දීර්ඝ කාලයක් තිස්සේ චොකලට් තුළ සඟවා කටුනායක ගුවන්තොටුපොළ හරහා මෙරටට අයිස් මත්ද්‍රව්‍ය රැගෙන ආ ජාවාරමක් අනාවරණය කරගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ වැටලීමකදී අනාවරණය වූ තොරතුරු මත සිදුකළ විමර්ශනවලදී මෙම ජාවාරම පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත.
එහිදී ප්‍රථමයෙන් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී චොකලට් දවටනවල අසුරා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5කට ආසන්න ප්‍රමාණයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
වැඩිදුරටත් කරුණු අනාවරණය වී ඇත්තේ දැනට ඩුබායි හි සැඟවී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන නිපුණ සහ නන්දසේන යන පුද්ගලයින්ගේ අනුදැනුම මත මෙම ජාවාරම සිදුකර ඇති බවටය.
මෙහිදී සැකකරුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්නකිරීම්වලදී ඉන් එක් ජාවාරම්කරුවෙකුට අයත් වත්තල සහ ගනේමුල පිහිටි නිවාස පිළිබඳව තොරතුරු ද විශේෂ කාර්ය බළකාය අනාවරණය කරගෙන තිබේ.