Author: LANKA24X7

හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයකුට වෙඩිතැබීම සැලසුම් කල ප්‍රධාන සැකකරු සතුව තිබූ ටී 56 වර්ගයේ ගිනි අවියක්, එම මැගසීනයක් සහ මිමි 7.62 x39 වර්ගයේ ජීව පතුරම් 30 ක් සොයාගත් බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි. කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග මත සිදු කළ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු මත ගිනිඅවිය සොයාගත් බව පොලිසිය සදහන් කරයි. සැකකරු පදිංව් හොරණ, කුඩාඋඩුව ප්‍රදේශයේ නිවසෙහි සගවා තිබී ගිනි අවිය සහ පතුරම් සොයාගෙන ඇති බව වැටලීමට එක්වූ නිළධාරීයෙක් සදහන් කලේය. මෙම ටී 56 ගිනි අවියේ අංක කිසියම් උපකරණයක් යොදා මකාදමා තිබී ඇති අතර , එය…

Read More

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ප්‍රථම රණවිරු කොඩිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැළඳවීම ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ මහතා විසින් රණවිරු කොඩිය ජනාධිපතිවරයා වෙත පළඳවනු ලැබීය. දශක තුනක පමණ කාලයක් පැවති යුද්ධයේදී රටේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් අනුස්මරණය කිරීම වෙනුවෙන් සෑම වසරකම මැයි මාසය ‘රණවිරු සැමරුම් මාසය’ නමින් ප්‍රකාශයට පත් කර ඇත.

Read More

ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය සහ ඔහු විසින් දරන තනතුරුවලින් ඒ මහතා ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය අත්හිටුවන තීන්දුවක් ලබාදෙන ඉල්ලා සමගි ජනබලවේගය විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණය දින නියම කර තිබේ. පෙත්සම අද (06) කැඳවූ අවස්ථාවේ අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා නියෝග කළේ අදාළ පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 21 වනදා කැඳවන ලෙසය. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබේ. හිටපු හමුදාපතිවරයකු වන දයා රත්නායක මහතා සමගි ජන බලවේගයට එක් කරගැනීම සම්බන්ධයෙන් තමන්…

Read More

පසුගිය මැයි මස 1 වනදා කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ දී ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එම ස්ථානයේ කලහාකාරීව හැසිරුණු තරුණයා අද (06) උදෑසන ගුවන් තොටුපොළ පොලීසිය වෙත කැඳවා තිබේ. නීතිඥවරයෙක් වන සඳරුවන් කුමාරසිංහ නැමති අදාළ තරුණයා අද උදෑසන 10ට පමණ ගුවන් තොටුපොළ පොලීසිය වෙත පැමිණ මේ වනවිටත් ප්‍රකාශයක් ලබාදෙමින් සිටින බව අප වාර්තාකරු පැවසීය. කෙසේවෙතත් ඔහු පොලීසියට පැමිණි අවස්ථාවේ තවත් නීතිඥවරු පිරිසක් ද එම ස්ථානයට පැමිණ සිටියහ. මේ අතර පසුගිය දා ගුවන් තොටුපොළේ ඇති වූ කලහාකාරී තත්ත්වය සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගතකළ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනෙකුගෙන් කටුනායක පොලීසිය ඊයේ (05) සවස ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයි ද…

Read More

ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයේ භූමිය තුළ සිරවී ඇති ජලය ඉවත් කිරීම සඳහා අදාළ උපකරණ සවිකිරීම මේ වන විට ආරම්භ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ඒ අනුව එම කටයුතු අවසන් කිරීම සඳහා දින 10ක පමණ කාලයක් ගතවනු ඇති බව එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා සඳහන් කළේය. කෙසේවෙතත් නායයෑමට ලක් විය හැකි බවට හඳුනාගෙන ඇති ප්‍රදේශයේ ජලය මුදාහැරීම සඳහා භූ ස්ථායිතාව සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමර්ග මේ වන විට ගෙන ඇති බව ද ඔහු පැවසීය. දැනට සක්‍රීයව පවතින නායයෑම් තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් ඇල්ල – වල්ලවාය මාර්ගයට පවා දැඩි බලපෑම් එල්ලවිය හැකි බැවින් එය ආරක්ෂා කර…

Read More

උහන හිමිදුරාව ප්‍රදේශයේ නිවසක දී සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ තවත් කාන්තාවක් තුවාල ලබා අම්පාර රෝහලට ඇතුළත් කර ඇති බවය. මියගොස් ඇත්තේ 53 හැවිරිදි හිමිදුරාව ප්‍ර‍දේශයේ පදිංචිකරුවෙකි. මියගිය පුද්ගලයාගේ පුතා සමග පැවති පැරණි අරවුලක් මත පුද්ගලයින් කිහිපදෙනෙකු නිවසට පැමිණ පහර දී ඇත. එම අවස්ථාවේ දී පියා ඊට මැදිහත් වී ඇති අතර එහිදී ඔහුට ද එම සැකකරුවන් පහර දී ඇති බව වාර්තා වේ. පහරදීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට උහන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි තම බිරිය ඝාතනය සදහා ඊයේ (05) දින සවස අත් බෝම්බයක් රැගෙන පැමිණි නීත්‍යානුකූල සැමියා බව කියන පුද්ගලයකු තම කුඩා දරුවන් දෙදෙනෙකු ප්‍රාණ ඇපයට තබා ගනිමින් සිටි සිද්ධිය පොලිස් විශේෂ කාර්ය බලකායේ පැය නවයක මෙහෙයුමකින් පසු දරුවන් දෙදෙනා බේරා ගැනීමට හැකිවිය. එමෙන්ම අත් බෝම්බයක් සමගින් සිටි සැකකරුව ද දැඩි පරිශ්‍රමයක් දරා අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයේ තබාගෙන සිටි අවස්ථාවේදී සැකකරු විසින් දරුවන් දෙදෙනාට යම් එන්නතක් ලබා දී ඇති බැවින් එම දරුවන් දෙදෙනා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කරන ලදී දරුවන් ප්‍රාණ ඇපයට ගෙන අත් බෝම්බයේ අගුලු ඉවත්…

Read More

වීසා නිකුත් කිරීමට අදාළව ජී.බී.එස් ටෙක්නොලොජි සර්විස්, අයි.වී.එස් ග්ලෝබල් සහ වී.එෆ්. එස් වර්ල්ඩ් වයිඩ් හෝල්ඩින්ග්ස් සමාගම් සමග රජය අත්සන් කළ ගිවිසුම ඉදිරියට ගෙන යන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා ප්‍රකාශ කළේය. වීසා නිකුත් කිරීමේදී පද්ධතියේ ඇතිවූ ප්‍රමාදය සහ ගැටලු තාක්ෂණික දෝෂ නිසා ඇති වූවක් බවත් එම තාක්ෂණික දෝෂ නිරාකරණය කිරීමෙන් පසුව ලබන සතියේදී නැවතත් පද්ධතිය බලාත්මක කරන බවත් වියානි ගුණතිලක මහතා පැවැසුවේය. එහෙත් ඒ සඳහා දිනයක් ලබාදීම වියානි ගුණතිලක මහතා ප්‍රතික්ෂේප කළේය. ශ්‍රී ලංකාවේ ආගමන කටයුතු හසුරුවන ඉන්දියානු කාර්ය මණ්ඩලය තම විදේශීය බිරිඳට වීසා බලපත්‍රයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ බවට චෝදනා කරන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි මගියකුගේ…

Read More

ශ්‍රී ලංකාව විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ ද ජපානයේ මූල්‍ය ආධාරවලින් ඉදිකිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති බව වාර්තාවේ. එම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේ දී අතහැර දැමීම නිසා එම යෝජනාව පිළිබඳව ජපානය සලකා නොබලන බවත් එය සලකා බැලීමට නම් නව ව්‍යාපෘතියක් ලෙස නැවත ඉදිරිපත් කළ යුතු බවත් ජපානය පවසා ඇතැයි දැනගන්නට තිබේ. නව ව්‍යාපෘතියක් ලෙස සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉදිරිපත් කළ ද ශ්‍රී ලංකාවට ඇති ණය ගෙවීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු කර ඒ පිළිබඳව ජපානය තීරණයක් ගැනීමට නියමිතය. මේ අතර ශ්‍රී ලංකාව විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව මෙරට ක්‍රියාත්මක කිරීමට…

Read More

විරුද්ධ දේශපාලන පක්ෂයක දකුණු පළාතේ ප්‍රධාන නගරයක පැවැත්වූ මැයි දින රැලියකට රක්වාන මැතිවරණ කොට්ඨාසයෙන් සහභාගී වූ පාක්ෂිකයන්ට උදේ ආහාරයට ලබාගත් පාන් ගෙඩි 100 කට මේ දක්වා මුදල් නොදුන් බව රක්වානේ බේකරි හිමියෙක් චෝදනා කරයි. මැයි පළමුවැනිදා පවත්වන රැලියකට රක්වාන නගරයේ සිට සහභාගි වන සිය පාක්ෂිකයන්ට සංග්‍රහ කිරීමට පාන් ගෙඩි සීයක් මිලයට ගැනීමට අවශ්‍ය බවට පසුගිය දිනයක ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයක ක්‍රියාකාරීන් තිදෙනකු බේකරියට පැමිණ තමන්ගෙන් ඉල්ලීමක් කළ බවත් ඒ සඳහා රුපියල් 15000 ක මුදලක් අවශ්‍ය බව පැවැසූ පසු රුපියල් පන්දහසක අත්තිකාරම් මුදලක් තමන්ට ලබා දුන් බවත් හෙතෙම පැවැසීය. ඒ අනුව ඉකුත් පළමුවැනිදා උදෑසන පාන් ගෙඩි 100ක් එම පිරිසට ලබා දීමට…

Read More