Author: LANKA24X7

ඊයේ (30) දහවල් වත්තල, ප්‍රීතිපුර මුහුදු තීරයේ දිය නාමින් සිටි පුද්ගලයකු දිය රළකට හසු වී ගිලෙමින් සිටියදී වත්තල පොලිසියට අනුයුක්ත ප්‍රීතිපුර පොලිසියේ ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් එම පුද්ගලයා බේරාගෙන තිබෙනවා. අනතුරට ලක් වූ පුද්ගලයා වයස අවුරුදු 21ක් වූ දොමෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මොහු මිතුරන් තිදෙනෙකු සමඟින් බීමත්ව සිට දිය නෑමට මෙම මුහුදු තීරයට ගොස් ඇති අතර අනෙක් පුද්ගලයින්ට කිසිදු හානියක් සිදුව නොමැති බව පොලිසිය පවසනවා. මොවුන් සිවුදෙනාම එම ප්‍රදේශයේම කර්මාන්ත ශාලාවක සේවය කරනු ලබන කම්කරුවන් පිරිසක්. දියේ ගිලුණු තරුණයා බේරාගෙන ඇත්තේ, වත්තල පොලිසියට අනුයුක්ත ප්‍රීතිපුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ පොලිස් සැරයන් 60572 ගයාන්, පොලිස් සැරයන් 43536 සුදත්, පොලිස් කොස්තාපල්වරුන් වන 90297…

Read More

සෞඛ්‍ය සේවකයින්ට මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම වළක්වාලමින් පනවා ඇති චක්‍රලේඛය අහෝසි නොකිරීමට එරෙහිව ලබන මස 03 වනදා සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. එහි සභාපති රවී කුමුදේශ් මහතා පවසන්නේ එම චක්‍රලේඛය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවය. සෞඛ්‍ය වෘත්තිකයින් සහ සිවිල් සංවිධාන එක්ව මෙරට සෞඛ්‍ය සේවාව පිළිබඳව හෙළිදරව් කිරීම් රැසක් සිදුකරනු ලබන විශේෂ සමුළුවක් ද ලබන 03 වනදා පවත්වන බව රවී කුමුදේශ් මහතා සඳහන් කළේය. මේ අතර අක්ෂි කාච ලක්ෂයක් මිලදී ගැනීම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සිදුවූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වහාම අත්අඩංගුවට ගත යුතු බව වෛද්‍ය හා සිවිල්…

Read More

නිසියාකාරව අවශ්‍ය අවම ඉන්ධන තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ඇණවුම් සිදුකරන ලෙස අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් සියලුම ඉන්ධන පිරවුම්හල්හිමියන්ගෙන් ඉල්ලීමක් කරයි. මේ අතර අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු බව ද අමාත්‍යවරයා දැනුම්දී තිබේ. සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, ඉන්ධන මිල සංශෝධනයක් බලාපොරොත්තුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් පාලනය කරන ඉන්ධන පිරවුම්හල් 101ක පෙට්‍රල් 92 සහ පිරවුම්හල් 61ක ලංකා ඔටෝ ඩීසල්, 50% ක් අවම තොග ඊයේ (29) දවස වන විට පවත්වාගෙන යාමට අපොහොසත් වී ඇති අතර ප්‍රමාණවත් තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන ඊයේ දිනයේ ඇණවුම් කරද නොමැති බවය. නිසිපරිදි ඉන්ධන තොග…

Read More

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 85 දක්වා අද තවදුරටත් ඉහළ ගියා. බ්‍රෙන්ට් බොරතෙල් මිල සටහන් වුණේ ඩොලර් 84 ශත.99 ලෙසයි. මෙය මාසයක කාලයක් තුල වාර්තා වුණු ඉහළම බොරතෙල් මිලද වනවා.

Read More

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡා පවත්වනු ලැබුවා. කොළඹදී පැවති මෙම සාකච්ඡාවේදී දෙරට අතර පවත්නා දීර්ඝ කාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා දෙපාර්ශවයම කැපවීමේ අවශ්‍යතාව අවධාරණය කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය සඳහා ජපාන රජය ලබා දෙන සහය සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා ජපාන විදේශ අමාත්‍යවරයාට සිය කෘතඥතාව පළ කර තිබෙනවා. එමෙන්ම ජපාන රජයේ ආධාර මත ක්‍රියාත්මක සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය, වරාය නැගෙනහිර පර්යන්තය, මහනුවර සංවර්ධන සැලැස්ම, මධ්‍යම අධිවේගී මාර්ගය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුලුල් කිරීමේ ව්‍යාපෘති කඩිනම් කිරීම සම්බන්ධයෙන් මෙහිදී ඔවුන් සාකච්ඡා කර…

Read More

තිස්සමහාරාම – කතරගම ප්‍රධාන මාර්ගයේ 6 කනුව ප්‍රදේශයේ දී යතුරු පැදියක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ගුරුවරියක සහ ඇගේ සැමියා මියගොස් 15 හැවිරිදි පුතා තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසනවා. අනතුර සිදුවන අවස්ථාවේ දී වෑන් රථය පැදවූ රියැදුරු අධික ලෙස බීමත්ව සිටි බවයි තිස්සමහරාම පොලීසිය පවසන්නේ. මෙලෙස අනතුරට ලක් වී ඇත්තේ කතරගම පූජාවකට කිරින්දේ සිට කතරගම බලා ගමන් ගත් වෑන් රථයක්.

Read More

ගාලුමුවදොර අරගලය මෙහෙයවූ තුන්වැනි පාර්ශ්වයේ පිරිස් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාබනික පොහොර ව්‍යපෘතියට ද උපදෙස් දුන්නේදැයි සැකයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිරියාල ආසන බලමණ්ඩල රැස්වීම අමතමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිරියාල ආසන බල මණ්ඩල රැස්වීම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අම්බලන්ගොඩ ආසන බලමණ්ඩල රැස්වීම පැවැත්වුණේ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

Read More

ඕවල් පිටියේ පැවැත්වෙන අළුබඳුන පස්වැනි ටෙස්ට් තරගයෙන් පසු තමන් සමුගන්නා බව එංගලන්ත පන්දු යවන ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ් පවසනවා. 37 හැවිරිදි ඔහු ටෙස්ට් තරග 167කදී කඩුලු 602ක් දවාගෙන ඇති අතර, ඔහු ටෙස්ට් ඉතිහාසයේ කණ්ඩායමේ සගයා වන ජේම්ස් ඇන්ඩර්සන්ට පසුව දෙවැනි සාර්ථකම වේග පන්දු යවන්නා බවට පත් වුණා. බ්‍රෝඩ් ඕස්ට්‍රේලියාවට එරෙහිව වාර්තාගත ටෙස්ට් කඩුලු 151ක් දවා ගනිමින් අළු බඳුන ක්‍රිකට් පිටියේ එංගලන්තයේ විශිෂ්ට දස්කම් දැක්වූවෙක්.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කොට සිටිනවා. අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි වාර්තා වෙන්නේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කොට සිටින්නේ.

Read More

භාණ්ඩ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් සොයා පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ඊයේ ‍(28) පිටකොටුව, 05වන හරස්වීදියේ විශේෂ මෙහෙයුමක් සිදුකළේය. එහිදී මිල ප්‍රදර්ශනය නොකළ වෙළෙඳසැල් රැසකට නඩු පවරා තිබේ. පිටකොටුවේ 05වන හරස්වීදියේ වෙළෙඳසැල්වල භාණ්ඩ මිල ප්‍රදර්ශනය කර නොමැති බවට ලද තොරතුරකට අනුව ඊයේ පස්වරුවේ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් එම ප්‍රදේශයේ මෙම වැටලීම සිදු කළේය. එහිදී උපාය දූතයින් යොදාගනිමින් මිල දර්ශනය ප්‍රදර්ශනය නොකර ඇති වෙළඳසැල්වලට ගොස් භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කර තිබුණි. එහිදී අනාවරණ වී තිබුණේ, ඔවුන් විවිධ අවස්ථාවලදී මිල ගණන් වෙනස් කරමින් භාණ්ඩ අලෙවිය සිදුකරන බවය. අනතුරුව එම වෙළෙඳසැල්වලට නඩු පවරනු ලැබූ අතර ඇතැම් වෙළෙඳසැල් සඳහා අවවාද කිරීම් හා දැනුවත් කිරීම සිදුකර තිබේ. එහිදී…

Read More