Author: LANKA24X7

මිහින්තලේ ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් විවෘත කිරීම සදහා ජනාධිපතිවරයා මේ මස 15 දින පැමිණෙන බැවින් එම අවස්ථාවේ ගොවීන් පිරිසක් සංවිධානය කර ඇති විරෝධතාව වලක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස මිහින්තලේ පොලිස් ස්ථානාධිපති රංජිත් චන්ද්‍රසිරි මහතා අනුරාධපුර අධිකරණයෙන් කළ ඉල්ලීමක් අතිරේක මහේස්ත්‍රත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය ඊයේ තරයේ ප්‍රතික්ෂේප කළාය. මිහින්තලේ පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ජල ව්‍යාපෘතියක් විවෘත කිරීම සදහා ජනාධිපතිවරයා මිහින්තලේ ප්‍රදේශයට පැමිණිමට නියමිතව ඇති බවයි. ජනාධිපතිවරයා එලෙස පැමිණෙන අවස්ථාවේ ගොවීන් පිරිසක් මිහින්තලේදී විරෝධතාවයක් පැවැත්වීමට සංවිධානය කර ඇති බවද අධිකරණයට කියා සිටි පොලිසිය එළෙස ජනාධිපතිවරයා පැමිණෙන අවස්ථාවේ විරෝධතාවයක් පැවැතිය හොත් ජනාධිපතිවරයා ඇතුළු ප්‍රභූවරුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව…

Read More

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ කාර්මික සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම අධිකරණ අමාත්‍යාංශයේදී ඊයේ (12) පෙරවරුවේ සිදු විය. රැදවියන් බන්ධනාගාරයෙන් නිදහස් වු පසු ඔවුන් සමාජයට වඩාත් ඵලදායී පුද්ගලයින් බවට පත් කිරීම අරමුණු කරමින් සියලු බන්ධනාගාර වල කර්මාන්ත ස්ථාපිත කිරීම ගිවිසුමේ අරමුණයි. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපිටදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සහ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති සාරංග අලහප්පෙරුම යන මහත්වරු ගිවිසුමට අත්සන් කළහ. බන්ධනාගාරගත රැදවියන්ගේ දඩුවම් විදින කාලය වඩාත් අර්ථවත්ව ගත කිරීම, ඔවුන්ගේ බන්ධනාගාරගත කාලය සංවර්ධන කටයුතු සදහා යොදා ගැනීම,බන්ධනාගාරයෙන් නිදහස් වු පසුව තමන්ගේම කර්මාන්ත සිදු කරමින් කටයුතු කිරීම සදහා රැදවියන්ට අවස්ථාව…

Read More

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩවර්ජන විලාසිතාවක් බවත් සෞඛ්‍ය වර්ජන විලාසිතාවක් බවට පත්වීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය වගකිව යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා ඊයේ (12) පැවසීය. සෞඛ්‍ය අමාත්‍යංශය වසා දැමීම වඩාත් සුදුසු යැයි ජනාධිපතිවරයාගෙන් විමසන බව කී වෛද්‍ය බෙල්ලන මහතා සෞඛ්‍ය වෘත්තිය සමිති 72 ක් ඇතැයි කීවත් සාමාජිකයන් දෙන්නෙක්වත් නැති වෘත්තිය සමිතිත් ඇති බව ද සඳහන් කළේය. එම වෘත්තීය සමිතිවල වැඳගත් අය නොමැති බව කී ඒ මහතා වැඩවර්ජනය කර මුළු රෝහල් පද්ධතියම වට්ටනවා යැයි ඔවුන් චන්ඩි වගේ හැසිරෙන බව ද පැවසීය. එම වෘත්තිය සමිතිවල සිටින වෘත්තිකයන් රටට අවශ්‍ය නොමැති බවත් වෛද්‍ය, හෙද සහ කළමනාකරණ යන ක්ෂේත්‍ර රෝහලක් තුළ…

Read More

සියලුම පුද්ගලයන් පාවිච්චි කරන දුරකථන සිම්පත ලියාපදිංචි කිරීම යුතුකමක් බවත් තමන් පාවිච්චි කරන දුරකථන සිම්පත නිසිපරිදි ලියාපදිංචි කර ඇද්දැයි #132# යන සළකුණ යොදා පරීක්‍ෂා කළ හැකි බවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාවේ අධ්‍යක්‍ෂ (අනුකූලතා) මේනකා පතිරණ මහත්මිය පැවසුවාය. සිම්පතක් දැනට භාවිතා නොකරන දුරකථන සමාගම්වල ඔබේ නමින් සිම්පත් ලියාපදිංචි කර ඇද්දැයි එම සමාගම් සම්බන්ධ කරගෙන පරීක්‍ෂා කළ යුතු බවත් ඔබගේ ජාතික හැදුනුම්පත භාවිතා කර ඔබේ නමින් නොදුනුවත්ව සිම්පත් ලියාපදිංචි කර ඇත්නම් ඒවා විසන්ධි කිරීමට වාහාම කටයුතු කළ යුතු බවත් ඇය පවසන්නීය. ව්‍යාජ සිම්පත් භාවිතා කරමින් සමාජ විරෝධි වැඩ කරන බව වාර්තා වී ඇති බව කී මේනකා පතිරණ මහත්මිය හැදුනුම්පත…

Read More

මල්වතු හිරිපිටිය ප්‍රදේශයේදී සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙඩි වැදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගිය සැරයන් වරයා වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පවසයි. රාජකාරී සිදු කරමින් සිටියදී සිදු වූ වෙඩි වැදීමක් හේතුවෙන් පශ්චාත් උසස් වීම් පදනම යටතේ එම සැරයන්වරයා උප පොලිස් පරීක්ෂක තනතුරට පත්කර තිබේ. ඊට අමතරව පොලිස් ත්‍යාග අරමුදලෙන් එම සැරයන්වරයාගේ පවුලේ සාමාජිකයන්ට රුපියල් ලක්ෂ දහයක මුදලක් පිරිනැමීමටත් වැඩ බලන පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව නිහාල් තල්දුව මහතා පැවසීය.

Read More

ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ කුඩා නගරයක යෝධ රේඩියෝ කුළුණක් කිසිඳු සාක්ෂියක් නොමැතිව අතුරුදන් වී ඇත. ඩබ්ලිව්.ජේ.එල්.එක්ස් ප්‍රාදේශීය රේඩියෝවට අයත් මෙම කුළුණ අතුරුදන් වීම හේතුවෙන් ජැස්පර් නගරය සහ ඒ අවට ප්‍රදේශයේ විකාශන කටයුතු නවතා දැමීමට එම රේඩියෝ නාලිකාවට සිදු වූවේය. අඩි 200 ක් උස මෙම රේඩියෝ කුළුණ සොරෙකු හෝ සොරුන් කණ්ඩායමක් විසින් සොරකම් කරනු ලැබ ඇතැයි විශ්වාස කරන බව එම රේඩියෝ නාලිකාවේ සාමාන්‍යාධිකාරී බ්‍රෙට් එල්මෝර් මහතා ප්‍රකාශ කළේය.රේඩියෝ නාලිකාවේ විකාශන කටයුතු නවතා දැමීමට සිදු වීම විශාල පාඩුවක් බවත් ඉන් ජැස්පර් ප්‍රජාවට සිය හඬ අහිමි වී ඇති බවත් සාමාන්‍යාධිකාරීවරයා පැවැසුවේය. පසුගිය 2 වැනිදා කුළුණේ නඩත්තු කටයුතු සඳහා නඩත්තු කණ්ඩායමක් කුළුණ පිහිටි ප්‍රදේශයට ගිය…

Read More

මෙරට මුහුදේදි ගිනි ගැනීමට ලක්වු එම් වී එක්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා පොලිසියට ලබා දී ඇති ප්‍රකාශ සහ නැව සම්බන්ධයෙන් දේශීය නියෝජිත ආයතනයට යොමු කර ඇති ඊමේල් පණිවිඩ අතර පැහැදිලි සැකයක් ඉස්මතුව ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පස්ලී රාසික් මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් ඊයේ (12) පැවසීය. නැව ගිනි ගැනීමට පෙර නෞකාවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඊමේල් පණිවිඩ රාශියක් දේශීය නියෝජිත ආයතනයට ඒවා ඇති බවට ප්‍රකාශ කර ඇති බවත් එම ඊමේල් පණිවිඩ සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශය විසින් විශේෂඥ විශ්ලේෂණ වාර්තාවක් සති දෙකකින් ඉදිරිපත් කරන බවත් සඳහන් කරමින් රාශික් මහතා එසේ පැවසීය. එම විශ්ලේෂණ වාර්තාව අනුව දේශීය නියෝජිත ආයතනයට හෝ යම්…

Read More

ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව ලබන 17 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියට නම් කළ 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට වේග පන්දු යවන බිනුර ප්‍රනාන්දු කැඳවා තිබේ. ආබාධයකට ලක්ව සිටි වමතින් වේග පන්දු යවන බිනුර, 2022 වසරේ ඔක්තෝබර් මාසයෙන් පසුව විස්සයි20 ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර නැත. එම විස්සයි20 තරග තුන මේ මස 17, 19 සහ 21 යන දිනවල රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය: වනිඳු හසරංග (නායක), චරිත් අසලංක (උප නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, මහීෂ් තීක්‍ෂණ, බිනුර ප්‍රනාන්දු, මතීෂ පතිරණ, ඩිල්ෂාන් මධුසංඛ, නුවන්…

Read More

අරගලය පැවැති සමයේ පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි විත්තිකරුවන් ඇප මත මුදාහැරීමට ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගත් තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකළ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය. මෙම පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකාබැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි.

Read More

සිය යතුරුපැදියේ මාළු විකිණීමට භාවිතා කරන පෙට්ටියක් බැඳගෙන මාළු විකුණන මුවාවෙන් මීගමුව සහ කටාන ප්‍රදේශ වල කසිප්පු විකුණූ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ. එම සැකකරුව රුපියල් 200,000ක පමණ වටිනාකමක් සහිත කසිප්පු තොගයක් ද සමග අද (12) උදෑසන කටුනායක පොලීසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු හීනටියන ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි. මොහු වසර ගණනාවක සිට මෙම ජාවාරම කර ගෙන ගොස් තිබූ බව පොලීසිය පවසයි.

Read More