Author: LANKA24X7

වැට් වැඩි කළාට විරුද්ධව ලබන 30 වැනිදා ජනතාව පාරට බස්සන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. එදා පළමුවෙන්ම ජනාධිපති කාර්යාලය අසලට ගොස් සටන පටන් ගත්තේ ද සමගි ජන බලවේගය බව කී මරික්කාර් මහතා ලබන 30 වැනිදාටත් අළු මතින් නැගිට ජනතාව සමග වැඩේ පටන් ගන්නා බව මරික්කාර් මහතා සඳහන් කළේය. අමතක වූ ඉතිහාසය නැවත ආණ්ඩුවට මතක් කර දෙන බව කී මන්ත්‍රීවරයා පස්ස බලන්නේ ආණ්ඩුව එළවා දමා බව කීය.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව රඳවාගෙන සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම පාතාල කල්ලි නායකයෙකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තාට එරෙහිව නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ජූලි මස 11 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. මෙම පෙත්සම අද (11) ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍ර‍මුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසියටත් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණයට දන්වා සිටියේ, මෙම නඩුකරයට අදාළ සංශෝධිත පෙත්සම තමන් වෙත ලැබී නොමැති බවය. ඒ අනුව අදාළ සංශෝධිත පෙත්සමේ පිටපතක්…

Read More

සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් එක්ව දියත් කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වනවිට දිවයිනේ බොහෝ රෝහල්වල දෛනික වැඩකටයුතු අඬපණ වී තිබේ. මේ හේතුවෙන් බදුල්ල මහ රෝහලේ රාජකාරි කටයුතු ආවරණය කිරීම සඳහා යුද හමුදාව කැඳවා ඇති බවය. වෛද්‍යවරුන්ගේ, හෙදියන්ගේ සේවය හා ඖෂධ නිකුත් කිරීම යනාදිය සාමාන්‍ය පරිදි සිදුකෙරුණු බව ද වාර්තා වේ. අප කළ විමසීමක දී රෝහල් අධ්‍යක්ෂ, වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසා සිටියේ, රෝහලේ කණිෂ්ඨ සේවක මණ්ඩලය රාත්‍රී සේවා මුරය අවසන් කර පිටව ගොස් ඇති බවත් සෙසු පිරිස රාජකාරියට වාර්තා කර නොමැති බවත්ය. එසේ වුවත් හදිසි ප්‍රතිකාර සේවා අඛණ්ඩව සිදුවන බව ද පැවසු වෛද්‍යවරයා, වෛද්‍යවරු සියලුදෙනා පැය 24 සේවය…

Read More

අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ ජීවන වියදම් දීමනාව සහ විශ්‍රාම වැටුප් දීමනාව ලබාදීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත ඊයේ (10) දිනයේ අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බව වාර්තා වේ. 2024 අයවැය යෝජනා අනුව ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි රජයේ නිලධාරින්ගේ ජීවන වියදම් දීමනාව වැඩි කළ යුතු ආකාරය එම චක්‍රලේඛයේ සඳහන්ය. ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු මාසය තෙක් දැනට මසකට රාජ්‍ය සේවකයෙකු සදහා ගෙවනු ලබන රුපියල් 7,800ක ජීවන වියදම් දීමනාවට රුපියල් 5,000ක් එකතු කර රුපියල් 12,800ක්…

Read More

වයස අවුරුදු දෙකක දැරියක සහ පාසල් සිසුවියක ඇතුළු පුද්ගලයන් දස දෙනෙකු පෙරේදා (08) සහ ඊයේ (09) දින දෙකේදී අතුරුදන්ව ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. මෙසේ අතුරුදන්ව ඇති අවුරුදු දෙකක් වයසැති දැරිය වැලිපැන්න පත්තිනියාගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි. අදාළ දැරිය සහ තිස් හැවිරිදි කාන්තාවක වන ඇයගේ මවද ඉකුත් 09 වැනිදා සිට ආගිය අතක් නොමැති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ. එම කාන්තාව යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන ගිය තැනැත්තියක බවද සඳහන්ය. කොණ්ඩාවිල් ප්‍රදේශයේ පදිංචි 14 වියැති පාසල් සිසුවියක්ද පෙරේදා සිට ආගිය අතක් නැතැයි එම නිවැසියන් කෝපායි පොලිසියට පැමිණිලිකොට තිබේ. වරකාපොළ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයකු මොරටුව ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවක්, මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි 67…

Read More

අම්පාර, සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ අම්පාර, ගල්මඩුව ප්‍රදේශයෙන් ගමනාගමනය සීමා කර ඇති බව වාර්තා වේ. මේ අතර, අම්පාර ඉගිනියාගල ප්‍රධාන මාර්ගය සුදුවැල්ල ප්‍රදේශයෙන් වසා දමා ඇති බව ද සඳහන්ය.

Read More

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 23,000 ඉක්මවා ගොස් තිබේ. පසුගිය වසරේ ඔක්තෝබර් 07 වැනි දින සිට මේ දක්වා කාලය තුළ සිදු කළ ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 23,357 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි. එමෙන්ම ප්‍රහාරවලින් පුද්ගලයන් 59,410 දෙනෙකු තුවාල ලබා ඇත. මේ අතර, ගත වූ පැය 24ක කාලය තුළ ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 147 දෙනෙකු මිය ගොස් තවත් 243 දෙනෙකු තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

Read More

අග්නිදිග විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨය හැර අනෙක් සියලු පීඨ තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ, විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පවතින ගංවතුර අවදානමක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවය. ඒ අනුව නැවත දැනුම්දෙන තුරු අග්නිදිග විශ්වවිද්‍යාලයේ සෙසු පීඨවල අධ්‍යයන කටයුතු තාවකාලිකව නතර කර තිබේ. කෙසේවෙතත් ව්‍යවහාරික විද්‍යා පීඨයේ අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේය.

Read More

යුක්තිය මෙහෙයුම අතරතුර සිදුකළ වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (10) ත්‍රිකුණාමලය කොට්ඨාස අපරාධ දූෂණ මර්දන ඒකකය මඟින් අදාළ වැටලීම සිදුකර තිබිණි. එහිදී කෝපායි පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරනු ලබන පොලිස් කොස්තාපල් වරයෙක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ නිලධාරියා 2021 වසරේ සැප්තැම්බර් මස පොලිස් සේවයට බැඳී මුලික පුහුණුව හදාරා කෝපායි පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කර ඇත. ඔහු නිවාඩු ලබා පිටව ගොස් සිට ඇති අතර, පසුව අසනීප බව දන්වා සේවයට වාර්තා නොකර සිටිය දී මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

Read More

මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයෙකු පත්කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 අ හා 103 (01) ව්‍යවස්ථාව අනුව මහාචාර්ය ඩී. එම්. එස්. එස් ලක්ෂ්මන් දිසානායක මහතා අද (10) දිනයේ රාජකාරි භාරගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මේ බව සඳහන් කර ඇත. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් මෙසේ දැක්වේ. 1. ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා – සභාපති 2. එම්. ඒ. පී. සී. පොරේරා මහතා – සාමාජික 3. අමීර් මොහොමඩ් ෆායිස් මහතා – සාමාජික 4. අනුසුයා ෂන්මුගනාදන් මෙනෙවිය – සාමාජික 5. ඩී. එම්. එස්. එස් ලක්ෂ්මන් දිසානායක – සාමාජික

Read More