Author: LANKA24X7

දරුකමට හදාගැනීමට ගත් බව කියන 05 හැවිරිදි දැරියකට කෲර වධ හිංසා සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට රුහුණ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ කථිකාචාර්යවරයකු අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ පවත්වන බව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය පවසයි. විශ්වවිද්‍යාලයේ කඹුරුපිටියේ නිල නිවසක සිටින දරුවකු අසාමාන්‍ය ලෙස නිතර අඬන බවට කිසිවකු මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහ මහතාට දුන් තොරතුරකට අනුව ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇත. ඒ අනුව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි වරුණි කේශලා බෝගහවත්ත මහත්මිය ඇතුළු කණ්ඩායමක් කඹුරුපිටිය නිල නිවසට ගොස් එම දැරිය පොලිස් භාරයට ගත්තේය. ඒ වන විටත් ඇයගේ ශරීරයේ ස්ථාන රැසක පහරදීම් හේතුවෙන් නිල් පැහැ ගැන්වී තිබූ බවත්, නාසය, තොල්,…

Read More

කිරුළපන ප්‍රදේශයේ එක්තරා ආගමික සභාවක් යටතේ පාලන වන නේවාසිකාගාරයක සිටි බාල වයස්කාර දැරියන් පස් දෙනකුට වරින් වර ලිංගික අතවර කළේ යැයි කියන එම නේවාසිකාගාරය පාලන කළ පූජකවරයකු කිරුළපන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත. මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ 63 වන වියේ පසුවන පූජකවරයෙකි. මෙම නේවාසිකාගාරය ලියාපදිංචි නොකළ එකක් බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. අවුරුදු 9 සිට අවුරුදු 17 දක්වා අතර වයසේ පසු වන දැරියන් පස් දෙනකු 2020 වසරේ සිට මේ දක්වා සැකකාර පූජකවරයා විසින් ලිංගික අතවරවලට ලක්කර ඇතැයි එම නිලධාරියා කීය. එම දැරියන් පස්දෙනා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට පොලිසිය කටයුතු යොදා ඇත.…

Read More

මූල්‍ය අපරාධ චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් හිටපු කාදිනල්වරයකු මෙන්ම පාප්තුමාගේ හිටපු උපදේශකයකු වූ ඇන්ජෙලෝ බෙචුට වාතිකානු අපරාධ අධිකරණය වසර පහයි මාස 6 සිරදඬුවමක් සහ යුරෝ 8000 ක් දඩයක් නියම කළේය. ඇන්ජලෝ බෙචු වරක් පාප් ධුරය සඳහාද සුදුස්සෙකු ලෙස සැලකුවේය. රෝමානු කතෝලික පල්ලියේ හිටපු අගරදගරුවරයකු වතිකානු අපරාධ අධිකරණය විසින් වරදකරු කරනු ලැබූ ප්‍රථම අවස්ථාව මෙය වූ අතර මෙම නඩුව වතිකානු ඉතිහාසයේ දීර්ඝතම නඩු විභාගයද විය. වතිකානයට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200.5 ක මුදලක් අවභාවිත කරමින් ඉතාලි ව්‍යාපාරිකයකු ළඟ ආයෝජනය කිරීම ඇතුළු මූල්‍ය අපරාධ චෝදනා කීපයක් හිටපු අගරදගුරු ඇන්ජෙලෝට එල්ල වී තිබිණ. මෙම මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධ නඩුව 2021 වසරේ ජූලි 27…

Read More

වැඩබලන පොලිස්පති වරයාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක කෙරෙන යුක්තිය මෙහෙයුමට සමගාමීව වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකින් හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 35, ග්‍රෑම් 522ක්, හෙරොයින් ග්‍රෑම් 622ක් සහ අයිස් ග්‍රෑම් 10 ක සහ මිලිග්‍රෑම් දහයක් සමග යුවළක් අද අලුයම අත්අඩංගුවට ගත් බව වත්තල පොලිසිය පවසයි. සැකකාර පුද්ගලයා අවුරුදු (34) සහ ඔහුගේ බිරිය අවුරුදු (30) වන ආදුරුප්පු වීදියේ පදිංචි අයවලුන් බව පොලිසිය පවසයි. සැකකාර යුවළ මීට මාසයකට පෙර ආදුරුප්පු වීදියේ සිට වත්තල ප්‍රදේශයට පදිංචියට පැමිණ ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව සහ පොලිස් නාවික කොට්ඨාසයේ නිලධාරිහු එක්ව මෙම වැටලීම සිදු කළහ. කැලණිය කොට්ඨාස භාර i…

Read More

වාරිමාර්ග අමත්‍යංශය යටත් ක්‍රියාත්මක උතුරුමැද මහ ඇළඋමං ව්‍යාපෘතියේ පලුගස්වැව මහමීගස්වැව වැඩ බිමේ සේවකයක් දෙපිරිසක් අතර ඊයේ (17) ඇතිවූ ගැටුමක් දුර දිග යාමෙන් තියුණු ආයුධයකින් සිදුකළ පහර දීමකින් එක් සේවකයකු මරණයට පත්ව තවත් සේවකයන් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මොරගොඩ පොලිසිය කියයි. චීන ජාතිකයන් මෙන්ම ලාංකික සේවක පිරිසක් ද එම වැඩ බිමෙහි සේවය කරනු ලබන අතර ඊයේ (17) මෙම ගැටුම ඇතිවී තිබුනේ එම ව්‍යාපෘති බිමෙහි සේවයේ නියුතු ශ්‍රී ලාංකික සේවකයන් දෙපිරිසක් අතරය. එම සේවක දෙපිරිස අතර ඇති වූ පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් පසුව එය ගැටුමක් දක්වා වර්ධනය වී ඇතැයි පැවැසේ. එම ගැටුමේදී තියුණු ආයුධවලින් සිදුකළ පහර දීමකින් එක් සේවකයකු…

Read More

අනුරාධපුර නගරයේ පවත්වා ගෙන යන උපකාරක පංති දරුවකුගෙන් පන්ති ගාස්තුවට අමතරව විදුලි බිල්පත් ගාස්තු ලෙස රුපියල් 100ක එම උපකාරක පන්ති ගුරුවරුන් අයකර ගන්නා බවට මාපියන් චෝදනා කරති. මේවන විට අනුරාධපුර නගරයේ පමණක් පවත්වා ගෙන යන උපකාරක පන්ති සංඛ්‍යාව සීයකටද අධිකය. මෙම උපකාරක පන්ති පැවැත්වෙන ගොඩනැගිලි සදහා භාවිතා කරන විදුලිය සදහා මාසික විදුලි ගාස්තුව සදහා මෙසේ රුපියල් 100 බැගින් අමතර මුදලක් අයකරන බව මාපියෝ පවසති.

Read More

ජනතාව මත කිසිඳු බද්දක් වැඩි නොකර රටේ ආදායම සියයට 50 කින් ඉහළට ගෙන ඒමට හැකියාව ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා ඊයේ (17) පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා කඹුරුපිටියේදී පැවැති එම පක්‍ෂයේ රැස්වීමකදී එසේ පැවසීය. මෙරට තුළ බදු නොගෙවන සුපිරි ජීවිත ගතකරන සල්ලිකාර පැලැන්තියක් සිටින බවත් එම පැලැන්තියේ ආදායම නිවැරදිව සෙවීමට ආණ්ඩුව බයක් දක්වන බවත් ඒ මහතා කීය. ඔවුන්ගේ ආදායම් වියදම් නිවැරදි ආකාරයට වාර්තා නොවීම ගැටලුවක් වී ඇති බව කී පාඨලි චම්පික රණවක මහතා වෛද්‍යවරයාගේ වැටුප වාර්තා වීම නිසා එයට බදු ගැසුවද ධනපතියාගේ ආදායම වාර්තා නොවීම නිසා මෙම ගැටලුව ඇති තිබෙන බව…

Read More

මහනුවර ඩී.එස්.සේනානායක පුස්තකාල හා ශ්‍රවණාගාරයේ නම ඉවත්කොට වෙනත් නමකින් එය විවෘත කිරීමට එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කිරීම තරයේ හෙලා දකින බව මහනුවර සජබ හිටපු නාගරික මන්ත්‍රී විපුල රණසිංහ මහතා පැවසීය. ඩී.එස්.සේනානායක පුස්තකාලය හා ශ්‍රවණාගාරය ලෙස නම්කර තිබූ ගොඩනැගිල්ල 2004 වසරේ දී ගිනි ගැනීමෙන් පසු අලුතෙන් ඉදිකළ ශ්‍රවණාගාරය කරළිය ලෙස නම්කර නම් කොට තිබෙන බවත් ඩී.එස්.සේනානායක නම ඉන් හැලී ගියේ කෙසේද යන්න ප්‍රශ්න කළ යුතුව තිබෙන බවද ඊට විරෝධය පා නගර සභාවේ හිටපු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 30 දෙනකු එහි විවෘත කිරීමේ උත්සවය වර්ජනය කළ බවද මන්ත්‍රීවරයා පැවසීය .

Read More

ප්‍රමිතියෙන් තොර පැසල් උපකරණ භාවිතයෙන් දරුවන්ගේ ජීවිත අවදානමක් පවතින බව කොළඹ රිජිවේ ආර්යා ළමා රෝහලේ තත්ව පාලක අංශයේ ප්‍රධාන වෛද්‍ය මහින්ද වික්‍රමආරච්චි මහතා පවසයි. බැරලෝහ ඇතුළු වී පිළිකා ඇතුළු රෝග ගණනාවක් වැළඳීමේ අවදානමක් පවතින බව ද වෛද්‍ය වික්‍රමාරච්චි මහාත කියයි. ආනයනික බාල තත්වයේ පැන්සල්, පාට පැන්සල්, ප්ලාස්ටික් වතුර බෝතල් සහ කෑම පෙට්ටි සම්බන්ධයෙන් කළ පරීක්ෂණයෙදී ඒ බව අනාවරණය වූයේ යැයි ද වික්‍රමාරච්චි මහතා වැඩිදුරටක් පැවැසීය .

Read More

දිවයින පුරා සිදුකරන ලද පොලීසියේ විශේෂ මෙහෙයුම්වලදී පුද්ගලයින් 83ක් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. මත්ද්‍රව්‍ය සහ පාතාලය තුරන් කිරීම වෙනුවෙන් අද සිට පොලීසිය විසින් සුවිශේෂී මෙහෙයුමක් ආරම්භ කළේය. එම මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරුවන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් අතර සිටින පුද්ගලයින් 45ක් මත්ද්‍රව්‍ය වැරදි සඳහා පොලීසිය අවශ්‍යව සිටි සැකකරුවන් බවද වැඩිදුරටත් සඳහන් වෙයි.

Read More