Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
උතුරු, නැගෙනහිර, උතුරුමැද පළාත් සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අදාළ නිවේදනය අද (09) උදෑසන 7.30ට නිකුත් කර ඇති අතර, එය හෙට (10) උදෑසන 7.30 දක්වා පැය 24ක කාලයක් සඳහා වලංගු වේ. ඒ අනුව ඉහත ප්‍රදේශවල ජනතාව වඩාත් සැලකිලිමත් වෙන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින අතර, එහි බලපෑම හේතුවෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ. උතුරු, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා…
ජපානයේ ඇති වූ භූකම්පනයෙන් මේ වනවිට පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ජපානයේ උතුරු කෙළවරේ පිහිටි අමෝරි නගරයට නැගෙනහිරින් සහ හොක්කයිඩෝ දූපතට දකුණින් රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන තිබුණි. එම භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ හේතුවෙන් හොක්කයිඩෝ ප්‍රාන්තයේ උරකාවා නගරයට සහ මුට්සු ඔගවාරා හි අමෝරි ප්‍රාන්ත වරායන් වෙත සෙන්ටිමීටර 40ක පමණ උසින් යුත් සුනාමි රළ පැමිණි බවද වාර්තා වෙයි. ජපාන අගමැතිනි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ, සිදුව ඇති හානියේ තරම කඩිනමින් තක්සේරු කිරීම සඳහා රජය හදිසි කාර්ය සාධක බළකායක් පිහිට වූ බවය.…
හදිසි ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව නඟාසිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම විසින් රුපියල් මිලියන 250ක මුදලක් පිරිනමා තිබේ. එම මුදල හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් අගමැතිනි ආචාර්‍ය හරිනි අමරසූරිය වෙත අග්‍රාමාත්‍ය කාර්‍යාලයේදී පිරිනමා ඇත. බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා සහ බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සාමාජිකාවන් ද මේ අවස්ථාවට සහභාගී වූහ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු සැපයුමේ හිඟයක් නොමැති බව නුවරඑළිය දිස්ත්‍රික් කමිටුවේදී අනාවරණය වී තිබේ. නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනාධිපති අනුර කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වුණි. එහිදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට සිදුව ඇති හානිය සහ ඊට ගත යුතු පියවර සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇත. අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු වගා හෙක්ටයාර් 1,421කට හානි සිදුව ඇති අතර, ගොවීන්ට කඩිනමින් වන්දි ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා එහිදි නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. වගා හානි සිදුවුව ද නුවරඑළිය දිස්ත්‍රික්කයට අදාළ එළවළු අස්වැන්නෙහි අඩු වීම සියයට 25ක් පමණ වන බව පෙන්වා දුන් නිලධාරීන්, දෛනික එළවළු සැපයුම නුවරඑළිය දිස්ත්‍රික්කයට සිදුකළ හැකි නමුත්, දෛනික…
දෙසැම්බර් 31ට පෙර පොදු ප්‍රවාහනය යථා තත්ත්වයට පත්කිරීමට බලාපොරොත්තු වෙනවා – ප්‍රවාහන ඇමති
දෙසැම්බර් 31 වෙනිදා වන විට පොදු ප්‍රවාහන සේවාව යථා තත්ත්වයට පත්කිරීම රජයේ බලාපොරොත්තුව බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. සියයට සියයක් යථා තත්ත්වයට පත්කිරීම අසීරු වුවත් ආසන්න වශයෙන් සෑම මාර්ගයකම බස් ධාවනය දෙසැම්බර් 31 වන දිනට පෙර සිදුකර ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව සහ දකුණු පළාත්වලත් කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පැවතිය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ. ඒ අනුව අකුණු හා සුළං මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇත.
ශ්‍රී පාදයට පිවිසෙන හැටන් ප්‍රවේශ මාර්ගයේ අස්ථාවරත්වය පාලනය කිරීමට NBRO වෙතින් නිර්දේශ මාලාවක්
ශ්‍රී පාදස්ථානයට පිවිසෙන හැටන් ප්‍රවේශ මාර්ගයේ මහගිරි දඹ ප්‍රදේශයේ ඇතිවූ නායයෑම් තත්ත්වය පරීක්ෂා කර ඒ සඳහා පිළියම් ලෙස යෝජිත නිර්දේශ මාලාවක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව පවතින අවධානම් තත්ත්වය අවම කිරීමේ අරමුණින් වූ නිර්දේශ 6ක් එම සංවිධානය විසින් රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ඉදිරිපත් කර ඇති අතර එම නිර්දේශ ක්‍රියාත්මක කරන තුරු දැනට පවතින තත්ත්වය යටතේ හැටන් පිවිසුම ඔස්සේ මෙම අස්ථාවර කලාපය හරහා පිවිසීම සීමා කළ යුතු බවත් දන්වා තිබේ. තවද මෙම ස්ථානය රාත්‍රි කාලයේදී මෙම ස්ථානය ආලෝකමත්ව තබා ගැනීම සහ භූමියේ ඇතිවන වෙනස්කම් සම්බන්ධව අවධානය යොමු කිරීම අනිවාර්ය බවත් එම ලිපිය මගින් අදාළ…
මිහින්තලය, මහකිරින්දේගම ප්‍රදේශයේ දී මොට ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. අදාළ පුද්ගලයා හා ඔහුගේ බිරිඳ අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් බිරිඳ විසින් සිදු කළ පහරදීමක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 61ක් වූ මහකිරින්දේගම, මිහින්තලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඝාතනය සම්බන්ධයෙන් අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය 53 හැවිරිදි වියේ පසුවන බව පොලීසිය පැවසීය. මිහින්තලය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
තායිලන්තය විසින් කාම්බෝජයට යළි ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත්තේ, තායිලන්තය හා කාම්බෝජය අතර දේශසීමා ගැටුම් මධ්‍යයේ මෙලෙස ප්‍රහාර දියත්ව ඇති බවය. තායි හමුදා ප්‍රකාශක වින්තායි සුවරී අද (08) ප්‍රකාශ කර ඇත්තේ, දෙරට අතර සටන් විරාම ගිවිසුමක් කඩ කළ බවට චෝදනා කිරීම හේතුවෙන් මෙලෙස ප්‍රහාර දියත් කළ බවයි. මෙම ප්‍රහාර යළි ආරම්භ වී ඇත්තේ කාම්බෝජ හමුදා දේශසීමාවේ සිදුකර ඇති වෙඩි තැබීමකින් තායිලන්ත සෙබලෙකු මිය ගිය බවට තායිලන්තය විසින් චෝදනා කරමිනි. මේ අතර, නැවත මෙම ප්‍රහාර එල්ල වීමත් සමග දෙරට අතර අත්සන් කර ඇති සාම ගිවිසුම බිඳ වැටීමේ අවධානමක්ද මේ…
2025 වසරේ නොවැම්බර් මස අවසානය වන විට, චීන විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් ට්‍රිලියන තුන ඉක්මවා ඇති බව වාර්තා වේ. චීන විදේශ විනිමය පරිපාලනය ඊයේ (07) නිකුත් කළ නවතම දත්තවලට අනුව, එම අගය දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 3.3464ක් ලෙසය. පසුගිය ඔක්තෝබර් මස අවසානයට සාපේක්ෂව එය ඩොලර් බිලියන 3ක වැඩිවීමක් වන අතර එහි වර්ධනය 0.09%කි. 2025 වසරේ නොවැම්බර් මාසයේදී, විනිමය අනුපාත පරිවර්තනය සහ වත්කම් මිල වෙනස්වීම වැනි සාධක හේතුවෙන් විදේශ විනිමය සංචිතය වර්ධනය වී ඇති බව චීන විදේශ විනිමය පරිපාලනය ප්‍රකාශ කර තිබේ. චීන ආර්ථිකය සාමාන්‍යයෙන් ස්ථාවර සහ ප්‍රගතිශීලී සංවර්ධන ප්‍රවණතාවක් පවත්වා ගෙන ගොස් ඇති අතර, විදේශ විනිමය සංචිතවල මූලික ස්ථාවරත්වයට…
