Author: LANKA24X7

අසමාරා ක්වෙස්ට්‘‘ නම් මගී ප්‍රවාහන නෞකාවක් කොළඹ වරායට ඊයේ සවස සේන්දු විය. සංචාරකයන් 600 ක් සහ නෞකාවේ කාර්ය මණ්ඩලය 408 ක් වන අතර සංචාරකයන් 686 දෙනෙකුට පහසුකම් සැලසීමේ හැකියාව පවතී. අසමාරා ක්වෙස්ට් එළෙඹෙන 5 වැනිදා හම්බන්තොට වරායට සේන්දු වීමට නියමිත අතර හම්බන්තොට වාරයේ නැංගුරම් දමනා දෙවන මගී ප්‍රවාහන නෞකාව වේ.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වෘත්තීය නීතිඥ දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් මෙරට නීති වෘත්තිකයින් විසින් සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවයක් කොළඹ ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ දේශපාලන හා විවිධ ක්ෂේත්‍රවල නියුතු නීතිඥවරු දහසකට අධික පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. සැමරුම් උත්සවයට සහභාගීවීමට පැමිණි ජනාධිපතිවරයා නීතිඥවරුන් විසින් ඉතා හරසරින් පිළිගනු ලැබීය. ජනාධිපති නීතීඥවරුන් වන රොමේෂ් ද සිල්වා, තිලක් මාරපන, ෆයිසර් මුස්තාෆා යන මහත්වරුන් උත්සව සභාව ඇමතූ අතර ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා පිළිගැනීමේ කතාව සිදු කළේය. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරු ප්‍රමුඛ මැති ඇමතිවරු මීට…

Read More

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර පිහිටා ඇති යුක්‍රේන තානාපති කාර්යාලය වෙත සත්ත්ව ඇස් බහාලූ පාර්සලයක් ලැබී තිබේ. ඒ සමග තානාපති කාර්යාල පරිශ්‍රයේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මීට අමතරව නෙදර්ලන්තය, පෝලන්තය, ක්‍රොඒෂියාව, ඉතාලිය ඇතුළු රටවල් 6ක යුක්‍රේන තානාපති කාර්යාල වෙත මෙවැනිම පාර්සල් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Read More

රාජ්‍ය ව්‍යවසායන්හි විශ්‍රාම යන නිලධාරීන්ට නිල වාහනවල හිමිකාරීත්වය පැවරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය බැංකු සභාපතිවරුන් සහ සමාගම්, ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් ලිඛිතව දැනුවත් කර ඇති බව වාර්තා වෙයි.

Read More

සංචාරක වීසා මත ශ්‍රමිකයින් විදෙස්ගත කර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ලබානොදුන් රැකියා නියෝජිතායතන 400 ක් තහනම් කිරීමට පියවර ගෙන ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා ඊයේ (03) පාර්ලිමේන්තුවේදී මේ බව කියා සිටියේය. “විදේශ රැකියා නියෝජිතායතනවල හිමියකරුවන් නියාමනය කිරීම අපි ඉතාම හොඳින් සිදුකරනවා. මේ වනවිට විසිට් වීසාවලින් යවලා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ලබා නොදීපු ආයතනවලින් 400ක් මේ වනවිට තහනම් කරලා තියෙනවා. ඒ වගේම ලංකාවට ඩොලර් විදියට ගෙන්නේ නැතුව උන්ඩියල් ක්‍රමයට තමන්ගේ කමිෂන් මුදල් ලංකාවට ගෙනපු නියෝජිතායතනවලට තාවකාලික තහනම් තියෙනවා. අවසරපත් ලබාදීමේ ක්‍රමවේදයක් හදලා දීලා තිබෙනවා.…

Read More

ඕමානයේ සිදුවන මිනිස් වෙළෙඳාම් සහ කාන්තාවන්ට සිදුවන ලිංගික අතවරයන් පිළිබඳව මාධ්‍ය පසුගිය දිනවල දිගින් දිගටම අනාවරණය කළේය. එවැනි පසුබිමක ඩුබායි සුද්දා නොහොත් නිශාන්ත ප්‍රියදර්ශන ඊයේ (03) මාධ්‍ය හමුවක් පවත්වමින් ඕමානයේදී ලිංගික අතරවයට ලක්වූ තරුණියන් පිළිබඳව මාධ්‍යට ඉදිරිපත් කළේ වීඩියෝ සාක්ෂි ද සහිතවය. එම වීඩියෝ පටයේ සඳහන් වූ තරුණිය පැවසුවේ තමන් සේවය කරන නිවසේ සිටින ගෘහ මුලිකයා මෙන්ම අවුරුදු 16ක් වැයසැති ඔහුගේ පිරිමි දරුවා අතින් ද නිරන්තරයෙන් ලිංගික අපයෝජනයට ලක්වෙන බවය. “මං ඉන්න ගෙදර අපේ බාබාගේ වයස අවුරුදු 16 කොල්ලෙක් ඉන්නවා. ඒ දෙන්නගෙන් පුදුමාකාර විදිහයට ලිංගික අපයෝජනයට ලක්වෙනවා. මගේ ශරීරයෙන් අල්ලනවා.බදාගන්නවා. මං හැමදාම මමාට කියනවා මට මෙහෙම දෙයක් තියෙනවා කියලා. නෑ…

Read More

ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා 11ක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ කල්බදු කාලය සම්පූර්ණ වීමෙන් පසු ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ඉවත්ව කෙරෙන ගුවන් යානා 11ක් වෙනුවටය. ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා මේ බව සඳහන් කළේය. එහිදි අදහස් දැක්වූ ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා, “මෙහෙයුම් ලාභය අද වනවිට මේ වසරේ රුපියල් මිලියන 6,000ක් තියෙනවා. ඊළඟ වසර වනවිට ලීසිං කාලය පිරීම නිසා ගුවන් යානා 9ක් 11ක් අතර ප්‍රමාණයක් අපෙන් යනවා. කැබිනට් මණ්ඩලය විසින් අප වෙත අනුමැතිය ලබාදුන්නා ඉවත්වයන ගුවන්යානා වෙනුවෙන් ගුවන්යානා ලබාගැනීමට. ඉදිරි මාස 3ක් 4ක් තුළදී ගුවන්යානා 3ක් හෝ 4ක් අපගෙන්…

Read More

මෙවර මහ කන්නයේදි ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර සපයන සමාගම් අසාදුලේඛනගත කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඵවැනි සමාගම්වලට නැවත ඵම කර්මාන්තයේ නිරත වීමට අවසර ලබා නොදෙන බවයි අමාත්‍යවරයා කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති සමුළුවකදී පැවසුවේ. මේ වන විටත් ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවීන්ට ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර සැපයූ සමාගමක් වහාම අසාදුලේඛනගත කරන ලෙසට ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දී තිබෙනවා. ඵම සමාගමට ඵරෙහිව නීතිමය පියවර ගන්නැයිද අමාත්‍යවරයා විසින් නිලධාරින්ට උපදෙස් දුන් බවයි කාෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ. අදාල සමාගම විසින් වී වගාව සදහා ගොවීන්ට නිකුත් කර තිබූ කොම්පෝස්ට් පොහොරවල සියයට 34ක් වැලි තිබූ බවට අනාවරණ වී තිබෙනවා. මෙවර මහ කන්නයේදි කාබනික පොහොරවල ප්‍රමිතිය සහතික කිරීම…

Read More

අමෙරිකාවේ නිල සංචාරයක නිරත විදේශ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සමග සාකච්ඡාවක් සිදුකර තිබේ. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී රාජ්‍ය ලේකම්වරයා සමග ඵලදායී සාකච්ඡාවක් පැවැත්වීමට හැකිවූ බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසා ඇත. ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර පවතින සබඳතා තවදුරටත් ඉහළ නැංවීම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුව ඇති අතර අන්‍යොන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ද සාකච්ඡා වූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

Read More

වරාය ලාභ ලබන ආයතනයක් බවට පත්ව ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පසුගිය වර්ෂයට සාපේක්ෂව මෙම වසරේ වරාය රුපියල් බිලියන 24 ක ලාභයක් උපයා ඇති බවය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මේ අතර ඉදිරියේදී තවත් මගී නෞකා 06ක් මෙරටට පැමිණීමට නියමිත බව ද එහිදී වැඩිදුරට අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.

Read More