සිංහරාජ වනාන්තරය තුළ කෘමි සත්ත්ව විශේෂ සහ උරගයින් එකතු කරමින් සිටි කාන්තාවක් ඇතුළු චීන ජාතිකයින් සිව්දෙනෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
උඩවලව ජාතික උද්‍යානයේ පනහඩුව අඩවි ආරක්ෂක කාර්යාලයට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී මෙම චීන ජාතිකයින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී සත්ව විශේෂ 40කට ආසන්න ප්‍රමාණයකට අයත් සතුන් 250කට අධික සංඛ්‍යාවක් සොයාගෙන තිබේ.
මෙම සැකකරුවන් මීට පෙර ද ශ්‍රී ලංකාවට පැමිණි ඇති බවට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
සැකකරුවන් සහ සත්ත්ව විශේෂ කලවාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී සැකකරුවන් ලබන 23 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
ඔවුන් සන්තකයේ තිබී සොයාගත් ජීවී සහ අජීවී සතුන් හඳුනාගැනීම සඳහා ජාතික කෞතුකාගාරය වෙත අද (10) දිනයේ යොමුකර පරිසරයට නිදහස් කරන මෙන් ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව වාර්තා වෙයි.
මේ අතර මීට දින කිහිපයකට පෙර ද බැබව උද්දරකන්ද වන සංරක්ෂිත කලාපයේ මෙවැනි ජාන මංකොල්ලයක යෙදුණු ජර්මන් ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

