Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
නේපාලයේ තරුණ අරගලකරුවන්, එරට මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලනඥයන් සොය සොයා පහර දීමට පටන්ගත් අවස්ථාවේදී, නේපාල හමුදාව මැදිහත් වී එම පිරිස්වලට ආරක්ෂාව සැපයීය. එසේ විරෝධතාකරුවන්ගේ ග්‍රහණයට හසුවීමට ගිය දේශපාලනඥයන් පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් නේපාල හමුදා හෙලිකොප්ටරයක රැහැනක එල්ලී පලා යන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පෙළක් මේ වනවිට ඉන්දීය මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධිය පත් වී ඇත. NDTV
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත ගාල්ල, මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි ඇති වේ.
බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමට සැකකරුවන් පැමිණි ත්‍රී රෝද රථය පැද වූ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. ඉකුත් මස 24 වෙනි දින මෙම ඝාතනය සිදුවිය. සිද්ධියෙන් මිය ගියේ ගල්කිස්ස පන්සල පාරේ පදිංචිව සිටි ගිහාන් දුලාන් පෙරේරා 25 හැවිරිදි තරුණයෙකි. බොරලැස්ගමුවේ පැවති සංගීත සංදර්ශනයක් නරඹා මියගිය තරුණයා ඇතුළු නව දෙනකුගෙන් පිරිසක් මාලනී බුලත්සිංහල මාවතේ පා ගමනින් යමින් සිටියදී තීරෝද රථයකින් පැමිණි පුද්ගලයකු මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් තිබිණි. එහිදී තවත් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කෙරිණි
කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බළන්ගොඩ පහළ ඇල්ලෙපොල ප්‍රදේශයේ දී අද (11) පෙරවරු බස් රථ 3 ක් එකිනෙක ගැටීමෙන් අනතුරට ලක්විය. පැල්මඩුල්ල දෙසින් බළන්ගොඩ දෙසට පාසල් දරුවන්ද ඇතුළුව මගීන් රැගෙන ගිය ලංගම බසයක් හා බළන්ගොඩ සිට කොළඹ දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයත් හා එම දෙසටම ධාවනය වූ ලංගම බස් රථය එකට ගැටීමෙන් මෙලෙස අනතුරට පත්ව ඇත. එම අවස්ථාවේ පැමිණි ගිලන් රියකින් සුළු තුවාල ලැබූ පාසල් දරුවන් සහ තවත් මගීන් කීපදෙනකු රෝහල් කරා යොමු කිරීමට ප්‍රදේශවාසීහු කටයුතු කළහ. අනතුර හේතුවෙන් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම ගමනාගමනයට අවහිර වී පැවතිණි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා සැප්තැම්බර් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ ඔහු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. මොරටුව මහ නගර සභාවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති සිය හිතවතුන්ට ලබාදීමෙන් රජයට පාඩුකිරීම සම්බන්ධයෙන් වන චෝදනාවකට ඒ මහතාව මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැද මුලන ගෙදරට යාමට සූදානම් බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී.චානක මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය. ඒ කාරණය සම්බන්ධයෙන් එතුමා මීට පෙරත් ප්‍රකාශයක් කර තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. “මන්ත්‍රීවරුන්ට තිබ්බ වරප්‍රසාද ගොඩක් ගිය ආණ්ඩුවෙන් ඉවත් කළා. වාහන පර්මිට් එක ඉවත් කළා.ඔබතුමාලා වරප්‍රසාද කපන එකේ ප්‍රශ්නයක් නෑ.හැබැයි ජනාධිපතිවරයකුට තමන්ගේ කාලයේ රට වෙනුවෙන් කරපු දෙයක් වෙනුවෙන් අනතුරක් තිබෙනවා නම් සාධාරණ ආරක්ෂාවක් ලබාදිය යුතුයි.සමහරුන්ට ජනතාවට දීපු පොරොන්දු අමතක වුණාට එල්.ටී.ටී.ඊ ඩයස්‌පෝරාවට දීපු පොරොන්දු නම් අමතක නැහැ.මහින්දගේ වරප්‍රසාද කපනවාට කොටි ඩයස්පෝරාව හරි කැමතියි. මේ තනිකරම කරගෙන යන්නේ එල්.ටී.ටී.ඊ ඩයස්‌පෝරාවට ලබා දුන්න පොරොන්දු.ඇමති කාලේ අප රජයේ වියදමෙන් ගුවන් ටිකට් එකක්වත් අරගෙන නෑ.මහින්ද…
ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනත යනු ඉරිසියාව,වෛරය, ක්‍රෝධය සියල්ල හිතේ තියාගෙන ගෙනාපු පනතක් බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. “චන්ද්‍රිකා, මෛත්‍රීපාල සහ මහින්ද රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරුන් අද රජයේ නිවාස වල ඉන්නවා. ජේ.වී.පී.ආණ්ඩුව මේ ජනාධිපතිවරු තුන්දෙනාම ගේන්න උදව් කළා. ශ්‍රී ලංකා කාරයොන්ටයි, පොහොට්ටු කාරයොන්ටයි ,ජේ,වී.පී කාරයොන්ටයි ඔක්කොටම ඉස්සරහට බෙදාගන්න තියෙන්නේ ඔය ඡන්ද හැට නව ලක්ෂය තමයි.යූ.එන්.පී කාරයොයි සමගි කාරයොයි කියන්නේ එකක්.ඇල්ල වැල්ලවායේ බස් අනතුරෙන් 15ක් මිය ගියා.ප්‍රවාහන නියෝජ්‍ය ඇමති කියන්නේ මොකක්ද? මහින්ද රාජපක්ෂ හදපු පාරවල් වල වරදලු.මේ පාර කැපුවේ හැට හතේ.ඔක්කොම මහින්දගේ එකවුන්ට් එකට දාන්න එපා. මේ ගෙවල් කඩමින් ඉන්න ඕන කාලයක් නෙමෙයි. තව වැඩ ගොඩක්…
ඇල්ල-වැල්ලවාය මාර්ගයේදී ප්‍රපාතයට වැටුණු බස් රථයේ නඩත්තු කිරීම් නිසි ලෙස සිදු නොකිරීම හේතුවෙන් එහි හිමිකරු අත්අඩංගුවට ගත් බව ඌව දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා පැවැසීය. අත්අඩංගුවට ගත් බස් රථයේ හිමිකරු තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. එම බස් රථ අනතුරින් තංගල්ල නගර සභාවේ ලේකම්. ටී.ඩබ්ලිව්. කේ. රූපසිංහ මහතා ඇතුළු නගර සභා සේවකයන් 12 දෙනකු මියගොස් තිබුණි.
තෙල්දෙණිය රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාට සහ කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා වන අයුරින් හැසිරුණ බව කියන එම රෝහලේම වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලිසිය කියයි. තෙල්දෙණිය රෝහලේ වෛද්‍ය අධිකාරි සුනිල් සෙනරත් යාපා මහතා විසින් පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව එම වෛද්‍යවරයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. රෝහල් කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා වන අයුරින් හැසිරීම සහ තර්ජනය කිරීම යන චෝදනා පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි. සැකපිට අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා මීට පෙරදීද රෝහල් කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධාවන අයුරින් හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස්ව ඇති අයෙකු බවද පොලිසිය කියයි. අත්අඩංගුවට පත් වෛද්‍යවරයා අද (10) තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට…
මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමිකමේදී ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් භාරදෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව පිළිගත නොහැකි බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද(10) දැනුම් දුන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව එම විශ්වාසභංග යෝජනාව නොගැලපෙන බවද ඔහු සඳහන් කළේය කෙසේ වෙතත් මෙම යෝජනාව වෙනත් ආකාරයකට ගෙන ඒමට හැකියාව තිබෙන බව කථානායකවරයා වැඩිදුරටත් පැවසීය.
