Author: LANKA24X7

එළඹෙන සතිය තුළ පළමු බිත්තර තොගය ශ්‍රී ලංකාවට ආනයනය කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. මාධ්‍ය කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව පැවසීය. බිත්තර මිල අඛණ්ඩව ඉහළයාමත් සමඟ ඇති වූ ජනතා විරෝධය මධ්‍යයේ පසුගිය දෙවනදා රැස් වූ කැබිනට් මණ්ඩලය වෙළෙඳ අමාත්‍යවරයාට බිත්තර ආනයනය කිරීමට අනුමැතිය ලබාදුන්නේය. කෙසේ වෙතත් බිත්තර ආනයනය කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් සිය කර්මන්තය නිරතවන විශාල පිරිසකට දැඩි බලපෑමක් එල්ලවන බව සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිශ්පාදකයින්ද පෙන්වා දෙයි. බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කර තිබුණ කර ඇති පසුබිමක අද දිනයේද වෙළෙඳපොළ තුළ බිත්තරයක් රුපියල් 65 – 70ත් අතර විවිධ මිල ගණන්වලට අලෙවි වුණි. මෙවන් පසුබිමක…

Read More

දැනට දිවයිනට බලපා ඇති වියලි කාලගුණික තත්ත්වයේ වෙනස්වීමක් අද දිනයේ අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවය. මේ අතර එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. එසේම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවිය හැකි…

Read More

ව්‍යපාරික දිනේෂ් ෂාෆ්ටර් මරණයට පත්වීමේ සිද්ධියට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (04) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්‍ රජින්ද්‍රා ජයසූරිය මහත්මියගේ නිල කාමරයේදී පැවැත් වුණි. එම පරීක්ෂණය මුලින්ම විවෘත අධිකරණයේ කැඳවූ අතර මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ, මරණකරුගේ පාර්ශවයෙන් කරන ලද ඉල්ලීමක් අනුව සාක්ෂි සටහන් කර ගැනීම තම නිල මැදිරියේ සිදුකරන බවය. ඒ අනුව මහෙස්ත්‍රාත්වරියගේ නිල මැදිරියේ දී සාක්ෂි සටහන් කරගැනීම සිදුවුණි. එම පරීක්ෂණය ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන්ට අවස්ථාව හිමි වුණේ නැත. මෙහිදී මියගිය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරිඳ සහ තවත් විධායක නිලධාරියෙකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු වූ බව වාර්තා වේ. වැඩිදුර සාක්ෂි විභාගය ලබන 10 වනදා තෙක් කල් තැබුණි. මෙහිදී දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ පවුලේ අයිතිවාසිකම්…

Read More

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය ජනවාරි මස 23 වනදා බව මැතිවරණ කොමිසම දැනුම්දී තිබේ. ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුන් සිය අයදුම්පත් එළඹෙන ජනවාරි මස 23 වනදා මධ්‍යම රාත්‍රී 12ට පෙර සිය ආයතන ප්‍රධානීන් හරහා ඉදිරිපත් කළ යුතුව ඇත.

Read More

පෘතුවිය මේ වසරේදී සූර්යයාට වඩාත්ම ආසන්න වන දිනය අද (04) යි. තාරකා විද්‍යාඥයින් ප්‍රකාශ කරන පරිදි එය සිදුවන්නේ පෘථිවිය සූර්යයා වටා ඉලිප්සාකාර ගමනක නිරත වීම හේතුවෙනි. “පෙරිහීලියන්” ලෙස හඳුන්වන මෙම අවස්ථාව ශ්‍රී ලංකා වේලාවෙන් අද (04) රාත්‍රී 9.30ට උදාවුවත් ඊට පෙර සහ පසු පෘථිවිය තවදුරටත් සූර්යයාට ආසන්නව පවතී. සාමාන්‍යයෙන් පොළොවේ සිට සූර්යයාට දුර කිලෝ මීටර් මිලියන 150ක් පමණ තිබුණද අද දිනයේ පොළොව සූර්යයාට කිලෝමීටර මිලියන 5කින් පමණ ළංව ඇත. ඒ අනූව අද දිනය වඩාත් උණුසුම්වන බැවින් සූර්යයාට නිරාවරණය වීමෙන් චර්ම රෝග ඇති විය හැකි බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තාරකා විද්‍යාඥ අනුර…

Read More

සූර්ය පැනල ස්ථාවර කන්වටර් සහ ඉන්වටර් සඳහා පනවා තිබූ 10%ක වරාය සහ ගුවන්තොටුපොළ බද්ද ජනවාරි 01 වනදා සිට ඉවත් කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව සඳහන් කරයි.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය අතර හමුවක් සිදුවී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අද (04) ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම හමුව සිදුවූ බවය. එහිදී ජනාධිපතිවරයා විසින්, පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවීම ඇතුළු දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව සහ ජනවාර්ගික ප්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමග සිදුකළ සාකච්ඡා පිළිබඳව ඇයව දැනුවත් කර තිබේ. මේ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහකාර පරිපාලක සහ ආසියා සහ පැසිෆික් කලාපීය කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය වන කන්නි විග්නරාජා මහත්මිය ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන සංවර්ධනය සඳහා සිදුකරන සැලසුම් පිළිබඳව ද සිය ප්‍රසාදය පළ කර තිබේ. අරලියගහ මන්දිරයේ දී…

Read More

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ. ලොව විශාලතම බලශක්ති පාරිභෝගිකයෙකු වන චීනයේ ඉල්ලුම පහත වැටිම, ගෝලීය ආර්ථිකයේ අඳුරු පැතිකඩ සහ ඩොලරය ශක්තිමත්වීම හමුවේ එලෙස බොරතෙල් මිල පහත වැටී ඇතැයි වාර්තා වේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලකයක මිල ඊයේ (03) දිනයේදී ඩොලර් 3.81කින් එනම් 4.4%කින් පහත වැටී ඇති අතර එම තෙල් බැරලයක මිල සටහන්වුයේ ඩොලර් 82.10ක් ලෙසිනි. එමෙන්ම WTI බොරතෙල් බැරලයක මිලද ඊයේ 4.1%කින් පහත වැටුණු අතර එම තෙල් බැරලයක මිල ඩොලර් 76.93 ක් ලෙස සටහන්වුණි.

Read More

ව්‍යාජ දළදා මාළිගාවක් නිර්මාණය කොට ගොඩ නැගීම සහ ශ්‍රී දළදා මාළිගාවට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් සහ දළදා මාළිගාවේ දියවඩන නිළමේවරයා විසින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. කුරුණෑගල, වදාකඩ පාර, පොතුහැර යන ප්‍රදේශයේ ජානක සේනාධිපති යන අයෙකු විසින් ” ව්‍යාජ දළදා මාළිගාවක්” නිර්මාණය කොට ඉදිකරමින් පවතින බවයි මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් විසින් පැමිණිලි කොට ඇත්තේ. එමෙන්ම මෙම ස්ථානයට දැනටමත් දේශීය සහ විදේශීයව ගිහි පැවිදි බොහෝ දෙනා මිථයාවට රැවටී මිල මුදල් මෙන්ම රත්ත්‍රන් ආදිය පරිත්‍යාග කොට ඇති බවයි ජනපතිවරයාට ගොනු කර ඇති පැමිණිල්ලේ දැක්වෙන්නේ.

Read More

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගී මාර්ගවල මගී ප්‍රවාහනය සිදුකරන බස් රථවල ගාස්තු 10%කින් ගාස්තු අඩුකර තිබේ. විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

Read More