Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පාසල් සිසුන් දෙදෙනකු අතර ක්රිකට් පිත්තක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුර දිග යෑමෙන් එක් සිසුවකුට ක්රිකට් පිත්තකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ක්රිකට් පිත්තෙන් පහර දුන්නේ යැයි කියන සිසුවකු සැකපිට අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය සඳහන් කරයි. මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ නාවලපිටිය මොන්ටි ක්රිස්ටෝ වත්තේ පහළ කොටසේ ස්ටැන්ලි ස්ටෙෆ් ෆිල් නැමති දහතුන් හැවිරිදි පාසල් සිසුවෙකි. සිසුන් දෙදෙනා පාසල් මිතුරන් වන අතර පසුගිය 23 වෙනිදා මොවුන් දෙදෙනා එම වත්තේ ක්රිකට් ක්රීඩා කිරීමට ගිය අවස්ථාවේ ක්රිකට් පිත්ත සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත ඇතිවූ බහින්බස්වීමත් දුර දිග යෑමෙන් අනෙක් සිසුවාට ක්රිකට් පිත්තකින් පහරදී ඇතැයි පොලිසිය කියයි. බරපතළ තුවාල ලැබූ සිසුවා රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටියදී පෙරේදා…
රහස් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයකුගෙන් කෝටි හතරක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එයින් රුපියල් කෝටියක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන කාන්තාවක ඇතුළු සිවුදෙනකු කොල්ලුපිටිය ප්රදේශයේ බැංකුවක් අසලදී වැටලීමක් කර අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. අත්අඩංගුවට ගැනුණු කාන්තාව කඩවත ප්රදේශයේ පදිංචිකාරිනියක වන අතර අනෙක් තිදෙනා දෙමඩගොඩ කොළඹ 12 විල්සන් මාවතේ සහ දෙමටගොඩ ප්රදේශයේ පදිංචිකරුවෝ වෙති. රහස් පොලිස් නිලධාරිනියක සහ නිලධාරින් ලෙස පෙනී සිටි සිවු දෙනකු මීට දින කිහිපයකට ඉහතදී කොල්ලුපිටිය ප්රදේශයේ නිවෙසක තිබූ එක්කෝටි විසි ලක්ෂයක මුදලක් සහ ඇමෙරිකන් ඩොලර් 3500ක් නීති විරෝධී ලෙස උපයා ගත් බව කියමින් ඔවුන්ගේ බාරයට ගෙන රැගෙන ගොස්…
දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් පැවැති නඩුව යළි බණ්ඩාරවෙල අධිකරණය හමුවේ කදවූ අවස්ථාවේ එම අනතුර සම්බන්ධ මෝටර් රථ දෙක රුපියල් ලක්ෂ 50ක් බැගින් වූ බැදුම්කර දෙකක් මත මුදාහරිමින් යළි අධිකරණයෙන් සිතාසියක් ලැබුණොත් පමණක් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට බණ්ඩාරවෙල මහේස්ත්රාත් ඇන්ටනි එස්. පීටර් ෆෝල් මහතා ධාවකයන් දෙදෙනාට ඊයේ (30) නියම කළේය. ෆොක්ස්හිල් මෝටර් රථ තරගයට ඉදිරිපත් වී තරග අංක 5 යටතේ තරග කළ මාතර මැදපාර හිත්තැටිය ප්රදේශයේ පදිංචි රංජිත් උඩුවිට (36), සහ තරග අංක 196 යටතේ තරග කළ පේරාදෙණිය මාකන්ද ප්රදේශයේ පදිංචි ඒ.එම්.ඩිලාන් සංජීව (47) යන මෝටර් රථ තරග කරුවන් දෙදෙනාට මෙසේ නියෝග කෙරිණ. ශ්රී ලංකා මෝටර් රථ…
කිසිඳු පක්ෂයකට ඡන්දය ප්රකාශ කරන ලෙස තමන් කිසි දිනක කිසිවකුගෙන් ඉල්ලා නොමැති බවත් එක්තරා දේශපාලන පක්ෂයකට ඡන්දය දෙන ලෙස තමන් ඉල්ලීමක් කළේයැයි පාර්ලිමේන්තුවේ දී පැවැති විවාදයකදී කළ ප්රකාශ සහමුලින්ම ප්රලාපයක් බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ නිවේදනයක් නිකුත් කරමින් පවසති. ‘පාස්කු දින’ ප්රහාරය සම්බන්ධයෙන් කතා කිරීමේදී මානව හිමිකම් කඩකළ සහ ‘පාස්කු දින’ ප්රහාරයේ වින්දිතයන්ට යුක්තිය සහ සාධාරණය ඉෂ්ට නොකළ පක්ෂවලට ඡන්දය නොදෙන ලෙස පමණක් ප්රකාශ කළ බවත් ‘පාස්කු දින’ ප්රහාරයේ සත්ය පිළිබඳව විමර්ශන කරන්නේ යැයි සමගි ජනබලවේගය සහ ජාතික ජනබලවේගය පමණක් මේ දක්වා වැඩපිළිවෙළ ඉදිරිපත් කර ඇති බවත් එම නිවේදනයෙන් කොළඹ අගරදගුරුතුමෝ සඳහන් කරති. වෙනත් දේශපාලන පක්ෂ ද එවැනි වැඩ…
ලංකා පෙට්රල් (92) රුපියල් තුනකින් සහ ලංකා සුදු ඩීසල් රුපියල් තිහකින් ඊයේ මධ්යම රාත්රියේ සිට අඩු කර ඇත. මීට අමතරව ලංකා භූමිතෙල් රුපියල් තිහකින්ද අඩුකර ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. තවද අමතරව ලංකා පෙට්රල්ඔක්ටේන් 95 රුපියල් විස්සකින්ද ලංකා සුපිරි ඩීසල් රුපියල් 9කින්ද අඩුකර ඇත.
විදුලි බිල වෙනසක් දැනෙන ආකාරයෙන් මැයි මාසයේදී අඩු කිරීමට බලාපොරොත්තුවන බව විදුලි බල රාජ්ය අමාත්ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය. උමා ඔය ව්යාපෘතියෙන් ලැබෙන මෙගාවොට් 120 ක ලාභයෙන් සහන දිය හැකි බවද ඔහු සඳහන් කළේය.. රටට වෙන වාසි වැළැක්වීමට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු කණ්ඩායම් වැරදි මත පතුරවමින් සිටින බවත් උමා ඔය විවෘත කිරීමෙන් නායයෑම් ඇතිවන බව පැවසීමද ඉන් එකක් බවත් රාජ්ය අමාත්යවරයා සඳහන් කළේය. උමා ඔය නිසා නාය යන බවට මෙතෙක් කිසිදු තහවුරුවීමක්වී නැතැයිද අනුරුද්ධ මහතා පැවසීය.
රටවල් හැට හතකට නොමිලේ වීසා ලබා දීමට කැබිනට් පත්රිකාවක් ළඟදීම ඉදිරිපත් කරන බව සංචාරක රාජ්ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය. දැනට රටවල් හතකට නොමිලේ වීසා ලබාදෙන බවද ඇය කීවාය. සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇත. විදේශීය සංචාරකයන් ලක්ෂ හතකට වැඩි පිරිසක් පසුගිය මාස හතරේදී මෙරටට පැමිණ ඇත.
රත්නපුර ප්රදේශයේ පැවති දේශපාලන රැස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා කරන ලද ප්රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මන්ත්රීවරයාගෙන් පැය දෙකකට ආසන්න කාලයක් ඊයේ (30) ප්රකාශ සටහන් කර ගත්තේය. පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් කුමන්ත්රණයක් තිබුණාද යන කාරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී තමාගෙන් විමසූ බව පාඨලී චම්පික රණවක මහතා පැවසීය. බදු හොරු, බැංකු පොලුකාරයො, අත්යවශ්ය ආහාර වලින් ගසා කාපු හොරු ගැන හොයන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තමාට කතා කලැයි සිතුවත් එහිදී තමාගෙන් ඇසුවේ වෙනත් දෙයක් බවද මන්ත්රීවරයා කීය. රත්නපුර ප්රදේශයේ රැස්වීමකදී චම්පික රණවක මහතා විසින් කරන ලදැයි ඩිජිටල් මාධ්යයේ පළ කෙරුණු ප්රකාශයක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා ගැනීම සඳහා පාඨලී චම්පික රණවක මහතා අපරාධ…
පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් පිරිසකට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව ගොනු කළ නඩුවේ තීන්දුව ප්රකාශ කිරීම මැයි 17 වනදා දක්වා කල් තැබුණි. ඒ් ගම්පහ මහාධිකරණයේ දී අද (30) අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීය. අදාළ නඩුවේ තීන්දුව අද ප්රකාශයට පත්කිරීමට නියමිතය තිබූ අතර එය මෙලෙස කල් තැබුණි. ගම්පහ, රතුපස්වල ප්රදේශයේ ක්රියාත්මක වූ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පිටවන අපද්රව්ය මගින් සිය පානීය ජලය අපවිත්ර වී ඇති බව පවසමින් පිරිසිදු පානීය ජලය ඉල්ලා එම ප්රදේශයේ ජනතාව වැලිවේරිය ප්රදේශයේදී විරෝධතාවයක් පැවැත්වූයේ 2013 වසරේ අගෝස්තු 01 වනදාය. එහිදී විරෝධතාකරුවන් විසුරුවා…
වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් නම් කෙරුණු ජාත්යන්තර කම්කරු දිනය හෙටයි. ඒ වෙනුවෙන් මෙරට දේශපාලන පක්ෂ හා විවිධ සංවිධාන මැයි දින සැමරුම් සහ පෙළපාළි රැසක් කොළඹ ඇතුළු ප්රදේශ කිහිපයක සංවිධාන කර තිබේ. කොළඹ නගරයේ පමණක් පැවැත්වෙන මැයි රැළි සහ පෙළපාළි ගණන 14කි. හෙටට යෙදී ඇති ජාත්යන්තර කම්කරු දිනය වෙනුවෙන් දේශපාලන පක්ෂ හා විවිධ සංවිධාන රට පුරා පවත්වන මැයි දින රැළි හා පෙළපාළි ගණන 40කි. ඉන් 14ක්ම පැවැත්වෙන්නේ කොළඹ නගරය කේන්ද්ර කරගනිමිනි. ඒ අනුව, එක්සත් ජාතික පක්ෂය, ශ්රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය යන පක්ෂ ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් කොළඹ නගරයේදී සිය මැයි දින රැළි,…
