Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
නාමල් ජනාධිපති වෙන්න හදන්නේ “අයිස්ලන්තයේ” දැයි සභානායක ප්‍රවාහන,මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය. මෙවැනි ගිවිසුම් 12ක් පමණ අප පසුගිය කාලයේ සම්මත කර තිබෙනවා.එක්සත් අරාබි රාජ්‍යය සමඟ මේ ගිවිසුමට පෙර ඩොලර් මිලියන 1000ක සෘජු විදේශ ආයෝජන රටට ඇවිත් තිබෙනවා. ආර්ථිකය නන්නත්තාර ගිහිපු රටක අලුත් කණ්ඩායමක් ලෙස අප පැමිණ මේ මුදල ගෙන ඒම ගැන සතුටු විය හැකියි. ආයෝජකයන්ට හිතකර සමාජයක් ගොඩනගා ඇති බව අප ඔප්පු කර තිබෙනවා.කුඩු සංස්කෘතිය රැකපු කුඩු කාරයෝ රැකපු අය අද කුඩු ගෙනාවේ මේ ආණ්ඩුවෙන් යැයි කියනවා.නාමල් ජනාධිපති වෙන්න හදන්නේ අයිස්ලන්තයේද කියා මා අහන්න කැමතියි යනුවෙන්ද බිමල් රත්නායක මහතා කීය.
අවිස්සාවේල්ල ජල සම්පාදන ක්‍රමය සඳහා දිනකට ඝන මීටර 5,000 ක ධාරිතාවයකින් යුතු ජල පවිත්‍රාගාරයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. අවිස්සාවේල්ල ජල සම්පාදන ක්‍රමය සඳහා දිනකට ඝනමීටර 5,000ක ධාරිතාවයකින් යුතු ජල පවිත්‍රාගාරයක් ඉදිකිරීමට අදාළව ජාතික තරඟකාරී ලංසු කැඳවීමේ ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ. එකී ප්‍රසම්පාදනය සඳහා ලංසුකරුවන් දස දෙනෙකු ලංසු ඉදිරිපත් කර ඇත.
යුරෝපා සංගමයේ වනාන්තර එළි පෙහෙළි කිරීම නියාමනය කිරීම පිළිබඳ රෙගුලාසි එළැඹෙන දෙසැම්බර් 30 වැනිදා සිට ක්‍රියාත්මකවීමට නියමිත බවත් එම රෙගුලාසිවල අරමුණ වෙළෙඳ භාණ්ඩ හතක් ආශ්‍රිතව සිදුවන වන විනාශය නියාමනය කිරීම බවත් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ නවතම අධ්‍යන වාර්තාවක් පෙන්වා දුන්නේය. ගවයන්, කොකෝවා, කෝපි, පාම් තෙල්, සෝයා, දැව, ස්වාභාවික රබර් සහ ඒවායින් ලබා ගන්නා නිෂ්පාදන වන ටයර්, චොකලට් සහ ලී ගෘහ භාණ්ඩ හේතුවෙන් සිදුවන වන විනාශය නියාමනය කිරීම එම රෙගුලාසිවල අරමුණ බව එම වාර්තාවේ දැක්වේ. ඒ අනුව ලබන වසරේ මුලසිට යුරෝපා සංගමයේ වෙළඳපොළට අපනයනය කරන ඕනෑම නිෂ්පාදනයක් වන විනාශයෙන් තොරව නිෂ්පාදනය කර තිබිය යුතු බවත් නිෂ්පාදිත රටේ නීතිවලට අනුව නීත්‍යානුකූලව…
නේපාලයේ හිටපු අගමැති ජාලානාත් කනාල්ගේ භාර්යාව වන රජ්‍යාලක්ෂ්මි චිත්‍රකර් විරෝධතාකරුවන් විසින් පණ පිටින් ගිනි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය ඊයේ(09) වාර්තා කළේය. කත්මණ්ඩු නගරයේ දල්ලු ප්‍රදේශයේ හිටපු අගමැතිවරයාගේ නිවසේදී එම සිදුවීම සිදුව ඇතිි බවත් විරෝධතාකරුවන් හිටපු අගමැතිවරයාගේ නිවසට ගිනි තබන අවස්ථාවේදී ඇය ගින්නට හසුවී මිය ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. එසේම නේපාල ශ්‍රේෂ්ඨාධිකරණයද විරෝධතාකරුවන් ගිනි තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කටාරයේ දෝහාඅගනුවර රැඳී සිටින හමාස් නායකයන් ඉලක්ක කරමින් ඊශ්‍රායල් ආරක්ෂක හමුදා ඊයේ(09) ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය. එම ගුවන් ප්‍රහාරයේදී දෝහා නුවර හමාස් නායකයන් රැඳී සිටි ස්ථානයට බෝම්බ දහයක් පමණ ඊශ්‍රායල හමුදාව හෙළා තිබූ අතර ඉන් නගරයේ පිපිරීම් කීපයක් සිදුවිණ. ප්‍රහාරයට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුමැතිය හිමිව තිබූ බවද වාර්තා විය. ප්‍රහාරයෙන් පසුව නිවේදනයන් නිකුත් කරමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රකාශ කර සිටියේ සිවිල් වැසියන්ට අවම හානියක් වන පරිදි ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ගුවන් ප්‍රහාරය එල්ල කළ බවත් ත්‍රස්තවාදීන්ට ලෝකයේ කිසිම තැනක බේරීමක් නොමැති බවට ප්‍රහාරය සාක්ෂියක් බවත්ය. කෙසේ වෙතත් ඝාතනය කිරීමට උත්සාහ කළ ගාසා තීරයේ හමාස් නායක කලිල් අල් හේයා ප්‍රහාරයෙන්…
ශ්‍රී ලංකාව සහ ලෝක බැංකු සමූහය ඇතිකරගත් ඩොලර් මිලියන 100ක නව හවුල්කාරීත්වයෙන් ශ්‍රී ලංකාව පුරා සිටින 380,000 ක ජනතාවකට ප්‍රතිලාභ අත්වනු ඇතැයි ලෝක බැංකුව ප්‍රකාශ කළේය. ග්‍රාමීය ජීවනෝපායන්, නව රැකියා උත්පාදනය සහ කෘෂි ආහාර අංශය දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාව සමග නව හවුල්කාරීත්වය ඇතිකර ගත් බව ලෝක බැංකු සමූහය පැවැසුවේය. ඩොලර් මිලියන 100 ක මූල්‍ය සහාය යටතේ ඇරැඹෙන ග්‍රාමීය හා නාගරික සංවර්ධන සහ දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීම වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය මෙරට කෘෂි ආහාර නිෂ්පාදකයින් 8000 කට සෘජුව සහාය ලබා දෙනු ඇති බවත් හෙක්ටයාර 71,000 ක භූමි ප්‍රමාණයක වාරිමාර්ග හා ජලාපවහන සේවා වැඩිදියුණු…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවල මිලි මීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති වේ.
2025 වසරේ අවසන් කාර්තුව සඳහා ලංකා විදුලිබල මණ්ඩල විසින් සියයට 6.8ක විදුලි ගාස්තු වැඩිකිරීමක් යෝජනා කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එලෙස ඉදිරිපත් කර ඇති සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් ලබාගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබේ. ඒ අනුව එම කොමිසම සඳහන් කරන්නේ, මහජනතාවට සිය අදහස් හා යෝජනා ලිඛිතව කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ හැකි බවය. වාචික අදහස් දැක්වීම සඳහා පළාත් 9 ආවරණය වන පරිදි මහජන උපදේශන 9 ක් පැවත්වෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. වාචික අදහස් දැක්වීමේ සැසි 2025 සැප්තැම්බර් 18 වන දින ආරම්භ වේ. මහජන උපදේශනයේ ලිඛිත අදහස් හා යෝජනා 2025 ඔක්තෝබර් 07 වැනි දිනට…
19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ධම්මික නිරෝෂණ ඝාතනයේ ප්‍රධාන සැකකරු අද දහවල් බලපිටිය මහලදූව ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. බලපිටිය , හීනටිය පාරේ , පැටිවත්ත ප්‍රදේශයේදී අද ( 09) දහවල් මෙම වෙඩි තැබීම සිදු කර ඇත. බලපිටිය මහලදූව පදේශයේ පදිංචි පැට්ටා නමැති අයකු මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලිසිය කියයි. හිටපු කිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂණ ඝාතනය ප්‍රධාන සැකකරු බව කියන ඔහු එම වෙඩි තැබීම සම්බන්ධයෙන් බලපිටිය අධිකරණයයේ විභාග වූ නඩුවට සහභාගිවී කුලී ත්‍රිරෝද රථයකින් නිවසට යමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලීසිය කියයි.
2026 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත . 2026 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත සකස් කිරීම පිණිස 2025 -07-01 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති 2026 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
