Author: LANKA24X7

නවතම ICC ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම් හි සිව්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලියේදී දැක්වූ දක්ෂතා ඊට හේතු වී ඇති අතර මේ වන විට කෝලිට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 750කි. තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදී ශතක දෙකක් සමගින් ලකුණු 283ක් රැස් කිරීමට විරාත් කෝලි සමත් වුණි. එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම් හි තවදුරටත් පෙරමුණේ පසුවන්නේ පාකිස්ථාන ක්‍රීඩක බාබර් අසාම් වන අතර ඔහුට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 887කි. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් මොහොමඩ් සිරාජ්, ශුබ්මන් ගිල් සහ කුල්දීප්…

Read More

නවසීලන්ත අගමැතිනී ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් ප්‍රකාශ කර ඇත්තේ තමන් ලබන මාසයේ සිට එම ධුරයෙන් ඉල්ලා අස්වන බවය.

Read More

රටේ රෝහල් පද්ධතිය තුළ හටගෙන ඇති ඖෂධ හිඟය සහ රජයේ අත්තනෝමතික බදු සංශෝධනයට එරෙහිව විරෝධය පළ කරමින් ලබන 23 වනදා සිට “කළු සතියක්“ ප්‍රකාශයට පත් කිරිමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ එම සංගමයේ විධායක සභාව අද පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ ඊට අදාළ අනුමැතිය හිමිවු බවය. ඊට සමගාමීව එළඹෙන සිකුරාදා දිනයේ කොළඹ දී විරෝධතා ව්‍යාපාරයක් ද සංවිධානය කර ඇති බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් සදහන් කළේය.

Read More

උප්පැන්න සහතික ලබාගැනීම සඳහා වන ආකෘති පත්‍රවල කිසිදු හිඟයක් රට තුළ නොමැති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි. තංගල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අතිරේක රේජිස්ට්‍රාර් අංශයේ උප්පැන්න සහතික ලබාගැනීම සඳහා වන ආකෘති පත්‍ර නොමැතිවීමෙන් ඒ වෙනුවට මරණ සහතික ආකෘති පත්‍ර භාවිත කරන ලෙස දන්වමින් නිවේදනයක් ප්‍රදර්ශනය කර තිබුණි. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතා බහක් නිර්මාණය වීම හේතුවෙන් අදාළ නිවේදනය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විමර්ශනයක්ද සිදුකර තිබේ. මේ සම්බන්ධයෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් ප්‍රභාත් අබේවර්ධන මහතාගෙන් අද දෙරණ විමසීමක් සිදුකළ අතර ඔහු පැවසුවේ නියමිත වේලාවට ආකෘති පත්‍ර බෙදාහැරීමේ දී සිදුවූ ප්‍රමාදයක් හේතුවෙන් අදාළ නිවේදනය පළ කිරිම සිදුකර ඇති බවය. කෙසේවෙතත් යළි…

Read More

ශ්‍රී ලංකාව සඳහා වඩාත් සහනදායී විසඳුමක් මූල්‍ය අරමුදල වෙතින් ලබාදීම සඳහා කටයුතු නොකර, චීනය සහ ශ්‍රී ලංකාව අතර විරසකයක් නිර්මාණය කිරීමට අමෙරිකාව උත්සාහ කරන බවට මෙරට චීන තානාපති කාර්යාලය චෝදනා කර සිටී. නිවේදනයක් නිකුත් කරන තානාපති කාර්යාලය මේ චෝදනාව සිදුකළේ, ශ්‍රී ලංකාවට මූල්‍ය සහතිකයක් ලබාදීමට චීනය පමාකිරීම සම්බන්ධයෙන් අමෙරිකානු තානාපතිනිය කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි. අමෙරිකානු තානාපතිවරියගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වන කොළඹ චීන තානාපති කාර්යාලය පවසන්නේ, මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව පවත්වන සාකච්ඡා කඩාකප්පල් කරන්නේ චීනය බවට අමෙරිකානු තානාපතිනිය කුප්‍රකට මන්ත්‍රය නැවත ජපකරන බවය. චීන තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ එවැනි පදනම් විරහිත චෝදනා එල්ල කිරීමට සහ දේශන පැවැත්වීමට පෙර මූල්‍ය අරමුදලේ තීරණ…

Read More

අද දින දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මේ බව පවසයි. මේ අතර උතුරු මැද, වයඹ සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

Read More

සමෘද්ධි දීමනාව සමග ලබාදෙන අනකුත් වරප්‍රසාද ඉවත් කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ සමෘද්ධි සහනධාරය ඉදිරියටත් ලබාදීමට කටයුතු කරන බවය. ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කළ උත්සවයකට එක්වෙමින් මනූෂ නානායක්කාර අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා, “නැතිබැරි අය අමාරු අය බලාගන්න ඕන. ඒ අයව සවිබල ගන්වන්න ඕන. ශක්තිමත් කරන්න ඕන, ඒ අයව ස්වයංව නැගිටින තැනට ගේන්න ඕන. එහෙම නැතුව දේශපාලන අවශ්‍යතාව මත දේශපාලන යාන්ත්‍රනයක් විදියට සමෘද්ධිය තියාගෙන යන්න දෙන්නේ නෑ. සමෘද්ධිය හා බැඳුනු මේ අනෙකුත් අනෙකුත් අනෙකුත්…

Read More

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අද (19) දින පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතව තිබේ. විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 17 වනදා පැවති අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී එම විවාදය මාසකින් කල් දැමීමට තීරණය වී තිබුණි. එහෙත් ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අද විවාදයට ගැනීමට තීරණය වී තිබේ. පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සදහන් කළේ ඒ අනුව උදෑසන 10.30 සිට පස්වරු 5.00 දක්වා මෙම පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත බවය. විවාදයෙන් අනතුරුව අද පස්වරුවේ ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට ද නියමිතව තිබේ.…

Read More

පුනරුත්ථාපන කාර්යාංශයක් පිහිටුවීම පිළිබඳ පනත් කෙටුම්පත ඉදිරිපත් කළ ආකාරයෙන් පැහැදිලි වන්නේ හමුදාකරණය වූ පුනරුත්ථාපන ක්‍රියාවලියක් වගේ එකක් යැයි අවබෝධ වෙන බව ජාතික ජන ජනබලවේගයේ පත්කළ මන්ත්‍රීනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. එහිදී සිදුවන්නේ දඬුවම් ලබාදීම ඔස්සේ නිවැරදි කිරීමක් බව කී අමරසූරිය මෙනවිය අවශ්‍ය වන්නේ සෞඛ්‍යය ප්‍රවේශය ඔස්සේ ප්‍රතිකාර කිරීම තුළින් පුනරුත්ථාපනය කිරීමක් යැයි සඳහන් කළාය. ” ඒ නිසා මේ පනත් කෙටුම්පත තුළ මේ පුනරුත්ථාපන ක්‍රමවේදය අනුව දඬුවම් ලබාදීමේ අන්තර්ගතය අපි දන්නවා. දැනට අපේ පුනරුත්ථාපන වැඩසටහන් සාර්ථක වෙලා නැහැ. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් විශේෂයෙන්. ඒ සියලුම මධ්‍යස්ථාන පිළිබඳ බරපතළ ප්‍රශ්න තිබෙනවා. ඒ මධ්‍යස්ථාන වල සිද්ධ වෙන දේවල් නිසා මිනිස් ජීවිත අහිමි…

Read More

කොළඹ තුරඟ තරග පිටිය ප්‍රදේශයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයා ව රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ. ඒ අනුව එම ශිෂ්‍යාවගේ පෙම්වතා බව කියන තරුණයෙකු ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) නියම කළේය. කුරුඳුවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරු අද සවස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාගේ නිල මැදිරිය වෙත ඉදිරිපත් කළේය. කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දුන්නේය. සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් මෙම සැකකරු මානසික ආබාධ තත්ත්වයකින් පෙලෙන බැවින් ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳව ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයේ…

Read More