Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
කුලියාපිටියේ පෙම්වතියගේ නිවෙසට ගිය සුසිත් ජයවංශ නැමැති තිස් හැවිරිදි තරුණයා පැහැරගෙන අතුරුදන් කිරීමට යොදාගත් බවට සැලකෙන වෑන් රථය මාතලේ, විල්ගමුව සතිපොළ ආසන්නයේ අතහැර දමා ගොස් තිබියදී සොයාගත් බව විල්ගමුව පොලිසිය සඳහන් කරයි. මාතලේ කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම වෑන් රථය සියුම් ලෙස සෝදිසි කිරීමේදී වෑන් රථය තුළ තැවරී තිබූ ලේ පැල්ලම් බවට සැක කළ හැකි රතු පැහැති පැල්ලම් දෙකක් සොයා ගැනීමට හැකිවී ඇතැයි පොලිසිය පැවැසීය. එම පැල්ලම්වල සාම්පල් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයන්ට යැවීමට පොලිසිය කටයුතු යොදාගෙන යයි. තරුණයා අතුරුදන් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන සිඟිති නමැත්තා ගේ මස්සිනා කුලියාපිටිය ප්‍රදේශයේ…
බ්‍රිතාන්‍ය රංගන ශිල්පී බර්නාඩ් හිල් අද (5) අභාවප්‍රාප්ත විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහු 79 වියෙහි පසුවුණු බවය. බර්නාඩ් හිල් ලොකු කුඩා කා අතරේත් ජනප්‍රිය වූයේ, සම්මානනීය ලෝඩ් ඔෆ් ද රිංග්ස් චිත්‍රපට මාලාවේ රොහාන් හි තියෝඩන් රජු ලෙසත්, ජේම්ස් කැමරන් අධයක්ෂණය කළ සම්මානනීය ටයිටැනික් චිත්‍රපටයේ ටයිටැනික් නැවේ කපිතාන් එඩ්වඩ් ස්මිත් ලෙසත් කළ රංගනය නිසාය. බර්නාඩ් හිල් උපත ලැබුවේ 1944 දෙසැම්බර් 17 වැනිදාය. බර්නාඩ් හිල් විවාහ වූයේ රංගන ශිල්පිනියක වන ජනප්‍රිය මරියානා සමගය. බර්නාඩ් සහ මරියානා ට පුතෙක් සිටී. බර්නාඩ් හිල් චිත්‍රපට නළුවකු පමණක් නොව, රූපවාහිනී නළුවකු ද විය. ද ගෝස්ට් ඇන්ඩ් ද ඩාක්නස්, ස්කෝපියන් කිංග් යන චිත්‍රපවලට ද බර්නාඩ්…
අනතුරුදායක ලෙස මිනී පෙට්ටි තොගයක් ලොරියක ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි. බණ්ඩාරගම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් බණ්ඩාරගම නගරයේ රථවාහන රාජකාරියේ යෙදී සිටියදී පානදුර දෙස සිට අන්තරාදායක ලෙස පැමිණි ලොරි රථය නවතා සිදු කළ පරික්ෂාවේදී ඉතා අනතුරුදායක ලෙස මිනි පෙටිටි 50 ක් එක පිට එක පටවා තිබෙන අයුරු දැක ගත හැකි වූ බව පොලිසිය සඳහන් කරයි. බණ්ඩාරගම නගරයේ ආවරණය වන පරිදි යොදා තිබෙන සංඥා පුවරු වලද ගෑවෙන නොගෑවෙන තරමට මෙම මිනිපෙට්ටි පටවා තිබූ බව පොලිසිය කියයි. එම රථයේ රියදුරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී පානදුර අළුබුමුල්ලේ සිට මූලතීව් දක්වා මෙම මිනිපෙට්ටි තොගය ප්‍රවාහනය කරන බව පවසා ඇත. අන්තරාදායක ලෙස…
ටි 56 යක් , රිවෝල්වර ගිනි අවියක් , ජිව උණ්ඩ සහ හොරයින් මත්කුඩු තොගයක් සමග සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ සමීපතම ගෝලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව මෝදර පොලිසිය කියයි. එම සැකකරුවන් අතර එකම පවුලේ සහෝදරයන් දෙදෙනකුද වන බව පොලිසිය කියයි. සැකකරුවන් සමග ටි 56 ගිනි අවියක් , විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් , ටි 56 මැගසින් 2 ක් ටි 56 ජීව උණ්ඩ 265 ක් , නයින් එම් එම් උන්ඩ 23 ක් , යතුරු පැදි 2 ක් , හොරයින් ගෑම් 67 මිලිගෑම් 400 ක් කේරළ ගංජා කිලෝ ගෑම් 1 ක් හා ත්‍රිරෝද රථයක් පොලිසිය භාරයට ගෙන ඇත. මත්ද්‍රව්‍ය…
වැලිගම මුහුදේ දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙක් මුහුදේ ගසාගෙන ගොස් ඇති අතර ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. ඊයේ (04) දහවල් වැලිගම, ගන්දූව ආසන්නයේ මුහුදේ දිය නැමට ගිය තරුණයින් තිදෙනා මෙලෙස අනතුරට ලක්වී ඇති බව වාර්තාවේ. ඉන් තරුණයින් දෙදෙනෙකුගේ ජීවිත බේරාගැනීමට හැකිවී තිබේ. කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව හා ආපදා කළමනාකරණ ඒකකය විසින් මේ මස 6වන දින තෙක් මුහුදේ දිය නැමෙන් වළකින ලෙස අනතුරු අඟවා තිබියදී මෙම තරුණයින් දිය නෑමට ගොස් තිබේ. එලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ වැලිගම කොලේදණ්ඩ, ප්‍රදේශයේ පදිංචිව සිටි අබ්දුල් භාෂිත් නමැති 20 හැවිරිදි තරුණයෙකි. ජීවිතක්ෂයට පත්වූ තරුණයාගේ සිරුර මේ වනවිට හමුවී ඇති අතර වැලිගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ…
සැකකටයුතු ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ලුණුගල පොලිස් වසමේ පීස්ස කෙසෙල්වත්ත ප්‍රදේශයේ කුඹුක්කන් ඔයේ තිබී සොයාගෙන තිබේ. ඊයේ (05) ලුණුගල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද පැමිණිල්ලකට අනුව එම මළ සිරුර සොයාගෙන ඇති බව පොලීසිය පවසයි. එසේ මියගොස් ඇත්තේ, හෝප්ටන්, ලුණුගල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකි. මරණකරු පසුගිය 03 වනදා උදෑසන කාලයේදී ලුණුගල නගරයට පිටව ගොස් නැවත එදින රාත්‍රීය වන තෙක් නිවස වෙත නොපැමිණ ඇත. ඒ හේතුවෙන් ඊයේ නිවැසියන් ලුණුගල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර තිබුණි. ඒ අනුව, ලුණුගල පොලීසිය විසින් මරණකරු සැකකටයුතු ලෙස කුඹුක්කන් ඔයේ මියගොස් සිටියදී සොයාගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ලුණුගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් පලතුරු කපන පිහියකින් පහරදී 17 හැවිරිදි බාල වයස්කරුවකු ඝාතනය කර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර පරත්ත පාරේ පදිංචිව සිටී රවිදු හේෂාන් ප්‍රනාන්දු නැමැති 17 හැවිරිදි අයෙකු බව පොලිසිය කීය. පහරදීම සිදුකර ඇති තරුණයා අත්අඩංගුවට ගෙන පහරදීමට යොදාගත් පිහියද පොලිස් බාරයට ගෙන ඇති බව පොලිසිය කීය.
බලන්ගොඩ ප්‍රදේශයේ ඉකුත් මාස තුනක කාලය තුළ සිදු කළ හදිසි මරණ පරික්ෂණ වලදිි වයස අවුරුදු 30 -50 අතර මරණවලින් සියයට හැත්තැවක පමණ ප්‍රමාණයක් හෘදයාබාධ හේතුවෙන් සිදුව ඇති බවට තහවුරු විි ඇතැයි බලන්ගොඩ හදිසි මරණ පරික්ෂක පත්මෙන්ද්‍ර විජේතිලක මහතා පවසයි. විශේෂයෙන්ම තරැණ සහ මැදි වයසේ පසුවෙන පුද්ගයන් හෘදයාබාධ හේතුවෙන් මියයැමෙිි ප්‍රවනතාවය ඉහළ ගොස් ඇති බව මෙම දත්ත අනුව තහවුරු වෙන බවද ඒ මහතා සදහන් කලේය. තරුණ පුද්ගයන් සහ වයස අවුරුදු පනහ අඩු පුද්ගයන් අතර මතයක් පවතින්නේ ලේ පරික්ෂා කිරිම සිදු කළ යුත්තේ වයස්ගත වු පසුව බවද එම මතය වෙනස් විය යුතු බවද හදිසි මරණ පරික්ෂක වරයා පෙන්වා දෙයි. .වයස අවුරුදු තිහට…
වීදුරු බෝතලයකින් බිරිඳගේ ගෙල කැපූ සැමියකු පාලනය කිරීම සඳහා පොලිසිය වෙඩි තැබිය. අනතුරෙන් තුවාල ලබා ඇත්තේ වාද්දුව , මොල්ලිගොඩ , සමාන්තර පාරේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය පවසයි . තුවාල ලැබූ පුද්ගලයා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. වෙඩි පහරට ලක්වූ පුද්ගලයා සිය බිරිඳට හිරිහැර සිදු කරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් එම නිවසට ගොස් ඇති බව සඳහන්වේ . එහිදී සැකකරු වීදුරු බෝතලයක් කඩා බිරිඳගේ ගෙලට පහරදී ඇති අතර, එම ප්‍රහාරයෙන් ඇය බරපතළ තුවාල ලබා ඇති බව සඳහන්වේ. පසුව පොලිසිය සමග ඇති වූ කතාබහකින් පසු ඔහුව පාලනය කිරීම සඳහා පොලිසිය අහසට වෙඩි තබා ඇති අතර, එහිදී…
නිල ණය හිමියන්ගේ කමිටුව සහ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යාහගත කිරීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ පසු සහ මෙරට ද්වීපාර්ශ්වික ගිවිසුම් ඉතා ඉක්මනින් අවසන් කිරීමට ශ්‍රී ලංකාව අදහස් කරන බව තහවුරු වූ පසු ජපන් ණය ආධාර යටතේ ක්‍රියාත්මක වී දැනට අත්හිටුවා ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජපානය අදහස් කරන බව ජපාන විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය ඊයේ (04) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකාවේ සංවර්ධනය උදෙසා තවදුරටත් සහාය දැක්වීමට ජපානය බලාපොරොත්තු වන බවද ඇය පැවසුවාය. මෙරට සියලුම ණය හිමියන් සමඟ විනිවිදභාවයකින් සහ සංසන්දනාත්මක ආකාරයකින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්වලට එළැඹීම ඉතා වැදගත් බවද ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය ප්‍රකාශ…
