Author: LANKA24X7

නීත්‍යානුකූල වැටලීමක් කරන මුවාවෙන් කොළඹ 11 හෙට්ටිවිදියේ හා කොළඹ මුහුදු මාවතේ රන් භාණ්ඩ වෙළදසැල් දෙකකින් රුපියල් දස කෝටි විසි ලක්ෂයක මුදලක් සොරා ගත්තෙ යැයි අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන් පස්දෙනා ලබන 12 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා (07) නියෝග කළේය. සුරාබදු දෙපාර්තමේන්තුවේ ගොතටුව මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනුයුක්ත සේවය කරන ලද සුරාබදු කෝප්‍රල්වරයන් වන එන්.ටි.තිලකරත්න, එල්.එච්.පි.සි.කෞෂල්‍ය, ජී.පුබුදු, ලක්මාල්, සහ සුරාබදු පරීක්ෂකවරයෙකු වන ඊ.ඒ.ඩි.තිලෝචන මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. සැකකරුවන් තිදෙනෙකු (06) දින හඳුනා ගැනීමේ පෙරට්ටුවකට යොමු කර අතර පැමිණිල්ලේ සාක්ෂිකරුවන් හය දෙනකු විසින් ඔවුන්ව හඳුනාගෙන ඇති අතර ඊයේ (07) දිනයේදී තවත් සැකකරුවන් දෙදෙනෙකු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට යොමු…

Read More

කොළඹ කොටහේන 16 වැනි පටුමගේ දි නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එක් අයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. සුඛෝභෝගී මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩ ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා පසුපස එලවා ගොස් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත පලනි රිමෝෂන්ගේ පාර්ශවයේ , පූකුඩු කන්නාගේ පාර්ශවයේ පුද්ගලයකුට මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. පිස්තෝල වර්ගයේ ගිණි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය

Read More

2026 වසර සඳහා රජයේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) පාර්ලිමේන්තුවට පැමිණියේය. අද ඉදිරිපත් කෙරෙන්නේ ජාතික ජනබලවේග ආණ්ඩුවේ දෙවැනි අයවැය වන අතර, 2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434කි. එළැඹෙන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ ජනපතිවරයා යටතේ පවතින මුදල් අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 634කි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 554ක් ද , ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 455 ක්ද , අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 301ක් වෙන්කර තිබේ. ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සම්පූර්ණ අයවැය යෝජනාව පහතින්. 1. පූර්විකාව ගරු කථානායකතුමනි, අපගේ දෙවන…

Read More

ජපානයේ නිපොන් පදනමේ සභාපති වන යොහෙයි සසකාවා මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. යොහෙයි සසකාවා මහතා උණුසුම් ලෙස පිළිගත් අග්‍රාමාත්‍යවරිය ඔහුගේ දෙවන ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව සිය කෘතඥතාව පළ කළාය. ආබාධ සහිත පුද්ගලයින්ට, විශේෂයෙන් විශේෂ අවශ්‍යතා ඇති සිසුන්ට සහාය දැක්වීම සඳහා නිපොන් පදනම විසින් දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී සභාපතිවරයා පැහැදිලි කළේ ය. උතුරු පළාතේ නිපොන් පදනම විසින් ගෙන යනු ලබන “පාසල් 100 ව්‍යාපෘතිය” මෙහිදී අග්‍රාමාත්‍යවරිය පැසසුමට ලක් කළ අතර ආබාධ සහිත සිසුන් සඳහා අධ්‍යාපනික හා සමාජීය වශයෙන් ඇතුළත් කිරීම වැඩිදියුණු කිරීම සඳහා රජයේ කැපවීම නැවත තහවුරු කළාය.

Read More

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විදේශගත වීම හේතුවෙන් ඔහු නැවත මෙරටට පැමිණෙන තුරු ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදු කර තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Read More

පොහොය දිනය දා මත්පැන් අලෙවි කිරීම හේතුවෙන් ජා – ඇළ සුරා සැලකට මුද්‍රා තබා තිබේ. පසුගිය 05 වනදා පොහොය දිනයේ දී සුරාබදු නිලධාරීන් විසින් ජා – ඇළ ප්‍රදේශයේ සිදු කරන ලද හදිසි පරීක්ෂණයක දී සිල්ලරට මත්පැන් අලෙවි කරන බලපත්‍ර ස්ථානයක් (සුරාබදු ර.බී. 04) විවෘත කර මත්පැන් විකුණා ඇත. ඒ අනුව අදාළ සුරාසැල මුද්‍රා තැබීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධයෙන් වන ඉදිරි විමර්ශන කටයුතු සිදු කරමින් පවතින අතර, ඊට අදාළ නීතිමය පියවර ගැනීමට නියමිතව ඇත. මෙවැනි නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව දැඩි විමසිල්ලෙන් පසුවන අතර මෙවැනි තොරතුරු පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුවත් කරන මෙන් සුරාබදු කොමසාරිස්…

Read More

මස්කෙළිය අප්කට් සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් ලිස්සා ගොස් දුරකථන රැහැන් කණුවක ගැටීමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කළ බව හැටන් පොලීසිය පැවසීය. එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රිරෝද රථය අප්කට් හැටන් ප්‍රධාන මාර්ගයේ දික්ඔය වනරාජා වත්ත තේ කර්මන්තශාලාව අසල දී ලිස්සා ගොස් දුරකථන රැහැන් කණුවේ ගැටී නතර වී ඇත. ත්‍රිරෝද රථය අනතුරට පත් වන අවස්ථාවේ රථය තුළ සිව්දෙනෙකු ගමන් කර ඇති බවත්, අනතුරින් ත්‍රිරෝද රථ රියදුරා සහ පසුපස අසුනේ ගමන් ගත් රියදුරාගේ බිරිඳ තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ. අනතුරින් ත්‍රිරෝද රථයට දැඩි අලාභ…

Read More

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබේ. ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහත අද (07) මෙලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ ඇති බව වාර්තා වේ.

Read More

මාලිමාවට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය වැඩි ජන්දයකින් පාලක පක්ෂය වූ ජාතික ජනබලවේගය පරාජයට පත්විය. කොලොන්න ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී සභාපති සම්පත් ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අයවැය විමසීම සදහා සභාව රැස් විය. කොලොන්න ප්‍රාදේශීය සභාවේ සභික ධූර 19. මාලිමාවට සභික ධූර නවයකි. සජබෙට පහකි. පොහොට්ටුව ට තුනකි.එජාපයට එකකි.මව්බිම ජනතා පක්ෂය ට (දිලිත් ජයවීරගේ පක්ෂයට එකකි. සභික ධූර නවයක් හිමි මාලිමාව බලය බිහිටුවීය. 06දා පැවති අයවැය අවස්ථාවේදී විපක්ෂය නියෝජනය කළ කණ්ඩායම් හතරම අයවැය විවාදයේ දී කරුණු දැක්වූහ. අවසානයේ ඒකාබද්ධ විපක්ෂය විවෘත ජන්දය ඉල්ලීය. එක් එක් සභිකයන් වෙන්වෙන්ම ජන්දය ප්‍රකාශ කළේය. ඒ අනුව අයවැයට පක්ෂව ජන්ද නවයක් පාලක මාලිමාවේ සභිකයන් දුන්නේ…

Read More

විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අද (7) පාර්ලිමේන්තුවේ සහ ඒ අවට ප්‍රදේශවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ක්‍රියාත්මකවේ. පාර්ලිමේන්තු පරිශ්‍රය මන්ත්‍රීවරුන්ගේ ඇඳුම් කාමර මෙන්ම ඒ අවටද යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ (6) දැඩි ලෙස පරීක්ෂා කරනුලැබීය. පාර්ලිමේන්තු ගැලරිය හෙට විශේෂ අමුත්තන්ට පමණක් සීමා කර ඇත. රජයේ අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමේ අවස්ථාව දැක බලා ගැනීමට දෙස් විදෙස් ආරාධිතයෝ රැසක් පාර්ලිමේන්තුවට හෙට පැමිණෙති.

Read More