Author: LANKA24X7

එයාර් බස් සමාගම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විධායක නිලධාරියකුට පගාවක්දී ඇතැයි වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක්ද පැවැත්වුණු බව පැවසූ අමාත්‍යවරයා සිද්ධිය පිළිබඳව එයාබස් සමාගමට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරගෙන යන බවද සඳහන් කළේය. නඩු පවරා වන්දියක් අය කර ගැනීමට බලාපොරොත්තු වන බවත් එම කටයුත්ත එංගලන්තයේ නීතිඥ සමාගමකට පවරා ඇති බවත් හෙතෙම පැවසුවේය.

Read More

පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත්වූවන් වන්දි ඉල්ලා නඩු පැවරිය යුත්තේ පුද්ගලිකව තමන්ට එරෙහිව නොව රජයට එරෙහිව බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත්වූ 109ක් එක්ව පැවරූ නඩු විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසට ඉල්ලා ගොනුකළ අභියාචනා පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී සිය නීතිඥවරු මාර්ගයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව අධිකරණයට දන්වා තිබේ. මෙම නඩුව ව්‍යවස්ථාපිත කරුණු පදනම් කරගෙන පවරා ඇති බව පෙන්වා පෙන්වාදුන් හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා ව්‍යවස්ථාපිත කරුණක් විභාග කළ හැක්කේ ශේෂ්ඨාධිකරණය පමණක් බවත්, සිවිල් අධිකරණයකට එම කරුණු විභාග කිරීමට අධිකරණ බලයක් නොමැති බවත් සඳහන් කළේය. මහාධිකරණ විනිසුරු එම්.බී.බී.එස් මොරායස් හා මහාධිකරණ විනිසුරු…

Read More

ගෑස් මිල ගැන සඳහන් කරමින් ලාෆ්ස් ගෑස් සමාගම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මගින් අදාළ සමාගම ප්‍රකාශ කර ඇත්තේ ගෘහස්ථ ලාෆ්ස් ගෑස් මිලෙහි වැඩිවීමක් සිදුනොවන බවය. ඒ අනුව දැනට පවතින මිල ගණන් යටතේ ගෑස් අලෙවි කරන බවද එම සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

Read More

අක්මීමන – මාදොල ප්‍රදේශයේ දී සිය බිරිඳ ඝාතනය කළ සැමියෙකු සියදිවි හානිකර ගෙන තිබේ. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු වී ඇති බවය. සිය බිරිඳගේ ගෙළට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ සැමියා අනතුරුව ගෙළ වැළලාගෙන සියදිවි නසාගෙන තිබේ. ‍ ඊයේ (05) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති අතර මියගිය කාන්තාවගේ සිරුර නිවසේ මුළුතැන් ගෙයි තිබෙන අතර සැමියාගේ සිරුර නිවසේ කාමරයක් තුල තිබු බව අක්මීමන පොලීසිය පවසයි. මෙම යුවළට දරුවන් දෙදෙනෙකු සිටින බවද අනාවරණයවී ඇත. සිද්ධිය සම්බන්ධව අක්මීමන පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Read More

රජය පිටරටින් සිදුකරණ සහල් ආනයනය නතර කළහොත් ගොවියාගේ වී සාධාරණ මුදලකට මිලදීගත හැකි බව නිව් රත්න සහල් ව්‍යාපාරයේ අධිපති ලංකේෂ්වර මිත්‍රපාල මහතා පවසයි. එසේ වුවහොත් රුපියල 125ක් වැනි මිලකට වී කිලෝවක් ගොවීයාගෙන් මිල දී ගත හැකි බවද ඒ මහතා පැවසීය. වී මිල ගැටලුව පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ නිව් රත්න සහල් ව්‍යාපාරයේ අධිපති ලංකේෂ්වර මිත්‍රපාල මහතා, “අපේ රටට විශාල වශයෙන් සහල් විදේශ රටවල්වලින් ගේනවා. ජනවාරි මාසේ 15 වැනිදායින් පසු විශාල වී අස්වැන්නක් අපිට එනවා. ඒ නිසා රජයෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලන්නේ සහල් ගේන එක නවත්වන්න. එහෙම කළොත් එන මාස් කන්නයේ රුපියල් 100කට වාගේ මිලකටවත් ගොවියාගෙන් අපි වී මිලදී ගන්න සැලසුම් කරන්න ඕනේ.”…

Read More

ඊයේ (05) මධ්‍යම රාත්‍රී 12.00 සිට ඩීසල් මිල අඩුකර තිබේ. ඒ අනුව ඩීසල් ලීටරයක් රුපියල් 10 කින් අඩු කෙරෙයි. ඩීසල් ලීටරයක නව මිල රුපියල් 420ක් වේ. මෙම මිල සංශෝධනයට සමගාමීව ලංකා IOC ඩිසල් ලීටරයක මිල ද රුපියල් 420 දක්වා පහත දමා ඇත.

Read More

කරඬුව ගෙන යන ජාතියේ හොඳ අලි ඉදිරියේදී මේ පැත්තට පෝලිමේ එන බව පොදුජන පෙරමුණේ කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබෙිගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. “අලිය ගන්නකොට හෙණ්ඩුවත් ගන්න ඕන.අපි අලියත් ගත්ත. හෙණ්ඩුවත් ගත්ත. තව අලි පෝලිමෙි එනවා.උඩවලවෙ ඉන්න හිඟන අලි නෙමෙයි.කරඬුව ගෙන යන ජාතියෙ හොඳ අලි ඉන්නවා.තිස්ස අත්තනායක.ඉමිතියාස් බාකීර් මාකර්, තලතා අතුකෝරල වගේ අය හොඳ අලි, ඇතින්නියෝ ඉන්නවා.හෙණ්ඩුව මෙහෙ නිසා ඒ අයත් පාලනය කරගෙන ඉන්න පුළුවන්”යනුවෙන් ද වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් රෝහිත අබෙිගුණවර්ධන මහතා පැවසීය.

Read More

දේශීය කිරි නිෂ්පාදනය වර්ධනය කර ආනයනික කිරි පිටි මත යැපීම වැළැක්වීම සඳහා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ පියවරක් යෝජනා කර තිබේ. ඒ අනුව ඉන්දියාවේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සමග කටයුතු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ. එම කමිටුව මගින් දේශිය දියර කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කෙටි, මධ්‍ය සහ දිගු කාලීන සැලැස්මක් සැකසීමට නියමිතය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්මන් ක්‍රියාකලාපය පිළිබඳ තමන් සතුටට පත්වන බවත්, ඔහුව ජනාධිපති ධූරයට පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගත් තීරණය නිවැරදි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ අද (05) පෙරවරුවේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කර සිව් වසරක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ උත්සවයක් අද නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණි. පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා පක්ෂයේ නියෝජිතයින් සහ පාක්ෂිකයින් පිරිසක් එක්ව සිටියහ. ප්‍රශ්නය – ඉදිරි වැඩපිළිවෙල කොහොම ද?…

Read More