාලෝචනය කරමින් සිටින බවයි. ශ්‍රී ලංකාව සඳහා වූ IMF මෙහෙයුම් ප්‍රධානී එවන් පැපගෝගියු සඳහන් කළේ මෑත වසරවල ශ්‍රී ලංකාවට බලපෑ වඩාත්ම විනාශකාරී කුණාටුවක් වන මෙම කුණාටුව යටිතල පහසුකම් විනාශ කර, දහස් ගණනක් අවතැන් කර ඇති අතර රටේ ආර්ථිකය පිළිබඳ කනස්සල්ලක් ඇති කරවන බවය. මෙම ඉල්ලීමට…
ඊසානදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින හෙයින් අද (6) දිනයේත් උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියේ බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වල පස්වරු 1.00න් පමණ පසුව තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. තවද බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක්ද පැවතිය හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර ඉදිරි පැය…
ඉදිරියේදී වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති වුවහොත් මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්ටම කරා පැමිණෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි. එම අධිකාරිය නිකුත් කර ඇති නිවේදනයක සඳහන්ව ඇත්තේ උපරිම ජල මට්ටමේදී ජලාශයට ජලය ලැබෙන ශීඝ්‍රතාවය අනුව වාන් දෙරටු විවෘත කිරීමට පියවර ගන්නා බවය. ඒ අනුව වාන් දැමීමේදී අඹන්ගඟට ජලය මුදා හැරෙන අතර එමගින් අඹන්ගඟේ හා මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාමක් සිදුවනු ඇති බවත් මහවැලි අධිකාරිය පෙන්වා දී තිබේ. ඒ හේතුවෙන් අඹන්ගඟ සහ මහවැලිගඟ දෙපස ජනතාවට ජල මට්ටම් පිළිබඳව විමසිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙසත් එම අධිකාරිය දැනුම් දී ඇත. මේ සම්බන්ධව මහවැලි අධිකාරිය විසින් පොළොන්නරුව ආපදා කළමනාකරණ ඒකකය වෙතද දන්වා යවා…
අයහපත් කාලගුණයෙන් ආපදාවට ලක්වු ප්‍රදේශවල මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කරනු ලබන වෙළෙඳුන්ට එරෙහිව දැඩි දඬුවම් ලබා දීමට පියවර ගන්නා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. යම් කිසි ස්ථානයක මෙවැනි ආකාරයේ කටයුක්තක් සිදු වන්නේ නම් වහාම එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කරන ලෙස ඉල්ලීමක් කරන බව එහි සභාපති ප්‍රදීප් බොරලැස්ස මහතා සඳහන් කළේය. මේ අතර මන්නාරම දිස්ත්‍රික්කය තුළ සතියක කාලයක් සඳහා ගවමස්, එළුමස්, ඌරුමස් විකිණීම පිණිස ගබඩා කර තබා ගැනීම සහ මස් පිණිස සතුන් ඝාතනය කිරීම තහනම් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය. එමෙන්ම අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්වු ප්‍රදේශවල වසංගත සහ බෝවන රෝග මැඩපැවැත්වීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා…
