Author: LANKA24X7

වැලිගම ගල්බොක්ක පාරේ මුස්ලිම් බාලිකා පාසලක විශාල ගින්නක් ඊයේ (29) පස්වරුවේ හට ගෙන තිබේ. මාතර මහ නගර සභා ගිනි නිවීමේ ඒකකය, වැලිගම පොලීසිය හා ප්‍රදේශවාසීන් විශාල පිරීසක් ගින්න නිවීම සදහා සහාය ලබා දෙමින් සිටී. සිදුව ඇති හානිය පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

Read More

විදේශවල සිටිය ද ශ්‍රී ලංකාව අත්නොහැර ශ්‍රී ලංකාව පිළිබඳ අවධානයෙන් සිට අපේ රටට සහ රටේ පුරවැසියන්ටත් හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කළ යුතු බවත් ඔබත් ඔබේ දරුවනුත් යම් පහසු ජීවිත ගත කළත් ලංකාවේ සිටින ඔබේ ඥාතීන්, හිතවතුන්, අසල්වැසියන් විශාල ඛේදවාචකයකට මුහුණ දී සිටින බවත් ජාතික ජන ජන බලවේගයෙන් නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඔබ අපේක්ෂා කරන පරිවර්තනය ශ්‍රී ලංකාව තුළ ඇති කිරීමට දේශපාලනය වෙනස් විය යුතු බැවින් අපේ රට මුහුණ දී තිබෙන මේ ඛේදවාචකය ස්වභාවික ව්‍යසනයක් නොව මෙය මුළුමනින්ම අපේ රටේ දේශපාලක කණ්ඩායම් ඇති කළ ව්‍යසනයක් බව කී දිසානායක මහතා ප කවුරු කැමති වුණත් අකමැති වුණත් මෙය වෙනස් කළ හැක්කේද දේශපාලන…

Read More

ලෝක කම්කරු දිනය නිමිත්තෙන් පැවැත්වෙන මැයි 01 දින පෙළපාලි සහ මැයි දින රැළි වෙනුවෙන් දිවයින පුරා පොලිස් නිලධාරීන් 9000 කට වැඩි සංඛ්‍යාවක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය. ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 350 ක් යොදවන අතර අවශ්‍ය වුවහොත් යුද හමුදාව ද කැදවන බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. දිවයින පුරා මැයි රැළි 40 ක් පැවැත්වෙන අතර කොළඹ ප්‍රදේශයේ මැයි රැළි 14 ක් පැවැත්වෙන බවත් ඒ සදහා බස් රථ 6800 ක් පමණ කොළඹට පැමිණීමට බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. කොළඹට පැමිණෙන රථවාහන හැසිරවීමට රථවාහන නිලධාරීන් 1200 ක් පමණ යෙදවීමට නියමිතය.

Read More

බදුල්ල කරඳගොල්ල ප්‍රදේශයේ ඇල්ල – වැල්ලවාය මාර්ගය ආසන්නයේ ඉකුත් 21 වන දින ඇති වූ නායයෑම් තත්ත්වය පිළිබදව වාර්තාවක් කඩිනමින් ලබාදෙන ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අදාළ බලධාරින්ට උපදෙස් ලබාදී තිබේ. එම උපදෙස් අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්‍ෂ සහ විද්‍යාඥයින් පිරිසකගෙන් සමන්විත විශේෂඥ කණ්ඩායමක් එම ප්‍රදේශය නිරීක්ෂණය කිරීමට නියමිතය. නායයාම් තත්ත්වයෙන් ඇතිවිය හැකි අවධානම වළක්වා ගැනීමට සහ අවශ්‍ය පියවර කඩිනම් සිදුකිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් ලබාදුන් බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා උපදෙස් දී…

Read More

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් විදේශගත වීමට උත්සාහ කිරීමේ දී අත්අඩංගුවට පත්වූ පුද්ගලයා සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. අත්අඩංගුවට පත්වූ පුද්ගලයා මෙරට ප්‍රධාන පෙළේ පාතාල කල්ලි සාමාජිකයෙකුව සිටි ‘අංගොඩ ලොක්කා’ගේ ප්‍රධාන ගෝලයෙකු බව වාර්තා වේ. අපරාධකරුවන් හඳුනාගැනීම සඳහා ගුවන් තොටුපළේ මෑතක දී සවිකරන ලද ස්වයංක්‍රීය හඳුනාගැනීමේ යන්ත්‍රය මඟින් මෙම සැකකරුව හඳුනාගෙන අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේය. සැකකරු අංගොඩ ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි ‘චිටී’ නැමති අනුවර්ථ නාමයෙන් හැඳින්වූ පුද්ගලයෙකු බවට අනාවරණය වී තිබේ. මොහු අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ක් මෙරටට රැගෙන ඒම සහ ජාවාරම් කිරීමට අදාළව මුල්ලේරියාව පොලිස් ස්ථානයට අවශ්‍යව…

Read More

ඉතාලියේ සිට මෙරටට ගෙන්වන රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමින් යුත් හෑෂ් හා කුෂ් මත්ද්‍රව්‍ය සමග මෘදුකාංග ඉංජිනේරුවරයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි. එහිදී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 238, කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 90ක්, මුදලින් රුපියල් 100,000ක්, ඇපල් වර්ගයේ ජංගම දුරකථන දෙකක්, ස්කූටි වර්ගයේ යතුරුපැදියක් පොලිස් බාරයට ගෙන තිබේ. ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයට සහ බස්නාහිර පළාත් බුද්ධි අංශයට සහ විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකරු නුගේගොඩ විජේරාම හන්දියේදී අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම මත්ද්‍රව්‍ය ඉතාලියේ සිට මෙරටට ගෙන්වා ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු මෘදුකාංග ඉංජිනේරු උපාධිය ලැබූවකු බවත් ඔස්ට්‍රේලියාවේ…

Read More

කළුතර – වරකාගොඩ, පහළ කරන්නාගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනකු හදිසියේ ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලීසිය පවසයි. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙම පිරිස නීතිවිරෝධී මත්පැන් පානය කර ඇති බවත් ඉන් පසුව රෝගාතුරවී එලෙස මියගොස් ඇති බවත් ය. එලෙස මියගොස් ඇත්තේ කරන්නාගොඩ හා ඒ අවට පදිංචිවය සිටි වයස අවුරුදු 68ත් 43ත් අතර පසුවන්නන් බව වාර්තා විය. මෙම තිදෙනාම පෙරේදා (27) රාත්‍රියේ නිතිවිරෝධී මත්පැන් පානය කර ඇති බවට ඔවුන්ගේ ඥාතීන් පවසයි. ඉන් එක් පුද්ගලයෙක් ඊයේ උදෑසන නිවසේදීම මියගොස් ඇති අතර තවත් අයෙක් රෝගාතුරු වීමත් සමග පෞද්ගලික ස්ථානයකින් ඖෂධ ලබාගෙන තිබුණි. නමුත් ඔහු නැවතත් රෝගී වීම හේතුවෙන් රෝහල වෙත රැගෙන යමින් සිටියදී මියගොස් තිබේ. අනෙක් පුද්ගලයා…

Read More

වැඩ කරන සෑම කෙනකුටම විශ්‍රාම වැටුපක් හෝ ඊටීඑෆ්/ඊපීඑෆ් ලැබෙන ආකාරයේ යෝජනාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු, හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය. ඉන් පසුව කම්කරුවා යන නාමය ඉවත් වී ගරුත්වයෙන් යුතු රැකියාවක් ඔවුන්ට හිමිවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. පිටකෝට්ටෙි සිරිකොත සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙි බව පැවසීය. සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය සහ ජාතික නායකයන් ඇතුළු බොහෝ පිරිසක් ලබන මැයි මාසයෙන් පසු එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වන බව ද අමාත්‍යවරයා මෙහිදී කීය. සමගි ජන බලවෙිගය නියෝජනය කරන සමහරු මන්ත්‍රීවරුන් තමන්ගේ මන්ත්‍රී ධූරය පිළිබඳව තිබෙන විචිකිච්චාව නිසා සෘජුව එජාපයට එකතු…

Read More

වාහන ආනයනය කිරීමට පනවා තිබෙන තහනම ලබන වසර මුලදී ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගනු ඇතැයි භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරනු ලැබ ඇති වාහන ආනයනය කිරීමට පනවා තිබෙන තහනම ඉවත් කිරීම අවශ්‍ය බවට භාණ්ඩාගාර නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් එළැඹෙන සතියේදී ඉදිරිපත් කිරීමට සූදානම් වන නිර්දේශය රජය පිළිගැනීමට සූදානම් නම් එලෙස ලබන වසර මුලදී එම තහනම ඉවත් කෙරෙනු ඇතැයි එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවැසුවේය. මෝටර් රථ ආනයන තහනම ඉවත් කරන්නේද නැද්ද යන අවසන් තීරණය ගැනීම සඳහා එම කමිටුවේ නිර්දේශය මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව එම…

Read More

පොළොන්නරුව උණගලාවෙහෙර නිවසක කාමරයක් තුළ අඩි විස්සක් පමණ ගැඹුරට වළක් හාරා නිදන් වස්තු සෙවීම සඳහා කැණීම් කරමින් සිටි දෙදෙනකු, කැනීම් කිරිමට, යොදාගත් ස්කෑන් යන්ත්‍රයක් සහ තවත් උපකරණ තොගයක් සමග, ඊයේ පෙරවරුවේදි සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව අරලගංවිල විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන්, පොළොන්නරුව උණගලාවෙහෙර සහ කොළඹ, ඕලන්දගම හැඳලවත්තල ප්‍රදේශයේ පදිංචි,වයස අවුරුදු 23 සහ 32 වයසේ දෙදෙනකු බව අරලගංවිල විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී, පොලිස් පරීක්ෂක, ආර්.එම්.පී ජයකැලුම් මහතා සඳහන් කළේය. ඕලන්දකම හැඳලවත්තල පදිංචි සැකකරු කරණවෑණියෙකු වන අතර අනෙත් සැකකරු අයිස් මත්ද්‍රව්‍ය වලට සම්බන්ධයෙන් වැරදිකරුවකු වූ අයකු බවද ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

Read More