Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
රාත්‍රී යතුරු පැදි සංචාරයේ යෙදුණු බොරැල්ල පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනකුට උල් ආයුධයකින් ඇන පලායාමට පත්කළ පුද්ගලයකු වෙඩි තබා අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි. වෙඩි වැදුණු එම පුද්ගලයා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර ඇත. එම පුද්ගලයා සන්තකයේ තිබී උල් ආයුධයක් සහ ඒ ආසන්නයේ වැටී තිබූ ආරක්ෂක හිස්වැස්මක් පොලිසිය මගින් සොයාගෙන ඇත. සැකකරු අනුරාධපුර විජයපුර පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.
ගෝලීය අභියෝග ජයගත හැකි රණවිරුවකු නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව නව යුද උපක්‍රම, තාක්ෂණය සහ දැනුමින් සන්නද්ධ කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙම දශකය අවසන් වන විට ලොව පුරා සිටින සන්නද්ධ හමුදාවන්ට මුහුණ දීමට සිදුවන නව ප්‍රවණතා පිළිබඳ අවබෝධයක් ලබා ගත යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි නෙලුම් පොකුණ රඟහලේදී ඊයේ (14) පස්වරුවේ පැවති ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ අංක 17 උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමිනි. ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි පාඨමාලා 17ක් සඳහා දේශීය මෙන්ම විදේශිය හමුදා නිලධාරීහ් 148 දෙනෙක් මෙහිදී උපාධි ලබාගත්හ.
රටේ අපරාධ පැත්ත නැති කරන්න තමාට ඉලක්කයක් ඇතැයි ද එම ඉලක්කයට යෑමට බාධා කරන ඕනම කෙනකුට ගහගෙන යන බව ද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. මොන තරම් “පවර්ෆුල්”පුද්ගලයන් උනත් තමා කටයුතු කරන්නේ එහෙම යැයිද අමාත්‍යවරයා කීය. ලබන ජුනි 30 වැනිදාට පෙර තමාට හැම පලාතේම අපරාධ මර්දනය සම්බන්ධයෙන් ලොකු වෙනසක් දැකිය යුතු බවද ටිරාන් අලස් මහතා කීය. කොළඹ පැවති පොලිස් වැඩමුළුවකට සහභාගී වෙමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ. සමාජ මාධ්‍යයේ සිටින ඇතැම් පිරිසක් දැන් කුලප්පු වී තමාටත් පොලිස්පතිතුමාටත් ගහන බව කී අමාත්‍යවරයා…
කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ලෙස හඟවමින් කැස්බෑව සර්වෝදය මාවතේ මාර්ග බාධකයක් යොදා මහමග ගමන් ගත් පුද්ගලයන් පරික්ෂා කිරීමේ යෙදී සිටි පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි එම සැකකරුවන් පැමිණ තිබූ යතුරුපැදි දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත තීරෝද රථයකින් රාත්‍රී ජංගම සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මඩ පාත සර්වෝදය මාවතේ කෙළවරට වන්නට පිරිසක් රැඳී සිටින අයුරු දැක එම ස්ථානයට තීරෝද රථයෙන් ළඟා වීමත් සමගම එහි සිටි පුද්ගලයන් තිදෙනෙක් පලා යන්නට වූ බව පොලිසිය කියයි වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් පලායමින් සිටි පුද්ගලයන් තිදෙනා පසුපස හඹා ගොස් දෙදෙනෙක් ඒ මොහොතේම අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත
රාජ්‍ය නිලධාරීන් නිවැරදි පරිදි බදු එකතු කර ගන්නේ නැතිව මගහරිනවා නම් ඊට විරුද්ධව නඩු පැවරීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මහතා පැවසීය. ආදායම් බදු එකතු කරගන්න ෆයිල් දාහක් ගෙන බැලුවොත් ඒ දාහටම උපදෙස් දෙන වරලත් ගණකාධිකාරී ආයතන 27 තිබෙන බව කී මාරසිංහ මහතා මෙලෙස රාජ්‍ය ආදායමට වැට බඳින ආයතන විසි හතේ නිලධාරීන් ගැන මාධ්‍යවේදීන් ද සොයා බැලිය යුතු බව පැවසීය. බදු හංගන ආකාරය , ලාභ නොපෙන්වා සිටින ආකාරය පිළිබඳ උපදෙස් දෙන්නේ මේ ආයතන විසිහත විසින් බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේ යැයිද ආශු මාරසිංහ මහතා කීය. බදු අදායම් ලබා ගැනීමේ ආයතන වන රේගුව, අදායම්…
විදේශ ආධාර මත ආරම්භ කර අතරමග නැවති ඇති සංවර්ධන ව්‍යාපෘති 200කට අධික ප්‍රමාණයක් ලබන වසරේ මුල් කාර්තුවේ යළි ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ දේශපාලන ස්ථාවරත්වය පිළිඹිබු කරමින් 2024 අයවැය යෝජනාවලිය සම්මත කර ගැනීමට හැකි වූ බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය ආදායම සහ වියදම කළමණාකරණයට අවශ්‍ය පසුබිම මෙවර අයවැයෙන් සකසා ඇති බව ද සඳහන් කළේය. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව කීවෙි ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේ දීය. රටේ ආර්ථිකය පවතින්නේ ජනප්‍රිය දේශපාලන සටන් පාඨවලින් විසඳුම් සෙවිය හැකි මට්ටමක නොවන බව මෙහිදී පෙන්වා දුන්…
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පලමු පෙළ ජේලර් තනතුරේ රාජකාරි කළ නිලධාරීන් 19 ක් ප්‍රධාන ජේලර් තනතුර දක්වා උසස් කළ බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී දිසානායක මහතා පැවසීය. ප්‍රධාන ජේලර් තනතුරෙහි පුරප්පාඩු පිරවීම සඳහා පැවැති සම්මුඛ පරීක්ෂණයේදී පලමු පෙළ ජේලර් තනතුරේ අවුරුදු 05කට වැඩි සතුටුදායක සේවා කාලයක් ඇති නිළධාරීන් අතුරින් ජ්‍යෙෂ්ඨතාවය හා කුසලතාවය මත ඉහළම ලකුණු ලැබූ නිලධාරීන් 19 කට උසස් වීම් හිමි වූහ.
රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කිරීමේ චෝදනාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය කළ නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ත කාර්යාංශය පැවසීය. අදාල නිලධාරියා මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගෙන් රුමේනියාවේ රැකියාවක් දෙන බවට පවසා රුපියල් ලක්ෂ 5 ක මුදලක් ගෙන පොරොන්දු වූ පරිදි රැකියාව නොදීම හේතුවෙන් එම කාන්තාව කළ පැමිණිල්ලකට අනුව අදාල පුද්ගලයා අත්අඩංගුවට ගත් බව සැකකරු නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 10,000ක මුදල් ඇපයක් මත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ බවත් විදේශ සේවා නියුක්ත කාර්යාංශය සඳහන් කළේය.
බුවනකබාහු රාජ සමයට අයත් බව සැළකෙන කුරුණැගල පිහිටි රාජසභා මණ්ඩපය කඩා අලාභ හානි කිරීමේ චෝදනාවට වරද පිළිගගත් කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනකුට කුරුණෑගල මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා වසර තුන බැගින් බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කළේය. සිර දඩුවමට අමතරව රාජසභා මණ්ඩලපයට කළ අලාභහානිය සම්බන්ධයෙන් රුපියල් එක්කෝටි තිස්හත් ලක්‍ෂ පනස් දහසක වන්දි මුදලක් ගෙවීමට ද විත්තිකරුවන්ට නියම කළ විනිසුරුවරයා රුපියල් දෙලක්‍ෂ විසිපන්දහස බැගින් දඩ මුදල් ගෙවීමට ද විත්කිරුවන්ට නියම කළේය. රාජසභා මණ්ඩලපයට කළ හානිය වෙනුවෙන් ගෙවීමට නියම කළ රුපියල් එක්කෝටි තිස්හත් ලක්‍ෂ පනස් දහසක මුදල කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා විසින් ඒ අවස්ථාවේදීම ගෙවනු ලැබූ අතර ඔවුන්ට නියම…
තර්ජනයකට ලක්වී සිටින බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට දැනට ලබාදී තිබෙන ආරක්ෂාවට අතිරේකව ප්‍රමාණවත් ආරක්ෂාවක් වහාම ලබාදීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (14) ආරක්ෂක බලධාරීන්ට නියෝග කළේය. ජීවිත තර්ජනයකට මුහුණ පා සිටින තමන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙස ආරක්ෂක බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ගොනු කළ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත. මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.