Author: LANKA24X7

විසල් මහනුවර සංවර්ධන සැලැස්මේ අවසන් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වා තිබේ. මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති ඊට අදාළ සාකච්ඡාවකදී එම කෙටුම්පත ජනපති වෙත පිළිගන්වා ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥයන් සහ පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත කමිටුවක් විසින් විසල් මහනුවර සංවර්ධන සැලැස්මේ අවසන් කෙටුම්පත සකස්කරනු ලැබීය.

Read More

ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවේ මන්ත්‍රී කණ්ඩායමේ බෙදීමක් ඇතිව තිබෙන අතර,මන්ත්‍රීවරුන් හතර දෙනකු සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානය සමඟ ළඟදීම එක්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව නිදහස ජනතා සභාවේ මහාචාර්ය ජී එල් පීරිස්,ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා සහ මහාචාර්ය චන්න ජයසුමන යන මන්ත්‍රීවරුන් සිවුදෙනා සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායම සමඟ ළඟදි ම එක්වීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවසේ. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානය සමඟ එක්වීම සම්බන්ධයෙන් නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් මත දෙකක් දරන අතර,රටේ ඇතිව තිබෙන ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුදකාරී තත්වය හමුවේ නිදහස ජනතා සභාව ඉතා…

Read More

පුත්තලම පොලිසියේ සෝකෝ අංශයට අයත් ජීප් රිය රියදුරුගේ පාලනයෙන් මිදි පුත්තලම සමුපකාර කෝප් සිටි වෙළදසලට කඩා වැදිමේන් ජීප් රථයට , ගොඩනැගිල්ලට හා උපකරණ රැසකට හානි සිදුව ඇතැයි පොලිසිය කියයි. අනතුරින් කිසිවකුටත් හානි සිදුව නැති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි. ජීප් රිය සමුපකාර කෝප් සිටි වෙළද සැල ඉදිරිපිට නවතා නැවත ගමන් කිරීමට සුදානම් වන විට එකවර අධික වේගයෙන් අදාල වෙළද සැලට කඩා වැදි ඇති බව පොලිස් පරික්ෂණ වලදි තහවුරු වි තිබේ. අනතුර වන අවස්ථාවේ ෙඑහි කළමණාකාරිවරිය හා තවත් සේවකයකු සිට ඇතත් කිසිවකුටත් හානියක් සිදුව නැති බව පොලිසිය කියයි.

Read More

බල්ලා කවුද සිංහයා කවුදැයි බලාගන්න මැතිවරණයක් තිබ්බ දවසට දැනගන්න පුළුවන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා පැවසීය. පොහොට්ටු රැළියේදී බැසිල් රාජපක්ෂ ජනතාවට තර්ජනයක් කළා. ගලකින් ගැහුවාම බල්ලා දුවනවලු සිංහයා එයට අභියෝග කරනවලු. ඒ කළේ ජනතාවට තර්ජනයක්. ලංකාවේ ජනතාව ජාති ආගම් භේදයෙන් තොරව කාගේවත් තර්ජන ගර්ජනවලට යටත්වන ජාතියක් නොවෙයි. ඒ නිසා මැතිවරණයක් තිබ්බ දවසට බල්ලා කවුද සිංහයා කවුදැයි බලාගන්න පුළුවන්. 2001 අවුරුද්දේ මම ඉන්දියාවේ ජෝතීර්වේදියෙක් ළගට ගියා මහින්ද රාජපක්ෂ මහතා ගේ කේන්දරය බලන්න. ඕන නම් මහින්ද රාජපක්ෂ මහතා ගේ අහන්න පුළුවන්. ඔහු කේන්දරය බලලා කිව්වා ඔබතුමාගේ පවුලේ රාජපක්ෂ කෙනෙක් ඇවිත් පරම්පරාවෙම කීර්තිය නැති කරනවා කියලා. ඒ කිව්වේ ගෝඨාභය රාජපක්ෂ…

Read More

අතීෂයින් භයානක ආර්ථික ප්‍රථිපත්ති ක්‍රියාත්මක කිරීමට විරුද්ධව ජනතාව ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් ඉදිරි මැතිවරණ වේදිකාවක සමගි ජණබලවේගය සමග එකතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජි එල් පීරිස් මහතා පවසයි. මන්ත්‍රීවරයා එසේ පැවැසුයේ ගැඨඹේ රාජෝපවනාරාම විහාරාධිපති රාමාඤ්ඥ මාහා නිකායේ අනු නායක කැප්පටියාගොඩ සිරිවිමල හිමියන් බැහැදැකිමට පැමිණි අවස්ථාවේදිය. රජය යැපෙන්න යන්නෙ ජනතාවගේ බදු මුදලින් බවත් අධික බදු බර නිසා ජනතාවට යැපෙන්න තියා ජිවත් විමත් ගැටලුවක් වි ඇති බව පැවසුහ. නැතිබැරි මිනිහගෙන් පුලුවන් තරම් බදු අරගෙන ඇති බවත් තියන ධන කුවේරයන්ට අත තබා නෑ. එය කිසිවිටක ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ආරෝපනය කරන්නට පුලුවන් කමක් නැහැ සියලුම ඇමතිවරුන් ජනාධිපතිවරයාගේ ඉත්තන් බවට පත්වෙලා. සියල්ල ජනාධිපතිවරයා විසින් පාලනය කරනු…

Read More

පවතින ධාරාණිපාත වර්ෂාව සමග හල්දුම්මුල්ල නිකපොත තලාහේන ප්‍රදේශයේ ඊයේ 16 සවස තවත් නායාමක් සක්‍රිය වීම හේතුවෙන් ඒ ආශ්‍රිතව පදිංචිව සිටි පවුල් තුනක් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගත් බව හල්දුම්මුල්ල පොලිසිය කියයි. මේ වන විට නිවාස තුනක් නායට ගොදුරු වෙමින් පවතින බවද පොලීසිය කියයි. අක්කර තුන හතරක පමණ ප්‍රදේශයක් නායට ගොදුරුව ඇතැයිද ගස් විශාල ප්‍රමාණයක් පහළට ඇලවෙමින් පවතින බවත්ම ප්‍රදේශවාසීහු පවසති. කොස්ලන්ද කැලිපනාවල නාය යාම සිදුවූයේ හරියටම මීට සතියකට පෙර ඉකුත් සෙනසුරාදා සවස ය. කැලිපානාවෙල නාය යාම සිදුවූ ස්ථානය හා මෙම තලාහේන නායාම සිදුවූ ස්ථානය අතර සෘජු දුර කිලෝමීටර් හතරක් පමණ වේ. මෙසේ නාය යමින් පවතින තලාහේන ස්ථානය පරීක්ෂා කිරීම සඳහා…

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉකුත්දා හමුවී සාකච්ඡාවක් පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි. ජයසේකර මහතා තම ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් එහිදී සජිත් ප්‍රේමදාස මහතා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි දැනගන්නට තිබේ. ඒ අනුව ජයසේකර මහතා ද ඉදිරි කාලයේදී සිය දේශපාලන ගමන් මග සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය තෝරා ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තාවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ ජයසේකර මහතා පක්ෂයේ විනය කඩ කිරීමේ චෝදනාව මත එහි සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය…

Read More

ලංකා පොදුජන පෙරමුණ සිය නව නිලධාරී මණ්ඩලය අද පත්කළ අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ දරන ලද ජාතික සංවිධායක ධුරය පුරප්පාඩුව තැබූ බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂගේ කොළඹ නිල නිවසේදී රැස්වූ පක්ෂයේ විධායක සභාව මෙම තීරණයට එළඹ තිබෙන බව නාමල් රාජපක්ෂ මහතා කීය. ඊළඟ විධායක සභාවේදී ජාතික සංවිධායක ධුරය සඳහා පත් කිරීම කරනු ඇතැයි ද බොහෝ විට අලුත් මුහුණක් ඊට පත් කෙරෙනු ඇතැයි ද දැනගන්නට ඇත. පොදුජන පෙරමුණේ මහලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ද නව භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද පත්කර තිබේ. පක්ෂයේ සභාපතිවරයා ලෙස උතුරාවල ධම්මරතන හිමියන් යළි…

Read More

තමන් යටතේ සිටින සියලු දෙනාට නොබියව නායකත්වය ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ කැඩෙට් නිලධාරීන්ගේ අධිකාරියට පත් කිරීමේ සහ විසිර යාමේ පෙළපාළියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඊයේ (16) පෙරවරුවේ එක්වෙමින් පැවසීය. නායකත්වය දිය යුත්තේ අසීරු අවස්ථාවලදී බවත්, ඒ බව සිහියේ තබා ගනිමින් රට වෙනුවෙන් වගකීම් ඉටුකිරීමට සියලු දෙනා කැපවිය යුතු බවත් ජනාධිපතිවරයා කීය. මෙරට ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක හමුදාවට විශාල වගකීමක් පැවරෙන බවත් එයට අත තැබීමට හෝ සීමා කිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනතා පරමාධිපත්‍ය හා ශ්‍රී ලාංකීය අනන්‍යතාව රැක ගැනීම ද ආරක්ෂක හමුදාවට පැවරෙන බව…

Read More

කුවේට් නායක එමීර් ෂෙයික් නවාෆ් අල් අහ්මද් අල් ජබාර් අභාවප්‍රාප්ත විය. ඔහු 86 හැවිරිදි වියෙහි පසුවිය. අභාවය නිමිත්තෙන් දින 40 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත. තෙදිනක් රජයේ නිවාඩු දින ලෙස ද නම් කර ඇත. එමීර් ෂෙයික් නවාෆ් අල් අහ්මද් අල් ජබාර් පසුගිය නොවැම්බරයේ සිට රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව සිටි බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ෂෙයික් නවාෆ් අල් අහ්මද් අල් ජබාර්,‍ කුවේට් නායකයා ලෙස දිවුරුම් දුන්නේ 2020 දීය. ඒ, කුවේට් නායකයා ලෙස එම තනතුර හෙබවූ ඔහුගේ අඩ සොයුරු ෂෙයික් සබා අල් අහ්මද් අල් ජබාර්ගේ අභාවයෙන් පසුවය.

Read More