Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මාර්ගයකදී පිහියකින් සහ කතුරකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ පුද්ගලික ආරවුලක් මත ඊයේ (14) 37 හැවිරිදි පුද්ගලයෙකුව මෙලෙස ඝාතනය කර ඇති බවය. ඇලයාපත්තුව පොලිස් වසමේ තිබ්බටුවාගම විහාරස්ථානයට යන මාර්ගයේදී මෙම ඝාතනය සිදුකර තිබුණි. මේ අතර අද (15) අලුයම හක්මන පොලිස් වසමේ කහටගහකොරටුව ප්‍රදේශයේදී 21 හැවිරිදි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත. සේරුනුවර මහවැලිගම ප්‍රදේශයේදී ද තියුණු ආයුධයකින් ඇන 41 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
ගෙලට වෙඩි වැදුණු 17 හැවිරිදි සිසුවියක් රෝහල්ගත කර ඇති බව පොලීසිය පවසයි. ඊයේ (14) රාත්‍රියේදී මින්නේරිය යාය 04 ගිරිතලේ ප්‍රදේශයේදී මෙම වෙඩිතැබීම සිදුකර තිබේ. අදාළ සිසුවිය පවුලේ අය සමග ඥාති නිවසකට ගොස් සිටියදී මෙම සිද්ධියට මුහුණදී ඇත. වෙඩිතැබීම කවුරුන් විසින් සිදු කළේය යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර මින්නේරිය පොලීසිය විමර්ශන සිදුකරයි. සිසුවිය පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙන බවද වාර්තා වෙයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්තයේ සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් අද (09) පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය . එතුමා සමග තවත් 09 දෙනෙකු යුතු පිරිසක් ද පිටත්ව ගොස් ඇති බව සදහන් වේ . ඔවුන් තායිලන්තයේ බැංකොක් නුවර බලා තායි ගුවන් සේවයේ ටී.ජී.-308 දරන ගුවන් යානයෙන් අලුයම 12.55ට පිටත්ව ගොස් තිබේ
රටේ ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් නීති පද්ධතියද නවීකරණය විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැඟීමට ඇති කඩිනම් විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන බව කී ජනාධිපතිවරයා එම ප්‍රතිලාභය ජනතාවට හිමිකර දීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම නීතිගත කිරීමට කටයුතු කරන බව ද සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බව කීවෙි මහනුවර නීතිඥවරුන් සමඟ මහනුවර මහවැලි රීච් හෝටලයේ පැවති සුහද හමුවේදීය. එසේම සෑම ක්ෂේත්‍රයකම නවීකරණයක් වෙනුවෙන් නව නීති පද්ධතියක් ගෙන එන බව පැවසූ ජනාධිපතිවරයා එම කටයුතු සඳහා නීති ක්ෂේත්‍රයේ සියලුදෙනාගේ සහාය අපේක්ෂා…
බස්නාහිර. සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද පස්වරු 2.00 පමණ පසු ස්ථාන ස්වල්පයකට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ගිගුරුම් සහිත වැසි සමග තද සුළං ද අකුණු ද ඇති විය හැකි බවද කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. දෘශ්‍ය ලෙස සූර්ය උතුරට ගමන් කිරීමේදී සූර්යා අද දින දහවල් 12.11 ට උඩප්පුව,ආඬිගම,පිදිවිල්ල, බකමූණ,නුවරගල සහ එරාවුර් යන ප්‍රදේශවලට හිරු මුදුන්වනු ඇති බව ද කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වසර 14 ක් තිස්සේ තම වැදූ මව සොයන ජර්මනියේ වෙසෙන ශ්‍රී ලංකික තරුණියක් නැවත වරක් තම මව සෙවීම සදහා ඉකුත් දා ලංකාවට පැමිණියාය. ඇය නමින් ජානා බෙකර්ය. ඇයගේ උප්පැන්න සහතිකයේ සදහන් ලංකාවේ නම වනුයේ වාසනා මල්කාන්ති ය. ඇයට මාස තුනක් පමණ වන විට වැදූ මව විසින් ජර්මන ජාතික යුවළකට ඇය හදාගැනීම සදහා බාරදී තිබේ. ඇය ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නගරයේ ජීවත්වේ. ඇය 1990 වසරේ අප්‍රෙල් මස 20 වැනි දින පෙරවරු 7.30 ට කොළඹ කාසල්වීදිය රෝහලේ උපත ලබා ඇති අතර ඇය ලංකාවට පැමිණෙන සෑම අවස්ථාවකම කාසල් රෝහල අසලට යාමට අමතක නොකරන්නේ කොයිම මොහොතක හෝ ඇගේ මව කාසල් රෝහල අසල හිදීවි යන විශ්වාසයෙන් බව…
ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණය ආපසු ගෙවීම 2028 වසර තෙක් අත් හිටුවීමට නිල ණය හිමියන් කණ්ඩායම සමග කළ සාකච්ඡා අවසාන අදියරේ තිබෙන බව නිකෙයි ඒෂියා වෙබ් අඩවිය වාර්තා කළේය ජපානය ඇතුළු ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් චීනය ශ්‍රී ලංකාවට එල්ල කරන බලපෑම අවම කිරීමට උත්සාහ දරමින් සිටින බවද නිකෙයි ඒෂියා වෙබ් අඩවිය සඳහන් කළේය. මෙරට ණය ආපසු ගෙවීම 2028 වසර තෙක් අත් හිටුවීමට ණය හිමියන් කණ්ඩායම සමග සිදුකළ සාකච්ඡා අවසන් වී තිබෙන බවත් ඉදිරි සති කීපය තුළදී ඒ පිළිබඳ නිල වශයෙන් දැනුම් දීමට හැකිවනු ඇති බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා නිකෙයි නාලිකාව සමග පැවැති සම්මුඛ…
නව විදුලිබල පනතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊයේ (8) පස්වරුවේ ලැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. එම පනත මෙම සතියේ ගැසට් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 130 දෙනාගෙන් 34 දෙනකු මියගොස් ඇති බවත්, එසේ මියගිය 34 දෙනාගෙන් 12 දෙනකුගේ සිරුරු හමුවී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි. ප්‍රාණ ඇපකරුවන් මියගොස් ඇත්තේ, ඊශ්‍රායල හමුදාව, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර හේතුවෙන් යැයි හමාස් සංවිධානය පවසයි.
ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවකු ලබා දුන් තොරතුරකට අනුව ඒ පිළිබදව විමර්ශනය සදහා සැකකරු සමග පාදුක්ක අංගමුව ප්‍රදේශයට අද (08) අළුයම ගිය අවස්ථාවේදී සැකකරු පොලිස් නිළධාරීන්ට වෙඩි තැබීමට උත්සහා කළ අවස්ථාවේපොලිසිය එල්ල කරන ලද ප්‍රති ප්‍රහාරකින් බරපතල තුවාල ලැබූ සැකකරු පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ගුවන් හමුදා සෙබළකු බව කියන 26 හැවිරිදි පුද්ගලයෙකි.
