Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද සිය නිල නිවසින් නික්ම යෑමට සුදානම් බව වාර්තා වේ. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිල නිවසින් පිටව ගොස් තිබේ. “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුව ඇත. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් නිල නිවසෙන් පිටව ගියේය. ඒ ඊයේ (10) දිනයේ සම්මත වූ “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතට අනුව හිටපු ජනාධිපතිවරුන්ට එම වරප්‍රසාදය අහිමි වී යෑමත් සමඟය. මේ අතර, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් රැඳී සිටින්නේ පෞද්ගලික නිවාසවලය. එමෙන්ම හිටපු ජනපති ආර්යා…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් අද (11) දහවල් 1.15ට පමණ නික්ම ගියේය. ඒ “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුවීමත් සමඟය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද වනතුරු නිල නිවස භාවිත කරනු ලැබූ අතර, ඊයේ (10) දිනයේ සම්මත වූ පනතට අනුව ඔහුට ද එම වරප්‍රසාදය අහිමි වී ගියේය. ඒ අනුව ඔහු විජේරාමයේ පිහිටි නිල නිවසින් නික්ම අද දහවල් හම්බන්තොට කාල්ටන් නිවස වෙත මෙලෙස ගමන් ඇරඹීය.
වගා හානි වන්දි වශයෙන් මේ වන විට රුපියල් මිලියන 1640 ගෙවා අවසන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. නොමිලේ වගා රක්ෂණ ක්‍රමවේදය යටතේ වී, බඩ ඉරිඟු, ලොකු ලූනු, අර්තාපල්, මිරිස්, සෝයා යන වගාවන් වලට සිදු වූ හානි සඳහා අක්කර 95128 වගා කළ ගොවීන් 79602 ක් සඳහා මෙම මුදල් කෘෂි රක්ෂණ වන්දි ලෙස ගෙවා තිබේ. මෙහිදී ස්වභාවික ආපදා තත්වයන් වන ගංවතුර, අධික වර්ෂාව, නියඟය මෙන්ම රෝග, පලිබෝධ, වන අලි හානි වැනි තත්වයන් යටතේ හානියට පත් වගාවන් සඳහාද රක්ෂණ ආවරණ ලබාදීම සිදුකරන අතර ඒ සඳහා ගොවීන්ගෙන් කිසිදු අය කිරීමක් සිදු නොකර වගා හානි සඳහා වන්දි මුදල් රජය විසින් දරනු ලබන බව…
පාස්කු ප්‍රහාරය ගැන විවාදයක් කිරීමට අවස්ථාව ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවෙන් අද ඉල්ලා සිටියේය. පාස්කු ප්‍රහාරය ගැන සත්‍ය යථාර්ථය රටේ සුවහසක් ජනතාවට කතෝලික ජනතාවට දැනගැනීමට අවශ්‍යව තිබෙනවා. වින්දිතයන් එම සත්‍ය දැන ගැනීමේ අපේක්ෂාවෙන් සිටිනවා. මහ මොළකරු කවුද යන්න සොයා බලන විවාදයක් අවශ්‍යයි.පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් පවුල් වෙනුවෙන් හෝ මෙවැනි විවාදයක් කිරිමට අවස්ථාව ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ පොඩිමැණිකේ දුම්රිය අද (11) බදුල්ල හාලිඇල දුම්රිය ස්ථාන අතර 178 සැතපුම් කණුව අසල දී පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතයි දුම්රිය පාලන මැදිරිය පවසයි . බදුල්ල සිට පෙරවරු 8.50ට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කළ පොඩිමැණිකේ දුම්රියෙ භෝජන රථය මෙසේ පිලීපැනීමට ලක්ව තිබේ. මේනිසාවෙන් බදුල්ල සිට පෙරවරු 10.20ට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව ඇති විශේෂ සීඝ්‍රගාමී දුම්රිය , බදුල්ල සිට පෙරවරු 11.45 ට මහනුවර බලා ගමන් ආරම්භ කිරිමට නියමිතව ඇති භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය අද (11) දිනයේ ප්‍රමාද වී ධාවනය වීමට නියමිතව ඇති…
සභානායකවරයා විසින් විපක්ෂයට ලපයි සිපයි යනුවෙන් ඇමතීම මුල්කර ගනිමින් සභාවේ විවාද තත්ත්වයක් ඇතිවී පවතී. කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා;-(සජබ) විවාදයකදී අයුතු වචන පාවිච්චි කළ මන්ත්‍රීවරයෙකුට එරෙහිව පාර්ලිමේන්තුව විසින් සුදුසු යැයි සලකනු ලබන කවර හෝ ආකාරයකින් කටයුතු කළ හැකි බව ස්ථාවර නියෝග වල සඳහන්ව තිබෙනවා. ඒක නිසා සභා නායකවරයාට ඒ කියපු වචනය ඉල්ලා අස්කර ගන්න කියන්න. සභානායක නායක බිමල් රත්නායක මහතා:- ඔබතුමාලා අපට කොච්චර වචන කියන කියනවද? කථානායක ජගත් වික්‍රමරත්න මහතා:- ඔබතුමාලා මට කොච්චර පරිභව කරලා තියෙනවාද? මේ පොඩි කාරණාවක් අල්ලගෙන නටන්නේ නැතුව ඉන්න.
වසර තුනක් තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් සීයට අටකට ආසන්න ප්‍රමාණයකින් අයවැය හිඟය අඩුකර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළ ආකාරය ප්‍රශංසනීය බව ලෝක බැංකුව පසුගියදා නිවේදනයන් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට ශ්‍රී ලංකාව සිදුකළ වෙනස්කම් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව තියුණු මෙන්ම වේගවත් බව ද ලෝක බැංකුව පැවසුවේය. ශ්‍රී ලංකාව තමා ආර්ථිකය ගොඩ ගැනීමට ගත් උත්සාහය 1980 වසරේ සිට ඊට සමාන සිදුවීම්වලින් ආර්ථිකයන් ගොඩ ගැනීමට රටවල් 123 ක් ගත් උත්සාහයන් 330 ක් සමග සැසඳීමේදී ශ්‍රී ලංකාව තම ආර්ථිකය බොහෝ රටවල් වලට වඩා වේගවත්ව ස්ථාවර කරගෙන…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) විජේරාම නිළ නිවසින් ඉවත්ව තංගල්ල කාල්ටන් නිවස යෑමට නියමිතය කාල්ටන් නිවසේ ප්‍රකාශකයෙක් පැවැසීය. ජනාධිපති වරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ඊයේ (10) පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ජන්දයෙන් සම්මත විය . ඒ අනුව එම පනත සම්මතවීමත් හිටපු ජනපතිවරයා විජේරාම නිල නිවෙසන් පිට වීමට නියමිතය.
සෙවනගල උක් ගොවියන් සෙවනගල සීනි සමාගමට උක් අස්වැන්න නොදී ආරම්භ කළ දින හතක වැඩ වර්ජනය නිමා කරමින් එම කර්මාන්ත ශාලාව උක් ඇඹැරීම ඊයේ දින සිට ආරම්භ කරනු ලැබීය. මේ වනවිට උක් ගොවීන්ගේ අමු උක් අස්වැන්න මිලදී ගැනීම ආරම්භ කළ බවත් පිළිස්සී ගිය උක් අස්වැන්න මිලට ගැනීම නැවැත දැනුම් දෙනතුරු නවතා දමා ඇති නමුත් එම අස්වැන්නට සාදාරන වන්දි මුදලක් ලබා දීමට ආයතනය කටයුතු කරන බව නම සදහන් කිරීමට අකමැති නිලධාරියෙක් පැවැසීය. සෙවනගල ගොවිසෙත ඒකාබද්ධ උක් ගොවි සංවිධානයේ සභාපති ඒච්.පී. රැවන් සංජීව මහතා පැවැසුවේ පසුගියදා ජනාධිපති වරයා සමග පැවැති සාකච්ඡාවකින් පසුව එදින සිට උක් මිලදීගෙන කර්මාන්ත ශාලාවේ ඇඹැරුම් කටයුතු ආරම්භ කළ බවකි.…
නේපාලයේ තරුණ අරගලකරුවන්, එරට මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලනඥයන් සොය සොයා පහර දීමට පටන්ගත් අවස්ථාවේදී, නේපාල හමුදාව මැදිහත් වී එම පිරිස්වලට ආරක්ෂාව සැපයීය. එසේ විරෝධතාකරුවන්ගේ ග්‍රහණයට හසුවීමට ගිය දේශපාලනඥයන් පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් නේපාල හමුදා හෙලිකොප්ටරයක රැහැනක එල්ලී පලා යන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පෙළක් මේ වනවිට ඉන්දීය මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධිය පත් වී ඇත. NDTV
