Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයින් ඇගයීම සඳහා ජනාධිපති අරමුදල ක්‍රියාත්මක කරන වැඩසටහනේ මීළඟ පියවර මධ්‍යම පළාතේ ක්‍රියාත්මක කිරීමට ජනාධිපති කාර්යාලය තීරණය කර තිබේ. ඒ අනුව ජනාධිපති අරමුදලේ මධ්‍යම පළාත් වැඩසටහන ලබන ඉරිදා(14)අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත් වේ. මෙහිදී මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි 2023 සහ 2024 වර්ෂවලට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයේදී, විෂය ධාරා 6 යටතේ ඉහළ ප්‍රතිඵල ලබා ගත් සිසුන් 10 දෙනකු බැගින්, සිසුන් 360 දෙනකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් ප්‍රදානය කෙරෙන අතර මේ සඳහා ජනාධිපති අරමුදල වැය කරන මුදල රුපියල් මිලියන…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong (චී චෙන් හොං)මහතා අතර විශේෂ හමුවක් කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී සිදු කෙරිණි. චීන තානාපතිවරයා කරන ලද ඉල්ලීමකට අනුව මෙම හමුව සිදුවිය.ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර මට්ටමේ දේශපාලන තත්ත්වය පිළිබඳව හිටපු ජනාධිපතිවරයා සහ චීන තානාපතිවරයා අතර සාකච්ඡාවේදී අවධානය යොමු විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ නිවසින් පිටත්ව යාමට ප්‍රථම ද චීන තානාපතිවරයා සමග මේ ආකාරයේ සාකච්ඡාවක් පැවැත්වීය.
වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනතේ වගන්ති සහ සයිටිස් ( CITES ) සම්මුතියේ වගන්ති උල්ලංඝනය කරමින් , නීතිවිරෝධී ලෙස සර්පයන් 06 දෙනෙකු රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ගුවන් මගී කාන්තාවක් ඊයේ (11 ) රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සහ ජෛව විවිධත්ව , සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ලැබී තිබූ බුද්ධි තොරතුරු මත අත් අඩංගුවට ගෙන තිබේ . ඇය කොළඹ , කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවකි . ඇය මෙම සර්පයන් තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන , ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත…
2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීම (අයවැය කථාව/අයවැය යෝජනා ඉදිරිපත් කිරීම) නොවැම්බර් 7 වැනිදා සිදු කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවා ය. නොවැම්බර් 8 සිට දෙසැම්බර් 5 දක්වා අය වැය විවාදය පැවැත්වීමට ද තීරණයට එළඹ ඇත. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11)පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීමේ බව තීරණය වී තිබේ. මේ අනුව විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා සැප්තැම්බර් 26 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මහලේකම්වරිය පැවසුවා ය.
සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන මනා සම්බන්ධීකරණයකින් යුතුව ඒකාබද්ධව කටයුතු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. දේශපාලන අධිකාරිය තම බලය රඳවා ගැනීම වෙනුවෙන් පළාත් පාලන ආයතන භාවිත කළ සංස්කෘතිය වත්මන් රජය යටතේ අවසන් කර ඇති බව අවධාරණය කළ ජනාධිපතිවරයා, රට සංවර්ධනය කිරීමේ ජාතික සැලැස්මක් කරා ගමන් කිරීම වෙනුවෙන් මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නේ ය. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ පළාත් පාලන ආයතන සඳහා 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනයට මෙන්ම, 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාවකට ජනාධිපති…
වැලි ගොඩක තිබී හමුවූ ගිනි අවි උණ්ඩයක් පරීක්ෂා කිරීමට යාමේදී එය පුපුරා යාමෙන් පිළීස්සුම් තුවාල ලැබූ ඉදිකිරීම් සේවකයකු අද (11) ප්‍රතිකාර සදහා රෝහල් ගත කළ බව ගල්නෑව පොලිසිය කියයි. මෙලෙස තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 18ක් පමණ වන පුද්ගලයකු වන අතර ඔහු පලාගල බලලුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි. උන්ඩය පුපුරායාමෙන් ගල්නෑව බෝධිරාජ මාවත, ප්‍රදේශයේ පිහිටි නිවසක ඉදිකිරීම් කටයුත්තක නිරතව සිටි අයෙකු මෙලෙස තුවාල ලබා තිබේ. ගල්නෑව බෝධිරාජ මාවත, ප්‍රෙද්ශයේ පිහිටි නිවසක ඉදිකිරිම් කටයුතු සඳහා රැගෙන ආ වැලි තොගයක් හළා පිරිසිදු කර ගැනීමට මෙම සේවකයා කටයුතු කර තිබිණ.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඊමේල් දත්ත පද්ධතිය මකා දමා නැවෙහි කිසිදු අන්තරාවක් නොමැති බවට හාබර් මාස්ටර්වරයා නොමග යවමින් නැව ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුල් කිරීමට අවසරය ලබා ගෙන ඇති බවට කොළඹ විශ්ව විද්‍යාලයේ ඩිජිටල් වෝහාරික පරීක්ෂණය මගින් තොරතුරු අනාවරණය වී ඇති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් නීතිපතිවරයා පැවසීය. දත්ත මකා දැමීමට සම්බන්ධ වූවන් කවර හුද?එසේ කර ඇත්තේ කාගේ උවමනාවටද යන්න තහවුරුකර අපරාධකරුවන් හඳුනා ගැනීමට පුළුල් විමර්ශනයක් ජාත්‍යන්තර ආයතනයක් මගින් සිදු කිරීමට රජය තීරණය කර ඇති බව ද පැවසීය. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි මහතා ඉදිරියේ නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා මෙම කරුණු ඉදිරිපත් කළේය.…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල,මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව කියයි. උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පස්වරු 1.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි.
මෙරට රැකියා අවස්ථා ලබා දෙන බවට පවසා මැඩගස්කරයේ කාන්තාවන් රවටා මෙරට තුළදී බලහත්කාරයෙන් ගණිකා වෘත්තීයේ යෙදුවේ යැයි කියන මැඩගස්කර කාන්තාවක් ලබන 25 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා නියෝග කළේය. වීසා නොමැතිව මෙරට රැඳී සිටිමින් මැඩගස්කර් කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවූයේ යැයි කියන මැඩගස්කර් ජාතික සැකකාරිය තැනැත්තන් ජාවාරම් හා විමර්ශනය කිරීමේ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ආරක්ෂක අමාත්‍යාංශයට මැඩගස්කර් කාන්තාවක් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවය. මාස පහමාරක් තිස්සේ වීසා නොමැතිව රැඳී සිටින සැකකාරිය මැඩගස්කර් කාන්තාවන්ට රැකියා ලබා දෙන බවට…
නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද රුපියල් විසිහත්කෝටි හතළිස් ලක්ෂ දහ අටදහස් දෙසීයක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් මුතුරාජවෙල විදුලි ජනන බලාගාරයේදී විනාශ කරනු ලැබීය. කටුනායක බණ්ඩාරනාය ගුවන්තොටුපළේ රේගු නිලධාරීන් විසින් 2025 මැයි මස 25 වන දින සිට 2025 ජූලි 20 දින දක්වා කාල සීමාව තුළ ශ්‍රී ලංකාව තුළට නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කළ විදේශීය දුම්වැටි 1,826,788 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන රාජසන්තක කිරීමෙන් පසු මෙලෙස විනාශ කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා පැවසීය. මෙම දුම්වැටි දේශීය වෙළඳපළට නිකුත්වූවා නම් ඉන් සිදුවන රාජ්‍ය ආදායම් අහිමිවීම රු.205,668,674 ක් පමණ වන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා…
