Author: LANKA24X7

පේරාදෙණිය ශික්ෂණ රෝහලට අනුයුක්තව සේවය කළ වෛද්‍යවරියක් සියදිවි හානිකරගෙන තිබේ. කඩුගන්නාව පොලීසිය පැවසුවේ එම වෛද්‍යවරිය ඌරාපොල ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේදි ගෙළවැළලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවය. මෙලෙස මියගොස් ඇත්තේ 54 හැවිරිදි වෛද්‍යවරියකි. සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කඩුගන්නාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Read More

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. අද (04) සවස 3.45 සිට රාත්‍රී 11.00 වන තෙක් එම නිවේනය වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ, දකුණු සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

2022 නොවැම්බර් මාසයේදී සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාවේ ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 107.5ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2022 ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය සඳහා සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන මුළු ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 1,129.4ක් බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

Read More

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යධූරය දැරූ කාලයේදී එම අමාත්‍යංශයේ සිදුව ඇතැයි කියනු ලබන වංචා හා දූෂණ සම්බන්ධව විගණන වාර්තා 2ක් පාර්ලිමේන්තුවේදී සභාගත කර තිබේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඊයේ (03) පාර්ලිමේන්තුවේදී එම විගණන වාර්තා සභාගත කළ බව වාර්තා වේ. ඒ අනුව විපක්ෂ නායකවරයා නිවාස අමාත්‍යධූරය දැරූ 2017 වසරේ සිට 2019 වසර දක්වා කාලයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය කලාප කාර්යාලය මගින් නිවාස ණය හා ආධාර නිකුත් කිරීම, හිස් ඉඩම් බැහැර කිරීමේදී සිදුකර ඇති වැරදි හා අක්‍රමිකතා සම්බන්ධ වාර්තාව සභාගත කර ඇත. එමෙන්ම 2016 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ නිවාස ගම්මාන වෙනුවෙන් මුද්‍රණය කළ…

Read More

‍විදෙස්ගත ශ්‍රී ලාංකික සේවා නියුක්තිකයන් මෙරටට එවන විදේශ ප්‍රේෂණ මත කිසිදු බදු පැනවීමක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පෙන්වාදෙන්නේ, අදාළ විදේශ මුදල් බලහත්කාරයෙන් රුපියල්වලට පරිවර්ථනය කරන බවට පැතිර යන ප්‍රචාරද සම්පුර්ණයෙන්ම සාවද්‍ය බවය. මෙරටට එවන විදේශ විනිමය ප්‍රේෂණ විදේශීය ව්‍යවහාර මුදල් වශයෙන්ම තම බැංකු ගිණුම්වල තබා ගැනීම හෝ රුපියල් බවට පරිවර්ථනය කිරීම සේවා නියුක්තිකයන්ගේ අභිමතය පරිදි සිදුකළ හැකි බව මහ බැංකුව පවසයි. එමෙන්ම විදේශගතව සිටින සේවා නියුක්තිකයන්ට දැනට ලබාදී ඇති විවිධ දිරි දීමනා අඛණ්ඩව තවදුරටත් කිසිදු වෙනසකින් තොරව ලබාදෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේය.

Read More

ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් අනුකමිටුවක් පත්කිරීමට සැලසුම් කර තිබේ. නියාමනයක් සහිතව ජාතිත ප්‍රතිපත්ති නිසිපරිදි ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික ආකෘතියක් සැකසීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සභාපතීත්වයෙන් එම අනුකමිටුව පත්කිරීමට තීරණය කළ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය. පසුගියදා පැවති කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේදී මෙම තීරණය ගෙන ඇත. ප්‍රතිපත්ති ගොඩනැගීම, ක්‍රියාත්මක කිරීම මෙන්ම අධීක්ෂණය සඳහා ස්වාධීන වූ ආයතනයක් ලෙස පනතක් මගින් මෙම කොමිෂන් සභාව පිහිටුවීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Read More

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ආර්ජන්ටිනාව සමත් විය. ඊයේ (03) ඕස්ට්‍රේලියාව සමග පැවති තරගයේදී ගෝල 2ට එකක් ලෙස ජය ගනිමින් ආර්ජන්ටිනාව පාපන්දු ලෝක කුසලාන බලාපොරොත්තු අතරට එක් කිරීමට මූලිකව ක්‍රියාකළ ක්‍රීඩකයා ලෙස ලයනල් මෙසී සැලකේ. ඔහු විසින් ඊයේ ගෝලයක් වාර්තා කළ අතර ලෝක කුසලාන තරගාවලියක දී ඔහු වාර්තා කළ 09 වන ගෝලය එය වෙයි.

Read More

අද (04) දිනයේ උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කීපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

විපක්ෂ නායකතුමාගේ වීදුරු ගේ විනාශවීමට ගලක් ළඟදීම ගසන බව සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. පක්ෂය ලබාදී සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක කළේ තමා බව පැවසූ ගමගේ මහත්මිය කෙළෙහි ගුණයක් නැති එතුමා අද වීදුරු ගෙයක සිට හතර වටේට ගල් ගසමින් සිටින බවද කීවාය. “මම ඔය වීදුරු ගේ විනාශ වෙන්න ගහන්න ඕන එක ගලයි” යැයිද ඇය ප්‍රකාශ කළාය. ඩයනා ගමගේ මහත්මිය මෙසේ පැවසුවේ සංචාරක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

Read More

කළුතර උතුර විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපතිවරයා පදිංචි වැලිපැන්න , බොන්දුපිටිය, කුරුන්ද පාරේ නිවසට ඊයේ දහවල් යතුරුපැදි වලින් කඩාවැදුණ සන්නද්ධ පිරිසක් නිවසේ තිබූ ජංගම දුරකථන 2 ක් , රන් ආභරණ කොල්ලකා පලාගොස් ඇතැයි වැලිපැන්න පොලිසිය පවසයි . සන්නද්ධ සාමාජිකයින් කඩාවදින මොහොතේ පොලිස් පරීක්ෂක වරයා නිවසේ සිට නැති බවත් සන්නද්ධ සාමාජිකයින් ගේ ප්‍රහාරයට ලක්ව පොලිස් පරීක්ෂක වරයාගේ බිරිඳ තුවාල ලබා ඇති බවත් පොලිසිය සදහන් කරයි. සන්නද්ධ සාමාජිකයින් ටී 56 ගිනි අවියක් රැගෙන ආ බවත්, රන් මාලයක් සහ මුදුවක් කොල්ලකා පලාගොස් ඇති බවට මෙතෙක් කල පරීක්ෂණවලදී හෙළිව ඇතැයි ද සදහන් වේ. කළුතර සහකාර පොලිස් අධිකාරී දුම්න්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් වැලිපැන්න ස්ථානාධිපති පොලිස්…

Read More