Author: LANKA24X7

කෙන්යා රජය හඳුන්වා දුන් නව මූල්‍ය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වීමත් සමඟ විරෝධතා උත්සන්න විය. දස දහස් ගණනක් විරෝධතාකරුවෝ, නයිරෝබි අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදුණු අතර ඔවුහු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ එක් කොටසකට ගිනි තැබූහ. කෙන්යාවේ පාර්ලිමේන්තුව, ගොඩනැගිලි සමූහයක එකතුවකි. විරෝධතාකරුවන් කඩා වැදී ගිනි තැබුවේ එක් කොටසකට පමණය. ගින්න පාලනය කර ගැනීමට ගිනි නිවන භටයෝ සමත් වූහ. පොලිස් නිලධාරීන් සමඟ ගැටෙමින් විරෝධතාකරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වදිද්දී, පොලිසිය ජීව උණ්ඩ යොදා ගනිමින් කලහකාරී පිරිසට වෙඩි තැබූ බවත්, පොලිස් වෙඩි පහරින් විරෝධතාකරුන් පස් දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ. විරෝධතාකරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වදිද්දී, පොලිසිය සහ ආරක්ෂක අංශ මැදිහත් වී, කෙන්යා ජනාපධිති විලියම් රූටෝ…

Read More

අධිවේගී මාර්ගයේ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සිදුවී ඇති බව කියන රුපියල් කෝටි ගණනාවක මහා මුදල් වංචාව සම්බන්ධයෙන් ප්‍රධාන මුදල් අයකැමි ඇතුළු අයකැමිවරුන් 22 කුගේ වැඩ තහනම් කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එස්. පි. එම්. සූරිය බණ්ඩාර මහතා පැවසීය. අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ අනුමැතියෙන් (අධ්‍යක්ෂක ,අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරන අංශයේ) නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් පි. එච්. ගුණසිංහ මහතා විසින් එම වැඩ තහනම සිදුකර ඇත. 2020 වසරේ රටේ විදුලි අර්බුදයක් පැවති අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් සිදු කළ බව කියන එම මහා පරිමාණ මුදල් වංචාව විදුලිය පැවති අවස්ථාවේදී ද විසන්ධි කර හා ඉන් අනතුරුව විදුලි වයර් කපා ද…

Read More

මහාපරිමාණ අන්තර්ජාල මූල්‍ය වංචාවකට සම්බන්ධ විදේශිකයන් ඇතුළු පුද්ගලයන් 33 කු මිගමුව ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. ඒ අතර කාන්තාවන් දෙදෙනකුද වන බව පොලිසිය කියයි. සැකකරුවන් සහ සැකකාරියන් සමඟ මහා පරිමාණ මූල්‍ය වංචාව සඳහා යොදාගත් ජංගම දුරකථන 109 ක් පරිගණක 46 ක් හා ලැෆ් ටොෆ් පරිගණක 3 ක් පොලිස් භාරයට ගෙන ඇත. එම සැකකරුවන් සහ සැකකාරියන් අතර පාකිස්ථාන, ඇල්ජීරියා නේපාලය, ඉන්දුනීසියා හා ශ්‍රී ලාංකිකයන් ද වන බව පොලිසිය සඳහන් කරයි. නාඳුනන පුද්ගලයකු විසින් වට්ස්ඇප් සමූහයකට තමන්ව එක්කරගත් අතර ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලයේ වීඩියෝ සඳහා ලයික් හා කමෙන්ට් දැමීමෙන් මුදල් ඉපැයිය හැකි බවට එම සමූහය මගින් දැනුම්දුන් බවත් එලෙස…

Read More

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම යුද හමුදාවට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය සංවර්ධනය කිරීමට අදාලව දැනට ක්‍රියාත්මක වෙමින් පවතින හා ක්‍රියාත්මක කිරීමට යෝජිත නව උප ව්‍යාපෘති වල ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් ඉටු කරවා ගැනීම පිණිස 2024-01-08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව එම ක්‍රීඩාංගනයේ කණිෂ්ඨ ක්‍රීඩාගාරයෙහි සහ නව මලල ක්‍රීඩා පිටියේ දෙවන නැරඹුම් පිඨිකාවෙහි වහලයන් ඉදි කිරීමට සැලසුම් කර තිබේ. එකී ඉදිකිරීම් කාර්යයන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් ඉටු කරවා ගැනීම පිණිස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය…

Read More

පරිගණක හා තොරතුරු තාක්ෂණය හරහා ආර්ථික හා තාක්ෂණික අංශ ඒකාබද්ධ කිරීමට රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ ආයෝජන දිරිමත් කරමින් කොළඹ වරාය නගරය අක්වෙරළ ක්‍රියාකාරකම් සඳහා ද පහසුකම් සලසෙන මූල්‍ය කලාපයක් ලෙස නිර්මාණය කිරීම තම අරමුණ බවත් එහි ව්‍යවසායන් දියුණු කිරීම සහ ඩිජිටල් තාක්‍ෂණය භාවිතා කිරීම වැනි කටයුතු දෙස් විදෙස් ආයෝජකයන් වෙත පැවරෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි 2024 ‘DigiEcon’ ගෝලීය ආයෝජන සමුළුවේ සමාරම්භක අවස්ථාව අමතමිනි. ශ්‍රී ලංකාවේ මෙතෙක් භාවිතා නොකළ විභවයන් උපයෝගී කර ගැනීම’ යන තේමාව යටතේ පැවැත්වෙන 2024 ‘DigiEcon’ ගෝලීය ආයෝජන සමුළුව, ජනාධිපති රනිල්…

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන වැසි සමඟ විමලසුරෙන්ද්‍ර ජලාශය අද (25) වාන් දැමිමට පටන්ගෙන තිබේ. මේ අතර කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටම ආසන්න වෙමින් පවතින බව ජලාශ භාර ඉංජිනේරුවන් පැවසූහ. පවතින වර්ෂාවත් සමඟ ප්‍රදේශය පුරා අදුරු කාලගුණ තත්ත්වයක් පවති.වර්ෂාවත් සමග හැටන් නුවරඑලිය, හැටන් කොළඹ සහ අතුරු මාර්ග ලිස්සන සුළු බැවින් එම මාර්ග වල රථ වාහන ධාවනයේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බෝරා ප්‍රජාවගේ වාර්ෂික සම්මේලනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. වාර්ෂික බෝරා සම්මේලනය ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේදී රත්නායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේය. පාකිස්තානයේ කරච්චි නගරයේ මෙවර පැවැත්වීමට නියමිත බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුවට සමගාමීව ජූලි මස 7 වැනිදා සිට 16 දක්වා බම්බලපිටිය බෝරා දේවස්ථානය සහ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම බෝරා සම්මේලනය පැවැත්වේ. මෙම සම්මේලනය සඳහා ඉන්දියාව ඇතුළු රටවල් රැසකින් බෝරා ප්‍රජාවේ සාමාජිකයන් පහළොස් දහසක් පමණ මෙරටට පැමිණීමට නියමිත බැවින් ඔවුන් වෙනුවෙන් ගුවන්…

Read More

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මැදිරිගිරිය පොලිස් වසමේ දහම් වැව ප්‍රදේශයේ පාළු නිවසක් තුළ තිබී අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 49ක් වූ විවාහක පුද්ගලයෙකි. එම පුද්ගලයාගේ නාසයෙන් සහ කනින් අධික ලෙස ලේ වහනය වී ඇති බව එම ස්ථානයට ගිය අප වාර්තාකරු පැවසීය. ගෙල වැලලාගැනීමකින් මියගිය බවට කිසිදු සාක්ෂියක් සිරුර හමුවූ ස්ථානයෙන් සොයාගැනීමට නොහැකි වී ඇති අතර, මැදිරිගිරිය පොලීසිය සඳහන් කර ඇත්තේ අදාළ මරණය සැකසහිත බවය. ඒ අනුව මෘත ශරීරය වැඩිදුර පරීක්ෂණ සඳහා පොළොන්නරුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Read More

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක මූල්‍යාධාරයක් ලබාදීමට අනුමත කර තිබේ. ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම මූල්‍යාධාරය අනුමත කර ඇත්තේ, මෙරට සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. සියලුම පුරවැසියන් සඳහා වඩා හොඳ සෞඛ්‍ය සේවාවක් සහතික කරමින් රටේ සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් ශක්තිමත් කිරීමට රජයේ ඇති කැපවීම මෙමඟින් පෙන්නුම් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කැපීපෙනෙන කාර්ය සාධනයක් පෙන්නුම් කර ඇති බවත්, ඉදිරියේ එන අභියෝග ජය ගැනීම අවශ්‍ය ශක්තිය ලබා දිය යුතු බව ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වූ අධ්‍යක්ෂ Faris…

Read More

යක්කලමුල්ල පොලිස් වසමේ පොල්පගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. ඊයේ (24) රාත්‍රී කාලයේදී එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, පොල්පගොඩ, යක්කලමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි පුද්ගලයෙකි. මරණකරු නිවසේ තනිව ජීවත්ව සිට ඇති අතර ඝාතනය සිදුකිරීමට හේතුව හෝ සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් යක්කලමුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More