Author: LANKA24X7

දිවයින පුරා අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් අද (24) සහ හෙට (25) දින අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසයි. ඒ අනුව මහනුවර, උතුරු මැද සහ වයඹ යන ප්‍රදේශ තුළ අද දින එම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වේ. අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න මහතා පැවසුවේය. මේ අතර විදුහල්පති සේවා සංගමයේ ජාතික සංවිධායක සිසිර රාජපක්ෂ මහතා පැවසුවේ එළැඹෙන 26 වනදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බවයි. කෙසේවෙතත්…

Read More

2024 යුරෝපීය කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනා අතරට පිවිසීමට ස්කොට්ලන්තය අසමත් විය. ඒ ඔවුන් හංගේරියාව සමග පැවති තරගය 1ට බිංදුවක් ලෙස පරාජය වීම හේතුවෙනි. ස්කොට්ලන්තය සහ හංගේරියාව අතර පැවති තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර හංගේරියාව වෙනුවෙන් තරගයේ 100වැනි මිනිත්තුවේදී කෙවින් සොබෝත් ජයග්‍රාහී ගෝලය වාර්තා කළේය.

Read More

රුසියාවේ, උතුරු කොකේසස් පළාතට අයත්, ඩැගෙස්තාන් ජනරජයේ නගර කීපයක දේවස්ථාන දෙකකට, යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල විය. ප්‍රහාර එල්ල කළේ ආයුධවලින් සන්නද්ධ කණ්ඩායමකි. මොවුන් ඉස්ලාමීය ත්‍රස්තවාදීන් පිරිසක් යැයි ඩැගෙස්තාන් ආරක්ෂක අංශ පවසයි. ප්‍රහාරයට 10 දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් පැමිණ ඇත. ඔවුන් කළ වෙඩි තැබීම්වලින්, නව දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 30 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් වාර්තා වේ. මියගිය නව දෙනාගෙන් හත් දෙනකු පොලිස් නිලධාරීන්ය. ප්‍රහාර එල්ල වූයේ ඩර්බන්ට් සහ මකාචාලා යන නගරවලටය. මෙම නගර පිහිටා ඇත්තේ එකිනෙකට කිලෝ මීටර් 120 ක දුරකිනි. ත්‍රස්තවාදීන්, යුදෙව් ආගමික මධ්‍යස්ථානයට කඩා වැදී වෙඩි තබා ඉන්පසු එය ගිනිබත් කළ බව ද වාර්තා වේ.

Read More

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ රූපලාවන්‍ය ආයතනයේ ක්‍රීම් වර්ග ඇතුළු රූපලාවන්‍ය භාණ්ඩ බෙදාහරිනු ලබන කුරියයර් ආයතනයට ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් කොට්ඨාසය මගින් කළ ඉල්ලීම එම ආයතනයේ ප්‍රධානීන් ප්‍රතික්ෂේප කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීයෙක් පැවැසීය. ඒ අනුව ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සදහා එම කුරියයර් සමාගමේ සභාපතිවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හමුවට ඉදිරිපත් වන ලෙස ඉල්ලමින් අධිකරණ නියෝගයක් ලබාගැනීමට කටයුතු කරගෙන යන බව ද එම නිලධාරීයා කීය. නිරූපණ ශිල්පිනියක් ලෙස පියුමි හංසමාලිට මෙතරම් සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීම සදහා මුදල් ලැබුණේ කෙසේද යන්න පිළිබදව ‘මගෙන් රටට‘ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා විසින් නීති විරෝධී වත්කම් විමර්ශන…

Read More

යාපනය ප්‍රදේශයේ කෝවිලක දේපොළවලට හානි කර කාන්තාවකට පහර දුන් බව කියන පූසාරිවරයෙක් යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙම පූසාරිවරයා සහ තවත් පූසාරිවරුන් දෙදෙනකු අතර කාලයක් තිස්සේ පවතින අමනාපයක් හේතුවෙන් එම කෝවිලේ දේපොළ කඩා විනාශ කර ඇති බව පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය ප්‍රදේශයේ පදිංචි සහ කැනඩාවේ ස්ථිර පදිංචිය හිමි යාපනය ප්‍රදේශයේ කෝවිලක පූසාරිවරයකු බව පොලිසිය පැවැසීය. සැකකාර පූසාරිවරයාගෙන් කට උත්තරයක් ගැනීම සදහා එම ස්ථානයට ගිය අවස්ථාවේදී සැකකාර පූසාරිවරයා පොලිස් නිලධාරීන්ට විරෝධය පළකර බැන තර්ජනය කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. සිද්ධියට සම්බන්ධ කෝවිල සම්බන්ධයෙන් මීට පෙර අධිකරණයේ පැවැති නඩුවකදී සැකකාර පූසාරිවරයාට සහ පැමිණිලිකාර පූසාරිවරුන්ට පූජා පැවැත්වීම සදහා…

Read More

කසිප්පු පෙරන බට පොලීසියට තොරතුරු දුන්නායැයි සැකකර මරා වළ දැමූ බව කියන තිදරුපියකුගේ සිරුරක් මිද්දෙණිය පොලිසිය සොයා ගන්නා ලදී. මෙසේ ඝාතනයට ලක් කර ඇත්තේ තලාව, කාරියමඩිත්ත, ගොඩකදුරුවෙල කොටපොල ගෙදර පදිංචි හෙට්ටිගේ කීර්තිරත්න (44) නැමැති දෙදරු පියෙකි. පොලිසියට ලද තොරතුරු අනුව සිද්ධියට අදාළව පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර ඝාතනයට සම්බන්ධ බවට සැකපිට කසිප්පු ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. තිදරු පියා මැයි 31 වන දින සවස සූරියවැව ප්‍රදේශයට යාම සඳහා බස් රථයක් පැමිණෙන තෙක් ඔහුගේ නිවසට නුදුරුව පිහිටි දමනිය වැව අසල මාර්ගයේ රැඳී සිට ඇති අතර ඔහු පිළිබඳ තොරතුරු සොයා බැලීමට බිරිඳ සිය සැමියාට දුරකථන ඇමතුමක් ලබා දුන්නද ඊට ප්‍රතිචාර නොදක්වා…

Read More

කුරුළු උණ රෝගය වාර්තා වන කිසිදු රටකින් සතුන් හෝ සත්ව නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමට අවසර නොදෙන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. රටවල් කිහිපයක යළිත් හිස ඔසවා ඇති Avian Influenza හෙවත් කුරුළු උණ රෝග කාරක වෛරසය වන A(H5N1) වෛරසය මෙරටට ඇතුළු වීම වැලැක්වීම සඳහා ගෙන ඇති පියවර මෙන්ම ක්‍රියාමාර්ග තවදුරටත් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පැවසුවාය. එමෙන්ම පළමුවරට ඇමරිකා එක්සත් ජනපදයේ ගවයින් ආශ්‍රිතව ද ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැලදී ඇති බවට වාර්තා වන අතර එය දරුණු තත්ත්වයක් බව කොතලාවල මහත්මිය අවධාරණය කළාය. මෙරට ක්‍රියාත්මක වන රෝග ආවේක්ෂණ වැඩ…

Read More

මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල ඉදිරිකිරීමට නියමිත මෙගාවොට් 480 ක සුළං විදුලි බලාගාර ඉන්දියාවේ අදානි සමාගමට ප්‍රදානය කිරීමට අනුමැතිය දීම අත්හිටුවූ බව මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් ඊයේ (23) පැවසීය. එම ව්‍යාපෘතියේ විදුලි මිලදීගැනීම සම්බන්ධව ලංකා විදුලිබල මණ්ඩලය සහ අදානි සමාගම අතර ගිවිසුමේ මූලික තොරතුරු දෙන ලෙස විදුලිබල මණ්ඩලයට දැනුම් දුන්න ද එම තොරතුරු නොලැබුණු බවත් එම තොරතුරු නොමැතිව එම ව්‍යාපෘති සම්බන්ධයෙන් අධ්‍යනය කළ නොහැකි බවත් එම නිලධාරියා කීය. එම තොරතුරු නොමැති විදුලිබල මණ්ඩලය ඉල්ලා ඇති පරිදි විදුලිබල පනත යටතේ මන්නාරම සහ පුනරීන් සුළං විදුලි බලාගාරවලට අනුමැතිය දිය නොහැකි බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

Read More

ලොව ඇතැම් රටවල ව්‍යාප්ත වෙමින් පවතින කුරුළු උණ රෝගී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවට මෙතෙක් අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. කුරුළු උණ සම්බන්ධයෙන් අනතුරුදායක තත්ත්වයක් මෙරටට නොමැති වුවද ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළේය. “ශ්‍රී ලංකාවේ ජනතාවට අපිට කියන්න තියෙන්නේ විශේෂයෙන්ම මෙවැනි රෝගී තත්ත්ව ගැන අවදානමක් නැහැ. විශේෂ අනතුරු ඇඟවීමක් ලෝක සෞඛ්‍ය සංවිධානය අප වෙත කරලත් නැහැ. කුරුළු උණ රෝගී තත්ත්වයන් මීට පෙරත් ලෝකයේ විවිධ රටවලින් වාර්තා වුණා නමුත් ඒවා විශේෂ පැතිරීමකට ලක්වුණේ නැහැ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් කිසිම අනියත බියක් ඇති කර ගත යුතු නැහැ මේ අවස්ථාවේදී.”

Read More

බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙක් විසින් තියුණු ආයුධයකින් පහරදී තවත් පුද්ගලයෙක්ව ඝාතනය කර තිබේ. ඊයේ (22) අලුයම් කාලයේදී කටුවන පොලිස් වසමේ අමුදමන ප්‍රදේශයේදී එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, අමුදමන, කටුවන ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි පුද්ගලයෙකි. මරණකරු හා ඔහුගේ මස්සිනා අතර ඇතිවූ අමනාපයක් මත බහින් බස්වීමක් දුරදිගයාමෙන් මස්සිනා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබේ. එම ඝාතනය සිදුකළ සැකකරු ඊයේ (22) රාත්‍රී කටුවන පොලීසියට භාරවී තිබේ. මෙම සිද්ධියට හේතුව අනියම් සම්බන්ධතාවයක් බව පොලිසිය සඳහන් කළේය.

Read More