Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පාසල් දරුවන්ට අභ්‍යාස පොත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් සහන මිල ගණන් යටතේ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනමාධ්‍ය රාජ්‍ය මාධ්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (13) පැවසීය. පාසල්වල විදුහල්පතිවරුන්ට එම ඇණවුම් ඉදිරිපත් කළ හැකි බවද ඔහු සඳහන් කළේය. රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මුලසුනේ අවසර ඇතිව ප්‍රකාශයක් කරමිනි.
ලංකා සතොසට නිකුත් කරන ආනයනය බිත්තර ප්‍රමාණය ඊයේ (13) සිට ලක්ෂ 20 දක්වා වැඩි කළ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය. මෙතෙක් සතොසට නිකුත් කරනු ලැබුවේ බිත්තර ලක්ෂ 10 බැගින් බවත් පැවසූ සභාපති ආසිරි මහතා දේශීය බිත්තර මිල ඉහළ යෑම පාලනය කිරීමත් නත්තල් සමයේ ජනතාවට අවශ්‍ය බිත්තර හිගයකින් තොරව ලබා ගැනීමට හැකි වන පරිදි සතොසට නිකුත් කරන බිත්තර ප්‍රමාණය වැඩි කළ බවද කීය. මේ මාසයේදී ඉන්දියාවෙන් බිත්තර ලක්ෂ 300 ක් ආනයනය කිරීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට අවසර ලැබී තිබෙන බවත් පසුගිය (12) බිත්තර ලක්ෂ 100 ක් ලැබුණු බවත් සභාපති පැවසීය. මේ වනවිට ආනයනික බිත්තර…
අධිවේගී මාර්ගවලට අනුයුක්තව සිටින පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 175 දෙනා ඒ ස්ථානවලින් ඉවත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (13) පැවසීය. පොලිස් විශේෂ කාර්ය බලකාය අධිවේගී මාර්ගවල කරන ලොකු දෙයක් නැති බවද ඔහු සඳහන් කළේය. මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. විශේෂ කාර්ය බළකාය අධිවේගී මාර්ගයේ කරන එකම දේ අනතුරක් වුණොත් ගින්නක් ඇතිවුණොත් කටයුතු කිරීම පමණක් බවත් පසුගිය වසරේදී පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇත්තේ සිද්ධි එකසිය හැට හතරකට පමණක් බවත් අමාත්‍යවරයා පැවසීය. ඕනෑම රටක ගිනි නිවීම සහ ගලවා ගැනීම කරන්නේ ගිනි නිවන හමුදාව…
හිරුගෙන් සහ සුළඟින් කොමිස් ගන්නට බැරි නිසා සූර්ය සහ සුළං විදුලි බලාගාර ඉදිකරනවාට විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් බොහෝ දෙනෙක් විරුද්ධ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. එම ඉංජිනේරුවන්ට අවශ්‍ය වන්නේ ගල් අඟුරු සහ තෙල් ගෙන්වන්නට බව කී ජනාධිපතිවරයා ඒවායින් කොමිස් ලැබෙන බවද සඳහන් කළේය. ආයෝජන ප්‍රවර්ධන සහ තාක්ෂණ අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර දිසානායක මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
තමා විපක්ෂයට යන කතාව අසත්‍යයක් බව හිටපු ක්‍රීඩා අමාත්‍ය පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී රෝෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (13) පැවසීය. මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි. රොෂාන් රණසිංහ මහතා මෙසේද ප්‍රකාශ කළේය. අද පත්තර වල දාලා තියෙනවා මම විපක්ෂයට යනවා කියලා.මේක අසත්‍ය ප්‍රකාශයක්. සමහරු උත්සාහ කරනවා ඇති විපක්ෂයට යවන්න. මම ඉටුකරන්නේ හැට නව ලක්ෂයේ ඉල්ලීම. මට අයිතිය දෙන්න කතා කරන්න. කඩේ යන එකේ සීමාවක් තියෙන්න ඕන. මම නියෝජනය කරන්නේ හැට නව ලක්ෂය. ඒ අනුව තමයි මම කතා කරන්නේ. ක්‍රීඩා අමාත්‍යවරයා මගේ අතුරු කමිටුව ඉවත් කරලා තිබුණා. ඒ කියන්නේ දුෂණය ආණ්ඩුව නිල වශයෙන් අනුමත කරනවා කියන එක. විගණකාධිපති දෙපාර්තමේන්තුවට එහා ආයතනයක්…
ආර්ථිකයට පැලැස්තර ගසා විසඳුම් හොයන්නට බැරි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. රටට මේ අර්බුදය ඇතිවූයේ පැලැස්තර විසඳුම් නිසා බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. රනිල් වික්‍රමසිංහ එදා නායකත්වය බාර නොගත්තා නම් අද මේ පාර්ලිමේන්තුව අලු ගොඩක් බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය. අද ආර්ථිකයේ ඔපරේෂන් එක හරි ගොස් ඇති අතර ලෙඩත් නොමැරී ජීවත් කරන්නට හැකියාව ලැබුණු බව ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය. මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
ආගමික සංහිදියාවට බාධාවන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීමේ චෝදනා සම්බන්ධව රිමාන්ඩ් ගත කර සිටි දේවගැති ජෙරම් ප්‍රනාන්දු ලබන 27 තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
මොනරාගල දික්තලාව ප්‍රදේශයේදී පුතා කපමින් සිටි ගසට යටවී පියා මියගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මොනරාගල දික්තලාව නෙල්ලිකැළේ පාර පදිංචි කේ.එම් ගුණවර්ධන (75) නැමති සිව්දරු පියෙකි. නිවස අසල තිබූ කොස්ගසක් ඔහුගේ පුතා විසින් කපමින් සිටියදී කඩාවැටුණු කොස් ගසේ අත්තක් පියාගේ හිස මත වැදීමෙන් බරපතළ තුවාල ලබා මොනරාගල දිස්ත්‍රික් මහා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
බණ්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් ( MOP) අලෙවි කළ හැකි උපරිම මිල රුපියල් 9000ක් ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතාට උපදෙස් දුන්නේය. මේ වනවිට බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 27,000ක් රජයට අයත් පොහොර සමාගම් දෙක සතුව පවතින අතර යුරියා පොහොර ද සියලුම ගොවි සේවා මධ්‍යස්ථාන වෙත ලබා දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. මේ නිසා යුරියා පොහොර හා බණ්ඩි පොහොර මිටියක් රුපියල් 9000ක් වශයෙන් අලෙවි කිරීමට කටයුතු යොදා ඇතැයි අමාත්‍යාංශය කියයි.
පොළොන්නරුව දියබෙදුම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තුනක දැරියකගේ වම් අතේ වැලමිටේ උඩ කොටස පිලිස්සීමට සම්බන්ධ විසිහතර හැවිරිදි පියකු අත්අඩංගුවට ගත් බව දියබෙදුම පොලිසිය කියයි. පිලිස්සී තුවාලත් දැරිය දියබෙදුම රෝහලෙන් පොළොන්නරුව මහ රෝහලට මාරු කර යවා ඇති බව පොලිසිය පවසයි. දැරියගේ මව දියබෙදුම පොලිසියට මේ පිලිබදව පැමිණිලි කිරීමෙන් අනතුරුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවද දියබෙදුම පොලීසිය කියයි.