Author: LANKA24X7

අත්අඩංගුවට ගන්නා හෙරොයින් බොහෝ අවස්ථාවල “පාන් පිටි” බවට පත්වන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (5) පැවසීය. ඔහු පැවසුවේ එම මත්ද්‍රව්‍ය වෙළෙඳපොළට නැවතත් පැමිණ ජනතාව අතට පත්වන ප්‍රවණතාවයක් ඇති බවය. පොලිස් මත්ද්‍රව්‍යනාශක අංශයේ නිලධාරින් බොහෝවිට මත්ද්‍රව්‍ය වැටලීම් කර සොයාගත් මත්ද්‍රව්‍ය නැවතත් ඔවුන් විසින්ම ජනතාව අතරට යවන තත්ත්වයක් ඇති බවය. එවැනි වැරදි කළ නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ බවත් ඔහු පැවසීය.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය නිලධාරීන් යෙදවීමට පියවර ගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දන්වා සිටියේය. සිය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශානි අබේසේකර මහතා විසින් ගොනුකළ පෙත්සමක් අද (05) කැඳවනු ලැබූ අවස්ථාවේදී අතිරේක සොලිස්ටර් ජනරාල් රොහන්ත අබේසූරිය මහතා එම දැනුම්දීම සිදුකළේය. මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටියේ, පෙත්සම්කාර ශානි අබේසේකර මහතාගේ ආරක්ෂාව සඳහා ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ලබාදීමට කටයුතු කරන බවය. ඊට අමතරව නිවසේ ආරක්ෂාව සඳහා එක් නිලධාරියෙකු ලබාදීමට කටයුතු කරන බවත් ඔහු දන්වා සිටියේය. එමෙන්ම සිය පදිංචි ස්ථානය වෙනස් කිරීමට පෙත්සම්කාර ශානි අබේසේකර…

Read More

ලංකා මුහුදු සීමාවේදී “නිව් ඩයමන්” නෞකාව 2020 වසරේ විනාශ වී පරිසරයට වූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 3440 ක් වන්දි ඉල්ලුවත් වන්දි ගෙවා තියෙන්නේ මිලියන 12ක් පමණක් බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙි ගින්න නිසා සිදු වූ අලාභය මිලියන දාහතර දාහක් බවට තක්සේරු කළ ද ලැබුණේ මිලියන 7.8 ක් පමණක් බව කී අත්තනායක මහතා තවමත් මේ නෞකාව වරාය ආසන්නේ ජාත්‍යන්තර මුහුදේ ගිලී නාවික කටයුතු වලටත් බාධා වෙමින් තිබෙන අතර එය ඉවත් කිරීමක්වත් කර නැතැයි පැවසීය . “මෙිවායින් ලැබුණු වන්දි කෝ!වන්දි අයකර ගැනීමේ ක්‍රියාවලිය මන්දගාමී ස්වරූපයක් තිබෙනවා .මේවට කමිටු සාකච්ඡා වාර්තා විශාල සංඛ්‍යාවක්…

Read More

තමා ජනාධිපති සමයේ ක්‍රියාත්මක කළ ජාතික මට්ටමේ ව්‍යාපෘති සඳහා වැය කළ මුදල් ද තම පෞද්ගලික කාර්ය මණ්ඩලයට වැය කළ බවට ගණනය කර වැරදි පුවතක් සමාජගත කර ඇතැයි හිටපු ජනාධිපති පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පැවසීය. අදාල ව්‍යාපෘති සඳහා පත්කළ නිලධාරීන්ගේ වැටුප් ද ඇතුළත් කර ගාන හදා අදාල ප්‍රවෘත්ති පළ කර තිබෙන බව කීමෛත්‍රිපාල සිරිසේන මහතා කීය. වරප්‍රසාද ප්‍රශ්නය මතු කරමින් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද කීය. සතියක් තිස්සේ මාධ්‍ය ආයතන රාශියක් ඉතා වැරදි ප්‍රවෘත්තියක් මා සම්බන්ධ කරගෙන ප්‍රචාරය කළා. මහින්ද රාජපක්ෂ මහතාගෙත් මගෙත් ඡායාරූප දමා ජනපති කාර්ය මණ්ඩල නඩත්තුවට මිලියන…

Read More

පාසලක ආපනශාලාවක තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7ක් සොයාගත් බව පොලීසිය පවසයි. පොලීසියේ ප්‍රකාශකයෙක් පැවසුවේ ගම්පහ, මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ පාසලක තිබී එම මත්ද්‍රව්‍ය හමුවූ බවය. සිද්ධිය සම්බන්ධයෙන් ආපනශාලාව පවත්වාගෙන ගිය කාන්තාව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

Read More

කැලණිය , ගල්බොරැල්ල වරාගොඩ පාරේ පිහිටි ගොඩනැගිල්ලක අද (05) උදෑසන 6.30ට පමණ ගින්නක් ඇතිව තිබේ. පෞද්ගලික ආයතනයක ගබඩාවක් ලෙස මෙම ගොඩනැගිල්ල භාවිත කරන අතර එහි උඩුමහළ තුළ ගින්න හටගෙන තිබුණි. ගින්නෙන් එම මහළ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවක් පෙනෙන්නට තිබූ අතර කොළඹ නගර සභාවට අයත් ගිනි නිවන රථ 6ක් පැමිණ ගින්න පාලනය කිරීමට උත්සාහ ගනිමින් සිටී. ප්‍රදේශයේ විදුලිබලය ද මේ වනවිට විසන්ධි කර ඇතැයි වාර්තා වේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, කැලණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

පාදුක්ක – කොළඹ මාර්ගයේ ලියන්වල තුත්තිරිපිටිය ප්‍රදේශයේ දී සිදුවු මාරක අනතුරකින් තරුණයින් දෙදෙනෙක් මියගොස් තිබේ. ධාවනය වෙමින් තිබූ බස් රථයකට ඉස්සර කිරීමට ගිය මෝටර් රථයක, යතුරු පැදියක් ගැටීමෙන් ඊයෙ (04) සවස එම අනතුර සිදුව තිබුණි. අනතුරින් මියගිය තරුණයින් දෙදෙනා මීගොඩ දෙසට ගමන් කරමින් සිටියදී පාදුක්ක දෙසට පැමිණි මෝටර් රථයක් ඉදිරියෙන් ගමන් කළ බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී යතුරු පැදියෙහි ගැටී අනතුර සිදුවූ බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණය විය. අනතුරින් තුවාල ලැබූ තරුණයින් දෙදෙනා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කරන විටද මිය ගොස් සිටි බවත් මෝටර් රථයෙහි ගමන් ගත් යුවළක්ද රෝහල් ගත කර ඇති බවත් මීගොඩ පොලීසිය පැවසීය. මෙලෙස මියගොස් ඇත්තේ රත්නපුර…

Read More

රටට කීර්තියක් ගෙන ඒමට දායක වු ක්‍රීඩකයින් දිගින් දිගටම දෝෂාරෝපණයට ලක්කිරීම අනුමත කළ නොහැකි බව ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ මහතා පවසයි. ඔහු පැවසුවේ, ක්‍රීඩකයින්ගේ වැරදි සඳහා ඊට අදාළ නිසි පියවර ගැනීම වෙනුවට වෙනත් විවේචන සිදුකිරීමට යොමුවීම සුදුසු නොවන බවය. කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ මහතා එම අදහස් පළ කළේය. “හදවතට තට්ටු කරලා ඇහුවොත් අපි දන්නවා මේ අකටයුතුකම් සිද්ධවෙන්න ඕනේ නෑ කියලා. කවුරුත් ඒක පිළිගන්නවා. හැබැයි ඇයි කතා කරන්න බය. ඒකට ඇක්ෂන් ගන්න බයයි. ඒ වගේ තත්ත්වයක් තමා අපි හුඟාක් වෙලාවට දකින්නේ. මම හිතන්නේ එහෙම නැතිව අපි හරි දේ හරි කියලා කියන්නත්…

Read More

ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති විසින් සංවිධානය කරන විරෝධතා සඳහා සිය පාර්ශවය වෙත කිසිදු ආරාධනයක් සිදුකර නොමැති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි. “ජනතා විමුක්ති පෙරමුණ කේන්ද්‍ර කරගත් වෘත්තීය සමිති අපිත් එක්ක සාකච්ඡා කළේ නෑ ඔවුන් මේ වනවිට තීන්දු කර තියෙනවා අද සහ හෙට උද්ඝෝෂණ ක්‍රියාවන් රට පුරා කරන්න. ඒ ක්‍රියාවලිය ගැන අපිට විරෝධයක් නෑ. ඒවා කතා කරලා කළා නම් සියලුදෙනා එකතු වෙලා කරන්න පුළුවන් වැඩක්. ඔවුන් ඒ ගැන සාකච්ඡා කරලා නෑ. ජවිපෙ ගොඩක් වෙලාවට ඔවුන් මේක පෙරට ගන්නවා කියන එක තමා ඔවුන්ගේ තීරණය. අපි විශ්වාස කරනවා ඉදිරියේ දී හෝ එකට එකතුවෙලා වැඩක් කළ යුතුයි…

Read More

ගමට ගොස්,ගමේ යාන්ත්‍රණය ශක්තිමත් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන්ට උපදෙස් දී ඇත. ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් සඳහා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සංවිධානය කරන ලද සුහද හමුවක් අරලියගහ මන්දිරයේ දී ඉකුත් දා පැවති අතර,ඊට සහභාගි වූ ජනාධිපති වරයා,මැති ඇමතිවරුන්ට මේ බව දැනුම් දී ඇත . ගම්වල පක්ෂ ශාඛා පිහිටුවා,රටේ ආර්ථික හා දේශපාලන තත්වය සම්බන්ධයෙන් ජනතාවට ඇත්ත කියන්නැයිද ජනාධිපතිවරයා ඔවුන්ට දැනුම් දී ඇත.

Read More