Author: LANKA24X7

න්‍යෂ්ටික යුද්ධයක් ඇති වුවහොත් ඉහළ අහසේ සිට ඇමෙරිකාවට නායකත්වය ලබා දීමට එරට ජනාධිපතිවරයාට හැකියාව ලබා දෙන නව ඩූම්ස් ඩේ ගුවන් යානයක් ඉදිකිරීමට ඇමෙරිකා ඩොලර් කෝටි 1300 ක කොන්ත්‍රාත්තුවක් සියේරා නෙවාඩා සමාගමට ලබා දීමට කටයුතු කළ බව එරට ගුවන් හමුදාව ප්‍රකාශ කළේය. කොලොරාඩෝ ප්‍රාන්තයේ සියේරා නෙවාඩා සමාගමට අයත් කර්මාන්ත ශාලාවේදී මෙම ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙනු ඇති බවත් 2036 වසරේදී මෙම ගුවන් යානය නිපදවා අවසන් වනු ඇති බවත් ඇමෙරිකානු ගුවන් හමුදාව පැවැසුවේය. දැන් තිබෙන ඩූම්ස් ඩේ ගුවන් යානය 1970 වසරේදී නිපදවූ වූ එකක් වීම හේතුවෙන් එහි ආයු කාලය අවසන් වෙමින් පවතින බැවින් නව ඩූම්ස් ඩේ ගුවන් යානයක් නිපදවීම සඳහා කොන්ත්‍රාත්තුව සියේරා නෙවාඩා…

Read More

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (29) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද, සබරගමුව, නැගෙනහිර, සහ වයඹ පළාත්වලත් මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම එලෙස ඉහළ යනු ඇත. මෙහිදී ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළයුතු බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

Read More

නොච්චියාගම, මානෙල් වැවේ ගිලී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (27) උදෑසන කාලයේදී එම තරුණයා මානෙල් වැවේ මසුන් ඇල්ලීම සඳහා ගොස් සිටියදී මෙලෙස එහි ගිලී ඇති බව පොලීසිය පවසයි. එසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, හල්මිල්ලෑව, නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් නොච්චියාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

තමා දකුණු කොරියාවේ පදිංචියට හෝ වෙනත් රටක පදිංචියට නොයන බවත් දේශපාලන ප්‍රතිවාදින් විසින් මෙවැනි ප්‍රකාශ ගෙන යන බවත් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. “මා දකුණු කොරියාවේ පදිංචියට යන බවට අසත්‍ය ප්‍රකාශයන් විවිධ ජනමාධ්‍යන් හරහා විශාල ප්‍රචාරයක් ලබා දෙන බව මේ දින වල පෙනී යයි. දකුණු කොරියාවේ හෝ ලෝකයේ කිසිඳු රටකට පදිංචියට යාමට මාහට අවශ්‍යතාවයක් නොමැත. දේශපාලන ප්‍රතිවාදීන් විසින් ගෙන යන මෙවැනි ආකාරයේ අසත්‍ය ප්‍රචාර මා විසින් තරයේ ප්‍රතික්ෂේප කරමි. මා වෙත අධිකරනයේ වාරන නියෝගයක් තිබෙන බැවින්, පක්‍ෂයේ බලයලත් නිලධාරීන් විසින් ගම්පහ නඟර සභා භූමියේදී ලෝක කම්කරු දිනය සාර්‍ථකව පැවැත්වීමට සියලුම කටයුතු මේ වන විටත් සංවිධානය කර…

Read More

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව ඇත. විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2400ක් සිටිය යුතු තැන දැනට සිටින්නේ 1400ක් බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. භාෂා පරිවර්තකයන්ගේ හිඟය හේතුවෙන් විගණන වාර්තා නිකුත් කිරීමද පමාවී ඇතැයි එහි නිලධාරීහු පෙන්වා දෙති. නිලධාරී හිඟය හේතුවෙන් විෂය පථයන් සීමා කර වැඩ කිරීමට සිදුව ඇතැයිද එම නිලධාරීහු සඳහන් කරති. මේ සම්බන්ධයෙන් අප රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ විගණන නිලධාරීන්ගේ හිඟය හේතුවෙන් විගණන කටයුතුවලට බාධා මතුව ඇති බවයි. විගණන අධිකාරීවරුන් 165 දෙනකු සහ විගණන නිලධාරින් 465 දෙනකු බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බව පැවසූ වික්‍රමරත්න මහතා විගණන නිලධාරී…

Read More

ශ්‍රී ලංකාවෙි සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයත් පරිත්‍යාග කිරීමට ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආසියානු කලාපයේ) නියෝජ්‍ය ලේකම් මිචෙල් චැං (Michelle Chan) මහත්මිය එකඟතාවය පළ කර තිබේ. ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි මිචෙල් චැං මහත්මිය ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා හමුවේ මෙම පොරොන්දුව ලබා දී ඇත. නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීම ඇතුළු ශ්‍රී ලංකාවේ සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් තබන පළමු පියවර ලෙස මෙම ගුවන් යානය ලබා දෙන බව මිචෙල් චැං මහත්මිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Read More

“රනිල්ට ඉඩ දෙමු,රට වටා යතුරු පැදි රැළිය” කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් ඊයේ (27) පෙරවරුවේ ඇරැඹිණි. රට වටා දිස්ත්‍රික්ක රැසක සංචාරය කරන මෙම යතුරු පැදි රැළිය අවසානයේ මැයි පළවෙනි දා එක්සත් ජාතික පක්ෂයේ මාලිගාවත්තේ මැයි දින රැලියට සම්ප්‍රාප්ත වීමට නියමිතව ඇත. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ මග පෙන්වීම යටතේ මෙම යතුරු පැදි රැලිය සංවිධාන කරනු ලබයි. එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ජාතික යොවුන් පෙරමුණ ඇතුළු තරුණ සංවිධාන වල පැරණි සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් මෙම යතුරු පැදි රැළිය පැවැත්වේ.

Read More

පෙම්වතියගේ නිවසට ගිය තරුණයෙක් අතුරුදන්වීමේ පුවතක් කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි. මෙලෙස අතුරුදන්වී ඇත්තේ ප්‍රදේශයේ ආහාරපාන වෙළෙඳසැලක් පවත්වාගෙන යන තරුණයෙකි. කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සුසිත ජයවංශ පිළිබඳව තොරතුරක් නොමැතිව අදට දින 6කි. ඔහු පසුගිය 22 වනදා සිය වෙළෙඳසැලෙහි සේවකයෙක් සමඟ කුලියාපිටිය වස්සාවුල්ල ප්‍රදේශයේ සිය පෙම්වතියගේ නිවසට ගොස් තිබුණි. අදාළ නිවසට ගිය අවස්ථාවේ සිට ඔහු පිළිබඳ කිසිඳු තොරතුරක් මේ දක්වා ලැබී නොමැත. අතුරුදන්වීමට පෙර සුසිත ගිය බව පැවසෙන නිවසේ හිමිකරු වන සිඟිති නමැති පුද්ගලයාගෙන් සුසිතගේ මිතුරෙකුට දුරකථන ඇමතුමක්ද ලැබී තිබුණි. අතුරුදන් බව කියන සුසිතගේ මිතුරෙක්, “අඟහරුවාදා රෑ 7:58ට සිඟිති කියන කෙනා මට කෝල් එකක් ගත්තා. මං තාත්තා කෙනෙක් වශයෙන් මගේ…

Read More

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 08ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු මහරගම නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. එහි වටිනාකම රුපියල් මිලියන 160ක් බව පැවසෙයි. මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ 45 හැවිරිදි පුද්ගලයෙකි.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු – මැද පළාතේ සවස් කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදි ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් සථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළංද ඇති වේ.

Read More